වයස අවුරුදු දහසයේදී දිවයින පුවත්පතට කෙටිකථා ලිවීමෙන් ලේඛන දිවියට පිවිසෙන චානුක වත්තේගම ඊට පස් වසෙකට පසු එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතින් වසරේ හොඳම සිංහල විද්‍යා ලේඛකයා ලෙස සම්මාන ලබා ගනියි. දිවයින, The Island, විදුසර, කල්පනා, රාවය, විජය, ලංකාදීප, ලක්බිම, Daily News හා Business Today ඔස්සේ විස්තාරණය වන ඔහුගේ ලේඛක දිවිය තුළ සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම ලියන ලද ලිපි සංඛ්‍යාව තුන්දහසකට අධිකය. ‘විජය පරිගණක’ සඟරාවේ ආරම්භක කතුවරයා ලෙස ඔහු පරිගණක විද්‍යා දැනුම සිංහල පාඨකයා අතරට ගෙනයාමට මුල් වෙයි. දැනට ඔහු LBR මාසිකයේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියෙකි. විදිලි ඉංජිනේරුවකු සේ දිනක් හෝ කටයුතු කර නැතත් චානුක විදිලි ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධිධරයෙකි.
‘විදිලියේ අසිරිය’ නමින් සිංහල පොතක්ද, ICT for Disaster Management නමින් ඉංගිරිසි පොතක්ද ඔහු රචනා කොට ඇත.
මේ ආනන්දියයකු, ආධුනික විද්‍යා ලේඛකයකු, විදුසර කර්තෘ මණ්ඩලයේ ආරම්භක සාමජිකයකු, ඉන්දියාවේ කර්ණාටක ජාතික තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂකයකු, පරිගණක ඉංජිනේරුවකු, පරිගණක හා විදිලි සංදේශ වෘත්තීයවේදියකු හා විජය පරිගණක පුවත්පතෙහි ආරම්භක කතුවරයා ලෙස ඔහු රඟපෑ විවිධ භූමිකා මත පදනම් වූ කාලානුරූපව නොව අවස්ථානුරූපව දිග හැරෙන බ්ලොග් සටහන් එකතුවකි.

Belated Happy Birthday
I really enjoy the stories of my days, good work keep it up!
Looking forward for an interesting!
How a personal note can touch hearts. Keep going Chanuka !
Hey… I don’t know who are you…., but am very proud of you.. because
Iam an Asokian (ASOKA COLLEGE- Colombo)
Your wrote about our college. Now it is one of a Major Schools in the Country.
Primary, Secondary educational school. But Kottambha Tree not at there…..
but.. it is beautiful… Over 3000 Students and Over 140 teachers at our Mother Asoka.
http://www.asokavidyalaya.lk (Official Web Portal)
http://www.picasaweb.google.com/asokaimages
http://www.tvasoka.tk
your are a best Asokian also best Anandian…….
Keep it up….
Keep it up….
ඔහු ගැන මෙහි සඳහන් නොවූ තවත් කාරණයක් නම්, වසර 2000 උදාවත් සමග ඇතිවිය හැකි යයි විශ්වස කල — ගැටළුව සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පත් කල ප්‍රධානියාද ඔහු වීමයි.