23. ලෝකයේ හොඳම ඉස්කෝලේ හොඳම ගුරුතුමා

ජය දද හෙවනේ පෙරට යමු – දියුණුවෙ රන් මිණි ඇහිඳ ගමු
උදාර දෙස බස රැස නඟමු – අසෝක විදුහල් මව රකිමු

අසෝක නාමය සමරා – ශිල්ප කලා සිතේ දරා

________________________________

මේ වන විට මම ආයතන පහක විධිමත් අධ්‍යාපනය ලබා ඇත්තෙමි. මේ මා සතියක් පමණක් ගිය මොරටුව විශ්ව විද්‍යාලයද, මාසයක පුහුණු වැඩ සටහනකට සහභාගි වූ කැනඩාවේ ඔටොවාහි කාල්ටන් විශ්ව විද්‍යාලයද අතැරය.

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වසරකට උදුරා ගන්නා ලද හෙයින් මා මුලින් ගියේ පළමුවැනි ශ්‍රේණියට නොව පූර්ව-පළමුවැනි ශ්‍රේණියට හෙවත් Pre-Grade one එකටයි. ඒ පෞද්ගලික විද්‍යාලයක් වූ බොරැල්ලේ කේරි විද්‍යාලයටය. වසරක් ගෙදර නොතියා, මුදල් ගෙවා මට අධ්‍යාපනය ලබා දෙන්නට මගේ දෙමාපියන්ට වත්කමක් හා ඕනෑකමක් තිබුණු නමුත් එසේ වත්කමක් හෝ ඕනෑකමක් (සමහරවිට අවබෝධයක්) නොවූ දෙමව්පියෝ රාශියක් ඒ අමතර වසර තම දරුවන් ගෙදර තියා ගත්තෝය.

කේරි විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මම පන්තියේ දෙවැනියා වී එවක රදගුරුතුමන් අතින් ත්‍යාග ලබමි. (1973)

වසර හය පිරුණු පසුව මගේ දෙමාපියෝ දැඩි වෙහෙසක් දරා, මගේ හාල්පොත් මරදානේ සමූපාකාර ප්‍රාදේශිකයකට මාරු කර, තාත්තාගේ අයියාගේ කාර්යාලයීය ලිපිනය නිවසේ ලිපිනය සේ යොදා මා ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයයේ (පසුව අසෝක විද්‍යාලය) පළමුවන ශ්‍රේණියට ඇතුළු කළහ. හයේ සිට උසස් පෙළ දක්වා මම ආනන්දයට ගියෙමි. ඉන්පසු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ජාතික තාක්ෂණ ආයතනයේ (NIT-K) විද්‍යුත් ඉංජිනේරුවකු සේ ප්‍රථම උපාධිය නිම කළෙමි. පසුව පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගතිමි.

මේ සියළු ආයතන මගේ දැනුම හා ශික්ෂණය වර්ධනය කිරීමට අඩු වැඩි වශයෙන් දායක වී ඇත්තේය. මම ඒ සියල්ලට ආදරය කරමි. එහෙත් මේ ආයතන පහ අතුරින් කුමක් මා වෙසෙසින් ප්‍රිය කරන්නේද ඇසුවොත් මට ඇත්තේ එක උත්තරයකි.

අසෝක විද්‍යාලයයි.

මා අධ්‍යාපනය ලද අන් කිසි ආයතනයක් අසෝක විද්‍යාලය තරමට මගේ අධ්‍යාපනය ගැන, මා සමාජයට වැඩදායක පුරවැසියකු කිරීම ගැන උනන්දු වීය මම නොසිතමි. අසෝක විද්‍යාලයය කීවේ පාසලේ ගොඩනැඟිලි වත්, අපේ කාලයේ අසෝකයේ සංකේතය වූ, තවමත් ඇතිදැයි නොදන්නා කොට්ටං ගහ වත් නොවේ. විදුහල්පති ධර්මරත්න මහතා (ලොකු සර්), උප විදුහල්පති සුමනසේන මහතා, ගුරුතුමීලා හා ගුරුතුමන්ලාය.

අද අසෝක විද්‍යාලය පිහිටි බිම නවසිය හැත්තෑ ගණන් වල මුල යෝධ මුඩු ඉඩමකි. එක් පසෙක ලොකු දේවාලයකුත්, අනවසර පදිංචිකරුවන් කිහිපදෙනෙකුත් හැරෙන්නට මේ කැලෑ ඉඩමකි. රෑට කිසිවකුත් නොයන ජාතියේ පළාතකි. ඒ ඉඩම මැද වූ යෝධ කොට්ටං ගහ කොළඹ නගරයේ දරුණු මංකොල්ල අවසානයේ එකී මංකොල්ලකරුවන් රැස්ව කොල්ල කා ගත් වස්තුව බෙදා ගැනීමේ ප්‍රමුඛ ස්ථානයක් වූ බැව් ප්‍රචලිතය. මේ හරුණු විට තවත් කවර අපචාර ඒ හිස් කැලෑ ඉඩමෙහි වූයේද නොදනිමි.

ලොකු සර් හෙවත් අසෝක විද්‍යාලයේ පළමු විද්‍යාලාධිපති පද්මසිරි ධර්මරත්න මහත්තයාට “ඉස්කෝලයක් හදන්නට” කියා ලැබෙන්නේ මේ මුඩු ඉඩමය. එහි එකම ගොඩනැඟිල්ලක්වත් නුවූ හෙයින් ඔහුගේ මුල් කාර්යාලය තර්ස්ටන් විද්‍යාලයේ කාමරයකි. ලොකු සර්ට වැඩ කරන්නට වන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන්ය. මේ යුගයේ ඔහු මුහුණ දුන් දුෂ්කරතා දන්නා කෙනෙකුන් දැන් වේය නොසිතමි.

ලොකු සර්

අසෝක විද්‍යාලයට පළමු ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් කර ගනු ලබන්නේ 1973දීය. විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන හා වර්තමානයේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මේ ශිෂ්‍ය කණ්ඩායමේ මට එක එල්ලේ මතකයට එන දෙදෙනෙකි.

මා “ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයට” ඇතුළු වන්නේ ඊට වසරකට පසුව දෙවන ශිෂ්‍ය කණ්ඩායමටය. මේ වන විට ඊට හිමි පන්ති අටක් හා ඊටම යාබදව තැනුණු කාර්යාලයක් සහිත දිග ගොඩනැඟිල්ලත් පුංචි කාමරයක් වැනි තවත් කුඩා ගොඩනැඟිල්ලකුත් කුඩා වැසිකිළියත් පමණෙකි. මේ සියළුම ගොඩනැඟිලි මේ වන විට කැඩී ඒ තැන් වල නව ගොඩනැඟිලි නැංවී තිබේ. වෙනත් විදියකින් කිව්වොත් දැන් ඇති අසෝක විද්‍යාලය මා ඇතුළත් වූ ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ඉඳුරා වෙනස්ය. අපේ හැම සෙල්ලමකම කොටස්කරුවකු වූ කොට්ටං ගහ වත් දැන් ඇති දැයි නොදනිමි.

පන්ති කාමර මඳ හෙයින් අපටද දෙකේ අයියලාටද ඉගෙන ගන්නට වන්නේ එකම පන්ති බෙදා ගනිමිනි. වාර දෙකක් පමණ අපට උදේ 7.30 සිට 11.30 දක්වා පන්ති පැවැත්වුණු අතර දෙකේ අයියලාට ඒ පන්තිම පාවිච්චි කරමින් දවල් 12.00ට පන්ති ආරම්භ විය. අවසාන වාරය වන විට පන්ති අටකින් යුතු තෙමහල් ගොඩනැඟිල්ලක් නිමා කොට ගන්නට ලොකු සර් සමත්වූයේ දුෂ්කරතා රාශියකට සාර්ථකව මුහුණ දීමෙන් පසුවය.

අසෝක විද්‍යාලයේ පළමු ස්ථිර ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීම - 1973 අගෝස්තු (පින්තූරයේ දකුණු කෙළවරේ ඉන්නේ ලොකු සර්ය.)

මේ කාලයේ අසෝක විද්‍යාලයේ සංඛ්‍යාන මට තවම මතකය. ශ්‍රේණි දෙකයි. එක ශ්‍රේණියකට අට බැගින් පන්ති දහසයයි. පන්තියකට ළමුන් 40 බැගින් ඉස්කෝලෙටම ළමයි 320යි. පන්ති භාර ගුරුතුමීලා දහසයදෙනාට අමතරව ගුරු මණ්ඩලය තව පස් දෙනයි. ලොකු සර්, සුමනසේන සර්, තාජුඩීන් සර්, බටහිර සංගීතය ඉගැන්නූ නම නොදන්නා ගුරුතුමිය හා නැටුම් ඉගැන්නු මැණිකේ ටීචර්. මෙයින් තාජුඩීන් සර් ඉස්කෝලයේම කුඩා කාමරයක නැවතී ඉස්කෝලේ බලා කියා ගත්තේය. සොහොයුරන් දෙදෙනකු වූ ජස්ටින් අයියා හා සිරිසේන අයියා සියළු වැඩ රාජකාරි කළහ.

මේ අනුව කොළඹ නගර මධ්‍යයේ පැවැති පාසලක් වුවද අසෝක විද්‍යාලය වඩා සමාන වූයේ ගම්බද පාසලකටය. වෙනත් කොළඹ පාසල් වලට හිමි පහසුකම් කිසිත් අපට හිමි නොවීය. මා ඉන් පෙර ඉගෙන ගත් කේරි විද්‍යාලයට සාපේක්ෂවත් ඉතාම කුඩා විද්‍යාලයකි එවකට අසෝක විද්‍යාලය.

මගේ පළමු ගුරුතුමිය පෙරේරා ටීචර් තම ජීවතුන් අතරදැයි නොදනිමි. ඇය විශ්‍රාම ගියේ 1977දීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 60ක්ය උපකල්පනය කළොත් ඇය ඉපිද ඇත්තේ 1917දීය. ඇය ජීවතුන් අතර නම් මේ වන විට වයස අවුරුදු 94ක් විය යුතුය.

අසෝකයේ මගේ පළමු මිතුරාගේ නම චින්තකය. මුල් දින තුනම මා ළඟින් වාඩිවී සිටියේ ඔහුයි. අප දෙදෙනාම ඉන් පෙර වසර වල පාසැල් ගොස් තිබුණු හෙයින් පාසල අරුම තැනක් නොවීය. එසේම අකුරු කියවන්නටද පුළුවන්කම තිබුණෙන් අමාරුවෙන් ගැටගසා ගෙන සිංහල 1 කියැවීම් පොත කියැවීමු. ඒ වන විට සය වසරකට මඳක් වැඩි ජීවන ඉතිහාස බෙදා හදා ගතිමු. සිව් වන දිනයේදී චින්තක පාසල් නොආයේය. පස් වන දිනයේ දෙමාපියන් සමඟ ප්‍රමාද වී පැමිණි ඔහු මා ළඟට විත් “මම ඩී. එස්. එකට යනවා. යන්නම්” කියා කඳුළු පිරි දෑසින් යුතුව සමුගත්තේය. කුඩා මට ජීවිතයම හිස් වූවාක් සේ මහා පාළුවක් දැනුණේය. ඉන් පෙර ජීවිතයේ කිසි දිනෙක එවන් පාළුවක් මට දැනී නැත.

අසෝකයේදී 1B පන්තියේ මිතුරන් කිහිපදෙනෙක් දැන් - (වමේ උඩ සිට දක්ෂිණාවර්තව) උචිත ද සොයිසා, සමන්ත මුතුකුමාරණ (මුතු), ප්‍රසන්න ගුණසේකර හා හරිගුප්තා රොහණදීර (ගුප්ත)

මේ හැර 1973දී 1B පන්තියේ මා සමඟ සිටි මිතුරන් කිහිපදෙනකු තවමත් මතකයි. කැනඩාවේ පදිංචිව සිටින ප්‍රසන්න ගුණසේකර අවසන් වතාවට මට හමුවුයේ ඔටොවාහීදි 2009දීය. උචිතද සොයිසා තවමත් උචිත මෙන්ම අනුචිත අවස්ථාවන්හීදීද මුණ ගැසී උචිත මෙන්ම අනුචිත දේවල්ද කතා කරයි. ඉන් වසර දොළහකට පසු උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් A හතරක් සමඟ ලංකාවේ පළමු ස්ථානය ලැබූ සමන්ත මුතුකුමාරණ සමඟ වූ සම්බන්ධතාවය ඔහු උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට යෑමෙන් පසුව බිඳ වැටුණේය. නාමෙල්-මාලිනි වීරමුණිගේ පුත් උදාර වීරමුණිද පළමුවැනි ශ්‍රේණියේදී මගේ හොඳම මිතුරකු වූ මුත් වසරකට පසු දෙමාපියන් සමඟ ලන්ඩනයට සංක්‍රමණය විය. ඔහු ගැන ඉන්පසු කිසිම තොරතුරක් නොලදිමි. හරිගුප්තා රෝහණදීර (ගුප්ත) සමඟ නම් තවම වසර 38ක නොබිඳුණු සම්බන්ධයක් ඇත. මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ කණිටු පුත් ගුප්ත දැන් ප්‍රකට නීතිඥයෙක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි ප්‍රමුඛ දේශපාලනඥයෙක්ද වේ. ඔහුගේ මැණියන් “රෝහණදීර ටීචර්” මට හතරේ පන්තියේදී ඉංග්‍රීසි ඉගැන්වූයේය. ඇය මා තවම සම්බන්ධතා පවත්වා ගන්නා අසෝකයේ එකම ගුරුතුමියයි.

මීට අමතරව අසෝකයේදී මට හමුවූ මිතුරන් රාශියකි. ඔවුන් ගැන මතු කතාවන්හීදී කියන්නට බලාපොරොත්තු වෙමි.

අප පළමුවැනි ශ්‍රේණියේ සිටියදී අසෝකයට බොහෝ දේ ලැබුණේය. එක – නමක්. ස්ටොක්වත්ත කණිෂ්ඨ විද්‍යාලය අසෝක කණිෂ්ඨ විද්‍යාලය ලෙස වෙනස් විය. දෙක – පාසල් ගීතයක්. “අසෝක නාමය සමරා – ශිල්ප කලා සිතේ දරා” කරුණාරත්න අබේසේකර සූරීන් අතින් ලියැවුණේ මේ ගීතයේ සංගීතය අමරදේව මාස්ටර්ගේය. තුන- විද්‍යාලයීය ලාංඡනය. “අසව්-දරව්-හැසිරෙව්” විද්‍යාලයීය පාඨය සේ ඊට එක්විය.

ලොකු සර් (1973-80 සමයේදී විය යුතුය.)

සටහන දීර්ඝ වන හෙයින් අසෝකයේ මගේ ජීවිතය ගැන පසු සටහන් වලට ඉඩ තබා ලොකු සර් හෙවත් පද්මසිරි ධර්මරත්න මහත්තයා ගැන මතක කිහිපයකින් මේ සටහන නිමා කරමි.

මා අසෝකයට ගියේ ධර්මරත්න සර්ට පින්සිද්ද වන්නටය. ඒ යම් විද්‍යාලයකට ඇතුළු කොට ගන්නේ එය අවට වෙසෙන ළමුන් පමණකිය යන අතාර්කික මෝඩ නීතිය ආරම්භ වූ යුගයයි. අප පදිංචිව සිටියේ මරදානේ නොවේ. ඒත් මරදානේ ටවර් රඟහලට නුදුරින් තාත්තාගේ අයියාට අයත් කාර්යාලයක් තිබුණේය. අසෝකයට මා ඇතුළු කිරීම සඳහා මගේ දෙමාපියන් භාවිතා කරන ලද්දේ මේ කාර්යාලයීය ලිපිනයයි. ලොකු සර් මේ බව දැන සිටියේය. එහෙත් ඔහු එය නොසලකා මා අසෝකයට ඇතුළු කර ගත්තේය.

විදුහලේ කොයිතරම් පහසුකම් අඩු වුවද ඒ සියල්ලක් නොසලකා හැර අපට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ලොකු සර් පියවර ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් කළ කැපවීම අනුපමේයය. අධ්‍යාපනය පාසලට සීමා නොකළ ඔහු අප සමාජයේ ගෙන යා හැකි හැම තැනෙකටම අධ්‍යාපන චාරිකා වලින් ගෙන ගියේ අපේ සමාජ අධ්‍යයනය පිණිසය. කටුනායක ගුවන්තොට, ඒකල බහු කාර්ය කම්හල් සංකීර්ණය, ලුණුවිල පොල් පර්යේෂණ මධ්‍යස්ථානය, විහාර මහා දේවී උද්‍යානය, පුංචි බොරැල්ල තැපැල් කන්තෝරුව, නාරාහේන්පිට කිරි මණ්ඩලය, නාත්තන්ඩිය වීදුරු කම්හල, පූගොඩ පේෂකර්ම කර්මාන්ත ශාලාව, මරදානේ දුරකථන හුවමාරු පොළ, මැනිං මාර්කෙට්ටුව, ඔරුවල වානේ සංස්ථාව මා අසෝකයේ සිටි කෙටි කාලය තුළ ගොස් ඇති අධ්‍යාපන චාරිකා අතරට එක්වේ.

ලොකු සර් සැරය. නමුත් ඉතාම හොඳ මනුෂ්‍යයෙකි. ඔහුගේ කෘතඥතා පූර්වක භාවයට උදාහරණයක් සේ එක් නිදසුනක් පමණක් කියමි. විදුහලේ මුල් ගුරු මණ්ඩලයට ගුරුවරුන් සොයා ගන්නට ඔහුට සිදුවුයේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේය. අභියෝගයේ තරම දැන කිසිවකුත් අළුත් ඉස්කෝලයට එන්නට කැමැති වූයේ නොවේ. අවසානයේ අමාරුවෙන් ඔහු ගුරුතුමීලා නවදෙනෙක්ද, එක් ගුරුතුමකුද සොයා ගත්තේය. මේ අය මුල් කාලයේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට ඇතැයි සිතමි. මේ මුල් ගුරු මණ්ඩලයෙන් මගේ පළමු ශ්‍රේණියේ ගුරුතුමිය වූ පෙරේරා ටීචර් හා නැටුම් ගුරුවරිය වූ මැණිකේ ටීචර් 1977දී විශ්‍රාම ගත්තෝය. මේ වන විට අසෝකය තරමක් ලොකුය. සිසුන් සංඛ්‍යාව දහසක් පමණ වන්නට ඇත. හැම සිසුවකුටම බුලත් අත බැගින් ගේන්නට කිව් ධර්මරත්න සර් උපහාර උත්සවය අවසානයේ පාසලේ සියළුම සිසුන් ලවා ඔවුන්ට වැන්දවූයේය. එකතු වූ බුලත් අත් ගොඩ ඔවුන්ගේ උසේ මට්ටමටම වාගේ ආ බව මතකයි.

ශිෂ්‍යත්වයේ පළමු අදියර සමත් සිසුන් වෙනුවෙන් ලොකු සර් අතිරේක පන්ති සංවිධානය කළේය. මේවා සතියේ දිනවල සවසද නිවාඩු කාලයේද පවත්වන ලද්දේ අයකිරීමකින් තොරවය. අපේ ගුරුතුමන්ලා ගුරුතුමීලා සිය කාලය කැපකර අපට උගන්වන්නට ආවෝය. කොළඹ නගරයේ අනෙක් පාසල් වලට සාපේක්ෂව අඩු පහසුකම් සහිත පාසලකින් මට දිවයිනේ පළමුවැන්නා සේ පහේ ශිෂ්‍යත්වය සමත් වන්නට වරම් ලැබුණේ ලොකු සර්ගේ මේ උනන්දුව නිසාය.

අසෝක විද්‍යාලයට පහළොස් වසර සපිරුණේ 1988දීය. එවකට මා දිවයින පුවත්පතට සම්බන්ධ බව දැනසිටි ලොකු සර් “ඉස්කෝලෙ ගැන මොකක් හරි ලියන්න” යි ඉල්ලීමක් කළේය. මා ලිපියක් ලිවූ බව මතක නමුත් කවර හෝ හේතුවක් නිසා එය පළ නොවීය.

ඉන් වසර විසි තුනකට පසු අද මේ තබන සටහන ඒ නොපළ ලිපියේ අඩුව පුරවණු ඇතැයි සිතමි. එහෙත් එය කියවන්නට අද ලොකු සර් අප අතර නැත.

About these ads

34 responses to “23. ලෝකයේ හොඳම ඉස්කෝලේ හොඳම ගුරුතුමා

  1. අපරාදෙ… මෙච්චර කාලෙකට පස්සෙ ඔච්චර දේවල් මතක තියාගෙන ඉන්න එකම සතුටට කාරණයක්, ආනන්දෙ ගැනත් එහෙනම් කතා ඇති නෙ? මට තියෙන එකම ප්‍රශ්නෙ මෙ පරන පින්තූර හොයාගන්නෙ කොහෙන්ද කියන එක..

  2. TheSimpleton

    Chanuka, each one of your new writings has been better than the previous ones. The handling of the Sinhala language and your ability to keep the readers spell-bound are marvelous. Keep on writing!

  3. Really good post Chanuka ayya…..

  4. හොඳ මතකයක්…………. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නැහැ කියන එක බොරුවක්නෙ බොලේ………..

  5. අසෝකයේ අපි හැමෝගෙම ජීවිතය හා සම්බන්ධ ඒ කොට්ටම්බා ගහ අවුරුදු 2කට විතර කලින් කැපුවා. දැන් එතන ති‍යෙන්නෙ මේක

    දැන් අසෝකයේ අලුත් විදුහල්පතිගේ කැපවීමෙන් හා මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ මැදිහත්වීමෙන් අසෝකයට විශාල ක්‍රීඩා පිට්ටනියක් ලැබුනා. දැනටත් අසෝකය 5 ශිෂ්‍යත්වය සහ අපොස සමාන්‍ය ප්‍රතිඵල අතින් ඉහළින්ම සිටිනවා. නමුත් සාම‍න්‍ය පෙළින් හොදින් සමත් වෙන බොහෝමයක් සිසුන් ආනන්ද සහ රාජකීය වැනි පාසල් වලට උසස් පෙළට යනවා.

    • Kasun Sameera Millawithanachchi

      We ran around that tree so many times, cant even count how many each day. That tree was a great symbol in our lives as great students in Asoka Vidyalaya.

  6. ගොඩක් මතකයන් අලුත් උනා… ඔබ ඔබේ ඉස්කෝලෙ ගැන කියද්දි අපි හිටියෙ අපේ ඉස්කෝලෙ මතකයන් වල.අපූරුයි!

  7. මමත් ඔබ මෙන්ම මුලින්ම ගියේ අසෝක විද්‍යාලයටයි පසුව ආනන්දයටඇතුලු වුනා. මම ඉගෙනුම ලැබුවේද 1 B පන්තියේ හැබයි ඒ ඔබ එහි ඉගෙනුම ලැබ අවුරුදු 20කට පමණ පසුවයි.මම අසෝකයට ඇතුලත් වෙන කාලය වෙන විට එය අසෝක කණිෂ්ඨය නොව අසෝක විද්‍යාලයයි. ඒ වන විට උසස් පෙළ පන්ති පටන් ගෙන තිබුනි.

    නමුත් ඒ වන විටද ලොකු සර් ධර්මරත්න සර්මයි. විද්‍යාලය කෙටි කාලයක් තුල සැලකිය යුතු දියුණුවක් ලබාගත්තේ ධර්මරත්න සර්ගේ කැපවීම මතයි.

    Pavithra Lamahewa කියුපරිදි කොට්ටම්බා ගස කපාදමා පාසල් භූමිය සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් දමා තිබෙන බව මම දැනට වසරකට පෙර එහි ගියවිට දැක ගන්න ලැබුනා.

  8. සහෝධරයා කිව්වා වගේ “… ඔබ ඔබේ ඉස්කෝලෙ ගැන කියද්දි අපි හිටියෙ අපේ ඉස්කෝලෙ මතකයන් වල.” ඒ මතකයන්වල කොච්චර ගැඹුරටම ගියාද කිව්වොත් ඒ මතකයන්වල සතුටයි “ඉස්කෝලෙ යන්න තියෙන්නෙ තව දවස් කිහිපයයි නේද” කියන දුකයි ඔක්කොම එකතු වෙලා ඇහැට කඳුලකුත් ආවා. ස්තුතියි මේ ලිපියට.

  9. Naresh Tillekeratne

    As I get older, I look back on my life to remind myself of how I came to be who I am today, where I came from, and who influenced my ife in those early years. Asoka Junior and Dharmaratne Sir are two of the pillars that hold up my foundations. Thank you Chanuka for reminding me of those little things that made our time at Asoka in 1974 so memorable!
    Do you remember our class teacher in grade-5 (lefty) who showed us how to write artistic letters (letters with a shadow effect) using a slanted marker pen? And the contests we had in the class to seewho could draw the most awesome racing car?
    I guess we all carry a little piece of the pioneer that was Loku Sir within us.
    Naresh / 1E – 1974.

  10. හක්මණ කෝංගල කණිෂ්ඨ විද්‍යාලෙ මතක් උනා, විදුහල්පතිනිය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෑ දැං දන්න කියන මම හිතන්නේ.

  11. I am proud to say that i am also an ASOKIAN !!! we , present students will take school to the glory , thank you very much ayya !!!

  12. niyamay ayye! me puwathe ape iskole sitina sama sisuwekutama itha hoda karunak. ape asoka mathawa amathaka karala wenath iskolawalata yana lamayinta hithata wadena karunak ayya idiripath karala thiyenawa.

    Godak isthuthi !!!!

  13. u are a grate man ..u remember yr past and im a asokian to..proud to be a asokian

  14. Ridma praveena

    aniwaryenma hda wedak karala thiyenne………..niyamai
    wena kiyanna deyak ne

  15. Akila keerthirathne

    Asoka vidylaya is one of the greatest, of all the schools !!!!!!!! it may be a small school, but it has produced many great persons !!!
    thats for sure !!!!!!

  16. Malindu Weerasinghe

    I am Proud to be an Asokian….!
    A = Active
    S = Sensible
    O = Obedient
    K = Kind
    A = Asokians…

    Actually, this is a very good nice article … We respect our Mother Asoka .. 4 Ever… !

  17. mamath giye asoka vidyalayata A/L95 badge eke!DHARAMARATHNE sir ta budubawa athwenna one!

  18. i was also an Asokian,.,.after O/L i entered Ananda,.but i’m very proud to say that asoka is the best,..,.,my mind always say one line.,,.
    “A.C. is the power but A.V. is the best”

  19. hi..nice work.. pls add more pics

  20. It is an amazing feeling to remember the good old days. I entered the medical faculty from Asoka in the year 1997. I am so glad to be part of its evolution for the entire 12 years of my student life. I met so many good friends whom are doing well in their life at present. Apart from that, It makes me proud to see other old boys doing what they can to keep the name going and to remember those great personalties which devoted their life to make this school.

    Dr Pandula

  21. mamat asoke thamai, aththatama adambarai

  22. suranga sampath

    “asoka namaya samara shilpa kala setheda”
    ***asoka viduhal mawa rakimu****

  23. ayye, mee blog 1 delet karanna epa. mama mee blog 1 http://www.asokavidyalaya.lk site 1e ABOUT ASOKA section 1ta link karannam…… Thnx

  24. Nuwan Jayawardana

    I LOVE MY SCHOOL

  25. Jaya wewa.

  26. I’M VERY PROUD TO A ASOKIAN TOO.WHEN I READ THIS BLOG MANY TEARS CAME IN TO MY EYES.WELL DONE BRO….
    I LOVE IN MY HEART TO MY MOTHER SCHOOL ASOKA.YES IT IS THE BEST IN THE WORLD.ANY ASOKA ALWAYS PRODUCE THE BEST PEOPLE TO THE SOCIETY.
    I’M SRIHAN ARIYASINGHE. ITN -NEWS PRESENTER.OUR DGM IN ITN NEWS-SUDHARMAN RADALIYAGODA ALSO 2 ND BATCH OF ASOKA!

  27. “Asoka Collage” kohoma thibunath Ada Annanda Collage eke Standard ekatama awilla thiyenawa
    **********Good Luck Asokian Brothers**************

  28. CHATHURA WITHARANA

    Proud to be a Asokian Even i joined After O.L. for A.L to Asoka Vidyalaya Mother Asoka change my life in worth and potentially. I’m right here the position was lend by you Thank you n long live.

  29. මමත් අසොකෙට ගියේ 1985-1988 ඒ කාලේත් හිටියේ ධර්මරත්න sir ම තමා දයානන්ද ගුනවර්දනගේ පුතා වසන්ත එක්ක අපි නාට්ටියක් කළා අම්බ ජාතකය කියල හරිම සුන්දර කාලයක්

  30. ks kasun chaaminda

    This shows good qualities of asokians I’m proud to be a asokians I’m not only like but also I love my mother Asoka……U was the start of success we respect u until our death….

  31. ගවේශණ

    අසෝකෙ උගත් ඔබ සැම ගැන ආඩම්බර වෙමු. අද අසෝකය පත්වී ඇති සෝචනීය ඉරණමින් අසෝකය ගොඩ ගන්න එක්වන්න. අසෝකේ ආදි සිසුවනි අද දවසේ ඔබේ උදව් අපට අත්‍යවශ්‍යයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s