14. පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්

පළමු වසර කොළඹදී නිමාකොට දෙවන වසරෙහි සිට පේරාදෙණියට ගිය තාත්තා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ (එවක ලංකා විශ්ව විද්‍යාලයේ) පළමු ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කළ විද්‍යාර්ථියෙකි. ඔහු 1956දී පළමු පෙළ උපාධියක් ලැබුවේය. 1959දී අම්මා එහිම සිංහල, භූගෝලය හා ඉතිහාසය පිළිබඳ සිය උපාධිය ලැබුවාය. මහචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය සරත් අමුණුගම, කර්නල් වී. එස්. කුඩලිගම (හිටපු ආනන්ද විදුහල්පති)  හා දයාසේන ගුණසිංහ ඇගේ සමකාලීනයෝය. අම්මාගේ බාල සහෝදරියන් දෙදෙනාද ඇයට පසුව අධ්‍යාපනය ලද්දේ පේරාදෙණියේය. තාත්තාගේ සමකාලීන මිතුරන් බහුතරයද සිප් සතර හදාරා තිබුණේ එහිය. මේ නිසා අධ්‍යාපන ආයතනයක් සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අපේ පවුල් අතර විශේෂ ගෞරවයක් විය. පේරාදෙණියෙන් උපාධියක් ලබා තිබීම අන් කවර හෝ විද්‍යාතනයකින් උපාධියක් ලබා තිබීමට වඩා විශේෂ කාරණාවක් සේ සලකන ලද්දේය.

අම්මා හා ඇගේ සරසවි යෙහෙළියන් පේරාදෙණියේදී (1950 දශකයේ අග)

පුදුමයකට මෙන් පේරාදෙණියට යාමේ සිහිනයක් මට කොහෙත්ම, කවදාවත්ම නොවීය. ඉංජිනේරු විෂයයන් සඳහා, විශේෂයෙන්ම මගේ කැමැත්ත වූ විදිලි ඉංජිනේරු විෂයය පිණිස එවක ලංකාවේ වූ හොඳම විද්‍යායතනය සේ සැලැකුණේ මොරටුව විශ්ව විද්‍යාලයයි. එබැවින් මගේ සිහිනය වූයේද මොරටුව විශ්ව විද්‍යාලයයි. අසූ ගණන් මුලහරියේ මොරටුව විශ්ව විද්‍යාලයේ චෙස් සංගමයේ බලාධිකාරය පැවතියේ ආදි-ආනන්දියයන් අතර නිසා වසරකට වරක් සුහද චෙස් තරගාවලියක් පිණිස ආනන්දීය චෙස් කණ්ඩායම මොරටුව සරසවියට යාම සිරිතක් විය. මේ ගමන්හිදී ඇසූ දුටු දේ මගේ සිහිනය තීව්‍ර කළේය සිතමි. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයැදුම්පත පිරවීමේදී දෙවන තෝරා ගැනීම වශයෙන් වත් පේරාදෙණිය සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් මට නොවූයේ ගණිත අංශයේ 65 වැන්නා ලෙස මොරටුවට ප්‍රවේශ වීම සහතික වූ නිසාය.

පේරාදෙණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි.

අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය.

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටී -
ඇවිත් වාසිටී මැණීකේ – ඇවිත් වාසිටී මැණීකේ
ඇවිත් වාසිටී බැඳුණා – ආට්ස් ෆැකල්ටී

රතු පාටයි – නිල්පාටයි මැණිකෙගෙ සාරී //
මැණිකෙට සාරිද ඕනෑ, මැණිකෙට ගවුංද ඕනෑ
මැණිකෙට ඕනැ දෙයක් කියන්න මම අරගෙන දෙන්නම්

දවසක්දා මමත් ගියා මැණිකෙ බලන්න//
මටත් වුණා විසි වෙනියට – මටත් වුණා විසිවෙනියට
මටත් වුණා විසි වෙනියට පෝලිමෙ ඉන්න

දවසක්දා මම යනකොට ලවර්ස් ලේන් එකේ//
මැණිකෙ හිටිය ලෙක්චරයගෙ – මැණිකෙ හිටිය ලෙක්චරයගෙ
මැණිකෙ හිටිය ලෙක්චරයගෙ – බෙන්ස් කාර් එකේ

මා දන්නා තරමින් ලංකාවේ වෙනත් කිසිම සරසවියකින් මෙසේ සරසවි-විශේෂිත ගීතයක් පොදු ජනශ්‍රැතියට එක්ව නැත්තේය.

මේ තාක් රෝමෑන්තීකරණය කළද පේරාදෙණියද, ලංකාවේ තවත් එක් සරසවියක් පමණි. රමණීය පරිසරය හැරුණු විට අද එහි වෙනත් විශේෂයක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් ලක්දිව සෙසු සරසවිද මේ “මහා සරසවිය” හා සම මට්ටමට පැමිණ සිටිති. බොහෝ පාඨමාලාවන් පිණිස පේරාදෙණිය තව දුරටත් උපාධි අපේක්ෂකයින්ගේ පළමු තෝරාගැන්ම නොවේ. ඉංජිනේරු විෂයයන් සඳහා නම් මා දන්නා තරමින් පේරාදෙණිය තවමත් මොරටුවට පසුපසිනි. අනෙකුත් විෂයයන් ගැන මට අවබෝධයක් නැත.

පේරාදෙණිය සරසවිය තුළ, ඒ පිළිබඳ පළමු සිහින මැවු වියතුන් කිසිදිනෙක අපේක්ෂා නොකළ සිදුවීම් ගණනාවක් පසු අවදියෙක වූ බවද සඳහන් කළ යුත්තේය. 1971 පෙබරවාරියේදී අත් වැරැදීමකින් මාස් හෝල් එකේ පුපුරා ගිය බෝම්බය අප්‍රේල් කැරැල්ලේ ආරම්භය සනිටුහන් කළේය. 1976 නොවැම්බරයේ ලංකා ඉතිහාසයේ පළමුවරට සරසවි ශිෂ්‍යයකු සරසවි භූමිය තුළදී පොලිස් වෙඩි පහරෙකින් මැරී වැටිණි. ඊට මාස කිහිපයකට ඉහත තම වධකයින්ගෙන් ගැලැවීමට නේවාසිකාගාරයේ ඉහළ මාලයක සිට පිනූ නවක ශිෂ්‍යා රූපා රත්නසීලී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූවාය. 1989 භීෂණ සමයේදී මළසිරුරු එකොළහක් පේරාදෙණියේ පොකුණක් මලෙක පෙති පරිද්දෙන් දමා තිබුණු බව මා කියැවූයේ ඉන්දියාවේදීය. (ඝාතකයින්ටද නිර්මාණශීලී අදහස් පහළ වේ!)

පේරාදෙණිය සරසවිය සම්බන්ධව බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති තවත් මිථ්‍යාවක් නම් ඉතා ඉහළ අපේක්ෂා ඇතිව ආරම්භ කළද පේරාදෙණි සිහිනය සපුරා බිඳ වැටුණු බවයි. ඉහළ බලාපොරොත්තු ගැන කතාව ඇත්තක් මුත් එකී බලාපොරොත්තු තබා ගත්තන් මහපොළොවෙහි පය නොගසා එය කළේ නම් ඔවුන්ගේ අපේක්ෂා බිඳීම ගැන පේරාදෙණිය සරසවියට දොස් පැවැරීම නොහොබී. විශේෂයෙන් හැත්තෑව දශකයෙන් පසුව පේරාදෙණියටත් ලැබුණේ අනෙක් විශ්ව විද්‍යාල වලට ලැබෙන සොච්චම් ප්‍රතිපාදනමය. ඊට ඇතුළු වූයේද රාජකීය, ත්‍රිත්ව හෝ ශාන්ත තෝමස් විද්‍යාලයන්හි ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබූ ඉහළ පන්තියේ සිසු සිසුවියන් නොව මෙරට සාමාන්‍ය ජනතාවගේ දූ පුතුන්ය. ඔවුන්ට ඉගැන්වූයේද එබඳුම වූ පිරිසකි. පේරාදෙණිය සම්බන්ධයෙන් කිසිම විශේෂයක් නොකොට එය ඔක්ස්-බ්‍රිජ් මට්ටමට ළඟාවේය සිතීමට හැක්කේ මනෝරාජිකයකුට පමණෙකි.

ඒ හැරුණු විට රටේ අවශ්‍යතා හඳුනා නොගෙන ෆැක්ටරියකින් රොබෝවන් තනා එළියට දමන්නාක් සේ නාමික උපධිධරයින් බිහි කිරීම පිළිබඳව අපේ රටේ සියළු සරසවියන්ට පොදු චෝදනාව නම් පේරාදණියටත් ලෙහෙසියෙන් එල්ල කළ හැකිය. උදාහරණයක් හැටියට සොනාලිගේ මිතුරු මිතුරියන් අතුරින් තවමත් කෘෂිකර්මය හා තරමක හෝ සම්බන්ධයක් ඇති රැකියාවක නිරතව හිඳින්නේ ඇය පමණෙකි. ඉතිරි සියළු දෙනා කෘෂිකර්මයට කිසිම සම්බන්ධයක් නැති අංශයන්හිය. රටට අවශ්‍යතාවයක් නොවේ නම් වාර්ෂිකව පේරාදෙණිය විශ්ව විද්‍යාලය (හා අනෙකුත් විශ්ව විද්‍යාල) දැවැන්ත අයෝජනයක් කොට කෘෂිකර්ම උපාධිධරයින් විශාල සංඛ්‍යාවක් බිහි කරන්නේ මන්ද? ඒ ආයෝජනයම කොට රටට අවශ්‍ය ක්ෂේත්‍රයක උපාධිධරයින් බිහි නොකළ හැක්කේ මක් නිසාද?

මගේ පුද්ගලික මතය නම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සේම එය ගැන අප දරණ මතිමතාන්තරද වෙනස් විය යුතු බවයි. මුලින්ම අප විසින් එය මත තබා ඇති රෝමෑන්තික කටු ඔටුන්න ඉවත් කළ යුතුය. මේ කටු ඔටුන්න බරය. එහි බර දැනෙන තාක් කල් පේරාදෙණියට හිස ඔසවා ඉදිරියට යන්නට නොහැකිය. දෙවනුව, ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාල සේම පේරාදෙණියද පොළොවේ හිට ගන්නට උත්සාහ ගත යුතුය. නාමික උපාධිධරයින් බිහි කරනවා වෙනුවට රටට ප්‍රායෝගිකව මෙහෙයක් කළ හැකි උපාධිධරයින් බිහි කිරීමට උත්සාහ දැරීම එහි අද්‍යතන වගකීමයි. රෝමෑන්තික පේරාදෙණිය සරසවිය සාහිත්‍යයට සීමාවේවා! සැබෑ පේරාදෙණි සරසවිය පොළොවේ පය ගසා නැඟිටිය යුතුය.

වෙනත් සරසවියක් ගැන නොකරන මේ ප්‍රකාශය පේරාදෙණිය සම්බන්ධයෙන් කරන්නේ මට එහි ඇති බන්ධුතාවය නිසා බැව් මට හිතෙයි.

About these ads

23 responses to “14. පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්

  1. /* ඇරත් ඝන කණ්නාඩි පැලැඳීමට බල කරන ලද දෘශ්‍යාබාධය හේතුවෙන් */

    අපේ පොරක් කෙල්ලෙක්ගෙන් අහලා ඒකි කැමති වුණු දවසේ අපි කිව්වා කෙල්ලට eye test එකකට යන්න කියලා. LoL

  2. මෙන්න තවත් හන්තානේ ගීතයක්:
    http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

  3. ඇයි “හන්තානට පායන හඳ” ? :P

    සෑහෙන්න වටින ලිපියක්. මොනව වුනත් ලංකාවෙ විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණියට ටිකක් වැඩි ආකර්ෂණයක් තාමත් ටිකක් තියෙනව. ඒ වුනාට පේරාදෙණියත් ඇතුළුව ලංකාවෙ අනිත් විශ්වවිද්‍යාලත් වෙනස් මට්ටමකට එන්න ඕනෙ. හැබැයි ඒකට විශ්ව විද්‍යාලයෙන් පිට සංස්කෘතික මට්ටමත් ටිකක් හෝ ඉහළ මට්ටමකට එන්න ඕනෑ නේද?

    මෙහි ඉහළ මට්ටම කියන්නෙ සංස්කෘතික රාමුවක් ඇතුළෙ හිතන මට්ටමේ වෙනසක්.

  4. චානුක, ඔයාගෙ සමහර අදහස් වලට මන් එකඟයි.. විවි වල ගරා වැටීමට ශිෂ්‍යයන්ගෙ දායකත්වයකුත් තියේ. නාහෙන් එපිටට දෙයක් ඉගෙන ගන්න එයාලට උවමනාවක් නැත්නම්, රොබෝ උපාධිධාරීන් ඇරුනම නිර්මාණශීලී විද්‍යාර්ථිකයෙක් එළියට එන්නෙ නැහැනෙ.
    සාම්ප්‍රදායික නොවන රැකියා වෙළඳපොලේදි ඒ දෙවෙනි කාණ්ඩයට හොඳ ඉල්ලුමක් තියෙනවා.. නමුත්, විවි වල උන්නතියට ඒ කාණ්ඩයෙන් උදව්වක් නෑ; එක හේතුවක් එයාලව විවි වලින් ප්‍රතික්ශේප කරනවා, බත් බැල ගොඩට අයිති නොවෙන කොට..
    ඔයා විස්තර කරන ගරා වැටීම කොළඹත් තියේ, අඩු ගානෙ සත්ත්ව විද්‍යා අන්ශෙ මම දන්නවා! ඇකඩීමියා කටු ඔටුන්න එක්ක ගත්තම රොමෑන්තික කටු ඔටුන්න නම් මොනාද කියල හිතෙනවා..

  5. I do not agree to the last comment made by the writer ,specially saying the Agriculture degree is useless. But as a graduate from the same faculty who is now working in the field of medicine ( there are enough folks like me who graduated with Agriculture degree and now working in biomedical field), what I feel is Peradeniya Agriculture programme doe not produce people only to do agriculture related jobs but also for other fields. I’m pretty sad that writer is unaware about this fact and I think Peradeniya Agri degree is a role model for other degree programmes in the country.So I would like to advice the writer to have a look at Peradeniya curriculum in Agriculture and also get some comments from the graduated students as how they do well in there fields because of the training they had with the degree.

    • @Suranga,

      I didn’t say the agriculture degree is useless. What I implied was (a) We do not need so many agriculture graduates (b) miscalculation of the demand has forced many agriculture graduates to work in the other fields.

      Yes, I also know the Peradeniya Agriculture degree has so many other components (engineering, medicine, statistics, science etc.) that the students are fond of saying it teaches them everything else other than agriculture! But why? If it is not focused on agriculture, why call it an agriculture degree? Why waste training students in agriculture related subjects if they were to work in other fields?

      (This is only an example I took. This does not mean the rest of the degree programs and rest of the universities are perfect.)

      • මෙතනදී චානුකට වැරදුණු දේ තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය හරහා විද්‍යාර්ථියෙක් ලබා ගන්නා විෂයය දැනුම ගැණ පමණක් සිතා බැලීම.
        නමුත් විශ්ව විද්‍යාලයක උපාධියක් හැදෑරීමේදී ඊට අමතරව ලැබෙන ශික්‍ෂණය ඊට වඩා වැදගත්.
        ඇග්‍රෙක් කළ යුත්තේ පාසලක ඇග්‍රි ඉගැන්වීම, ඇග්‍රි පර්යේෂණ, නිළධාරී තනතුරු පමණද?
        මා දන්නා අග්‍රෝ දැන් ආර්ථික විද්‍යාඥයෝ, නැෂනල් එකවුන්ට් කරන අය, පරිසර විද්‍යාඥයෝ.
        ඔබ උගත් විදුලි ඉංජිනේරු කමම පමණක් ඔබ කළ යුතු නෑ නේද?

        විශ්ව විද්‍යාලවල පරිහානිය සමාජයේ සිදුවූ පරිහානියෙන් පරිබාහිර වූවක් නොවේ.

      • @kathandara,

        මේ මා කිහිප වාරයක්ම සහභාගි වී ඇති වාදයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ශික්ෂණය සඳහා පමණක් නම් එපිණිස (ලංකාවේ මෙන්) මහජන මුදල් වැය කළ යුතුය මම නොසිතමි. මහජන මුදල් වැය කොට යම් තෝරා ගත් පිරිසකට අධ්‍යාපනය දිය යුත්තේ ඒ වෘත්තිකයන් රටට අවශ්‍ය නිසාය. (උදාහරණයක් හැටියට මහජන මුදලින් පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය යුත්තේ රටට වෛද්‍යවරුන් අවශ්‍ය නිසා මිස වෙන කාරණාවකට නොවේ.)

        එසේම ඔය කියන අන්දමේ ශික්ෂණයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් ලැබෙනු මම දැක නැත්තෙමි. පරිගණක ඉංජිනේරුවන්/කාර්මිකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී මා දුටු කාරණාවක් නම් උසස් පෙළ පමණක් සමත් කොළඹ ඉස්කෝල වලින් අධ්‍යාපනය ලැබු තරුණයින්ට, විශ්ව විද්‍යාල උපාධිධරයින්ට අභියෝග කළ හැක්කේ විෂය දැනුමෙන්ම මිස (එයද හැම විටම නොව) ශික්ෂණයෙන් නොවන බවයි.

        යම් පාඨමාලාවක 10%-20%ක් වෙනත් ක්ෂේත්‍ර කරා යොමුවීම තේරුම් ගත හැකිය. නමුත් 100% අකට ආසන්න ප්‍රමාණයක් වෙනත් ක්ෂේත්‍ර කරා යොමු වන්නේ නම් අදාළ පාඨමාලවේ අනිවාර්යයෙන්ම යම් වරදක් තිබේ. (මා සම්බන්ධයෙන් කිව්වොත් මට වෙනත් බොහෝ දේ කරන්නට සිදු වූයේ මට විදිලි ඉංජිනේරුවකු සේ පත් වීමක් ලබන්නට නොහැකි වූ නිසාය. ඒ කතාව පසුව කියමි.)

        “විශ්ව විද්‍යාලවල පරිහානිය සමාජයේ සිදුවූ පරිහානියෙන් පරිබාහිර වූවක් නොවේ.”

        මීට එකඟයි. මා කියන්නට උත්සාහ කළේද එයයි.

      • @sihisatahan,
        As you asked what is the point of doing other things than agriculture? I think you have to think out of the box. A basic degree is only to give the basics and not to make a specialist on particular subject. So in that sense I think most of the degree programmes in the country perform well under the conditions that they have . I have experience in working with biomedical scientists and students in a place ranked in world top 25 biomedical facilities and I know how the others perform and how they react to a situation. I’m just getting my environment as an example ( and I do know many other folks ) with out bragging and I do know how much they spend here to make “an average person” not a specialist. So under the given situations in the country, I think we should encourage them to have some changes but keeping in mind “basic degree is only a BASIC degree” and it should focus to make a “better citizen” but not a “highly specialized citizen “.

      • @Suranga,

        If the objective of a ‘basic degree’ it to ‘make a better citizen’ why not restructure the agriculture degree program to a basic science degree (or just a basic degree)? Why the specialization at a level according to you that should be ‘basic’?

        To be a better citizen one needs only some understanding about civics and things that you teach at grade 10. Why waste students time teaching them specialized subjects, which will be of no value to them afterwards?

  6. Chanuka, I do agree with most of your ideas about University of Peradeniya (UOP) and the agriculture degree. First, UOP has come down so much from your parent’s days because of a variety of reasons (I am not here to discuss those). Still I would rank UOP as the best university for undergraduate education in Sri Lanka because still I see some stronger remnants of Sir Jennings’s vision are alive. Moreover one advantage you receive by studying at UOP is that you have somebody studied at UOP to help you wherever you go (because of the variety of faculties you have there and the close interaction).

    A very famous saying about the agriculture degree is “you learn everything minus agriculture there”. Though I do not fully agree with this statement, i am not in a state to fully deny it too. This has been widely discussed in circles of academics, industrialists and researchers, and a couple of years back, the name of the degree was changed into”Agricultural technology and management” with some syllabus revisions as well.

    It is a well known fact that many agros work in non- agricultural jobs (I am one of them, may be the first to join telecommunications). Surprisingly some of them are in the police and armed forces, some are in the foreign service (hopefully they’ll become ambassadors for Sri Lanka one day) and some are in telecommunications, insurance and banking. You find plenty of them in the SLAS and some even in the apparel industry. One of their strengths would have been the multidisciplinary nature of their curriculum.

    However I do fully agree with you with the points you make regarding the number of graduates produced. This may be due to a the fact that today almost all universities in Sri Lanka other than Colombo and Moratuwa have agriculture faculties and the job market for agriculture graduates is over-supplied. One more thing I need to add on is that many agriculture related jobs do pay less than non-agric. jobs. As a result there is a very high tendency of agric. graduates leaving conventional agricultural jobs and joining other fields (It was the same story with me, where I was in agric. research before joining telecommunications).

  7. @sihisatahan,
    ප්‍රශ්නය වන්නේ ලන්කාවේ අද්යාපන ක්‍රමය තුල සිසුන් ට තමාට අවශය විෂ්ය දාරාව තොරාගැනීමට ඉඩ ලැබෙනවාද යන්නය්,
    එමනිසා පලමු උපාදියෙන් පසු තමන් කැමති පැත්තකට ඇදීයාම උපාදියේ වරදක් නොවේ.

  8. පේරාදෙණියේ ‘රැග්’ වෙමින් උන් සමයක ‘සඳුන්’ පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි ‘ගුණසිංහ’ ගෙ දුව යැයි කීවේ ය.
    http://sihisatahan.wordpress.com/2011/04/21/blogpost19/

    ඉතා සතුටුයි නැවත ඔබ කියවීමට ලැබීම. නුවණ සමාජයේ දැන්වීම් පුවරුවට ලියූ චානුක, හරිත් ආදීහු බාල වියේ හුන් අපට ලියන හැටි කියා දුන්හ.

  9. පාලමේ ඉන්න සිංහයන්ගේ කතාව මට යාලුවෙක් කිව්වේ වෙනස් විදිහකට. ඔය පාලමට කියන්නේ ගජසිංහ පාලම කියලාලු. ඔය පාලමෙන් එහා පැත්තට ගිය ගෑණු ළමයෙක් ආයි මෙහා පැත්තට කන්‍යාවක් විදිහට ආවොත් ආන්න එදාට පාලමේ ඉන්න සිංහයෝ හතරදෙනාට පණ ඇවිත් ගඟට පනිනවාලු :)

  10. මුල් ඡේද කිහිපය මට කෙලින්ම ආදේශ කරන්න පුලුවන් නම් වෙනස් කලොත්. ඔය කියන පාලම ආට් එකට ඇතුල් වෙන ගජසිංහ පාලම වෙන්න ඕනෙ. අර කියපු පොකුණ අල්විස් පොකුණ. ඔය සිසුන් කිහිප දෙනා පාවා දීමට දැන් කතිකාචාර්ය කෙනෙක් වෙන ඒ කාලෙ ජවිපෙ විරෝධී ශිෂ්‍ය නායකයෙක් සම්බන්ධයි කියල කතාවක් තියෙනව. මටත් පේරා එකෙක් ගාණටම නොවෙතත් පේරා ඇතුලෙ හිතින් යන්න පුලුවන් තරමටම ඒ තැන කට පාඩම්. සංඝමිත්තා තමයි මමත් “කැමතිම” නේවාසිකාගාරය.

    ඒලෙවල් කරපු කාලෙ මම ගෙදරින් පිට වෙන්න බලාගෙන හිටියෙ පේරා වගේ තැනකට යන්න. ඒත් තොරතුරු තාක්ෂණය ගැන ප්‍රමාණවත් උපාධියක් පේරාදෙණියෙ තිබුනෙ නැහැ. ඉංජිනේරු පීඨයට ජීව විද්‍යාව හදාරලා යන්න බැහැ. අකමැත්තෙන් වුනත් කොළඹට මම පසුබැස්සා.

    හන්තාන තරණය අනිවාර්යයෙන්ම කල යුත්තක්. නැති වුන රොමෑන්තික හැඟීම නැවත ගන්න පුලුවන් ඒ උස්බිමට ගිහින් නැවත කැම්පස් එක හොයල බැලුවොත්.

    පේරාදෙණියට ලැබෙන ප්‍රතිපාදන ගැන මම අහල තියෙන කතාවක් තමයි උසස් අධ්‍යාපනයට වෙන් වෙන ප්‍රතිපාදන වලින් 25%ක් පේරාට ලැබෙනව කියන එක. මේකට ඉදිරිපත් කරන්න මූලාශ්‍රයක්නම් නැහැ. නමුත් වෙන සරසවි වලට වැඩිය සීඝ්‍රතාවයකින් නව ගොඩනැගිලිනම් පේරා වල ඉදි වෙන හැටි මම දැකලා තියෙනවා. අධ්‍යාපන මට්ටම අතින් පහලට බැසීම ගැන මම හිතන තවත් කරුණක් තමයි පසුගාමී දේශපාලනයක් අධ්‍යාපනය අස්සට රිංගීම. ශාස්ත්‍ර පීඨයෙ සිසුන් ගැන අහන first hand කතා අනුව ලිං ගෙම්බො මතක් වෙන වෙලාවල් බොහොමයි.

    අමිහිරි සිද්දි කිහිපයකුත් එක්ක මගෙත් හිත ඇතුලෙ පේරාදෙණියට තිබුන ආලය නැතුව ගියා. ඒත් දැනුත් ඉදල හිටල හිතන දෙයක් මම බැරිවෙලාවත් පේරා ගියානම් මොනව වෙන්න තිබුනද කියල.

    http://www.theopen.chamiladealwis.com/2010/02/let-us-define-losers/

  11. පේරාදෙනිය මට නම් සදාකාලික සුන්දර අත්දැකීමක්.

  12. Hey Chanuka,
    This is quite a coincidence! My father too was in the first batch to go to Peradeniya from Colombo Uni. My mother was at Peradeniya,and she did geography too!

  13. ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා]
    POSTED BY BOONDIONLINE 7.07.2011

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

  14. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය
    | ඩී. සුගත් රාජපක්ෂ

    ( 27. 01. 2012 | lankagurdian.com ) ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය. ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?

    University of Peradeniya – File Photo
    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි. බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත. එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ. ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක පරිහානිය ගැන 1960 – 1970 දශකයේ පවා කරුණු ලියැවී තිබේ. දිවංගත ලේඛක සිසිර කුමාර මනික්‍යආරච්චි මේ සම්බන්ධයෙන් පොත් පවා පළ කොට ඇත. එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කොමිසන් වාර්තා වලද මේ ගැන සඳහන් වේ.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට අප ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූයෙමු. එම සංචාරයේදී අප නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු අපට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් අප සමග පැවසුහ.

    නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නිය වුවාය. ඇයගේ ආරක්ෂාව පතා අපට නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.

    ” පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය අලුත් දෙයක් නෙවෙයි. මේක හැමදාම පේරාදෙණියේ තිබ්බා. ඒත් ඒක රහසක් හැටියට තමයි පැවතුනේ. මොකද සමලිංගික හිංසනය කරන සිසුවියත් එයට ලක් වන නවක සිසුවියත් කවදාවත් ඒක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. අතවරයට ලක් වන සිසුවියට ඒක විශාල මානසික පීඩනයක්. ඇයට ඒක විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට හෝ ගුරුවරුන්ට කියන්න බැහැ. ඒ වගේම ඒක ගෙදර කෙනෙකුටවත් කියන්න බැහැ. තනියම මේ හිංසාව දරාගෙන ඉන්න තමයි ඔවුන්ට සිදු උනේ. අතවරයට පත් වූ සිසුවිය විවහා වූ පසු තමාගේ සැමියාටවත් මේක කියා ගන්න බැහැ. නමුත් සදහටම මේ මානසික කැළල ඇය තුල තියනවා. මවක් වූ පසුව ඇය තමන්ගේ දරුවන් දකින විට පවා මේ සිද්දිය ඇයට මතක් වෙන්න පුළුවන්. මේ අතවර නිසා කාන්තා සිසුවියන් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. සමහරු මානසික රෝගීන් උනා. කීප දෙනෙකු දිවි නසාගෙනත් තියනවා.

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින කාන්තා සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා. අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.

    රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා. රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.

    වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ. ඒ නිසා මේවා සදහටම මේ විශ්ව විද්‍යාලයේ තියේවි. දැන් බලන්න ලඟදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දහ දෙනෙකුගේ ඇඳුම් ගලවලා වැසිකිලියකට දමලා නවක වදය දීලා. මේක කරලා තියෙන්නේ දෙවැනි වසරේ සිසුවියන් වගයක්. මේ අය සමහර අලුත් ගෑනු ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් පවා කරලා තියනවා කියලා සමහර නවක ළමයි කියනවා. එක ළමයෙකු නිරුවත් කරවලා ඇඟට මුත්‍රා පවා කරලා. අපට ආරංචිය තියනවා මේ තුන්දෙනා එකතු වෙලා ගම්පහ ඉස්කෝලෙකින් ආපු ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන කියලා. මේක අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්. ලිංගික දුෂණයක්. වෙළඳ කලාපයේ අඩු ඉගෙනීමක් තියන කෙල්ලොවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පන්ති තහනම් කිරීම විතරයි කරලා තියෙන්නේ. හරිනම් මේ අය උසාවි දාන්න ඕනේ. මේ අයගේ නම් ගම් පත්තර වල දන්න ඕනේ. එතකොට තම තමන්ගේ ගෙවල් වල අය, අසල්වැසියෝ මේ අයගේ හැසිරීම කොහොමද කියලා දැනගන්නවා. එතකොටවත් ලැජ්ජා වෙලා හැදෙයි. එක අනෙක් අයටත් පාඩමක් වෙයි. නමුත් දැන් මේ තුන්දෙනා පන්ති තහනමෙන් පස්සේ අපහු එනවා. ඇවිත් නැවත අහිංසක කෙල්ලන්ට අතවර කරයි.

    ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ. අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?

    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා. මම ලඟදි කියෙව්වා ලක්බිම ඉරිදා පත්තරේ ලිපියක් නවක වදය සම්බන්දයෙන්. ඒකේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන දොස්තර මහත්තයා බොහොම අපුරුවට රස කරලා කියනවා කිසිම හිරිකිතයක් නැතුව 1978 දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ සිදුවීමක් ගැන. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන හැටියට නවක වද සතිය නිමාවන දිනයේ ජීවක නේවාසිකාගාරයේ සියලුම නවක වෛද්‍ය ශිෂ්‍යයන් සැත්කමකට භාජනය කරන බව ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් දන්වා තිබුණාලු . මෙය පිරිමින්ගේ ලිංගේන්ද්‍රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කමයි. ඔහු කියන විදියට එදා නේවාසිකාගාරයේ කාමරයක් ශල්‍යාගාරයක් ආකාරයටම සකස් කර ශල්‍ය වෛද්‍යවරුන් අඳින ඇඳුම්වලින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිපදෙනෙක් සැරසී සිටියාලු . සැත්කමට අවශ්‍ය කතුරු, පිහිවැනි ආයුධ පවා ඔවුන් සතුව තිබුණාලු. නවක සිසුවෙකු ඇඳ මත හොවා කතුරු පිහි ආදිය යොදාගනිමින් පිරිමි ලිගුවේ පෙර සම ඉවත් කරන ආකාරයටම ඔවුන් සැත්කම රඟ දක්වලා.

    මේ සිදුවීම ගැන බලන්න ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය මුවාවෙන් නවක සිසුවෙකු නිරුවත් කරලා ඔහුගේ ලිංගේන්ද්රියට බොරුවට ශල්‍ය කතුරු දික් කරනවා. මෙසේ කෙනෙකුට තවත් කෙනෙකු බලහත්කාරයෙන් පීඩනය යොදා නිරුවත් කිරීම කල හැකිද? මේ සිදුවීම සීලාචාර රටක සිදු උනානම් විශ්ව විද්‍යාලයේ කුලපති පමණක් නොවේ අධ්‍යාපන ඇමැතිටත් උසාවි යන්න සිදු වෙනවා නේද? මේවා ලංකාවේ ලිංගික අසහනය නිසා වෙන සිදුවීම් නොවෙයිද ? ”

    නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය.

    ” මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ. එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ.

    ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ”

    සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය.

    “නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරී තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා. කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක ආප්පෙකට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා. එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”

    නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති. පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය.

    දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය. තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය.

    “විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් පේරාදෙණියේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි. තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා. මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා. ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ”

    පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය.

    ” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා. නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.

    නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ. මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ?

    නවක සිසුවියන් පවසන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති. වින්දිතයන්ද නිහඬතාවය රකිති. මේ ලිංගික හිංසනය නිසා රූපා රත්නසීලි වැනි අහිංසක යුවතියන් ජීවිත වලින් වන්දි ගෙවා තිබේ. එහෙත් මේ සාපයේ අවසානයක් දැකීමට නොහැක. දර්ශනීය හන්තානේ කඳුවැටිය සහ මනරම් මහවැලි ගඟ මැදි කරගත් ලෝක පුජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලය අද ලිංගික අසහනයෙන් සහ කාම ඔල්මාදයෙන් පෙලෙන රෝගීන්ගේ තිප්පලක් බවට පත් වෙමින් තිබේ. අධ්‍යාපනික වශයෙන්ද පේරාදෙණිය ගරා වැටී ඇත. අඳුරු මහාද්වීපයේ විශ්ව විද්‍යාලද අද පේරාදෙණිය පසු කරමින් යති.

    කාන්තා හිංසනය ගැන කතා කිරීමට ලාහෙන් මැනීමට තරම් සංවිධාන , ඩොලර් වලින් පඩි කන නෝනලා සිටින රාජ්‍ය නොවන ආයතන ලංකාවේ තිබේ. නමුත් මේ එක ආයතනයක් හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය ගැන , බොහෝ කාලයක් පුරා පවතින ලිංගික හිංසනය නවත්වි නැවැත්වීමට උනන්දු නොවෙති. කාන්තා අයිතීන් ගැන කතා කරන මැඩම්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උත්තමාවියන් අතින් දුෂණයට ලක් වන නවක සිසුවියන් ගැන කතා කිරීමටවත් නොවෙහෙසෙති. ඊට හේතුව ඔවුන්ගේ දියණියන් ඇමරිකාවේ ,ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනීමට යන නිසා විය හැකිය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් නිහඬව මේ වධය දරා ගත යුතුය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී තමන්ගේ සොහොයුරියට සිදු කල අතවරය ගැන කෝපයෙන් තැවෙන ඇයගේ සහෝදරයා විසින් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පල කරන ලද කොමෙන්ටුවක් අපගේ නැත ගැටුණි. පාඨකයන්ගේ අවධානය සඳහා එය සංස්කරණය කොට මෙහි පල කරමු.

    November 20, 2011 at 9:33 am
    ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා. ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද? තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින් ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ. ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයි ට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් යන්න ඉල්ලන්න.අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි? (උපුටා ගැනීම ලංකා සී නිවුස් වෙබ් අඩවිය http://www.lankacnews.com/sinhala/news/35340/ )

    තම සොහොයුරියට සිදුවූ අතවරය , අවමානය ගැන සොහොයුරාට ඇති වේදනාව , කෝපය සාධාරණය. නමුත් මෙවැනි සිදුවීම් වල අවසානය කුමක් විය හැකිද ? තම සොහොයුරිය බිලිගත් හැතිරිය මරා දැමීමට සොහොයුරා අනාගතයේදී නොපෙලඹේද ? මෙවැනි සමාජ වියසන වැළැක්වීම විශ්ව විද්‍යාල බලධාරීන්ගේ යුතුකම නොවේද? අනාගතයේ මහා විනාශයන් වීමට ප්‍රථම මෙවැනි ලිංගික හිංසනයන්ට විරාමය තැබිය යුතුය. මේ සඳහා බුද්ධිමය කතිකාවක් සිවිල් සමාජය තුල ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු ලෝක උරුමයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන චානුක වත්තේගම මෙසේ විචිත්‍ර සටහනක් තබයි. පේරාදෙ ණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි. අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න. මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම )

    මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි. මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය. පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි.

    “මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න”

    විමර්ශන සහාය
    දර්ශිනී විමලසුරිය
    මානෙල් ද සිල්වා
    නිර්මාල් පිරිස්

    විශේෂ ස්තුතිය
    වෛද්‍ය හේමලතා වෙල්ගම මිය
    නලීන් වීරකෝන් මහතා
    ඩි.එම්. නිමල් දිසානායක මහතා

  15. වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල
    | ඩී. සුගත් රාජපක්ෂ

    ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්වවිද්‍යාල අරාජිකය. ලංකික විශ්වවිද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත.

    ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.

    මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව අප විසින් ලියන ලද විමර්ශනාත්මක ලිපියට මල්, ගල් , තර්ජන සහ අපහාස නොඅඩුව ආවේය. විමර්ශන වාර්තාකරණයේ යෙදෙන අපට මෙවැනි ප්‍රතිචාර පුරුදුය. මෙම ලිපිය බොහෝ වෙබ් අඩවි වල පළ විය. මෙම ලිපිය සම්බන්ද කරුණු පිළිබඳව පරීක්ෂණ කිරීම වෙනුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන් කලේ එම වෙබ් අඩවි වලින් මෙම ලිපිය ඉවත් කරන ලෙස අයදිම, බලපෑම් කිරීම සහ තර්ජනය කිරීමය. පණිවිඩයේ අඩංගු කරුණ පිළිබඳව සොයා බැලීම වෙනුවට පණිවිඩකරුවාට වෙඩි තබන ලංකික සමාජයේ මේවා සුපුරුදු සිදුවීම්ය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හෝ ලංකාවේ වෙනත් විශ්ව විද්‍යාලයකට අපහාස කිරීම හෝ බොරු චෝදනා නැගීම අපගේ අභිලාශය නොවේ. අපට අවශ්‍ය ලංකාවේ විශ්ව විද්යාල පද්දතිය තුල දිගු කාලයක් පුරා පවතින නවක වදය , ලිංගික අපයෝජන වලට තිත තැබීමටය. ලංකාවේ විශ්ව විද්යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ගරා වැටී ඇත. වර්තමානයේ දී ලංකාවේ විශ්වවිද්යාල අධ්‍යාපනික වශයෙන් සහ ගුණාත්මක භාවයෙන් අප්‍රිකානු විශ්ව විද්‍යාල වලටද වඩා පසුපසින් සිටිති. ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1500 අතර නැත. මේ නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධිවල අන්තර්ජාතික වටිනාකම දැන් තඹයකට නොවටී. ඉදිරියේදී මෙම තත්වය තවත් දරුණු විය හැක. අවසානයේදී පිළිගත් උසස් අධ්‍යාපන ආයතන නොමැති නුගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වීමට ඉඩ තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල පසුගාමී තත්වය සිසුන් සහ බලධාරීන් අවබෝධ කරගෙන ලංකාවේ විශ්ව විද්යාල වල ගුණාත්මක භාවය ඔසවාලීමට ක්‍රියා කල යුතුය. ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය ඉහල දැමීමට මුලින්ම විශ්ව විද්‍යාල තුල මානව අයිතිවාසිකම් ස්ථාපිත කල යුතුය. නමුත් මානව අයිතිවාසිකම් යනු අධිරාජ්යවාදී කුමන්ත්‍රණ , එන්.ජී.ඕ ඩොලර් කථා , ලෝක බැංකු , බටහිර කුමන්ත්‍රණ ලෙස විශ්වාස කරන පසුගාමී ශ්‍රී ලාංකික සමාජය විශ්ව විද්‍යාල පද්දතිය තුල මානව අයිතිවාසිකම් ඇති කිරීම ගැන සැලකිලිමත් නොවීම ස්වභාවිකය.

    මානව සාරාර්ථ වලට සලකන උසස් චින්තනයක්, සංස්කෘතියක්, සහ උසස් සදාචාර පද්දතියක් ඇති රටවල විශ්ව විද්‍යාල යනු ශුද්ධ වස්තුවකි. එය පාර්ලිමේන්තුවට වඩා උත්තරීතරය. එවැනි ඉදිරිගාමී සමාජයක විශ්ව විද්‍යාල යනු නිදහස් චින්තනයේ , සමාජ දියුණුවේ මාර්ගෝපදේශකයාය. එවැනි විශ්ව විද්‍යාල වලින් රටට වැඩදායක , ඉදිරි ගමනට සහය දෙන පුරවැසියන් බිහි කරති. නමුත් අපගේ විශ්වවිද්යාල වැඩිපුර බිහි කරන්නේ සිසු මැරයන්, අසහනය සහ හීනමානයෙන් සපිරි පර පිඩක වධකයන් , නිර්මාණශීලි චින්තනයක් නැති ගොලුබෙලිකටුවල ඔලුව සඟවාගන්නා නාමික උගතුන් සහ තමන්ගේ මඩිය පුරවා ගැනීමට මාන බලන ආත්මර්ථකාමින්ය. එම නිසා අපගේ විශ්වවිද්‍යාල වලට නිසි නායකත්වයක් දිය හැකි උගතෙකු ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සොයන්නාක් වැනි වැඩකි.

    එස් .බී ගේ නායකත්ව පුහුණුව අසාර්ථකයි

    නවක වදය නැවැත්වීම සඳහා සරසවියට ඇතුළුවන ශිෂ්‍යයා ශික්ෂිත ශිෂ්‍යයෙක් බවට පත්කොට, නායකත්ව හැකියාවන් සහ ශාරීරික යෝග්‍යතාවයෙන් ද යුක්ත පුද්ගලයෙක් වශයෙන් සරසවියට ඇතුළු කිරීම සඳහා කියමින් තෝරා ගත් යුද හමුදා කඳවුරු 28 ක් තුළදී සරසවි සිසුන්ට ලබාදුන් නායකත්ව පුහුණු වැඩසටහන අසාර්ථක බව බොහෝ සරසවි සිසුන් ප්‍රකාශ කරති. නවක වදය නැවැත්වීම සඳහා බොහෝ සරසවි ආචාර්යවරුන්ට , බලධාරීන්ට අවශ්‍ය නොවීම, ඒ සඳහා මැදිහත් වීමට ඇති බිය , පැමිණිලි යට ගැසීම වැනි ක්‍රියා නිසා නායකත්ව පුහුණුවෙන් පසුද සරසවි වලදී තමන් විවිධ කායික , ලිංගික , මානසික අතවර වලට මුහුණ දුන් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරති. මේ අනුව බලන විට උසස් අධ්‍යාපන අමාත්ය එස් බි දිසානායකගේ නායකත්ව පුහුණුව අසාර්ථකය. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීම බව අප පැවසුවෙමු. මේ දේ නොකොට වෙනත් පිළියම් දීම මගින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලින් මේ අමානුෂික මානව අයිතීන් පාගන නවක වදය තුරන් කල නොහැක. මේ සඳහා ලබන වසරේවත් එලදායි ක්‍රියා මාර්ගයක් ගැනීම කාලෝචිතය.

    පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවන නවක වදය.

    අප විසින් ලියන ලද පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවන ලිංගික හිරිහැර පිලිබඳ ලිපිය පළ වීමෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ අනෙකුත් විශ්ව විද්‍යාල වල සිදුවන නවක වද , හිරිහැර සහ ලිංගික අපයෝජන ගැන සහ බොහෝ දුක්මුසු කතා සහ අත්දැකීම් අතවරයන්ට ලක් වූ සිසු සිසුවියන් අප වෙත එවා තිබුණි. එක සිසුවෙක් මෙසේ පවසා තිබුණි.

    ” කියන්න ලැජ්ජයි මමත් පේරාදෙණියෙ. මේ කතාව සත්‍යයි කියල මම විශ්වාස කරනව. මගේ අවසාන වසර තමයි මේ යන්නෙ. art එකේ චාටර් වැඩ තියෙනව කියල අහල තිබුනට ඊයේ පෙරේද උන සිද්ධිය වෙන කන් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔය වගේ චාටර් වැඩ වෙනව කියල. art එකේ ඇරෙන්න අනිත් faculties වල ඔය වගේ වැඩ වෙන්න නැති බව වගකීමෙන් කියන්න පුලුවන්. art එකේ ඔය ක්‍රියා වලට අනිත් faculties වලින් පැහැදිලි විරෝධයක් දැනටමත් එල්ල වී තියෙනව. ඔබ හරි ඔය කියන දේවල් හරිම රහසිගත විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. මොකද අපි ඕව ගැන හරියට දැන ගන්න අවුරුදු 4ක් ම ගියා. ඇත්ත art එකේ girls ලා මේවා ගැන ප්රකාශ කරන්න හරිම බයයි. ඔවුන් ව බය කරගෙන ඉන්නෙ. campus එකක් වුනහම නවකයින් අඳුර ගන්න මොකක් හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. මම කියන්නෙ නෑ එක rag එකක් විය යුතුයි කියල. නමුත් අද වෙන මේ දේවල් දැක්කහම සසර කල කිරෙනව.”

    තවත් සිසුවියක් මෙසේ පැවසුවාය

    ” පේරාදෙණියේ සමලිංගික හිරිහැර , දරුණු නවක වදය තියනවා නමුත් පරිපාලනය පැමිණිලි යට ගහන නිසාත් , ළමයි පැමිණිලි කරන එක පරිපාලකයෝ අදහිරියමත් කරන නිසාත් , නවක වද කරන ජේෂ්ඨයෝ තර්ජනය කරන නිසාත් අතවරයට ලක් වන ගැහැණු සහ , පිරිමි ළමයි පැමිණිලි කරන්නේ නැහැ. මේ රටේ ස්ත්‍රී දුෂණයට ලක් වන කාන්තාවන් කීයෙන් කීදෙනාද පොලිසියකට යන්නේ ?පේරාදෙණියේ ලිංගික හිරිහැර වල තත්වයත් ඕකයි. නවක වදයට ලක් උන ළමයෙක්ට විශ්ව විද්යාල පරිපාලනයෙන්වත් සහනයක් නැහැ. ඒ අයත් කියන්නේ මේවා තව ටික කාලයයි නේ තියෙන්නේ ඕවා ඉවසලා ඉන්න කියලා. මේ නිසා අතවරයට ලක් වූ ළමයා කොන් වෙනවා , ඒ නිසා මේවා පැමිණිලි කරන්න කවුරුවත් ඉදිරියට එන්නේ නැහැ. පැමිණිලි කල කෙනාට ඉන් පස්සේ විශ්ව විද්යාලේ ඉන්න බැහැ. සීනියර්ස්ලා එයාට රවනවා, ගොරවනවා, සීනියස්ලාගේ උදහසට ලක් වෙයි කියලා එයාගෙම බැච් එකේ නවකයන් එයා එක්ක කතා කරන්නේ නැහැ , අලයෙක් කියයි , නොයෙකුත් අපහාස කරයි. පරිපාලකයෝ වැනෙනවා, ළමයට ආරක්ෂාවක් දෙන්නේ නැහැ, ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම තත්වය ඕකයි. ඒ නිසා සෑම වසරකම ළමයි මේ නවක වදය කියන දරුණු හිරිහැරය නිහඬව විඳ දරා ගන්නවා. මේ නිසා හිරිහැරයට ලක් වන 99.9% කාටවත් පැමිණිලි කරන්නේ නැහැ. ඉතින් බලධාරීන් කියනවා නවක වදයක් තියනවනම් පැමිණිලි කෝ කියලා.”

    බොහෝ සිසුන් අපට පැවසූ පරිදි පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවක වදය ලබා දෙන්නේ නවක අනුරූපිතාව නමින් වැඩසටහනක් පවත්වමිනි. මුලින්ම සිදු කරන්නේ කුණුහරුප කියා පරුෂ වචනයෙන් බැණ වැදී සිසුන් භීතියට පත් කිරීමයි. ඉන්පසු කායික සහ මානසික පිඩා ඇති කරවති. මෙම නවක වද ක්‍රම වලට විවිධ නාම තිබේ. තෙල් හින්දනවා,බෝංචි කඩනවා,හීටරේ ගහනවා,අංජනම් බලනවා යනාදී වශයෙන් මේවා නම් කර ඇත. ජේෂ්ඨයන් කියන කරන දේට විරුද්ධ වෙන්නන් වෙනුවෙන් නිමවුනු දඬුවම් පවා තිබේ. මනෝ පුටුව, අඟල ගැසීම, බලහත්කාරයෙන් නිරුවත් කරවීම වැනි විවිධාකාර දඬුවම් යොදා ගනිති. උදාහරණයක් ලෙස සෙක්කු පදිනවා යනුවෙන් නම් කොට ඇති නවක වද ක්‍රමයේදී වැලි උඩ නිරුවතින් සිසුවෙකු වාඩි කොට තවත් සිසුවෙකුට වාඩි වී සිටින සිසුවාගේ කකුල් දෙක අල්ලාගෙන කරකැවීමට බල කරයි. මෙම වදයට ලක් වන සිසුවාගේ පශ්චාත් ප්‍රදේශය හම යන අතර සතියක් පමණ යන තෙක් ඔහුට වැසිකිලි යාමද අසීරු වේ. සෙක්කු පැදීම ජේෂ්ඨයන්ගේ එන නොපිළිපදින සිසුන්ට කරන දඬුවමකි.

    පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවක වදය ගැන පැමිණිලි උපකුලපති එස්.බී.එස්. අබේකෝන් යට ගසයි

    පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවන නවක වදය ගැන අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන උපකුලපති එස්.බී.එස්. අබේකෝන් තම විශ්ව විද්‍යාලයේ තොරතුරු දැනගන්නේ මාධ්‍ය මගිනි. මේ අනුව මාධ්‍ය මගින් තම විශ්ව විද්‍යාලයේ තොරතුරු දැන ගන්නා. ලෝකයේ එකම උපකුලපතිවරයා බවට එතුමා පත් වී තිබේ. පැවසෙන අන්දමට අමානුෂික නවක වදයට ලක් වූ පේරාදෙණියේ ශාස්ත්ර පීඨයේ යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත ශිෂ්යයා ගැන පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා දැනගෙන ඇත්තේ මාධ්ය මගිනි. මේ ගැන මාධ්යට එතුමා වාර්තා කරන්නේ මෙසේය.

    පුවතපත්වල පළවූ නවක වද සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනගත්තේත් මාධයෙන් බවත්, එම සිසුවාගේ දෙමාපියන් හෝ පවුලේ කිසිවෙකු ඒ පිළිබඳව විශ්ව විද්‍යාලය දැනුවත් කර නොමැති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්.බී.එස්. අබේකෝන් මහතා පුවත්පත්වල පළවූ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. මෙම මාධ්‍ය හමුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්ය උපකුලපති මහාචාර්ය වජිර වීරසිංහ, මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ උප ශාලාධිපති ශාමික මලවිගේ ඇතුළු විශ්ව විද්‍යාල පරිපාලනයේ නියෝජිතයින් පිරිසක් සහභාගීවූහ. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    “විශ්ව විද්‍යාලවල සිදුවන මෙම නවක වද සංකල්පය අප තරයේ හෙළා දකිනවා. සියයට 80ක්, 90ක් පමණම නවක වද දීම සිදුකරන්නේ දෙවන වසර සිසුන් විසිනුයි. එම නිසා අප පළමු වසරට සිසුන් ඇතුළත් කර ගන්නා විට ඔවුන්ට යම් දැනුවත් කිරීමක් කරනවා නවක වදය සිදුවනවා නම් අදාළ අංශ වෙත දැනුවත් කරන්න කියලා. එමෙන්ම ඔබලා ලබන වසරේ මෙම නවක වදය සිදු නොකරනවා නම් නවක වදය මුළුමනින්ම අවසන් වන බවත් අප ඒ නවක සිසුන්ට දන්වා තිබෙනවා.නමුත් නවක වදය සිදුවන කාලයේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි එන්නේ නැහැ. අප දැනගන්නේ මේ ආකාරයේ මාධ්ය වාර්තා පමණයි.” යැයි පැවසීය.

    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත ශිෂ්යයා ශාස්ත්‍ර පීඨයේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් මාක්ස් ප්‍රනාන්දු ශාලාවට ගෙනගොස් නිරුවත්කොට ඇත.ඉන් අනතුරුව රාජිතට අණ ලැබී ඇත්තේ බිම බඩ ගෑමටයි.නිරුවත්ව බඩගාමෙන් පසුව ඔහුගේ දෑත් බාල්කයක ගැටගසා පහර ගැසීමකට ලක්ව ඇත. මේ අතවර නිසා රජිත කායික මෙන්ම මානසික රෝගියෙක් බවට පත්විය. මෙම සිද්ධිය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පවසන්නේ මෙවැන්නකි.

    “මේ සිද්ධිය අපිත් දැනගත්තේ මාධ්‍ය වලින් . පොලිසියෙන්. කෙසේ වෙතත් දැනට රෝහල්ගත කර සිටින ශිෂ්යයාට නවක වදය දුන් ශිෂ්ය පිරිසට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නවා. මේ නවක වදයට ලක්වන ශිෂ්යයෝ අපට ඒ පිළිබඳව පැමිණිලි කරන්නේ නෑ. ඒ නිසා එවැනි සිද්ධිවලට එරෙහිව පියවර ගන්න අමාරුයි. ඒ වුවත් පසුගිය කාලයේ යම් යම් විනය විරෝධී කටයුතුවල නිරත වූ ශිෂ්යයන් විසිදෙනකුගේ පමණ පංති තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. සියයට අසූවක් අනූවක් ම නවක වදය දෙන්නේ දෙවැනි වසරේ ශිෂයයන්.

    පේරාදෙණිය විශ්ව විද්යාලයේ ලිංගික අපයෝජන කිසිවක් සිදුවී නැතැයි එහි උප කුලපතිවරයා පවසා තිබුනද ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය සහ ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජේෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි. එසේම මෑතකදී ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලට ගාල් කොට ඔවුන්ව අඩනිරුවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇත. නමුත් විශ්ව විද්‍යාල බලධාරීන් මේ බරපතල වරද කල සිසුවියන් තිදෙනාට දී ඇත්තේ නාමික සුළු දඬුවමකි. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව නිරුවත් කිරීමක් යනු බරපතල කාම අපරාධයකි. මෙවැනි බරපතල වරදක් කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනාට විශ්ව විද්‍යාල බලධාරීන් ලබා දී ඇත්තේ සති පහක පන්ති තහනමකි. මේ සිසුවියන් තිදෙනා මිට පෙර නවක සිසුවියක් බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ ද යොදවාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවියන් පවසති. විශ්ව විද්‍යාල බලධාරීන් වින්දිතයන් කෙරෙහි එතරම් සැලකිලිමත් නොවීමත්, පැමිණිලි යට ගැසීමට ක්‍රියා කිරිම නිසාත් , පැමිණිලිකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම නිසාත් මෙම අතවරයට ලක් වූ සිසුවිය තමන්ට සිදු වූ අතවරය ගැන පැමිණිලි කොට නොමැත.

    පේරාදෙණිය විශ්ව විද්යාලයේ විවිද ආකාරයේ ලිංගික හිංසන (නවක වද මුවාවෙන්) සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා නොදැන සිටීම පුදුමාකාරය. එතුමාගේ දැන ගැසීමට සිදුවන ලිංගික අතවර වල ස්වභාවය අප යලි සඳහන් කරමු. ඒවා නම් පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජේෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජේෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු අඩ නිරුවත් කල නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. මේ හැර රහස් ප්‍රදේශයේ මාමයිට් ගෑම , ටුත් පේස්ට් ගෑම ද ජේෂ්ඨ උත්තමාවියන් සිදු කරති.

    පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් දියණියන් හතර දෙනෙකුගේ පියෙකි. එතුමාගේ දියණියක් වැරදිලා හෝ ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියහොත් අබේකෝන් මහතාගේ දියණියගේ රහස් ප්‍රදේශයට බෝල් පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ගැසීමට ජේෂ්ඨ උත්තමාවියන් ක්‍රියා කළහොත් එතුමාට දැනෙන චිත්ත වේදනාව කොපමණ වේද කියා අප දැන ගැනීමට කැමත්තෙමු. වඩු වැඩෙන් දිවි රකින දුප්පත් සරනේලිස්ගේ දුවට , ජනසවියෙන් ජිවත් වන කරුණාවතිගේ දුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම ජේෂ්ඨ උත්තමාවියන් ක්‍රියා කරන විට අඳ ගොළු බිහිරි ප්‍රතිපතියක් අනුගමනය කිරීම කොතරම් අසික්ෂිතද යන්න මේ අනුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතාට වැටහිය යුතුය. මාධ්‍යවේදිනී සමන්මලී ප්‍රියශාන්ති වාර්තා කල අන්දමට අමානුෂික නවක වදය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුහු රැසක් මාරුවීම් ඉල්ලා තිබේ. එසේම සමහර සිසුන් සරසවි අධ්‍යාපනය අතහැර ගොසිනි. මෙම තත්වය වෙනස් කිරීමට විශ්ව විද්යාල බලධාරීන් අපොහොසත් වී ඇත.

    පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක සිසුන් පනස් දෙනෙකු පමණ නිරුවත් කොට අක්බාර් ශාලාවේ කාමරයක ගාල් කොට පැය එක හමාරක් පමණ සිර කොට තැබීම පිළිබඳව එම අතවරයට ලක් වූ විශ්ව විද්යාලයේ නවක සිසුන් වන සංජිව බණ්ඩාර සහ සමන් එකධීර යන සිසුන් මාධ්යට ප්රකාශ කරති ( http://www.youtube.com/watch?v=sc4wXW-jfYs ) නමුත් පේරාදෙණිය විශ්ව විද්යාලයේ බලධාරීන් මෙවැනි අතවර වලට එරෙහිව කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත.

    පේරාදෙණිය ඉන්ජිනේරු පීඨ්යේ නවක වධයට විරුද්ධ සිසුවෙක් මෙසේ කියයි.

    පේරාදෙණිය ඉන්ජිනේරු පීඨ්යේ නවක වධයට විරුද්ධ සිසුවෙක් විදියට මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. පහුගිය අවුරුදු 12 තිස්සෙ නිදහසේ හිතපු සිසුන් සෑහෙන පිරිසක් විසින් අපේ පීඨයේ නවක වධය තුරන් කරන්න විශාල කෑපවීම් කරල තියෙනව. මම ඒ දේවල් දකින්නෙ හරියට අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු සටන වගේ. ත්‍රස්තවාදීන් අපේ රටට කරපු විනාසෙ වගේ තමයි මේ ‘රෑග්’ එක අපේ සරසවි වලට කරල තියෙන්නෙ. රටේ දියුණුවට දායක වෙන්න ඉන්න කොයිතරම් නම් පිරිසක් රටට බරක් වුණු නිකමුන් බවට පත් කරල තියෙනවද? නවක වධය මෙහෙයවන අය අපි ගෑන කියන්නෙ ‘අලයො හීන ලෝක වල ජීවත් වෙන පිරිසක්’ කියලනෙ. ඒ කතා වල ඈත්ත නෑත්ත අපි ඔප්පු කරල පෙන්නල තියෙනව. මහ පොළොවත් එක්ක ජීවත් වෙලා ඒක අස්වද්දල, ඒ අස්වෑන්නෙන් රටට වෑඩක් කරන්නෙ කොහොමද කියල බොරු පුරසාරම් දොඩන්නෙ නෑතුව අපි පෙන්නල තියෙනව. මේ වගේ උතුම් වෑඩකට දායක වෙන පිටකොන්දක් ඈති වර්තමාන පරපුරේ කොටසක් වීම ඈත්තටම ආඩම්බරයක් අපිට. එහෙම නෑතුව පුහු මාන්නයක් කරපින්නාගත්තු, අන්තවාදී දේශපාලනයකට කඩේ යන පඹයන් අතරින් එකෙකු වෙනවාද කියන එක සරසවියට පිවිසෙන සියලෝම සිහි නුවණින් කල්පනා කළ යුතුයි.

    නවක වදය යනු සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව අක්ෂරය වෙබ් අඩවිය කියයි

    බොහෝ විශ්ව විද්යාල නවක ශිෂ්ය /ශිෂ්යාවන් විශ්ව විද්යාල වලට පියනගනුයේ සුවහසක් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම උදෙසා වුවද,බොහෝ විශ්ව විද්යාල වලට පිය නගන සිසුන් හට සිදුවනුයේ ජ්යේෂඨ උත්තමයන් ලෙස පෙනී සිටින වධකයන් රැළකට මුහුණ දීමටය.මෙම ලිපිය ලියන මාද මොවුන්ගේ හිංසනයන්ට ගොදුරුව සිට ඇති බැවින් මෙම කරුණ පිළිබඳ වඩ වඩාත් හොදින් කරුණු ලිවීමට හැකියාවක් වනු ඇත.

    බොහෝ සරසවි වල නවකයින් පැමිණ දෙවන දිනයේ සිට මෙම නවක වධ ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවේ.මේ සදහා ජේෂ්ඨ සිසුන් සැලසුම් සකස් කරනුයේ නවකයන් පැමිණීමට මාස කීපයකට පෙරය,මේ සඳහා ක්‍රියාකාරී කමිටුව නැමැති විවුහයක් ශිෂ්ය සංගමය විසින් සකස් කරනු ලබයි.මෙම කමිටුවේ නිල කාර්යභාරය වනුයේ නවක සිසුන් විශ්ව විද්යාලයට හුරු කර ගැනීම සඳහා පරිපාලනයට සහාය වීමයි.එය එසේ වුවද අභ්‍යන්තරයේදී එය එසේ නොවේ. එමෙන්ම මෙම කමිටු සාමාජිකයන් ඊළග වසරේ ශිෂ්ය සංගම් වල නිල තල සඳහා පුහුණු කිරීමක් ද සිදුවේ.(එය ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත් ව සිදුවේ),මෙලෙස සිදු වන ක්‍රියාදාමයේදී නවකයන් සදහා පහසුකම් සැලසීමද අඩු/වැඩි වශයෙන් සිදුවේ. මේ සදහා පවත්වන රැස්වීම් ආදිය රෑ බෝ වන තුරු පැවතීම මෙම කාලයේදී සුලභ දසුනකි.ඒවායේ ද බොහෝ විට කථා කරනුයේ විකාරය,ඉන්පසු ඔවුන් නිවස්න කරා පැමිණේ ,පසුදාට ද එසේමය.දෙවන දවසේදී නවක ශිෂ්යයන් වෙත ජේෂ්ඨ සිසුන් විසින් සුලු සුලු අඩම්තේට්ටම් කරනු ලැබේ. ඒවායේ අරමුණ වනුයේ නවක සිසුන් බිය වද්දා ගැනීමය.ඉන් පසු මෙම හිරිහැර පිළිවෙළින් දරුණු කරණු ලැබේ.තමන් මුලු ජීවිතයටම අසා නොතිබුණු කුණුහරුප මෙහිදී අසන්නට ලැබේ.ඉන් පසු කායික හිංසනයද පටන් ගනී.මුලින්ම එය කළිසම /සාය පිටින් බිම දණ ගෑම ඇරනඹේ.තව ටික දිනකින් වැළි දමන ලද සිමෙන්ති බිමේ ද , ඉන්පසු තාර පාරවල් වලද ඉන් පසු වැලි සහිත බිම් කොටස් වලද දණ ගෑමට සිදුවේ. මෙම ක්‍රියා වලදී සිසුන් තුවාල වීම ජේෂ්ඨයන්ට ගණනක් නැත.ඔවුන් කෙමෙන් කෙමෙන් නවක සිසුන් මානසිකව මෙන්ම කායික වද හිංසනයට බදුන් කරති.තවද නේවාසිකාගාර වල සිසුන් අදින සරම් ආදිය තිබෙනුයේ හිසේ ජඨාවක් ලෙසය. නිරුවත් සිසුන් ලිංගික හිංසනයන්වලට පත් කිරීම මෙහිදී සිදු කරයි.

    ඔවුන් මේවා නවක සිසුන්ට ලබා දීම සදහා හේතු රාශියක් පෙන්වයි ඉන් කිහිපයක් නම් , අසැබි වදන් වලින් බැන වදිනුයේ ඔවුන් ඉදිරියේදී සමාජයේදී ,කැට වලට යාමේදී මිනිසුන් ගෙන් අසන කුණු බැණුම් වලට ඔරොත්තු දීමටය, නිරුවත්ව සිටිනුයේ ඔවුන් ට එය හුරු කිරීමටය. මෙම කාලයේදී නවක සිසුන්ට කිසිදු අයුරකින් තම ඇදුම් සේදීම තහනම්ය.එමෙන්ම ඉනෙන් පහළ කොටස හැරෙන්නට ශරීරයේ ඉතිරි කොටස සේදීම තහනම්ය,මෙයට හේතුව වනුයේ ඉදිරියේදී සිදුවන උද්ඝෝෂණ වලදී ඇඟ පත සේදීමට නොහැකි වන බැවින් ඒවාට නවකයා හුරු කිරීමය. මේ කාලයේදී නවකයන්ගේ මොළ ශෝධනය brain wash ඇරඹේ. ජේෂ්ඨයන් පවසන දෑ පරම සත්‍ය ලෙස සිතන බොහෝ අය සමාජය සමග යහමින් මුහු වී නැති අය බව පෙනී යයි. තවද මේ අතර මෙම කුළකයට අයත් නොවන ජේෂ්ඨයන් පවසන දෑ පරම සත්ය යැයි ලෙස සිතන නාගරික අයද අතලොස්සක් සිටිති!(ඔවුන් මානසික රෝගීන් යැයි සිතේ).මොවුන් දෙපිරිසම අනාගත (අ)ශිෂ්ය සංගම් වල නිල තල පසු කාලයේ උසුලනු ඇත. එපමණක් නොව නවක ශිෂ්ය නව්‍යකරණය ක්‍රියාත්මක කරනුයේ ද අන්තරයේ ප්‍රධාන අනුමැතිය හා අනුදැනුම යටතේ වීම නොරහසකි.මෙමගින් බොහෝවිට සිදු කරන මොළ ශෝධනය (Brain Wash) කාවදිනුයේද/ හසුවනුයේද ජවිපෙ ඉලක්ක කළ තරුණ කොටසට බැව් පසක් වී යයි.මෙයින් සිදුවනුයේ අංහිසක දෙමාපියන්ගේ බලාපොරොත්තු සුණු විසුණු වී යාමයි මන්ද මෙම කථාවලට හසුවන බොහෝ අය සිතනුයේ ජේෂ්ඨ උත්තමයන් කියන්නේ පරම සත්ය යැයි සිතීමය.ඉන් පසු ඔවුන් ක්‍රියා කරනුයේ ලාංකීය පුරවැසියන් තම ධනය යොදා රටේ අනාගතය වෙනුවෙන් කළ මහගු ආයෝජනය අපතේ යාමයි.මෙයට හොදම උදාහරණය මේ සදහා සහභාගි වන බොහෝ ශිෂ්යයන්ගේ අවසන් විභාග ප්‍රතිඑල අතිශයින් ඛේද ජනක තත්වයක පැවතීමයි.ඔවුන් බොහෝ විෂයන් සදහා නැවත නැවත පෙනී සිටියි!

    මෙම විකාර ක්‍රියාදාමය හරිහැටි තේරුම්ගත් සිසුන් පිරිසක්ද සිටි.හොදම උදාහරණය නම් මේ වනවිට බොහෝ සරසවි වල ව්ද්‍යා පීඨ අන්තරයෙන් ඉවත් වීමයි.වයඔ සරසවියේ බහුතරයක් පීඨ මේ වන විට අන්තරයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.මෙම ඉවත් වීම අයෙකුට හොද දෙයක් යැයි කිව හැක නමුත් ශිෂ්ය ව්යාපාරයක් නැසීමද සිදු නොකළ යුත්තකි.අප පවසනුයේ වත්මන් ලාංකිය ශිෂ්ය ව්‍යාපාරය කිසිවෙකුට කඩේ නොයන ලෙස ස්වාධීන එකමුතුවක් ලෙස පැවත්වීමයි.(ගැලවිය යුත්තේ ලෝක බැංකුවේ PLUG එක නොව අන්තරයේ හා ජවිපෙ PLUG එකය). බොහෝ විට අන්තරයට මුදල් සැපයෙනුයේ එයට සම්බන්ධ මහා ශිෂ්ය සංගම් වල අනුග්‍රහකත්වයෙනි. සම්ප්රදායක් ලෙස නවක වධයෙන් පසු නවකයන් හිගා කන පලමු කැටය අන්තරයට ලබා දේ.(පළමු කැටය එම සිසු කණ්ඩායමේ විශාලතම ආදායම උපයන අවස්ථාව වේ.මෙය බොහෝ විට රු100000 ට වඩා වැඩිය. එය එම පිරිස මත රදා පවතී) පුදුමය නම් මෙම මුදල් වල අයවැය නම් කිසිදාක එළියට නොපැමිණීමයි.මෙමගින් උපයන ආදායම් වල නම් කිසිදු විනිවිද භාවයක් නම් නැත්තේමය.(උපුටා ගැනීම http://aksharayaa.blogspot.com/2009/11/iii.html වෙබ් අඩවිය)

    නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙති

    නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදනයන් වීමය. අපිත් මේවල රැග් උනා උඹලත් රැග් වෙයල්ලා යනුවෙන් සිතන පිරිසක් ද සිටිති. එසේම ඇතැම් දේශපාලන පක්ෂ වලට කඩේ යන ආචාර්යවරුන් නවක වදය අනුමත කරති. සමහරු අනවශ්‍ය ගැටළු වලට මැදි වීමට ඇති බිය නිසා නවක වද නොදැක්කා සේ සිටිති. පසුගිය කාලයේ පේරාදෙණියේ කලා පීඨයේ මහාචාර්යවරයෙක් නායකත්ව පුහුණුව ගැන අදහස් දක්වමිනි ” දවස් 21 කට නායකත්ව පුහුණුව දුන්නට විශ්වවිද්යාලයට ආවහම ජේෂ්ඨ ශිෂ්යයන් ඔවුන් අඹරවා ගනියි” කියා පවසා තිබුණි. එසේම පේරාදෙණිය විශ්ව විද්යාලයේ පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන අවස්ථාවේදී ඒ බව දුටු ආචාරයවරයෙකු එය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ. පිටරට විශ්ව විද්‍යාල වල සේවය කොට තිබෙන සුළුතරයක් නවක වදයේ ඇති අමානුෂික , මිනිස් අයිතිවාසිකම් සිඳ හෙලන ස්වභාවය දකිති. ඔවුන් නවක වදයට දේශපාලන මති මතාන්තර වලින් තොරව එක හෙලාම විරුද්ධ වෙති.

    නවකයන්ට කුණුහර්ප කීම

    ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

    උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)

    එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.

    නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් “ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ” යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරි

  16. නවකයන්ට කුණුහර්ප කීම

    ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

    උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)

    එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.

    නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් “ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ” යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.

    රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු “උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්” යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.එසේම “උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද” කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි. සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.

    සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය

    “උඹලට අපි කියපුවා තේරුනාද?”
    අපගේ පිළිතුර “නිශ්ශ්බ්ද තාවය”
    නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර
    “මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු”
    ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි

    යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.

    ශාරීරික නවක වදය

    Physical Ragging හෙවත් ශාරීරික නවක වදය සෑම ශ්‍රී ලංකික විශ්ව විද්‍යාලයකම ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව හැරුණු කොට බරපතල ශාරීරික නවක වද සිද්ධීන් වැඩිපුරම වාර්තා වන්නේ ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පද්ධතිය තුල පමණි. මෙය ඉතා දරුණු අන්දමේ මානව අයිතීන් උල්ලන්ඝනයකි. නවක සිසුන්ට ශාරීරික අභ්‍යාස බලෙන් කරවීම, අවනත නොවන සිසුන්ට පහර දීම, තර්ජනය කිරීම අපහාස කිරීම, කොන් කිරීම, අලයන් , අපතයන් ලෙස නම් කොට ලේබල් ගැසීම බහුලව කෙරේ. මෙවැනි ශාරීරික නවක වදය නිසා 1997 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරප්‍රගාෂ් නම් ඉංජිනේරු පිඨයේ සිසුවා මිය යන ලදී.

    මෙම යූ ටියූබ් විඩීඕ පටයෙන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල සිසුන් පිරිසකට ජේෂ්ඨයන් විසින් ශාරීරික නවක වදය දීම නැරඹිය හැක. (http://www.youtube.com/watch?v=nuMCsBx2FyI )

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී බලහත්කාරයෙන් ස්වයං වින්දනයේ යෙදවූ අයුරු හිටපු සිසුවා හෙළි කරයි.

    මිට වසර කීපයකට පෙරදී තමන් නවක සිසුවෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ කාලයේදී ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් අක්බාර් ශාලාවට තමා ඇතුළු තවත් සිසුන් පිරිසක් බලෙන් ගෙන ගොස් කලිසම් පහත් කොට තම තමන්ගේ පුරුෂ ලිංග හස්තයට ගෙන ස්වයං වින්දනයේ දීමට බල කල බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු හෙළි කරයි. ඔහු පවසන පරිදි ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට නපුන්සකවාදයෙන් ජේෂ්ඨ සිසුන් විසින් අපහාස කොට ඇත. මෙම හිටපු සිසුවා පවසන පරිදි මුලදී බියට පත්ව සිටි සමහර නවක සිසුන් ටික වෙලාවකට පසුව ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් සහ ඔවුනට කීකරු වෙමින් ස්වයං වින්දනයේ දී තිබේ. සමහර නවකයන් ස්වයං වින්දනය කලේ සිනාසෙමිනි. ඔවුන් ධාතු පිට පිටකරගනිමින් ජේෂ්ඨ සිසුන්ගේ ප්‍රසාදය දිනා ගත්හ. ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ පිරිසක් ඉදිරියේ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට දිගින් දිගටම අපහාස වලට ලක් වීමට සිදු විය. මෙම සිසුවා නිරීක්ෂණය කල පරිදි ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් ස්වයං වින්දනයේ යෙදුනු සිසුන් ඉන්පසු එළඹී වසරේදී අලුතින් පැමිණි සිසුන්ට නවක වදය දීමේදී දරුණු වදකයන් ලෙස ක්‍රියා කොට තිබේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී කියයි.

    පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු

    කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

    රජරට විශ්වවිද්‍යාලයේ නවක වදය සහ දේපල හානි කිරීම්

    රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2011 දෙසැම්බර් මස 12 වැනිදා ඇතුළත් කර ගන්නා ලද නවක සිසු සිසුවියන් හට ජේෂ්ඨ ශිෂ්ය ශිෂ්යාවන් විසින් බරපතල ලෙස නවක වදය ලබා දුන් බව වාර්තා විය. මෙම නවක වද අතර අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, ශාරීරික පිඩා , ඉඳුල් බත් අනුභව කිරීමට බල කිරීම, වැසිකිලි යාමට නොදී රඳවා ගැනීම, සිසුවියන්ට කුණුහරුප කවි කීමට බල කිරීම වැනි ක්‍රියා සිදු වූ බව නවක සිසුහු පවසති. නවක සිසුන් ලවා ජෙෂ්ඨයන්ට බලහත්කාරයෙන් උතුමා යැයි කියවා ගැනීම සහ එසේ නොකියන සිසු සිසුවියන්ට අඩන්තේට්ටම් කිරීමද රජරට විශ්ව විද්‍යාලයේ සිදු වූ බව වාර්තා වේ. එසේම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අනුරාධපුර සාලියපුර පිහිටි වෛද්‍ය පීඨ පරිශ්‍රයේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් එහි දේපළවලට හානි සිදු කරන ලදී. එසේම එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් උපකුලපති හා ලේඛකාධිකාරී බලෙන් රඳවා ගත්හ. උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා ප්‍රකාශ කල අන්දමට නවක වදය ඉතා දරුණුවට සිදු වීම නිසා ද රජ රට විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පිහියකින් ඇන තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන්ට ද මෙලෙස පන්ති තහනම පැන වු බවයි. පන්ති තහනමට ලක්වු සිසුන් අතර රජරට විශ්වවිද්යාලයේ වෛද්‍ය පිඨයේ දෙවන වසරේ සිසුන් සිසුන් 7 දෙනෙකු සහ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා ද සිටින බව වාර්තා විය. මෙම පන්ති තහනමට ලක් වූ පිරිස අතර සිසුවියක ද සිටින්නීය. ඔවුන්ට එදිරිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගනු ලැබිය. පසුව මෙම රජරට සරසවියේ ශිෂ්ය සංගම් ක්‍රියාකාරීහු හය දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ඉදිරිපිට උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. මෙම නවක වද සිද්ධීන් වලින් පසුව ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් ලවා ජේෂ්ඨයන් තමන්ට කිසි විටකත් නවක වදය ලබා නොදුන් බව කියමින් පළමු වසර සියලු සිසුන්ගේ අත්සන් සහිත ලිඛිත ලිපියක් පාලනාධිකාරියට ලබා දී තිබේ. මෙම ලිපියට අත්සන් කරන ලෙසට නවක සිසුන්ට දැඩි බලපෑම් එල්ල විය. මෙම ලිපියට අත්සන් නොකරන නවක සිසුන්ට විශ්ව විද්යාලයේ ඉගෙන ගැනීමට ඉඩ නොතබන බවට තර්ජනය කිරීම නිසා රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් බොහෝ දෙනෙකු මෙම ලිපියට අත්සන් තැබුහ.

    සබරගමුව විශ්ව විද්යාලය

    සබරගමුව විශ්ව විද්‍යාලය තුල පැවති දරුණු නවක වදය නිසා විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අඩාල වී එම විශ්වවිද්‍යාලයේ සිසුන් 58 ගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරියට සිදු විය. නවක වද අවස්ථාවලදී නවකයන්ට වැලි සහිත මාළු කටු වැනි නොයෙකුත් අපද්‍රව්‍ය දමා අනන ලද බත් කෑමට දීම, බලහත්කාරයෙන් රැස්වීම් වලට ගෙනයාම , පන්ති වර්ජනය කිරීමට බල කිරීම වැනි දේ සිදු කල බව සබරගමුව විශ්ව විද්‍යාලයේ නවකයන් පවසති. මේ අතර කලහකාරී ලෙස හැසුරුණු සබරගමුව විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්යාලයේ ශිෂ්ය උපදේශක මහාචාර්ය ප්රසාද් සංජීව මහතාගේ නිවෙසට හා වාහනයට පහර දී අලාභහානි කරන ලදී.

    රුහුණු සරසවිය

    රුහුණ සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක වූ වත්සලා කුමුදුනි ද සිල්වා රුහුණු සරසවියේදී දරුණු නවක වදයට පත්‍ර වුවාය. ජේෂ්ඨයන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ඒවා පාඩම් දීමට බල කළහ. ඉන් පසුව පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳී සිහිසුන් වුවාය. මෙම සිසුවිය සිහිසුන්වීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් අසත්‍ය ප්‍රකාශ කරමින් වත්සලා කුමුදුනි ද සිල්වා පඩි පෙළකින් ඇද වැටී අනතුරකට පත් අයෙකු ලෙස පෙන්වා දෙමින් රෝහල් ගත කර ඇත. ඇයගේ තුනටියේ වේදනාව තවමත් සුව නැත. රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය.

    ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය

    ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී , කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද ?

    නවක වදය නැති කිරීම

    නවක වදය යනු වසරකට වරක් උඩ එන මාතෘකාවකි. නවක වදය පවතින කාලය තුල ඒ ගැන මාධ්‍ය කථා කරන අතර ඉන්පසු කතිකාව යට යයි. යලි මාතෘකාව කරලියට එන්නේ එලඟ වසරේදීය. මෙය දැන් චක්‍රයක් සේ අපගේ සමාජය ඉදිරියේ නොවිසඳුනු ප්‍රශ්න ගොන්නට වැටී තිබේ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුල නවක වදය දේශපාලන ක්‍රමවේදයක් ලෙස පවත්වාගෙන යාම සම්බදයෙන් ජවිපෙ සහ ජවිපෙ මොන්ටිසොරිය වන අන්තරය චෝදනා ලබා තිබේ. නමුත් නවක වදය සඳහා ජනතා විමුක්ති පෙරමුණට , අන්තරයට පමණක් දොස් කියා පලක් නැත. අන්තරයේ මුලික අභිලාශය සිසුන්ගේ අධ්‍යාපනය අඩපන කොට එම අසහනය විරෝධතාවක් ලෙස රජය කෙරෙහි යොමු කිරීමය. විශ්ව විද්‍යාල බලධාරීන් , උසස් අධ්‍යාපන අමාත්යංශය මේ පිළිබඳව නිසි ලෙස විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමක නිරත වන්නේ නම් සිසුන් නවක වදය කරා යොමු වීම අඩු කර ගත හැකිය. එසේම නවක වදය පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ආකල්ප වෙනස් කල යුතුය.

    විශ්ව විද්‍යාල වල නවක වදය සම්බදයෙන් වාර්තා කිරීමට හොට් ලයින් දුරකථන අංකයක් තිබීම අවශ්‍ය කෙරේ. පැමිණිලිකරුවන්ට නිසි ආරක්ෂාව රැකවරණය ලබා දිය යුතුය. සිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කිරීම වැදගත් වේ. උදාහරණයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බොහෝ වින්දිතයන්ට විශ්ව විද්‍යාල බලධාරීන් කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා ඔවුන් පැමිණිලි නොකරති. එම නිසා නවක වදය එළිපිටම ක්‍රියාත්මක වේ. පැමිණිලි කල විට නීතිය ඉදිරියේ වරදකරුවන් වන පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. නමුත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වනුයේ ඉබි ගමනිනි. නවක වදය යනු සාපරාධි අපරාධයක් බව ලංකික සමාජයට තේරුම් කල දිය යුතුය. අහේතුවකට මෙන් නවක වදය යනු සාපරාධි අපරාධයක් බව අපගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පවා විශ්වාස නොකරති. උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වල මෙවැනි පහත් නවක වද සිදු නොවන බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් බහුතරයක් දන්නේ නැත. එම නිසා ඔවුනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල බාහිර රට වලට පෙනෙන අන්දම ගැන අවබෝදයක් නොමැත. ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල අන්තර්ජාතික තලයේ කුජිත වී ඇති බව පවා මොවුන් නොදනිති.

    අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 – 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.

    නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.

  17. I’m a pera atrs student.I alwys think invan I came 2 pera.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s