සිහි සටහන්

36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ
යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය.

“දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.)  නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක අළුත් කළෙමි.

යාපනයට පා තබන උග්‍ර ආණ්ඩු විරෝධියකුගේ සිතෙහි වුව වර්තමාන ආණ්ඩුව පිළිබඳ අමිල ගෞරවයක් මෝදුවීම නැවතිය නොහැකිය. දෙමළාගෙන් උදුරාගත් ඔවුන්ගේ යාපනය නැවත දෙමළාට උරුම කොට දී ඇත්තේ වත්මන් රජයයි. යාපනයට නොගොස් එය තේරුම් ගත නොහැකිය. උතුරට අවශ්‍ය ඊනියා “දේශපාලන විසඳුමක්” නොව ශිෂ්ට ලෙස, මිනිසුන් ලෙස ජීවත් වීම උදෙසා අවශ්‍ය සමාජය ගොඩ නැඟීමකි.

නාගදීපයේදී බෝටුටුව එනතුරු නාවික භටයකු හා සංවාදයට එළඹීමි. “නිවුස් අහන්නවත් ලැබෙන්නෙ නෑ” කියූ ඔහු භාරත ලක්ෂ්මන් සිද්ධිය ගැන අපෙන් ඇසුවේය. අප දන්නා තරමට විස්තර කළෙමු.

“රැයක් පුරා අමාරුවෙන් කිරි දොවල, අපේ නායකයො ඒකට ගොම දා ගන්න හැටි “ ඔහු සංවේගයෙන් කීවේය. අපට ඊට දෙන්නට උත්තරයක් තිබුණේ නැත.

35. දයාසේන ගුණසිංහ (1936 – 1996) : පහළොස් වැනි අනුස්මරණය
“ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘සුනිල් අයියා ඇසුවේය. “උඹටම පුළුවන්නෙ”

අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය.

මම කල්පනාවෙන් වචන තෝරා ගත්තෙමි.

“මෙහෙමනෙ සුනිල් අයියෙ, ගුණසිංහ මහත්තය ගැන සුනිල් අයිය දන්න දේවල් මං දන්නෙ නෑනෙ. සුනිල් අයියට අතීතයෙ ඉඳල කතා කරන්න පුළුවන්නෙ”

මා කීවේ බොරුවක් නොවේ. ගුණසිංහ මහත්තයා ලේක් හවුසියට එක් වන්නේ හැට ගණන් වල අවසානයේදීය.   සුනිල් අයියා වයසින් කෙසේ වෙතත් පළ පුරුද්දෙන් ගුණසිංහ මහත්තයාට වඩා ‘සීනියර්’ය. සිංහල පුවත්පත් කලාව තුළ මේ වන විට ගුණසිංහ මහත්තයාට වසා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු වෙති නම් ඒ සුනිල් අයියා හැරුණු විට තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා පමණක් විය හැකිය. වර්තමානයේ ඉරිදා පත්තර පහකත් (ඉරිදා ලංකාදීප, ලක්බිම ඉරිදා සංග්‍රහය, සිළුමිණ, දිවයින ඉරිදා සංග්‍රහය, රිවිර), දිනපතා පත්තර තුනකත් (ලංකාදීප, දිවයින, ලක්බිම) කතුවරුන් පුවත්පත් කලාවෙහි ගුණසිංහ මහත්තයාගේ ‘ජූනියර්’ ලාය. (ගුණසිංහ මහත්තයා හිටියා නම් මින් සමහරක් තමන්ගේ කණිෂ්ඨයින් හැටියට හඳුන්නා දෙනවාට අකැමැති වීම වෙනම කතාවකි.)

අවසානයේ ඒ වැඩසටහනටත් සුනිල් අයියා සෙට් කර ගැළවෙන්නට මට පුළුවන් විය.

ගුණසිංහ මහත්තයා ගැන පසුගිය පහළොස් වස තිස්සේ මා ලියා, කියා ඇති දේ අතිශයින් අල්පය. ඊට මා සුදුස්සෙකැයි මට තවමත් නොසිතෙයි. එබැවින් මේ අවස්ථාවේදී පවා මා යමක් ලියනවාට වඩා ඔහු ගැන බ්ලොග් අවකාශයේ මින් පෙර පළ වූ ලිපි දෙකක් හා පැදි පෙළක් සංස්කරණයකින් තොරව උපුටා දැක්වීමෙන් මම සෑහීමකට පත්වෙමි. මේ සියල්ලෙහිම මට ලිවිය හැකි දෙයට වැඩි දෙයක් අනිවාර්යයෙන්ම ලියැවී තිබේ. එකඟ නොවිය හැකි තැන් තිබුණද සමස්තයක් ලෙස මා ඒ සියල්ලට කැමැතිය.

දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි

ඒ එක්දහස් නවසිය අසූව දශකයේ මැද භාගයයයි. කොටි සංවිධානය විසින් රට පුරා පුපුරුවා හැරි බෝම්බ නිසා මිනිසුන් සිය ගණනින් මිය යමින් තිබුනි. රටම යම් අරාජික බවකින් වෙලී තිබුනු අතර පාලකයින්ද සිටියේ අන්ද මන්දවය. තත්වය පාලනය කර ගැනීමට ප්‍රමාණවත් යමක් නොකළේ යැයි එවක පැවති රජයට විවේචන එල්ල වෙමින් පැවතිණි.

මේ විවේචන නිසා කුපිත වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන,ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙකු විසින් කිසිදා නොකල ආකාරයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “ජනතාව තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු” බවයි.

තමනට කළ නොහැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණකැයි වහසි බස් දොඩමින් සිටි නායකයාගේ මේ අමන ප්‍රකාශයෙන් කෝපයට පත් එක් පුවත් පත් කතුවරයකු එය තදබල ලෙස විවේචනය කරමින් ඒ ගැන කතු වැකියක් ලිවීය.

මෙවැනි ප්‍රකාශ කිරීමට නම් රටකට නායකයෙකු අනවශ්‍ය බවත්, මෙබඳු කතා කියන නායකයා ගැහැණියෙකු හෝ පිරිමියෙකු විය නොහැකි බවත් ඔහු ලිවීය.

w3 Lanka ලියන පැරා, දයාසේන ගුණසිංහයන්ගේ පෞරුෂය ගැන මොනවා හිතුවත් ගුණසිංහයන් එදා නොකියා කිව්වේ ජේ.ආර්. පොන්නයෙකු බවයි.

මේ කතුවැකිය දු‍ටු විගස කෝපාවිෂ්ට වූ ජනාධිපතිවරයා දිවයින පුවත්පතේ අයිතිකරුවන් වූ තම ඥාතින් වන විජේවර්ධන පවුල ලවා එම කතුවරයා දිවයින පුවත් පතින් එලවා දැමූයේය.එකල පවා මහා ප්‍රගතිශීලි මාධ්‍යවේදින් ලෙස පෙනී සිටී සුගාරලා කසුරිලා තබා අටවෙනි පි‍ටු හරහා ලාංකීය විප්ලවය කිරීමට උත්සාහ කල සුනිල් මාධවටවත් මේ අසාධාරණය හමුවේ කෙලින් සිට ගැනීමට තරම් ශක්තිමත් කොඳු ඇට නොතිබිණි.

තමනට කල නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීම පමණක් බව කියමින්, දැඩි මර්ධනකාරි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට පාලනය කල සියලු බලතල ඇති විධායක ජනධිපතිවරයාට එරෙහිව මෙලෙස කතු වැකියක් ලිවීමට තරම් ආත්ම ශක්තියක් තිබූ ඔහු, අප යුගයේ විසූ විශිෂ්ඨතම මාධ්‍යවේදියෙකු වූ එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරයා වූ දයාසේන ගුණසිංහයන්ය.

මත්පැන් වීදුරුවකට, බත් පිඟානකට තම ආත්මය පාවාදෙන වත්මන් ඊනියා ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදින් මෙන් නොව ඔහු සැබැවින්ම අභීත හා අදීන පත්තර කාරයෙක් විය.උකුස්සා, රයිගම් රාල බඳු ඔහුගේ සුප්‍රසිද්ධ තීරු ලිපි තුලින් පහර දිය යුතු තැන්වලට ඔහු නොබියව පහර දුන්නේය. හෙලි කල යුතු දෑ නොවලහා හෙලි කලේය.

නමුත් ඔහු අපක්ෂපාති මාධ්‍යවේදියෙකු නොවීය. ඔහු පක්ෂපාතිත්වය සැම විටම තිබුනේ තැලෙන පෑගෙන මිනිසුන් වෙනුවෙනි. කම්කරු සටන් වලදි ඔහු ඔහු කම්කරුවන් සමග සිටියේය. ශිෂ්‍ය අරගල වලදි ඔහු සිසුන් වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.

වත්මන් රජය ගෙනයන සිසු මර්ධනය හමුවේ ඊට උඩගෙඩි දෙමින් සිසුන් දඬුකඳේ ගැසිය යුතුයැයිද, සිසුන් එල්ලා මරා දැමිය යුතු යැයිද කියමින් පාලකයින්ටත් එහා යමින් කතුවැකි ලියන සුගාරලා කසුරිලා බඳු මාධ්‍ය පණුවන් ගැන සිතන විට ගුණසිංහයන් සැබැවින්ම මාධ්‍ය සිංහයෙකි.

ඉංග්‍රිසි,සිංහල භාෂා දෙකේම සප්‍රමාණික උගතෙකු වූ ඔහු විශිෂ්ඨ සාහිත්‍ය කරුවෙක්ද විය. ඔහුගේ ලිපි සාරගර්භ විය. ආකර්ශනීය විය. ඔහු ලිපියකට මාතෘකාවක් යොදන විට පවා බොහෝ සැලකිලිමත් විය. මැලේරියා වසංගතය ගැන ලියු ලිපියකට ඔහු යෙදූ “අනේ ප්ලීස්, ඇනෝප්ලීස්” මාතෘකාව එසමයේ ඉතා ප්‍රචලිත එකක් විය.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරෙක පැවසූයේ තම “කරත්තය” නම් වූ සම්මානිත කෙටි කතා සංග්‍රහය සංස්කරණය කොට, ඊට තමන් යෙදු කරත්තකාරයා යන නම වඩාත් ආකර්ශනීය “කරත්තය” ලෙස වෙනස් කලේ දයාසේන ගුණසිංහයන් බවයි.

ඔහු තම දිවියේ ප්‍රමුඛතාවය දුන්නේ පුවත්පත් කලාවට වුවත් සාහිත්‍ය නිර්මාණයෙහිලා අපූර්ව දස්කම් දැක්විය. “කැනල් පාරේ නිශාචරයෝ” හා “කේතුමති හෝටලයේ රාත්‍රියක්” යනුවෙන් කෙටිකතා සංග්‍රහ දෙකක්ද “රන් තැටියක කඳූලු”, “නොවඳිමි සිදුහත්” හා “දොරමඬලාව” යනුවෙන් කාව්‍ය සංග්‍රහ තුනක්ද ලියා පලකලේය.

1988-89 ධවල භීෂණයෙන් පසු ඔහු පලකල දොරමඬලාව කාව්‍ය සංග්‍රහයේ වූ එනමින්ම යුත් පැදි පෙලෙහි ඔහු මෙසේ ලිවීය.

ඉර හඳ පවතින තාක් කල්

මල් පිපෙනු තහනම්

පැණවී අණක් රජ

පල දී පවක් පෙර

දුගඳ වූ මල් සුවඳ

හිරුගෙන් පැහැය ලැබ

සඳුගෙන් රුසිර ලැබ

සුලඟින් සුවඳ ලැබ

මල් පිපුණි පෙර ලෙස

නොතකමින් රජ අණ

ගුගුරා හඬ තැලී රජ

වනසව් සියලු මල්

විස හතු විලස මතුවන

දිය ගොඩ සියලු තැන

නොතකා වැයද වෙහෙසද

තම අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන සරසවි සිසුන් උල තැබීමට පාලකයින්ට උපදෙස් දෙන කාලකන්නි පත්තර කාරයින් සිටින අද වැනි යුගයක, තරුණ පරපුර දෙස දයාවෙන් බැලූ දයාසේන ගුණසිංහ වැනි වුන්ගේ අඩුව බෙහෙවින් දැනේ.

මීට දහහතර වසකට පෙර ,1996 ඔක්තොබරයේ අප අතරින් වෙන්ව ගිය මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවමගුල දා ඔහුගේම දොරමඬලාව කෘතියෙන් උපුටා ගත් කවි පෙලක් කවුදෝ විසින් මුද්‍රණයකර පැමිණි සිටි වුන් අතර බෙදා හැරියේය.

ඒ අදීන පත්තර කාරයාට ගෞරව පිණිස එම කවි පෙළ මෙසේ යලි සටහන් කරමු.

කුණා‍ටුවක් සැන්දෑවක් හා මළගමක්

සිය දහස් ළයෙහි නිහඬව හඬන වේදනා

එක්වන්ව නික්ම ගත් ලෙසින් වා ගැබ සලා

නොසිතු ලෙස හමා ආ සැඩ සුළං රළ නිසා

තුරු ලියද වැලපෙනා සේය ලැම අත් ගසා

මියැදි හිරු මොහොතකින් සිතිජයේ සැඟව යයි

කුණා‍ටුව මැදින් ‍ රැය සොර පියෙන් එනු දැනෙයි

අඳුරු ලොවකට බියෙන් මිළින වූ සැඳෑ එළි

නෙතින් නෙත කඳුලු බිඳු පහන් සිළු මවයි

මිතුරු දිවි මග මෙතෙක් අප කැ‍ටුව ගිය නිබඳ

පමා විය යුතුය අප යන අතර ඔබ තනිව

හිරු එළිය සමග යලි තව දිනක හමු වනුව

මේ සැඳෑවෙහි නොවේ සමු ගැනුම පෙර විලස

රජුන් රියසක් බිඳින අසරණුන් ගෙල මතින්

ඇස නුදූ‍ටු මල් කැකුළු පරව යන සුන් බතින්

ප්‍රශස්තිය සක්විතිව කිරුළු පලඳින රනින්

ලොවක නුඹ මැවුයෙහි අසිපතක් පන් හි‍ඳෙන්

නිමා නැති මහ සටන් ඇවිල යන පෙරමුණෙහි

දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි

විරාමය ලද විගස උණුසුමෙන් මී විතෙහි

පිළිසඳර කුමට යළි නුඹ නොමැති සැඳෑවෙහි

දයාසේන ගුණසිංහ- දොරමඬලාව -1991

“ඇටමැස්සා”, දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි- A Note on a Real Journalist

ගුනසිංහ.. ගුණසිංහ.. හා මම…

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

ගුනසිංහ පණ්ඩිතයෙකි, ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු සිනමා කරුවෙකි.

ගුණසිංහ ගුරුවරයෙකි, කවියෙකි, කතා කරුවෙකි, විචාරකයෙකි, පෙරළිකාරයෙකි. ඔහු පත්තර කාරයෙකි.

ගුනසිංහ ද ගුණසිංහ ද පේරාදෙණි ගියහ. ගුනසිංහ ගුණසිංහ ට උගන්වන්න ඇතැයි මට සිතේ. ගුනසිංහ පේරාදෙණිකෘත විය. ගුණසිංහ ගුරුකුල වලට හසු නොවීය. රිද්මය රැක්කේය. දෛනික ඇස් රුදාවෙන් තොර විය.

පේරාදෙණියේ ‘රැග්’ වෙමින් උන් සමයක ‘සඳුන්’ පැමිණ සඳුන් තවරා ගියේ ය. එදා ද ඔහු පාසල් බස් රියේ දී මෙන් කිහිල්ලේ පොත් කිහිපයක් ගසාගෙන උන්නේ ය. ප්‍රසන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සොනාලි අක්කා පෙන්නා අර තමයි ‘ගුණසිංහ’ ගෙ දුව යැයි කීවේ ය.

ගුනසිංහ සරච්චන්ද්‍ර ගේ සීමාවන් ඉක්මවා ගියා දැයි සැක සහිතය. ගුණසිංහ ‘ජේ ආර්’ ගේ හා ‘උපාලි’ ගේ සීමාවන් ට යට නොවූ බව පැහැදිලිය.

පේරාදෙණියේදි පිටපත් කරගත් ‘රන්තැටියක කඳුලු’, අම්මා කුමුදුනී නැන්දා අතේ ගිය පෝයදා එවා තිබුණි.

රන් තැටිය පායා තිබූ දිනෙක අඳුරු හේඩාවෙන් හෙවන නොවී තිබුණු ‘සනාතන මන්දිරය’ පසෙක බංකුවක් මත රන්තැටියක කඳුලු මතුවිය. දෙ හද එකම රිද්මයකට හඬනු මට දැනින. මහවැලියට මල් විසුරන ලිය ගොමු පවා සුවඳ විරහිත විය. බිනර අහසේ මෝදු වූ පුරහඳ රැස්වැද රන්තැටියක කඳුලු දිලිසුනි. අදත් රන්තැටියක කඳුලු නොවි‍යැලී තියෙයි.

ගුණසිංහ පඩිපෙලක් විය. එහි නැඟී විදුලි සෝපාන ගත වූ බොහෝ දෙනෙකු වෙති. ගුණසිංහ අනුදත් නිර්භය, සිලිටි, තියුණු රචනා ශෛලිය නැති නිසා ඉරිදා පත්තර නොකියවමි. රයිගම් රාළ ලියූ ගුණසිංහ මහත්තයා ‘කොලම්’ කෝළම් නොකළේය.

කොහිද ඇල්මක්

වැළඳ සමු ගැනුමට

නොදනිමිද

මුහුණු වසාලූ

මිතුරු සිරියෙන්

නොදනිමිද

හඬන හඬ කිඹුලන්

යැයි ඔහු ලිවුවේ විදුලි සෝපාන ගත වූවන් ගැන විය යුතුය.

උමතුවට ඉඩ හලෙන් මොහොතකට

මළවුන්ට යහන් වු බිම් කඩෙක

නිදන දියණියන් ළඟ උන් රැයෙක

කණමැදිරි දුරු කළා මගෙ තනිය. මට කට පාඩම් ය.

මෙන්දක ගේ රාක්කයේ හිඳ මට බොහෝ අමුත්තන් මුණ ගැසී ඇත. මට ගුණසිංහ හමුවුයේ ද එතැනිනි. ‘මම තාමත් ගුණසිංහ මහත්තයා කියවනවා’ මෙන්දක මූණු පොතේ ලියා තිබිණ.

ගුනසිංහ ද ගුණසිංහ ද ඇවිද ගිය පේරාදෙණි පෙත් මං හි ඇවිදීම ආඩම්බරයක් විය. නිසොල්මන් හන්තාන කඳු සිඛර විනිසුරන් මෙන කල් බලන නිම්නයෙහි අවාරයේ වී මුත් අදත් කහ රොබරෝසියා පිපෙයි. රන්තැටියක කඳුලු පිපුන හිල්ඩා උයනෙහි සුවඳ අමතක නොවන නිසා වැවූ කුඩා රෑ සුරඟනා පැලය අතු බෙදි බෙදී වැවෙයි.

ගුණසිංහ මහත්තයා මගේ රිද්මයේ කවියායි. අන් කවියන්ගේ රිද්මය මට ස්පර්ශවන්නේ ගුණසිංහ මහත්තයා ගෙනි.

නොනිඳයි පහන් තරු ඇස.

මම ඊයේ හවස ගුනසිංහ දුටිමි.

හෂිත, ගුනසිංහ.. ගුණසිංහ.. හා මම… රසවතිය

දයාසේන ගුණසිංහ මිතුරාට ලියූ කවියක්

උදයේ හිරු ගෙට අවුදින්

නිදි වෙරි අරගෙන යන විට

අවදිව මම නුහුරු රටක

සොයනෙමි වදනක් මිය යන

කාමරයේ අසරණ වී

වැලපෙන හෙළ කවි පොත් මැද

සොයා බලමි කවියක් මම

පැරණි මිතුරු රුව සිහිකොට

වදන් පොකුරු අතර දිනෙක

කවි පද සොයමින් ගිය විට

මතකය මට දුන් උවදන්

සෙල් ලිපියක අකුරු ලෙසින

මුලු ලොව ඔබ කවි පද හැම

අමතක කොට ඇති දිනයක

සිළුමිණ පළ කොට ඇත අද

ඔබ කවියක් මුල් පිටුවක

මිය යන මා කවි පද අද

වැලපෙන කල එතර රටක

ඔබ මතකය දුව ගෙන එයි

මිය යන රූපක අරගෙන

(අප‍්‍රියෙල් 3 2010 – ජුන්ඩලප්, බටහිර ඔස්ටේ‍්‍රලියාව)

පර්ත් කවි – සුනිල් ගෝවින්නගේ පද්‍ය නිර්මාණ

34. වසන්ත දේශප්‍රිය සමඟ ඉලෙක්ට්‍රොනික් රාජ්‍යය ගොඩ නැඟූ දවස්
වසන්ත

වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය.

සුනන්ද දේශප්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ඔහු වසන්තගේ ලොකු අයියාය.

මහින්ද දේශප්‍රිය වත්මන් මැතිවරණ කොමසාරිස්තුමා වසන්තගේ පොඩි අයියාය.

“Great. Now ayya can hold malli responsible for election malpractices!”

මහින්ද දේශප්‍රිය මහත්තයා මැතිවරණ කොමසාරිස් ධුරයේ වැඩ භාරගත් බව ආරංචි වූ වහාම මම වසන්තට ටෙක්ස්ට් කළෙමි.

(මේ අයියා-මල්ලී සටන තවමත් දකින්නට නොලැබීම මට නම් පුදුමයකි. මන්ද ඕනෑම මැතිවරණයක් අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීන්ට අනුව ඉබේම ලෝකයේ දූෂිතම මැතිවරණයද, මැතිවරණ කොමසාරිස්තුමාට අනුව දැඩි පාරදෘශ්‍යභාවයකින් හා කාර්යක්ෂ්මතාවයකින් පවත්වන ලද ලෝකයේ විශිෂ්ඨතම මැතිවරණයද වන නිසාය.)

මට වසන්ත දේශප්‍රිය හමුවන්නේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේදී (ICTA) මාස හතරක කෙටි පැවරුමකට සම්බන්ධ වීමත් සමඟය. වසන්ත ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) ව්‍යාපෘතියේ මා සම්බන්ධ වූ ඉ-රාජ්‍ය සංරචකයේ අධ්‍යක්ෂකය.

වසන්තගේ පූර්වගාමියා දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාය. එහෙත් 2004දී අග්‍රාමාත්‍ය ලේකම් හැටියට ඔහු අරලිය ගහ මන්දිරයට වාර්තා කිරීමට පටන් ගත් තැන පටන් ඉ-රාජ්‍ය වැඩ සටහනෙහි තෝන් ලනුව අල්ලා ගත්තේ වසන්තය. එහිදී ඔහු අතින් සිදුවී ඇති කාර්යභාරය විශිෂ්ටය සිතමි. අඩුපාඩු ඇතිව වුවද ලංකාවේ මහජනයා වෙත පිරිනැමෙන රාජ්‍ය සේවයේ කැපී පෙනෙන ප්‍රගතියක් පසුගිය වසර පහ හය තුළදී දැකිය හැකිය. එසේම රාජ්‍ය නිලධරයන් මහජනයා කෙරෙහි දක්වන ආකල්පද අති විශිෂ්ටය නොකිව හැකි වුවද වෙනසකට භාජනය වී තිබේ. රාජ්‍ය සේවාවන් ඉලෙක්ට්‍රොනීකරණය කිරීම එසේ වීමේ එක් වැදගත් පියවරක් සේ මම දකිමි.

අතීත කතාව මඳක් සඳහන් කරන්නේ නම්, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) 2003දී පමණ ආරම්භ කළ අවදියේදී මට ඊට බැඳෙන්නට දැඩි උවමනාවක් විය. එයට මම සුදුසුකම් සපුරා ඇතැයි මම අවංකව කල්පනා කළෙමි. 1996 පමණ කාලයේ පටන්ම මම තොරතුරු තාක්ෂණය ජනතාව අතරට ගෙන යාමේ ක්‍රියා දාමයෙහි සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කොට තිබුණු බැවිණි. ඉන්ටර්නෙට්, ඊ-මේල්, පරිගණක ජාලකරණය ආදී බොහෝ විෂයයන් ගැන මුල්වරට සිංහලෙන් ලියා ඇත්තේ මවිසින් බව කියන්නේ මඳ ආඩම්බරයකිනි. මේ පරිගණක සඟරාවක් තබා ජාතික පුවත්පතෙක පරිගණක හා සම්බන්ධ ලිපියක් වත් දක්නට නොලැබෙන යුගයකය. මට වූ සීමිත පාඨක පිරිස අතර වුව මම උත්සාහය අත නොහැර ඉදිරියට ගෙන ගියෙමි. පරිගණක විද්‍යාව අද තරම් ප්‍රචලිත නොවූ යුගයක අදහස් ප්‍රකාශනයට සිංහල වදන් නොමැති වූ විට වදන් නිර්මාණය කළෙමි. (වෙබ් අඩවිය, බාගත කිරීම, ජව ගැන්වීම යනාදිය මා එසේ නිර්මාණය කළ වදන් කිහිපයකි.) ඉන්පසු 1997දී මම ලංකාවේ පළමු පරිගණක ප්‍රකාශනය අනේක ගැටළු මැද නිර්මාණය කළෙමි. මගේ සංස්කාරකත්වයෙන් යුතුව 1999දී විජය පරිගණක නමින් එය සඟරාවක් බවට පත් වූ අතර වසර දෙක තුනෙක කාලයක් තුළ අලෙවිය පිටපත් 20,000 ඉක්මවා ගොස් තිබිණි. මේ හැරුණු විට මට බැංකු ක්ෂේත්‍රයේ පරිගණක භාවිතය ගැන නොමඳ දැනුමක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේදී බැංකු අධීක්ෂණ කටයුතු වලට සම්බන්ධව සිටි හෙයිනි. අන්තර්ජාතික මට්ටමින් මම නාලක ගුණවර්ධන හා එකතුව ලංකාවේ ඉන්ටර්නෙට් ව්‍යාප්තිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකා දෙකක් ඒ වන විට ලියා පළ කොට සිටියෙමි. මේ නිසා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) එක් වීමට මා මූලික සුදුසුකම් සපුරා ඇති බැව් මම අවංකව විශ්වාස කළෙමි.

පුදුමයකට මෙන් මට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) සම්බන්ධ වීමට ඉඩ ලැබෙන්නේ නැත. ඊට හේතුව මම තවමත් හරියටම නොදනිමි. එහෙත් අනුමාන වශයෙන් සිතා ගත හැකිය. ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) යනු ඉන් පෙර ක්‍රියාත්මක වූ මහාචාර්ය වී. කේ. සමරනායකගේ නායකත්වයෙන් යුතු සින්ටෙක් (CINTEC) ආයතනය ප්‍රතිස්ථාපනය පිණිස වෙනත් ආයතනයක් නිර්මාණය යෝජනා කළ වැඩ සටහනකි. එහිදී එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට මහාචාර්ය සමරනායක වෙනුවට වෙනත් නායකත්වයක් ඊට ලබාදීමේ දේශපාලන අවශ්‍යතාවයක් විය. ඊ-ශ්‍රී ලංකා (e-Sri Lanka) වැඩ පිළිවෙළෙහි ආරම්භක සභාපති වන්නේ දැනට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්නය. මෙහිදී මහාචාර්ය සමරනායක කොන් කිරීම පිණිස ඔහු හා කලින් වැඩකළ බොහෝ දෙනකු ඕනෑකමින්ම කතුරට හසු කිරීමට උත්සාහයක් තිබිණි. මම මහාචාර්ය සමරනායක සමඟ සින්ටෙක් (CINTEC) ආයතනයේදීද ඉන් පිටතදීද කිට්ටුවෙන් වැඩ කළ කෙනෙක්මි. මට විරුද්ධව ක්‍රියාත්මක වන්නට ඇත්තේද මේ කතුරම විය හැකිය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) එකතු වීමට නොහැකි වීම නිසා මට මුහුණ දෙන්නට වූ ගැටළු විශාලය. මන්ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මගේ සම්මාදම ගැන දැන සිටි බොහෝ පිරිස් නිසැකවම මේ අලකලංචිය වන්නට ඇත්තේ මා යූ. එන්. පී. විරෝධියකු බව උපකල්පනය කළ නිසාය. යූ. එන්. පී. ආණ්ඩුවක් බලයේ සිටියදී “යූ. එන් පී. විරෝධී” හංවඩුව වැදීම භයානකය. විශේෂයෙන්ම එවක රැකියාවක් සොයමින් සිටි මට එය ප්‍රශ්න ගණනාවකට මුල පිරීමකි. රාජ්‍ය අංශය මට අත තියන්නට බියවීම තේරුම් ගත හැකිය. පෞද්ගලික අංශය පවා මා ගාවා ගැනීමට අකැමැති වූයේ එසේ වීම රාජ්‍ය අංශයේ ව්‍යාපෘති දිනා ගැනීමට බාධාවක් වෙතැයි සලකා විය හැකිය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) රැකියාවක් ලබා දීම කෙසේ වෙතත්, අඩුම වශයෙන් මට වැදී ඇති “යූ. එන්. පී. විරෝධී”, “ආණ්ඩු විරෝධී” ලේබලය ගලවා ගනු පිණිස ස්වේච්ඡා පදනම යටතේ, වැටුපක් නැතිව හෝ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ව්‍යාපෘතියකට සහභාගි වන්නට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මම එවක විද්‍යා හා තාක්ෂණ ඇමැති මිලින්ද මොරගොඩට ඊයන්ද, එය සාර්ථක නොවූ කල්හි සාමාන්‍ය තැපෑලෙන් ලියුම්ද යැවීමි. ඒ මගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ගැන නිදර්ශන ලබා දෙමිනි. මේ කිසිවකට අඩු තරමින් ලැබුණු බව දන්වා වත් පිළිතුරක් නොවීය. මේ අද තොරතුරු දැන ගැනීමේ අයිතිය, මහජන සේවය ගැන කතා කරන මිලින්ද මොරගොඩමය!!

මහාචාර්ය වී. කේ. සමරනායක, ලලිත් වීරතුංග හා මංජු හත්තොටුව

මට මාස හතරක පැවරුමකට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයට (ICTA) සම්බන්ධ වීමට ලැබෙන්නේ 2004දී යූ. එන්. පී. ආණ්ඩුව පෙරළුනායින් පසුවය. එහිදී ලලිත් වීරතුංග මහත්තයාගේ සේම එවක තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක මංජු හත්තොටුවගේද මැදිහත්වීම කෘතඥතාපූර්වකව සඳහන් කරමි. මා අනුයුක්ත කරන ලද්දේ වසන්ත දේශප්‍රියගේ නායකත්වයෙන් යුතු ඉ-රාජ්‍ය වැඩ සටහනටය.

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ සේවය කළ සිව් මසෙක කාලය තුළ මවිසින් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කරන ලදෙදේය කීවොත් එය මුසාවෙකි. නමුත් අඩු තරමින් අපට ජනගහණ රිජිස්ටරය (population registry) සම්බන්ධ ව්‍යාපෘතිය ඇරැඹීමට ලැබීම විශාල ජයග්‍රහණයකි. එසේම මේ කාලයේ ක්‍රියාත්මක වූ තවත් ව්‍යාපෘති රාශියකට මගේ සම්මාදම ලැබිණි. කිසි දිනෙක භාවිතයට නොගන්නා ලදත්, ඊ-ශ්‍රී ලංකා තේමා ගීතය විය හැකිව තිබුණු පහත ගීතය මවිසින් රචනා කරන ලද්දේද මේ කාලයේදීමය.

විදු යොතින් නුබ ගැබෙන් ඇදෙනා -ලොවම එක ගමක් වී බැඳුනා

නව දැයක මං ලකුණු හැඳිනා -පරිගණක නුවනගර මැවුනා

විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට

විදුලි නැණ පවනක්ව හමනා

හෙට දවස ලොව දිනන – මතු රැකෙන සිප් සතර

දැනුම දෝතින් රැගෙන අමිලා

ගම් දනව් අගනගර – බෙදෙන වැට කඩුලු බිඳ

සදන පුරවැසි අරුත් විපුලා

සතරදිග නව පුවත් – දුටුමතින් එකතුකොට

හනික අතැඟිලි තුඩට ගෙනෙනා

විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට

විදුලි නැණ පවනක්ව හමනා

සකල ලක් දුපුතුන් එකම මහ නදියක්ව

ගලන ඉදිරිය බලා නිතිනා

එමඟ ඉඳුකිලක් වී – උන්ට පෙරමඟ කියන

විදුරුමිණි මන එකට බඳිනා

දිනිඳු නැණ අඳුරු බිඳ – නැණස පහණින් විදුල

සහස්වස නියමුවන් තනනා

විදුහලට – වැඩපලට – කම්හලට – නිවහනට

විදුලි නැණ පවනක්ව හමනා

එතැන් පටන් ඊ-ශ්‍රී ලංකා වැඩ සටහනට මගේ වැඩිම දායකත්වයක් තිබුණේ විවේචකයකු ලෙසිනි. 2010දී ලක්බිම පුවත්පතට ලියන ලද පහත ලිපිය විවේචනයට අවශ්‍ය වූ විටෙක මම මිතුරන් වත් අතැර නැති බව සාක්ෂියකි. (අදත් මේ ලිපිය වසන්ත දේශප්‍රිය මල්ලීට සේම මහින්ද දේශප්‍රිය අයියාටද වැදගත් විය හැකි ආකාරයේ එකකැයි මට සිතේ.)

ඡන්දෙට නැති පරිගණක කොස් කොටන්නද?

චානුක වත්තේගම

පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.

මෙහි පසුබිම මම නොදනිමි. එහෙත් මේ සිද්ධිය ඉතා වැදගත් කාරණයක් හෙළි කරයි. එනම් අපේ රටේ ඡන්ද දායක ලැයිස්තුවල මේ රටේ අවශ්‍ය වයස සම්පූර්ණ කළ පුරවැසියන් යම් පිරිසකගේ නම් නොමැති බවය. වෙනත් විදියකින් කිව්වොත් ‘තාක්ෂණික හේතූන්’ නිසා තම නම ඡන්ද දායක ලැයිස්තුවට ඇතුළුකොට නොගැනීමට ලැබීමෙන් යම් පිරිසකට සිය මූලික අයිතියක් වන ඡන්ද බලය පවා අහිමි වන බවය. සංඛ්‍යාත්මකව මේ පිරිස කෙතෙක් විශාල දැයි මම නොදනිමි. එහෙත් ජනරාල් ෆොන්සේකා මුහුණ පෑ අවස්ථාව කලාතුරෙකින් කෙනකු මුහුණ දෙන අහඹු සිද්ධියක් විය නොහැකිය.

ඡන්ද ලැයිස්තුවල හා සැබෑව අතර ඇති පරස්පරය නිසා අවුල් ඇතිවූ මුල් අවස්ථාව මෙය නොවේ. 2006 දී කොළඹ නගරසභා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ප්‍රතික්ෂේප වූයේ එහි එක් අපේක්ෂකයකුගේ නම ඡන්ද දායක ලැයිස්තුවේ නැති නිසාය. එහෙත් ඒ අපේක්ෂකයා දහ අට වන විය සපිරූ තරුණයෙකි. මෙහිදීද සිදුව ඇත්තේ ලැයිස්තු සෑදීමේ ඇති අකාර්යක්ෂමතාව විසින් සැබැවින්ම ඡන්ද අයිතිය ලැබිය යුත්තකුට එය ලබා නොදීම තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයයි.

එසේම ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදී මේ සම්බන්ධව ඇති වූ කතා බහේදී පැහැදිළි වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ මැතිවරණය සඳහා භාවිතා කරන ලද්දේ අඩු තරමින් වසරකට වත් ඉහත පිළියෙළ කරන ලද ලැයිස්තුවක් බවය. එවැන්නක් කෙතෙක් සම්පූර්ණ විය හැකිද? අදාළ වසර තුළ දහ අටවන විය සම්පූර්ණ කරන තරුණ තරුණියක් කිසිවකුගේ නම් ඊට ඇතුළත් නොවේ. එසේම එම වසර තුළ මියයන හෝ විදේශ ගතවන (එනිසා ඉවත් කළ යුතු) පිරිසගේ නම් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් සංඛ්‍යාලේඛන හා සන්සන්දනය කොට බැලීමෙන් මේ තුන් පිරිස ලක්ෂ හතක් පමණ වේ යැයි උපකල්පනය කළ හැකිය.

මීට අමතරව තවත් කාරණාවක් මේ ලැයිස්තුව අසම්පූර්ණ කරයි. ඒ එකම පුද්ගලයාගේ නම තැන් දෙකක ලියා පදිංචි වී තිබීම නිසාය. දත්ත පරිගණක ගත කොට තිබියදීත් මෙසේ වන්නේ කෙසේද මම නොදනිමි. අද කෙසේවෙතත් එක් යුගයක මෙරට එකම හැඳුනුම්පත් අංකය ඇති කිහිපදෙනකු සිටි බව නම් මම වෘත්තීය අත්දැකීමෙන් දනිමි.

මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමන කිහිපයක් වේ. එනම් හුදෙක් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ ක්‍රමයේ ඇති දෝෂයන් හා අකාර්යක්ෂමතාව නිසාම ඡන්ද බලය හිමිවිය යුතු යම් පිරිසකට එය හිමි නොවන බවය. අනෙක් අතට ඡන්ද බලය හිමි නොවිය යුතු පිරිසකගේ නම් ඊට ඇතුළු වීමෙන් යම් මට්ටමක ඡන්ද දූෂණවලට මඟ පාදන බවය.

අවාසනාවන්තම කාරණාව මේ රටේ තොරතුරු තාක්ෂණය මේතරම් ඉහළින් භාවිතා වන්නේය කියන යුගයක මෙවැනි දේ සිදු වීමයි.

රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්ෂණය භාවිතාව ගැන කතා කිරීමේදී ඒ සම්බන්ධව කේන්ද්‍රීය වගකීම් හිමි තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) කාර්යභාරය සාකච්ඡාවට ලක්වීම නොවැළක්විය හැකිය. තම ආයතන තුළ කටයුතු පරිගණකකරණය කිරීම ඒ ඒ රාජ්‍ය ආයතනයේ වගකීම මුත් සමස්ත රාජ්‍ය අංශය ඒ මට්ටමට ඔසවා තබන දැක්ම තීරණය කිරීම එම ආයතනයේ වගකීම නිසාය.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු හා ආණ්ඩු ප්‍රතිනිර්මාණය (Re-engineering Government) පිළිබඳ දැක්ම පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන වූ පුද්ගලයන් දෙදෙනෙක් වෙති. දැනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ආණ්ඩු ප්‍රතිනිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂක වසන්ත දේශප්‍රියයි. මේ දෙදෙනාම දීර්ඝ කාලයක් ආණ්ඩුවේ පරිපාලන සේවයේ නිරතවූ පළපුරුදු නිලධරයන්ය. එසේම දැනට ජනාධිපති ලේකම්වරයා පරිපාලන සේවයේ උසස් නිලධරයකු හැටියට පූර්ව-පරිගණක යුගයන්හීදී පවා රජයේ ආයතන වල කටයුතු පුරවැසියන්ට පහසුවෙන් කරගත හැකිවනසේ කරන ලද ප්‍රගතිශීලී වෙනස්කම් රාශියකට මුල් වූවෙකි. (උදා: දශක කිහිපයකට ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම) ඔවුන් රටට සේවය කිරීමේ පැහැදිළි උවමනාවක් හෙවත් ‘උණක්’ ඇති, නම්‍යශීලී, හැමවිටම අනුන්ට කන්දෙන නිලධරයන් බවටද සැක නැත. මේ දෙදෙනා සමඟම මම රාජකාරි කොට ඇත්තෙමි. පුරවැසියකු හැටියට ආණ්ඩුවේ සේවාවන් ලබා ගැනීමේදී මට මුහුණ දෙන්නට සිදුවූ යම් යම් මෙහෙයුම් ගැටළු (Operational issues) පිළිබඳව පුද්ගලිකව මා නැඟූ අඳෝනා වලට කන් දීමට පමණක් නොව මගේ නිරීක්ෂණ මත ගත යුතු ක්‍රියා මාර්ග ගත් බවද මෙහිදී සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය.

එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩු සේවයේ ඔවුන් ලද දීර්ඝකාලීන අත්දැකීම් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම පුළුල් කිරීමට මෙන්ම එය සීමා වීමටද හේතුවී ඇත්තේය. ආණ්ඩුවේ නිලධර දැක්ම අනිවාර්යයෙන්ම පුරවැසි අවශ්‍යතා සමඟ සම්පාත විය යුතු නොවේ. සමහරවිට මේ දෙක අතර විශාල හිඩැසක් තිබිය හැකිය. පුරවැසියකු හැටියට රාජ්‍ය පාලනය කිරීමේ ක්‍රියාවලියන්ට තොරතුරු තාක්ෂණය නිසිසේ බද්ධ නොවීමෙන් විශ්ලේෂණය කිරීම මේ ලිපියේ අරමුණයි. මෙහෙයුම් ගැටළු නොව ඊට ඉහළ තලයක දැක්ම ගැන කතාකරන හෙයින් එය රටේ අනෙකුත් පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාවය මම දකිමි. මේ නිර්මාණාත්මක විවේචනයට මා යම් දවසක මේ වැඩ සටහනේම කොටස්කරුවකු වී සිටීම බාධාවක් සේ මම නොදකිමි.

ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන ආරම්භ වන්නේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්ප්‍රේරණයෙන් ලෝක බැංකු ව්‍යාපෘතියක් සේ 2002දීය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංකල්පය මත ආණ්ඩු සේවා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් වඩා පහසු, ඉක්මන් සේවාවන් පුරවසියාට ලබා දීම තුළින් පුරවැසියා සවිබල ගැන්වීම මෙහි එක් සංරචකයක ප්‍රධාන අරමුණ වේ. මගේ මතකය නිවැරදිනම් සම්පූර්ණ ඊ-ශ්‍රී ලංකා වැඩ සටහන සඳහා වෙන් කරන ලද ලෝක බැංකු ණය මුදල ඩොලර් මිලියන 50 (රුපියල් කෝටි 500) වන අතර ඉන් ඩොලර් මිලියන 11ක් ඉලෙක්ට්‍රොනික ආණ්ඩු සංරචකය සඳහාය. පසුව ආණ්ඩුවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදිය සම්බන්ධ කරන දීප ව්‍යාප්ත පරිගණක ජාලයක් ගොඩ නැඟීම සඳහා තවත් ඩොලර් මිලියන 15ක කොරියානු ආධාරයක් ලැබේ.

ඊ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කරන ලද පළමු කාර්යයක් වන්නේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ආණ්ඩු සේවාවන් හඳුනා ගැනීම සඳහා වන උපදේශක ව්‍යාපෘතියකි. අද පවා ඉලෙක්ට්‍රොනික ආණ්ඩු දැක්ම බොහෝ දුරට ගොඩ නැඟී ඇත්තේ (සුළු වෙනස් කිරීම් කිහිපයක් සහිතව) රනිල් වික්‍රමසිංහ යුගයේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ උපදෙස් අනුවය. ඉලෙක්ට්‍රොනික ආණ්ඩුකිරීම පිළිබඳ මගේ අත්දැකීම් වලට අනුව, මේ ව්‍යාපෘතිය සිදුකරන ලද ආකාරයේ මූලික ලුහුඬුතාවක් මම දකිමි. මතකය නිවැරදි නම්, රුපියල් මිලියන විස්සක වියදමින් කරන ලද මෙහි එක් ප්‍රධාන භූමිකාවක් සම්පූර්ණයෙන් අමතකකොට දමා තිබේ. ඒ ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ක්‍රමයක අවසාන ප්‍රතිලාභියා විය යුතු පුරවැසියාය. මේ උපදේශක කණ්ඩායම මොනම අවස්ථාවකවත් පුරවැසි අදහස් ලබා නොගනී. අනෙක් අතට එය දිගින් දිගටම අවධානය යොමු කරන්නේ නිලධර අදහස් කෙරෙහිය. මේ නිසා පුරවැසියා වෙනුවට නිලධරයා සවිබල ගැන්වෙන දැක්මක් නිර්මාණය වේ. මේ දැක්ම අනුව ගොඩ නැඟෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව නිලධරයකුට ජීවිතය බෙහෙවින් සැපපහසු එකක් කරයි. එහි වරදක් නැත. නමුත් අනෙක් අතට නිලධරයාට තම ජීවිතය සුව පහසු කර ගැනීමට අවකාශය ලැබෙන්නේ පුරවැසියා මත පටවන ලද අමතර බරක් නිසා නම් එය අපේ අවධානයට බඳුන් විය යුතුය.

ඡන්ද ලැයිස්තු සකස් කිරීමේදී සිදුවන ව්‍යාකූල තත්වයන්ටද මෙය අදාළය. කොයිතරම් පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතාකළද තවමත් ඡන්ද ලැයිස්තු පිළියෙළ කිරීමේ කාර්යය වන්නේ නිලධරයාට පහසු විදියටය. නැතිව පුරවැසියාට ඕනෑ ආකාරයට නොවේ.

ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය තවමත් ග්‍රාම නිලධාරින් හරහා ලබා ගැනෙන්නේ පුරවැසියන් සපයා දෙන දත්ත මත පදනම්වය. මේ ක්‍රමය යටත්විජිත යුගයේ සිටම පැහැදිළිව වෙනස් වී නැතැයි සිතමි. මේ දත්තයන්ගේ සම්භවය පුරවැසියා වන නිසා ඒ සැකසීමේදී වන වැරදි වලින් නිලධරයන්ට අත සෝදා ගැනීමට හැකිය. උදාහරණයක් හැටියට වැරදීමකින් යම් ඡන්දදායකයකුගේ නම ඇතුළත් කිරීම මඟ හැරුනොත් එය යළි ඇතුළත් කිරීමක් සිදු නොවේ. (ස්ථාන දෙකක වසන්නන් සම්බන්ධයෙන් මෙය සුලබව සිදු විය හැකි වරදකි.) එසේම පදිංචිය මාරු කිරීමේදී නව පදිංචි ස්ථානයට අදාළ ග්‍රාම නිලධරයා අතින් පෝර්මයක් නොලැබුණේ නම්ද ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් නොවීමේ ඉඩක් පවතී. අතරමැදි ක්‍රියාවලියේ වැරදි කා අතින් සිදුවුවද අවසානයේ සියළු වැරදිවල පව් ගෙවීමට සිදුවන්නේ පුරවැසියාටය. නිලධරයෝ ඒ සම්බන්ධව කිසිම වගකීමක් නොගනිති.

මෙහිදී අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය මේ පරිගණක යුගයේ පවා මේ කාර්යය වඩා කාර්යක්ෂ්ම ලෙස, පුරවැසියාට වඩා ඵලදායක ලෙස සිදුකළ නොහැකිද යන්නය. කළ හැක්කේ කෙසේද කියා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් නොකළත් අනිවාර්යයෙන්ම මෙය පරිගණක සන්නිවේදන තාක්ෂණය භාවිතා කොට ඉතා පහසුවෙන් කළ හැකි බව පමණක් කිව යුතුය. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ඒ සඳහා උදාහරණ සැපයිය හැකිය.

2010 නොව 2005 ජනාධිපතිවරණයට නිකුත්කළ මහින්ද චින්තන වැඩ පිළිවෙලෙහි තොරතුරු තාක්ෂණය රාජ්‍ය පාලනය ක්‍රමවත් කිරීමට යොදා ගැනීම ගැන මෙසේ සඳහන් වේ.

1. විදුලි සංදේශ සේවා සහ තොරතුරු සන්නිවේදන සේවා දිවයින පුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය වන දීප ව්‍යාප්ත යටිතල පහසුකම් ජාලයක් ඇරඹීමට කටයුතු සලසනු ඇත.

2. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය මඟින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂම අයුරින් හා කඩිනමින් ජනතාවට ලබා දීමට අවශ්‍ය පහසුකම් යොදනු ඇත.

3. කාලයක් තිස්සේ අඩුවක්ව පවතින සංඛ්‍යාන දත්ත පද්ධති, හදිසි ආපදා සේවා පද්ධති, හා භූ විෂමතා සේවා පද්ධති ගොඩ නැඟීම සඳහා නොපමාව ක්‍රියා කරමි.

මින් සමහරක් සාර්ථකව ඉටුවී ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඇතුළත්ව රාජ්‍ය ආයතන ගණනකට පරිගණක හා සන්නිවේදන උපකරණ සපයා තිබේ. සන්නිවේදන ජාලද ගොඩ නැඟී ඇත. නමුත් මේ පද්ධති කිසිවක් තවම පුරවැසියා වෙනුවෙන් සේවය කරන බවක් නොපෙනේ. මේ පද්ධතීන් පුරවැසියා වෙනුවෙන් සේවය කරන්නේ නම් මෙවැනි සරල වැරදි සිදු විය නොහැකිය. තාක්ෂණය හා පුරවැසියා අතර යා කළ නොහැකි පරතරයක් ඇති බව පමණි අපට පෙනෙන්නේ.

මෙය ඉටු නොවීමේ ප්‍රධාන ගැටළුව සේ මා දකින්නේ තාක්ෂණය නොමැති වීමවත් (නැතොත් ඒ සඳහා මුදල් නොමැති වීමවත්) තෝරාගනු ලැබූ තාක්ෂණයේ ඇති වරදක් වත් නොව මේ විසඳුම් තුළින් තවමත් පුරවැසියා සවිබල නොගැන්වීමය. ඊට අවශ්‍ය වන්නේ අළුතින් පරිගණකකරණයක් නොව ක්‍රියාවලිය වෙනස් කිරීමකි. (Process change) නිලධරයා සවිබල ගැන්වීම යහපති. එහෙත් ඒ සිදුකිරීමේ මූලික අරමුණ විය යුත්තේ පුරවැසියාට අවශ්‍ය සේවාවන් ලබා දීම පිණිසය. මෙහිදී කේන්ද්‍ර විය යුත්තේ නිලධරයා නොව පුරවැසියාය. පද්ධති සකස් විය යුත්තේ නිලධරයන්ට නිදහසට කාරණා ඉදිරිපත් කිරීම පහසු කිරීමට නොව පුරවැසියාට අවශ්‍ය සේවාවන් සැපයීම පිණිසය. එසේ නැතිව නිලධරයා පමණක් සවිබල ගැන්වෙන දැක්මක් තුළින් සිදුවනු ඇත්තේ කොටිතරම් පරිගණක භාවිතාවන පරිසරයක් තුළ වුවද පුරවැසියාට ඉන් ප්‍රතිලාභයක් අත් නොවීමයි.

33. අපූජාච අපූජනීයානං (නොපිදියයුත්තන් නොපුදන්න)
මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි.

යෞවනයේ ජවය

අදින් වසර විසි පහකට පමණ පෙර උසස් පෙළ සිසුවකුව සිටි සමයේ මම දිනෙක පාසල් නිල ඇඳුම පිටින්ම ලේක් හවුස් ආයතනයේ ලොබියේ වාඩි වී සිටියේ පුවත්පතක විශේෂාංග කතුවරයකුගේ කැඳවීමක් මත පැමිණ ඔහු හමුවන තුරුය. මේ මා කවර හෝ ආකාරයකින් මගේ පුවත්පත් කලාවේදී සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරණ කාලයයි. රජයේ පුවත්පතකට සම්බන්ධ වීමට මට දැඩි කැමැත්තක් නොතිබුණත්, අනෙක් හැම පත්තරයකින්ම මා යවන ලිපි කුණු කූඩයට වැටෙන වාතාවරණයක් තුළ ඒ විකල්පය හෝ උත්සාහ කරන්නට මම අදිටන් කර ගෙන සිටියෙමි.

හිටි හැටියේම “අථඛෝ අඤ්ඤතරා දේවතා අභිකන්තාය රත්තියා අභිකන්ත වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා” කියන පාඨය සිහිගන්වමින් ජේතවනය නොව ලේක් හවුසිය ඒකාලෝක කරමින් ලොබියහි පාදුර්භූත වූයේ ඊට දින කිහිපයකට මත්තෙන් සිදු වූ කැබිනට් සංශෝධනයෙන් පසුව ලේක් හවුසිය භාර ගත් මහේශාක්‍ය ඇමැත්තාය. මේ නිල වශයෙන් ඔහුගේ පළමු ආයතන චාරිකාවය සිතමි.

ඇමැත්තා දුටු ගමන් ලේක් හවුසියේ සේවකයෝ හිටි හැටියේ තමන්ගේ ආසන වලට කවුරුන් හෝ කරන්ට් ඇල්ලුවාක් සේ නැඟී සිටියහ. මේ රෝගය වැළඳුනාක් මෙන් ලොබියේ සිටි අමුත්තෝද නැඟී සිටියහ. මා දෙපැත්තේ සිටියෝද නැඟී සිටියහ. නැඟී නොසිටියේ මා පමණකි. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්නෙකුට මේ වෙනස පෙනෙන්නට ඇතැයි සිතමි.

ඇමැත්තා සේවකයින් අසළට ගොස් වචන කිහිපයක් කතා කළේය. විහිළුවක් කළේය. එහෙත් ඔහු අමුත්තන් නොදැක්කාක් මෙන් ඇතුළට ඇවිද ගියේය.

ඊට මොහොතකට පසු කෝපයෙන් කඩා ගෙන බිඳ ගෙන දුව ආවේ මා හමුවීමට නියමිතව තිබූ පුද්ගලයාය. (ඔහුගේ නම ලිවිය හැකි නම් හොඳය. ඒත් කොයිතරම් මතක් කළත් එය දැන් සිහියට නොනැඟේ. පසුව මතක් වුණොත් ලියමි.)

“ඇයි අනෙක් හැමෝටම නැඟිටින කොට ඔයාට විතරක් නැඟිටින්න බැරි? බලන්න කොයිතරම් කැතද ඔයා විතරක් වාඩිවෙලා හිටපු හැටි. ඇමැතිතුමා ඔයා කවුද ඇහුව නම් මොකද වෙන්නෙ? ඉස්කෝලෙ ඕව කියල දෙන්නෙ නැද්ද?” යනාදී වශයෙන් ඔහු දිගට හරහට මට දෙහි කපන්නට පටන් ගත්තේය.

තමන් පුවත්පත් කලාවේදියකුය කියා ගන්නා මේ මිනිසා හැසිරෙන්නේ ඉතාම බියගුළු, නිවට ආකාරයකින් බව මගේ නොවැඩුණු මොළයට පවා වැටහිණි.

මා ඔහුට මතක් කර දුන්නේ මා ලේක් හවුසියේ සේවකයකු නොවන බවත්, ඇමැති සමඟ මගේ කිසිම ගනුදෙනුවක් නැති බවත්ය. මට සම්බන්ධයක් නැති පුද්ගලයකු වෙනුවෙන් මා නැඟිටින්නේ මන්දැයි මම ඔහුගෙන් විමසීමි.

ඔහු එය පිළිගත් බවක් නොපෙනුණි. නිදහස් ලේඛකයකු වශයෙන් හෝ ලේක් හවුස් පුවත්පතකට සම්බන්ධ වීමේ අවස්ථාව මේ සිද්ධිය නිසාම මට ගිලිහී ගියේය සිතමි. (මගේ පුවත්පත් කලා දිවියේ සක්‍රිය සමය තුළ මා සම්බන්ධ නොවූ එකම මාධ්‍ය ආයතනය ලේක් හවුසියයි. පසු කලෙක මම ඉඳ හිට Daily News පුවත්පතට ලිවීමි.)

වයස විසි එකේ තරුණයකුව සිටියදී මට රටේ ජනාධිපති අතින් සම්මානයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය. ඒ වසරේ දක්ෂතම සිංහල විද්‍යා ලේඛකයා හැටියටය. මම එය ඍජුව සිටගෙන, හිස නැමීමකින් හෝ තොරව ලබා ගතිමි. මේ නම් ඕනෑකමින්ම කළ දෙයකි. අප මහා සාහිත්‍යධරයන්ය මහා ලේඛකයන්ය මහා පුරුෂයින්ය කියා සිතා සිටින ඇත්තන්ම සම්මානයක් ලැබුවායැයි ඇසූ විගස පහේ පන්තියටවත් ඉගෙන ගෙන නැති දේශපාලකයකු ඉදිරිපිට දෙකට තුනට නැමී බයාදු ලෙස ඒවා ලබා ගන්නා හැටි මම දැක සිටියෙමි. මට අවශ්‍ය වූයේ එවැන්නකු නොවීමටය.

“අපිත් ටී. වී. එකෙන් දැක්කා මෝල් ගස් ගිලලා වගේ ජනාධිපතිතුමා අතින් සම්මාන ගත්තු හැටි”

මෙසේ කීවේ මගේ මිතුරකුගේ පියෙකි. කැපුවත් කොළපාට යූ. ඇන්. පී. කාරයෙකි. ජේ. ආර්. ජයවර්ධනගේ පින්තූරයක් ගෙදර එල්ලා ගෙන හඳුන්කූරු පත්තු කරන ජාතියේ කෙනෙකි. මම ඔහුට උත්තර බඳින්නට නොගියෙමි.

මේ අවස්ථා දෙකේදීම මගේ හැසිරීම සාධාරණය මම අදත් කල්පනා කරමි. එසේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට වැඳීම ප්‍රතික්ෂේප කළ ශිෂ්‍යයා එසේ කිරීම මම එක හෙළා අනුමත කරමි.

දේශපාලකයකු හැටියට බන්දුල ගුණවර්ධන වෙනත් බොහෝ දෙනකුට වඩා හොඳය. 1989දී ඔහු පළමු වරට මන්ත්‍රීවරයකු වන්නේද එකල මහජන එක්සත් පෙරමුණ ගැන යම් පැහැදීමක් වූ මගේද ඡන්දය ලබාගෙනය.

නමුත් බන්දුල ගුණවර්ධන මෙතැන පෙනී සිටින්නේ පුද්ගලයකු වශයෙන් නොව රටේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙනි. අධ්‍යාපන ඇමැතිවරයා යනු රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛයා පමණෙකි. එතැනින් එපිටට ඔහුගේ වැදගත්කමක් නොවේ. ඔහු තව දුරටත් ගුරුවරයකු නොවේ. ශිෂ්‍යයකු ලවා ඔහු වැන්දවිය යුත්තේ මන්දැයි මට නොවැටහේ.

දේශපාලකයින් ඉදිරියේ දණ නැමීමට පුරුදු කිරීමෙන් අප බිහි කරන්නේ තාම නිවට දීන අනාගත පරම්පරාවකි. (අරුණි නම් දේශපාලකයන් හඳුන්වන්නේ සමාජයේ ලේ උරා බොන තඩියන් ලෙසිනි. මම එතෙක් දුර නොයමි.)

“නිවටයන්ගේ දෙපා අභියස – බියෙන් ඇකිළී නැමී යා නම්

එවන් සිරසක් කුමකටද මට – ගෙළින් සිඳ එය ඉවත ලනු මිස?”

මේ කාලයක් මගේ ප්‍රියතම ගායිකාව වූ නන්දා මාලිනිය ගේ ගීතයක කොටසකි.

32. The Blinding – සිංහල හා දෙමළ ප්‍රශ්නයක් ගැන ඉංගිරිසියෙන් කතා කරන නාට්‍යයක්
සැප්තම්බර් 12, 2011, කොළඹ

අපි ලාංකීය සංස්කෘතියක්, ලාංකීය සාහිත්‍යයක්, ලාංකීය කලාවක් ගැන වල්බූත කතා කරමු. ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගිරිසි වශයෙන් බෙදුණු හා එකිනෙක බද්ධ වීමක් නොමැති සාහිත්‍ය, කලා ධාරවන් මිස එක තනි ලාංකීය සාහිත්‍යයක් හෝ කලාවක් කියා දෙයක් නැති බව මේ ඕනෑම ධාරවක නිර්මාණයක් ගැඹුරින් වින්දනයට තැත් කිරීමේදී වැටහේ. මෙය එක පවුලක ළමයින් තුන් දෙනෙක් භාෂා තුනෙකින් කතා කිරීම වැන්නකි.

සැප්තැම්බර් දොළොස්වැනිදා The Blinding විශේෂ පෙරහුරු දර්ශනය නැරැඹීමට සැරැහී බ්‍රිතාන්‍ය කවුන්සිල ශ්‍රවනාගාරයේ අසුන්ගෙන සිටින මගේ සිතට නැඟෙන්නේ ප්‍රශ්න දෙකකි. එක – මා සමඟ මේ සමූහ අත්දැකීම ලබා ගැනීමට සූදානමින් සිටින ප්‍රේක්ෂක සමූහයා අතුරින් කීයෙන් කී දෙනක් ගුණදාස කපුගේගේ ගීයක් රස විඳීමෙහි සමත් වන්නෝද? දෙක – ගුණදාස කපුගේ ගේ ගී රසවිඳින්නන් අතුරින් කීයෙන් කීදෙනක් මා සමඟ මේ වින්දනය ලැබීමට එක් වන්නෝද?

මේ අර්ථ විරහිත ප්‍රශ්න නොවේ. The Blinding හි අන්තර්ගතය ගුණදාස කපුගේගේ ගීයකට, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවකතාවකට, අශෝක හඳගමගේ සිනමා කෘතියකට එතරම්ම සමීපය. නමුත් වෙනස් මාධ්‍ය හා භාෂා විසින් එක හා සමීප අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ දෙකොටසක් විඳිනු ලබන දෙපිරිස ඉතා සීරියස් ලෙස ඈත්කොට තිබේ.

ගුණදාස කපුගේගේ ශ්‍රාවකයින් වෙනුවෙන් මම The Blinding හි අන්තර්ගතය කෙටියෙන් හෝ සඳහන් කළ යුතුය සිතමි. එය එපමණෙකට ඔවුන්ට ආගන්තුක නිසාය.

The Blinding ට පසුබිම් වන්නේ විලියම් ශේක්ස්පියර්ගේ King Lear නාට්‍යය රඟ දැක්වීම සඳහා සැරැහෙන නළු පිරිසක අතර මතුවන සංවාදයකි. The Blinding යනු King Lear නොව වෙනමම කතාවක් වුවද, මුල් කෘතිය ගැන අවබෝධයකින් තොරව එය රස විඳිය නොහැකිය.

King Lear විලියම් ශේක්ස්පියර්ගේ පන්හිඳෙන් බිහිවූ විශිෂ්ටතම ශෝකාන්තයක් බව අවිවාදිතය.

ලියර් රජු වයස්ගත වීම නිසා සිය රජකම අත හැරීමට තීරණය කරයි. ඔහුගේ අනවබෝධය නිසා (මෙය පසුව උමතුවක් මට්ටමට වර්ධනය වේ.) රාජ්‍යය හිමිවන්නේ දියණියන් තිදෙනා අතුරින් අවංක කෝඩිලියාට නොව වංක රීගන්, ගොනෙරිල් හා ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ටය. බලය ලද වහාම රීගන් හා ගොනෙරිල් තම පියාට අකටයුතුකම් කිරීම ආරම්භ කරති. මින් කෝපයට පත්වන ලියර් රජු රාජ්‍යයෙන් පළා යයි. ප්‍රංශයේ රජු පසුව කෝඩිලියා විවාහ කර ගනී.

ලියර් රජුට අමතරව මේ සිද්ධි දාමයෙන් දරුණුම ලෙස බැටකන අනෙක් පුද්ගලයා ග්ලොස්ටර්හි ආදිපාදයාය. ඔහුට එරෙහි වන්නේ ඔහුගේම අනීතික පුත්‍රයා වන එඩ්මන්ඩ්ය. උපායෙකින් තම පියා රවටා ගන්නා ඔහු ග්ලොස්ටර් ලවා ප්‍රංශ රජුට ආධාර ඉල්ලා ලිපියක් ලියවා එය රීගන් හා ගොනෙරිල් හා රීගන්ගේ සැමියා කෝන්වෝල්හි ආදිපාදයා අතට පත් කරයි. ඒ අතරම ප්‍රංශ හමුදාවක් එංගලන්ත වෙරළට ගොඩ බසියි. කෝන්වෝල් විසින් ග්ලොස්ටර් සිරභාරයට ගනු ලබයි.

The Blinding හි සේම King Lear හිද කූටප්‍රාප්ති අවස්ථාවක් වන්නේ කෝවෝල් විසින් ග්ලොස්ටර්ගේ දෑස් උගුලුවා ලීමය. මෙහිදී එක සේවකයකු ඊට විරුද්ධ වන අතර කෝන්වෝල් විසින් ඔහු මරා දමනු ලබයි.

The Blinding පටන් ගන්නේ එතැන පටන්ය. The Blinding හි අධ්‍යක්ෂ අජිත් තම නාටකයේ පෙරහුරුවක් සඳහා සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනකු හා මිතුරු වෛද්‍යවරියක කැටුව එයි. ඒ නිර්මාණය ගැන ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට නොවේ. වර්තමානයේ (මේ නාට්‍යය මුල් වරට නිශ්පාදනය වූ 1988-89 යුගයේ) රටේ පැවති භීෂණය කෝන්වෝල් විසින් ග්ලොස්ටර්ගේ දෑස් උගුළුවා දැමීමේ දර්ශනය හා සබැඳෙන්නේ කෙලෙසද, ඒ අනුව මුල් නාටකය වෙනස් කළ යුතුද යන්න සංවාදයට ගැනීමටය.

මේ සංවාදය අකුරින් අකුර සටහන් කිරීම අළුතින් නාට්‍යය නැරැඹීමට අදහස් කරන්නට බාධාවකි. භීෂණය තිඹිරි ගෙය කොට බිහිවූ සරච්චන්ද්‍රගේ “හෙට එච්චර කළුවර නෑ” වැනි සිංහල නවකතාවක ඇසෙන බොහෝ ප්‍රශ්න The Blinding කරලියේදී ඇසෙන බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත්ය. මේ ප්‍රශ්න කිසිවක් එක් යුගයෙක භීෂණය සමඟම ජීවත් වූ අප බොහෝ දෙනකුට ආගන්තුක නොවන බැව් අමුතුවෙන් සඳහන් කළ මනා නොවේ.

The Blinding රෙජී සිරිවර්ධනගේ නාට්‍යයකි. දෙවන නිෂ්පාදනය හේග් කරුණාරත්නගේය.

නාට්‍යය අවසාන වී ගෙදර ගෙනියන්නට යමක් අවශ්‍යම නම් ඒ එහි අන්තර්ගතය සමඟ ඉතාම හොඳින් බද්ධ කරමින් ගැයෙන මියැසිය Bette Midler ගේ From A Distance ය.

From a distance the world looks blue and green,

and the snow-capped mountains white.

From a distance the ocean meets the stream,

and the eagle takes to flight.

From a distance, there is harmony,

and it echoes through the land.

It’s the voice of hope, it’s the voice of peace,

it’s the voice of every man.

From a distance we all have enough,

and no one is in need.

And there are no guns, no bombs, and no disease,

no hungry mouths to feed.

From a distance you look like my friend,

even though we are at war.

From a distance I just cannot comprehend

what all this fighting is for.

From a distance there is harmony,

and it echoes through the land.

And it’s the hope of hopes, it’s the love of loves,

it’s the heart of every man.

31. කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය.
“දැන් ඉස්කෝලෙ වෙන දෙයක් නෑ” කිංස්ලි (කිංස්ලි රත්නායක – සිරස) වසර කිහිපයකට මත්තෙන් ආනන්දයේ මාධ්‍ය කවයේ හමුවකදී පොඩි චෝදනාවක් කළේය.

“අපි හයේ පන්තියෙ ඉන්න කාලෙදි චානුක අයියලා කොයිතරම් දේවල් සංවිධානය කළාද? අපිව ග්‍රහලෝකාගාරය බලන්න එක්කගෙන ගියා. අපි එඩ්වින් ආරියදාසලා කාලෝ ෆොන්සේකලාගෙ දේශන අහලා කොයි තරම් දේවල් ඉගෙන ගත්තද? අද වෙනවද ඒ වගේ දේවල්?”

“මාත් පැත්තකින් හිටියා තමයි…” මම ඔහුට බාධා කරමින් කීවෙමි. “…ඒත් ඒවා සංවිධානය කිරීමේ ගෞරවය යන්න ඕනැ වෙන කෙනෙකුට”

කිංස්ලිලාව හයේ පන්තියේදී බස් පහකින් ග්‍රහලෝකාගාරය බලන්නට රැගෙන ගියේ සේනකය.

අනඳ නුවණ යම් ව්‍යාපෘතියකින් පසු ගත් ඡායාරූපයක්. සේනක (දකුණේ සිට තෙවැන්නා - ටයි පටියක් පැළඳ ) හා මම (වමේ සිට සිව්වැන්නා) දැන් ශත සංවස්තර ගොඩනැඟිල්ල ඇත්තේ අප සිටගෙන සිටින බිමෙහිය. පසුපසින් පෙනෙන්නේ දෙමහල් විද්‍යාගාරයයි. (1984-5)

සේනක කළුබෝවිල අපේ උසස් පෙළ පන්තියට එක්වන්නේ මාස දෙකක් ප්‍රමාද වීය. හේතුව ඔහුට යම් කිසි සැත්කමකින් පසුව විවේක ගැනීමට සිදුව තිබීමයි. ඔහු පන්තියට ආවේද කිහිලිකරු දෙකක ආධාරයෙනි.

සුලෝචන සර් ඒ වන විට ත්‍රිකෝණමිතිය අවසන් කොට අවකලනය පටන් අරගෙනය. විජේතුංග සර් බල විභේදනය හා ඝූර්ණ අවසන් කරන්නට ඔන්න මෙන්නය. හයවැනි ශ්‍රේණියේ පටන් සාමාන්‍ය පෙළ දක්වාම පන්තියේ පළමුවැනියා වූ සේනක මාස දෙකක අඩුව තමන්ට පුරවා ගත හැකිය මුලදී සිතුවේය. නමුත් උසස් පෙළ ගණිතය සාමාන්‍ය පෙළ ගණිතයෙන් කොන්ටම් පිම්මක් බව ඔහුට මඳ කලකින්ම අවබෝධ විය.

“මචං මට පොඩි උදව්වක් ඕනැ” සේනක මා පැත්තකට කරගෙන කීවේය.

“මොකද්ද?”

“මචං මෙහෙම ගියොත් මට වෙන්නෙ අවුරුද්දක් මිස් කර ගන්න. මට මේ ඔක්කොම ග්‍රීක් වාගෙ. ටියුෂන් ගියත් වැඩක් නෑ, මේ කොටස් කරල ඉවරයි. උඹට බැරිද මට ඉස්කෝලෙ ඇරිල මඟ හැරුණු පාඩම් කියල දෙන්න? ෆිසික්ස්, කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් නෑ. මැත්ස් සබ්ජෙක්ට්ස් දෙකට විතරයි. කරදරයක් නෙවෙයි නම් විතරයි”

එය ඇත්තටම කරදරයක් විය. මන්ද යලට මහට පමණක් පන්තියට ගිය මටද ඒ වන විට මේ විෂයයන්හි සමහර කොටස් අල්ලා ගැනීමට තරම් හැකියාවක් ලැබී නොතිබුණු නිසාය. නමුත් මේ බෑ කියන්නට බැරි ආයාචනයකි.

මාස දෙකක පමණ කාලයක් මම සතියට දිනක්, දෙකක් පාසලින් පසු නැවතී සේනකට පාඩම් කියා දුන්නෙමි. සේනකගේ පවුල ඒ වන විට සිටියේ බැලුම්මහරය. කිහිලිකරු වලින් ඇවිදින ඔහුගේ අපහසුව සලකා පාසලට නුදුරින් විසූ මුස්ලිම් මිතුරකු සේනක මාලිගාවත්තේ තම නිවසෙහි නතර කර ගෙන තිබුණේය. පාඩම් කියා දීම සිදුවූයේ මෙහිදීය.

මේ මා නාගරික මුස්ලිම් සංස්කෘතියේ සැබෑ ස්වරූපය දැනගත් පළමු වතාවයි. සේනකගේ මිතුරා දුප්පත්ම කිව නොහැකි වුවද පහළ මධ්‍යම පන්තියටද පහළින් වූ පවුලකට අයත් විය. පිටතින් බැලූ විට අතිශයින් කුඩාවට පෙනෙන මේ ගෙදර ගුහාවක් බඳුය. ලී බඩු තිබුණේ අල්ප වශයෙනි. අඩුම ගණනේ මිනිස්සු ගැහැණු හා ළමයි විසි පහක් තිහක් විස්තෘත පවුලක් වශයෙන්

මේ කුඩා ඉඩ බෙදා ගත්තෝය. අප වැඩ කරන මේසයට යාබද ඇඳෙහි සමහරවිට දෙතුන් දෙනකු නිදිය. සාලයේ හැම විටම දහයක් පහළොවක් දෙමළෙන් කෑ කෝ ගසමින් රූපවාහිනිය නරඹති.  අල්ලපු ගෙදර ගෝරියකි. මට නම් මේ ඉගෙන ගන්නට තියා කෙටි කලකට වත් නතර වෙන්නට නොහිතෙන පරිසරයකි. එහෙත් සේනක මේ කට්ට කාගෙන හරි හැටි ඇවිදින්නට පුළුවන් වෙන තෙක් එහි රැඳී සිටියේය.

සේනක මගේ ජීවිතයේ හමු වූ ධෛර්යසම්පන්නම පුද්ගලයෙකි. උසස් පෙළ සමයේ පටන්ම ඔහුට දරුණු සෞඛ්‍ය ගැටළු තිබුණේය. නමුත් මේ සෞඛ්‍ය ගැටළු රුසියාවට ගොස් ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමට හෝ ඉන්පසු ලන්ඩනයට සංක්‍රමණය වී එහි රැකියාවක් කරමින් පදිංචි වීමට හෝ බාධාවක් කර ගත්තේ ඔහු නොවේ.

සේනක මේ ලියන්නේ 2009 දෙසැම්බර් මාසයේදීය.

Some days I can not speak clearly and I am getting tired very quickly. I’ll call you when possible. Herewith I have attached the Full History of my illness. This illness has been giving problem to me since age of ten. But it wasn’t diagnosed until few years ago. Do you remember I came to the A/L class by clutches as it had effected the bone of my right ankle? Then in Russia I cam back with the fluid in my left lung. That was also the progress of the illness. Then in the UK I had fluid in the Right Plural Cavity. So this illness has been haunting me through out my life without me knowing about it.

මේ ලිපිය කියැවීමේදී සේනකගේ අප්‍රතිහත ධෛර්යය මට යළි සිහිවිය.

උසස් පෙළ සමයේදී ඔහු සභාපතිත්වය දැරූ අනඳ නුවණ සමාජයෙන් අපි ආධාර චිත්‍රපටයක් සංවිධානය කළෙමු. ටිකට් විකුණුවේ රුපියල් දහයට හා විස්සටය. චිත්‍රපටය මතක හැටියට “සිරිපාල සහ රන් මැණිකා”ය. එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නොවේ. අපට එය දර්ශනය පිණිස විද්‍යාලයෙන් අනුමැතිය ලැබී තිබුණේය.

දර්ශනයට පෙර දින සේනකට විදුහල්පතිතුමන්ගෙන් කැඳවීමක් ලැබිණි. ඔහු කාර්යාලයෙන් එළියට ආවේ මුහුණ ඇඹුල් කර ගෙනය.

“මචං කවුද සර් කෙනෙක් ප්‍රින්සිපල්ට කියල තියෙනව මේකෙ ඉස්කෝලෙක පෙන්නන්න නුසුදුසු සීන්ස් ටිකක් තියෙනව කියල. මං පුළුවන් තරම් උත්සාහ කළා එහෙම නෑය කියල කියන්න. කුඩලිගම සර් කැමැති වුණේම නෑ. ඉස්කෝලෙක පෙන්නන්න පුළුවන් දෙයක් පෙන්නන්න නැත්නම් කැන්සල් කරන්න කියලයි කියන්නෙ” ඔහු කීය.

“කැන්සල් කරන්න බෑ. අපි අනෙක් ඉස්කෝල වලත් ටිකට් විකුණුව. දැන් ඒ ළමයි ආවාම මොකද කියන්නෙ?” අනෙක්හු සේනක ගිරයට හසු වූ පුවකක් කළහ.

“උඹ ටිකක් මෙතැන බලාගෙන ඉඳපං. මං මොකක්  හරි විසඳුමක් හොයා ගන්නම්” කියූ ඔහු අත තිබූ ෆයිල් කවරය මට දී එළියට ගියේය.

ඔහුගෙන්ම දැන ගත් පරිදි කථාවේ ඉතිරි කොටස මෙසේය.

ආදේශක චිත්‍රපටයක් හොයමින් සේනක තනිවම සිනමා ශාලාවෙන් ශාලාවට ගොස් තිබේ. මුල් සිනමා ශාලවල තුනේදීම ඔහුගේ වෑයම සාර්ථක නොවීය.  එක්කෝ චිත්‍රපටයක් නොතිබිණි. (වැඩිපුර චිත්‍රපටයක් සිනමා ශාලාවක ඇත්තේ පෙන්නා අවසන් කොට නැවත ගෙන යන තුරු පමණෙකි.) නැතිනම් තිබුණු චිත්‍රපටය නොගැළපුණි. දැන් සේනක අඬන ගානට ඇවිත්ය. සිව්වැනි සිනමා ශාලාවේදී ඔහුට යාන්තම් වැඩක් ගත හැකි චිත්‍රපටයක් ලැබුණේය. එහෙත් ඒ ඉංග්‍රීසි චිත්‍රපටයකි.

“කට්ටිය එන්නෙ ජනප්‍රිය සිංහල චිත්‍රපටියක් බලන බලාපොරොත්තුවෙන්. ඉංග්‍රීසි චිත්‍රපටියක් පෙන්නකොට අපට හූ තියාවි” සේනක ඇඬුම් මූණින් සිනමාහල් කළමණාකරුට කීවේලු. මේ බොරුවට නොව ඇත්තටම ඇති වූ ඇඬීමකි.

සේනක ගැන මැනේජර්ට කොයි තරම් දුක හිතුනාද කිව්වොත් එවේලේම තවත් සිනමාහල් කිහිපයකට කථා කළේලු. (මේ ජංගම දුරකථන භාවිතයට පෙර යුගයේය.) සෑහෙන වෙහෙසකින් පසුව මේ සාමූහික ප්‍රයත්නයෙන් කරදරයකින් තොරව ආදේශ කරගත හැකි චිත්‍රපටයක් – “ගැහැණු ළමයි” – සොයා ගත හැකිවිය. අපි දර්ශනය අවලංගු නොකර අවමානයෙන් ගැළවුණෙමු.

මා විද්‍යාලයේදී සංගම් වැඩ වැඩි හරියක් කර ඇත්තේ සේනක සමඟය. මේ ඒ කිසිදු සංගමයක ප්‍රධාන නිලයක් වත් නොදරමිණි. නිකම්ම උණට කළ මේ වැඩ ගැන මගේ පාසල් හැරයාමේ සහතිකයේවත් කිසිම සඳහනක් නොවේ. නෙල්සන් සර් හදිස්සියට ලියා දුන් එහි ඇත්තේ මා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධායකයකු වූ බව පමණෙකි.

ආනන්දයේ ශත සංවස්තර සමරු ප්‍රදර්ශනය පිණිස සේනක, මම, ෆරීඩ් (දැන් ආචාර්ය නව්ශාබ් ෆරීඩ්), කමල් (කමල් පෙරේරා දැන් විදිලි බල මණ්ඩලයේ ඉහළ නිලයකය ) හා චේතිය (ඔහුට නම් මක්වීද නොදනිමි.) එකතුව “2050 ලෝකය” නිර්මාණය කළෙමු. මා ජීවිතයේ පළමුවරට ආචාර්ය ආතර් සී. ක්ලාක් හමුවූයේ එපිණිස උපදෙස් ලබා ගැනීම සඳහාය. මේ හමුව පවා සංවිධානය කළේ සේනකය. ඔහුගේ ලෝකයේ බැහැය කියා දෙයක් නොතිබිණි. හිතුන හැම දෙයක්ම කළේය. අපට බොහෝ විට තිබුණේ පස්සෙන් යාම පමණෙකි.

උසස් පෙළින් පසු අපේ පන්තිය තුනට කැඩුණේය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලද අපි ඊට සූදානම් වීමු. ප්‍රතිඵල මඳ වූවෝ දෙවන වර විභාගයට සැරසුනහ. සේනක සිටියේ මේ අතරමැදය. එසේ වුවද ඔහු සමඟ මගේ යම් කිසි සන්නිවේදනයක් තිබුණේය. එය බිඳුනේ උසස් අධ්‍යාපනය පිණිස ඔහු රුසියාවටත්, මා ඉන්දියාවටත් ගිය පසුවය.

සේනක සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ (2011)

අප ෆේස්බුක් එකෙන් හමුවූයේ තවත් බොහෝ කාලයකට පසුවය. වර්තමානය දීර්ඝ මිතුරුදම් පවත්වාගත හැකි කාලයක් නොවේ. අපි ඉඩ ලද විටෙක චැට් කළෙමු. ඊයක් දෙකක් හුවමාරු කර ගතිමු. මා සිටියේ කොළඹය. ඔහු සිටියේ ලන්ඩනයේය.

“ලංකාව පැත්තෙ හෙම එන්නෙ නැද්ද ළඟදි?” මම වරෙක ඇසුවෙමි.

කලින් රෝගය තවමත් ඔහුට වදදෙමින් ඇති බැව් මා දැන ගත්තේ එවිටය.

“මට ආයෙ කවදාවත් ලංකාවට එන්න බෑ, චානුක” ඔහු කීවේය. “මගේ පෙනහළු දුර්වයි. දූවිලි වැදුනොත් ජීවත් වෙන්න බැහැ කියලයි දොස්තරලා කියන්නෙ”

සේනක ඊයේ මිය ගිය බව දැන ගතිමි. ආරංචිය කිව්වේ දැනට චිකාගෝවේ පදිංචි, උසස් පෙළ සමයේ මගේ දේශපාලන සගයා වූ නන්දන කුරුවිටගේය. (නන්දන කුරුවිටගේද වෙනම සටහනක් ලිවිය යුතු තරම් අපූර්ව චරිතයකි. එය පසුවට.)

මේ මරණයට දිනකට පෙර සේනක නන්දනට යැවූ ඊයකි.

How are you? I couldn’t contact you recently. I have been having a very difficult period since 27th July as I suffered from a major heart attack on that day. My wife and children were in Sri Lanka for the summer holiday. They went 20th July for six weeks. But they had to return early due to my heart attack. I had a good friend and a couple to look after me.

I had an ‘Angioplasty’ to put a stent in my ‘Left Main Stem’ artery. It was 100% blocked for some reason. I am still not fully recovered. That’s why I couldn’t contact you by Skype. It’s very difficult for me to speak in the evening as I am getting tired. I could not reply last night ..

ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි සේනකගේ දේහය අවසන් කටයුතු පිණිස ලංකාවට රැගෙන ඒමට සූදානම් කොට ඇති බව විකුම් සිංගප්පුලිගේ ආනන්ද විද්‍යාලයීය ශත සංවස්තර කණ්ඩායම් සගයින්ට දන්නා තිබුණු බව දිටිමි.

30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක්
කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු සේ නැඟී සිටින මේ දැවැන්ත මිනිසා සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම් නිවුනකු දැයි මම එදා පසක් කළෙමි.

ඉන්පසු අවස්ථාවක ගුණසිංහ මහත්තයාගේ නොපළ පොතක් ප්‍රකාශකයකු විසින් බලෙන්ම වාගේ රැගෙන ගොස්, ගිවිසුමකින් හෝ කිසිම අවසරයකින් තොරව පළකරන්නට සූදානම් වූ මොහොතෙහි එය විසඳා දෙන්නැයි මම කේ, ජයතිලකයන්ටද, ගුණසේන විතාන හා කුලසේන ෆොන්සේකා මහතුන්ටද ලීවෙමි. මගේ ලිපියට ඉතාම ඉක්මණින් ප්‍රතිචාර දැක්වූ ජයතිලකයෝ “බය වෙන්න එපා, ඒක මං බලාගන්නම්” කියා දුරකථනයෙන් පිළිතුරු දුන්හ. ඔහු ඒ පොරොන්දුව එසේම ඉටුකළ බවද කෘතඥතාපූර්වකව සටහන් කළ යුතුය. මතක හැටියට ගිවිසුම අස්සන් කරන අවස්ථාවෙහිම කර්තෘ භාගයෙන් තුනෙන් එකක් දෙන්නට ප්‍රකාශකයා කැමැති කරවා ගත හැකි විය. මේ ලේඛකයකුගේ හා ප්‍රකාශකයකුගේ භූමිකා දෙකම රඟපා තිබූ ජයතිලක මහත්තයා ලේඛකයකුගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වීමක් කළ එකම වතාව නොවෙතැයි සිතමි.

ඒ හැරුණු විට මා කේ ජයතිලක නම් ලේඛකයා දැන සිටියේ සාහිත්‍ය ලෝකයේදී පමණෙකි. ඒ ගැන නම් බොහෝ කාරණා කිව හැකිය. නමුත් ඒ සියල්ලට පළමු මට තවත් අතුරු කතාවක් සිහි වේ.

1976 වසරේදී මමත් අයියාත් තාත්තාත් “ඇහින්දාස්” නඩයක් සමඟ තිරිකුණාමලයේ තෙදින සංචාරයකට සහභාගි වීමු. නංගී පොඩි නිසා අම්මා ඊට එක් නොවූවාය. මෙවිට මගේ වයස අවුරුදු නවයකි.

බොහෝ සංචාරයන්හිදී සිදුවන්නාක්සේම බසයේ පසුපස ආසනයන්හි සංගීත සාජ්ජයක් විය. ඉදිරි අසුනක සිටියද මේ සංගීත සාජ්ජය ගැන උනන්දුවක් ඇති වූ නිසා මා සිටියේ පසුපස හැරී ආසනය මත දණ ගසාගෙනය. ඉඳහිට තාලය දන්නා ගීයකට අත්පුඩි ගසමිනි.

ටික වේලාවකින් බස් රථයේ අපේ ආසනයට පසුපස ආසනයේ සිටි කාන්තාව මා හා කතාවට වැටුණාය. ඇය සිටියේ ඇගේ දියණියන්ය සිතිය හැකි යොවුන් වියෙහි අක්කලා දෙදෙනකු හා මට ටිකක් විතර වයස ඇගේ පුතාය සිතිය හැකි අයියා කෙනකු සමඟය. මගේ පොත් කියැවීමට ඇති රුචිය වටහා ගැනීමට ඇයට වැඩි කාලයක් ගත වූයේ නැත.  (ඒ වන විටත් මම පොත් කාවකුව සිටියෙමි. තේරුණත් නොතේරුණත් ගෙදර ඇති හැම පොතක්ම කියැවීම මගේ සිරිතය.) ඉන්පසු අප අතර දෙබස මෙසේ විය.

ඇය: ඔයා වැඩියෙන්ම ආස පොත මොකද්ද?

මම: මඩොල් දූව

ඇය: ඔයා දන්නවද කවුද ඒක ලිව්වෙ කියල?

මම: ඔව්. මාර්ටින් වික්‍රමසිංහ

ඇය: මාර්ටින් වික්‍රමසිංහ ඇරුණාම ඔයා තව කවුද පොත් ලියපු කට්ටිය දන්නෙ ?

මම: ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ටී. බී. ඉලංගරත්න, කේ ජයතිලක…

ඇය: ඔයා කේ. ජයතිලකගෙ කියවල තියෙන පොත් මොනවද?

මම: චරිත තුනක්, පුනරුප්පත්තිය…

(ඇගේ ඇස් එක පාරට උඩ ගියේය.)

ඇය: (තම දියණියට) මෙන්න මෙයා ‘පුනරුප්පත්තිය’ කියවල තියෙනවලු…

(ඉන්පසු ඔවුන් සියල්ලෝම කතාකරගත්තාක් මෙන් එකපාරටම සිනාසුනෝය. ඒ ඇයිදැයි මට වැටහුණේ නැත.)

ඇය: ඇයි ඔයා, කේ ජයතිලකගෙ ඉස්සරහ බලන්නෝ, පුංචි වළාකුළ හා පුංචි පුතා, ඉරුණු බළලා වගේ ළමා පොත් කියවල නැද්ද?

මම: ආපෝ, මං ඒව කියවල තියෙන්නේ එකේ පන්තියෙදිනෙ. දැන් මම ඉන්නෙ තුනේනෙ.

ඇය තමා කවුදැයි මට නොකීවාය. මා එය දැන ගත්තේ පසුවය. ඒ කේ. ජයතිලකයන්ගේ පිය බිරිය සුමන ජයතිලක නැන්දාය. ‘නැන්දා’ කීවේ අපේ පරම්පරාවේ බොහෝ දෙනකු ඇය දැන සිටියේ එලෙස නිසාය. පසු අවස්ථාවකදී ඇය මට ඇය ගුවන් විදිලි සංස්ථාවේ එවකට මෙහෙයවූ “හඳමාමා” ළමා වැඩ සටහනට ගීයක් කීමේ අවස්ථාවක් ලබා දුන්නාය.

ලේඛකයකු හා පාඨකයකු අතර ඇති ගනුදෙනුව සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ජයතිලක මහත්තයාගේ සියළුම පොත් වාගේ කියවා ඇති හෙයින් මා සම්බන්ධයෙන් ඒ ගනුදෙනුව දිගය. ඒ ගනුදෙනුවට අදාළ සියළු කාරණා තනි වියුණු සටහනකට ගොණු කළ නොහැකිය. එනිසා කාලය හා සම්බන්ධ සීමාද සැලකිල්ලට ගෙන මෙහි සටහන් කරනුයේ මගේ මතකයට මුලින්ම එන කරුණු කිහිපයක් පමණෙකි.

තරුණ ජයතිලක සමසමාජ කාරයෙකි. ඒ බව ඔහු “පුංචි පැලේ ගස වෙනා” නම් තම ස්වයං ලිඛිත චරිතාපදානයෙහි ඍජුවද, තවත් කෙටිකතා කිහිපයක වක්‍රවද සඳහන් කරයි. ඔහුගේ අනුත්තර නායකයා වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

තරුණ ජයතිලක ඇන්. ඇම්. පෙරේරා වෙත ඇදී යාමට හේතුව මට වටහා ගත හැකිය. ජයතිලකගේ පවුල් පසුබිම පහළය. ගැමිය. ඊට කිට්ටුවෙන්ම යන පවුල් පසුබිමක් ඇති සමසමාජ නායකයා ඇන්. ඇම්. පෙරේරාය. ෆිලිප් හා රොබට් ගුණවර්ධන වලව්කාරයෝය. කොල්වින් ආර්. ද සිල්වා ගමක උපත ලදුවත් පෙනී සිටින්නේ ඉංගිරිසි පන්නයට හැදුණු නාගරික උගතකු, නීතිඥයකු ලෙසිනි. වික්‍රමසිංහ වෛද්‍යවරයෙකි. පීටර් කෙනමන්ලා වෙනමම සංස්කෘතියකට අයත්ය. තරුණ ජයතිලක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තුළින් තමා දුටුවා විය හැකිය.

ජයතිලකගේ ඇන්. ඇම්. පෙරේරා භක්තිය බිඳී යන ආකාරය අපූර්ව කථාන්තරයකි. ඔහු ඇන්. ඇම්. පෙරේරා තුළින් දකින්නට බලාපොරොත්තු වන, “අපෙන් එකෙකි මේ මිනිසා” කිව හැකි පුද්ගලයා, සමීප සගයා කිසිම දවසක ඔහුට හමු නොවේ. ඇන්. ඇම්. පෙරේරාට අවශ්‍ය මිතුරන් නොව අනුගාමිකයින්ය. තමන් සියල්ල දත්තකු සේ ඔහු පෙනී සිටී. අනුගාමිකයන්ගෙන් ඔහු බලාපොරොත්තු වන්නේ අළුත් අදහස් නොව තමන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමය. මේ අනුගාමිකයන් තමන් හා එක මේසයේ වාඩිවී ආහාර ගන්නට නිස්සන් වේ යැයි ඔහු කල්පනා නොකරයි. තමන් නායකයාය. අනුගාමිකයෝ කොඩි දාන්නෝය; පෝස්ටර් ගසන්නෝය; අසා සිටින්නෝය; අත්පුඩි ගසන්නෝය; තමන්ගේ මතයට එරෙහිව වචනයක් වත් නොදොඩන්නෝය.

තමා ඇතුළු තරුණයන් පිරිසක් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා ෆිලිප් ගුණවර්ධන සමඟ සල්ලාපයෙහි යෙදී හුන් අවස්ථාවක් ගැන ජයතිලක මහත්තයා තම චරිතාපදානයේ මෙසේ සඳහන් කරයි: (උපුටනය මතකිනි.) “ඔවුන් දෙදෙනාම අප සමඟ හොඳින් කථා කළහ. ඔවුන් අප සමඟ කථා කළේ සිංහලෙනි. එහෙත් ඔවුන් දෙදෙනා අතර ඉතාම සුළු අදහසක් වුව හුවමාරු කර ගත්තේ ඉංගිරිසියෙනි. මෙය හිතා මතා කළ දෙයක් නොවන්නට පිළිවන. එහෙත් මට හැඟුණේ එය අපට කළ අපහාසයක් හැටියටය. මොවුහු අපේ නායකයෝ නොවෙති. ඉහළ අහසේ සැරි සරණ අතරතුර ඉඳහිට ගොදුරක් සොයා පොළෝ මට්ටමට පහත් වන ගිජු ලිහිණියෝම වෙති.”

මාක්ස් හා ට්‍රොට්ස්කි හැරුණු විට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිතර උපුටා දක්වන බටහිර දාර්ශනිකයන් කීප දෙනකුම වෙයි. (මේ නම් මට දැන් අමතකය.) මේ දාර්ශනිකයින් ගැන කෙතෙක් උනන්දුවක් දක්වන්නේද යත් අසීරුවෙන් ඉංගිරිසි ඉගෙන ගන්නා තරුණ ජයතිලක ඔවුන්ගේ පොත් කියැවීමට පෙළඹේ. ඉන්පසු ඇන්. ඇම්. පෙරේරා හා කතා බහේදී ඔහු මේ ලේඛකයන් උපුටා දක්වන්නේ තම ගුරුවරයා ඉන් සතුටුවේය යන අදහස ඇතිවය. නමුත් වන්නේ එහි අනෙක් පැත්තය. තම අනුගාමිකයා තමන්ගේම පරවේණි බුත්තියට ලියාගෙන සිටි දාර්ශනිකයන්ම ලන්ඩනයට ගොස් තමන් සේ “ශිෂ්ට අධ්‍යාපනයක්” නොලැබූ ගෝලයා විසින් උපුටා දක්වන කළ ඇන්. ඇම්. පෙරේරා කිපෙයි. ඔහුගේ මුහුණ අඳුරු වේ. ජයතිලක මහත්තයා ආචාර්ය පෙරේරාද දේශපාලනයද හැර යන්නේ මේ සිද්ධීන් නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය ඇතිවය. මෙරට සම්මත වම ඔහු වැන්නන් බලාපොරොත්තු වූ “දේශීය සමාජවාදය” ගොඩ නැඟීමට අපොහොසත් වෙයි. ජයතිලක මහත්තයාද ඔහුගේ පන්තියේ සමකාලීනයන් බොහෝ දෙනකු මෙන්ම “සිරිලංකා කාරයකු” බවට පත්වෙයි.

ජයතිලක මහතාගේ පොත් ගැන මේ සති අන්තයේ පුවත්පත් වල ඔහුගේ පොත් කියැවූ හා නොකියැවූ බොහෝදෙනකු විසින් ලියනු ඇතැයි සිතමි. ඔහු විසින් ලියන ලද සියළු පොත් අතරින් මගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ අප්‍රකට හා මේ අතර සඳහන් නොවන ග්‍රන්ථයකි. “මනඃ කල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකථාවක්” නම් එය මේ වන විට අලෙවියේ ඇද්ද යන්න පවා සැක සහිතය. මට හිතෙන විදියට මේ දාර්ශනික නවකතාව ජයතිලක මහත්තයාගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර ඵලයයි. එය අගක් මුලක් නැති කතාවකි. එසේම එහි වීරයෝද දුෂ්ඨයෝද නොවෙති. එය එක් ගමක එකෙනෙක හා නොබැඳුණු සරල චරිත කිහිපයක සංකීර්ණ විකසනය විස්තර කරන සාම්ප්‍රදායික නවකථා පාඨකයකු නම් මුල් පිටු කිහිපයෙන්ම ඉවත ලන ආකාරයේ නවකතාවකි. පාඨක විචාරක අවධානයට නොබඳුන් වූ මේ කෘතිය මම ඔහු විසින් ලාංකීය සමාජය වඩාත්ම හොඳින් නිරූපනය කළ එක සේ දකිමි.

ඉක්මණින් පළ කිරීම පිණිස කෙටියෙන් ලියන මේ සටහන සම්පූර්ණ වන්නට නම් ජයතිලක මහත්තයා තම ජීවිතයේ අවසාන භාගයේ ලියූ පතපොත ගැනද යමක් ඊට ඇතුළත් විය යුතුය. අසූ ගණන් වල පමණ ලියූ මා කලින් කී නවකතාවෙන් පසුව ඔහු අරඹා ඇත්තේ බහින කලාව බව මගේ අදහසයි. විශේෂයෙන්ම “වර්ණය ඡන්දය හා මනාපය” යන නවකතාවෙහි හා “සිංහලයේ ආරම්භය හා අවසානය” යන විචාර ග්‍රන්ථයෙහි ඔහු තමන්ගේ දේශපාලන දර්ශනය හා අනුගත දුර්මත රාශියක් පාඨකයාට ඉදිරිපත් කරයි. මේ ජයතිලකයන්ම වරෙක සඳහන් කළ “උගතුන් මහළු වෙද්දී විකාර දෙඩවීමේ රෝගයේ” ප්‍රතිඵලද මම නොදනිමි.

1925දී උපත ලද ජයතිලක මහත්තයා මියයන්නේ අපේ කාලයේ පරමායුෂ විඳීමෙන් අනතුරුවය. එසේම ඔහු අවසාන වසර කිහිපය සාහිත්‍යකරණයෙන් ඇත්ව සිටියේය. එබැවින් ඔහුගේ වියෝව බොහෝ දෙනකු ලියන පරිදි දරුණු සංවේගයට හේතුවක් යැයි බොරු ලියන්නට මම පැකිළෙමි. එසේම “කන්නිමහර ප්‍රාඥයා” ලෙස නම් කරමින් ඔහු මාර්ටින් වික්‍රමසිංහ මට්ටමට ඔසවා තැබීමේ වෑයමටද මට සිනා පහළ වේ. එතකුදු වුවත් ජයතිලක මහත්තයා ලේඛකයකු ලෙස සිංහල සාහිත්‍යයට අනුපමේය මෙහෙයක් කළ පුද්ගලයෙකි. ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුය සිතමි.

29. මහාචාර්ය මැන්දිස් රෝහණධීර නම් මිනිසා හා තවත් අතුරු කතා කිහිපයක්
මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන ඔහු ගැනම නොවන නිසාය. සිව්වනුව මවිසින් විනා අන් කිසිවකු විසින් නොලියැවෙන කොටසක්ද මේ සිහිසටහන් අහුරෙහි ඇති නිසාය.

මහැදුරු රෝහණධීරයන්ගේ කුටුම්භය සමඟ මගේ සම්බන්ධය ආරම්භ වන්නේ 1974 තරම් ඈත කාලයකදී අශෝක කණිෂ්ඨ විද්‍යාලයේදී ඔහුගේ කණිටු පුත් හරිගුප්ත රෝහණධීර (ගුප්ත) පළමුවැනි ශ්‍රේණියේදී මගේ පන්ති සගයකු වීම සමඟය. එතැනින් ඇරඹුණු අපේ නොබිඳුණු මිතුදමට මේ වන විට වසර 37ක් වයසය. ගුප්ත අද අළුත්කඩේ උසාවියේ නීතිඥයකු සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකයකුද වේ. අවංකව කියන්නේ නම් මට ගුප්තගේ දේශපාලනය හා රටේ සාමාන්‍ය දේශපාලනය අතර ලොකු වෙනසක් නොපෙනේ. නමුත් අපේ දීර්ඝකාලීන මිතුදම, දේශපාලනය මායිම් නොකොට ඔහු වෙනුවෙන් 2010 මහ මැතිවරණයේදී සුළුවෙන් හෝ යමක් කරන්නට මා පෙළඹවූ බව සටහන් කළ යුතුය.

පියා සහ පුතා - මහාචාර්ය මැන්දිස් රෝහණධීර සමඟ ගුප්ත

රෝහණධීර කුටුම්භය සමඟ මගේ දෙවන සම්බන්ධය ඇරැඹෙන්නේ මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ පිය බිරිය අශෝක කණිෂ්ඨ විද්‍යාලයේදීම මගේ ඉංගිරිසි ආචාර්යවරියක වීම සමඟය. මුළු ජීවිත කාලයටම මම ඉංගිරිසිය පිණිස සියයට සීයක් ලකුණු ලබාගෙන ඇත්තේ හතරේ පන්තියේදී රෝහණධීර ටීචර් යටතේ පමණක් බව මතකය. මඟතොටදී නිතර හමුවන ඇය තවම මොහොතක් නැවතී මගේ විස්තර අසයි. “ඔය ගොල්ලො හොඳින් ඉන්නවා දැකීමෙන් තමයි අපිත් සන්තෝස වෙන්නෙ” කියයි.

පසු කලෙක මගේ වෘත්තීය සගයෙක් මහාචාර්යතුමන්ගේ දියණියක සමඟ විවාපත් විය. ඔහු හමුවීමටද මම වරෙක දෙකක රෝහණධීරයන්ගේ නිවහනට ගොඩ වැදී ඇති බව මතකයි.

මේ සියළු දේ අතර මහැදුරු රෝහණධීරයන් ගැන කියන විට මට අනිවාර්යයෙන්ම මට මතක් වන්නේ ඔහුගේ දෙටුපුත් වරුණය. මේ අහිංසකයාගේ කතාව අනිවාර්යයෙන්ම කිව යුතු එකකි.

වරුණ රෝහණධීර මට වඩා වයසින් අවුරුදු තුනක් හෝ හතරක් වැඩිමහළුය සිතමි. ඔහු අසාමාන්‍ය ළමයකු විය. ඒ ඔහුගේ කායික හා මානසික වර්ධනය අතර හිදැසක් තිබුණු නිසාය. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘මොංගල්’ ලෙස හඳුන්වන්නේ මෙවන් දරුවන්ය. වරුණ එසේ හැඳින්වීම සාධාරණද නොදනිමි. මා දැන සිටි වරුණගෙන් නම් මානසික රෝගයක ලක්ෂණ විද්‍යාමාන නොවීය. නමුත් ඔහු පන්තියේ සාමාන්‍ය වැඩ වලට අතිශයින් දුර්වල විය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීමට ඔහු දැඩි වෙහෙසක් දැරුවේය. එය හැම වසරෙකම ගඟට ඉණිමං කැපීමක් විය. නමුත් ඔහු ඒ නොතකා එක දිගට ටියුෂන් ආවේය. නිමලරත්න සර්ගේ ගණිත පන්තියේදී හා ගලප්පත්ති සර්ගේ විද්‍යාව පන්තියේදී මට වරුණ හමුවූයේ එසේය. මේ ඔහු සාමාන්‍ය පෙළ කරන්නට තැත්කළ තුන්වන හෝ සිව්වන අවස්ථාවය සිතමි. ගුරුවරු හැමදාම වරුණට කාරුණික වූහ. ඔහු ගෙදර වැඩ නොකළත් කවදාවත් බැනුම් නෑසුවේය. වරුණ බොහෝ විට කළේ සද්දයක් නැතුව පන්තියේ වාඩිවී සිට කළු ලෑල්ලේ ඇති දෙයක් ලියාගෙන ගෙදර යන එකය. ගුරුවරයකු වැරදිලා හෝ ප්‍රශ්නයක් ඔහුට යොමු කළේ නම් අහිංසක ලෙස සිනාසුනේය.

මේ වයසේදී මම දැනටත් වඩා තනියකු වීමි. අවබෝධකරගත හැකි ලෙසින් වරුණටද මිතුරන් වූයේ නොවේ. මේ දිනවල මම අයියාගේ පරණ බයිසිකලය පදිමින් පාර්ලිමේන්තුව පැත්තේ කරක් ගැසීම විනෝදාංශයක් කරගෙන සිටියෙමි. වරුණ ඒ හරියේම ඇවිදින්නට ආවේය. අපි ඉබේම හොඳ මිතුරන් වීමු. අප දෙදෙනා බොහෝ වේලා මේ අඩවියේ ගත කළ බව මතකය. වල්පල් කතා කරමින් කාලය කා දැමූ බවද මතකය. වරුණගේ සිත්ගත් යුවතියක අපේ ටියුෂන් පන්තියේ වූවාය. එය තනිකරම ඒකපාර්ශ්වික ආදරයකි. මා ඇය ගැන කියා නිතොර විහිළු කරද්දී වරුණ මුහුණ රතු කර ගත්තේය.

වරුණ රෝහණධීර බොහෝ දෙයින් සාමාන්‍ය තරුණයකු විය. එහෙත් නොමේරූ බුද්ධිය විසින් ඔහුට තීරණ ගැනීමේ දුබලතාවයක් දායාද කොට තිබුණේය. එනිසාම ඔහු ලෙහෙසියෙන් ඇන්දවිය හැකි විය. මිතුරන්ගේ ඕනෑ බොරුවක් ඔහු ප්‍රශ්න නො අසා විශ්වාස කළේය. මේ කෙනකුට ලෙහෙසියෙන් පාවිච්චියට ගත හැකි දුර්වලතාවයකි.

කවුරුන් හෝ ඒ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත්තාද විය හැකිය.

මා වරුණ සමඟ පාර්ලිමේන්තුව පැත්තේ ඇවිදින්නට යන කාලයේදීම රටේ බොහෝ දේ සිදුවෙමින් තිබුණේය.

මහාචාර්ය මැන්දිස් රෝහණධීර ජීවිතය පුරා බණ්ඩාරනායක මහත්තයාගේ සීරියස් අනුගාමිකයෙකි. “පනස් හයේ දරුවකු” වූ ඔහුගේ අදහස් පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් හා අපූරුවට සම්පාත විය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බොහෝ උගතුන්ට වූ උනන්දුව ඔහුටද තිබුණද “ආසයි-බයයි” නිසා එය දිනෙන් දින කල් ගොස් තිබිණි. එක්දහස් නවසිය අසු ගණන් වල මැද හරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකාරීන් නැතිව දරුණු අහේනියකට මුහුණ දුන් අවස්ථාවේ මේ තීරණාත්මක මොහොත උදාවිය. තිස්සමහාරාමය එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම බලයක් නොවූ ආසනයකි. මැරකම් වල අන්තය තෙක් ගිය එහි සටන වූයේ යූ ඇන් පිය හා ඒ වන විට තහනම් පක්ෂයක්ව අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) අතරය. යූ ඇන් පියේ හා ජේ වී පියේ මැර දේශපාලනය අතරට මැරයකු නොවූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර රිංගවීම කෙතෙක් උචිතද යන සැකය පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක තුළ පවා තිබුණු බව ගුප්ත මට කී බව මතකය.

කෙසේ වෙතත් අවසානයේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර තිස්සමහාරාමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ලෙස ක්‍රියකාරී දේශපාලනයට පිවිසියේය. අප ගුප්තට වද කොට මාළුපාන් පාටියක්ද ගත්තෙමු.

මීට මාස කිහිපයකට පසුව, පාර්ලිමේන්තුවේ මා සමඟ ඇවිද “යන්නම්” කියා ගිය වරුණ රෝහනධීර ගෙදර ගියේ නැත.

ඔහු උඩහමුල්ල පාර පැත්තෙන් යනු මගේ මිතුරකු වූ සඳරුවන් දැක තිබුණේය. ඒ වරුණගේ නිවෙසට කිලෝ මීටරයකට අඩු දුරෙකිනි. මේ ප්‍රේමදාස-ජවිපෙ-භීෂණ සමය බව සිහිකටයුතුය. නොම්මර තහඩු නැති සුදු වෑන් ගැන ඒ කාලයේද කතා බහක් විය.

එතැන් සිට වරුණ රෝහණධීරට කුමක් වීද යන්න අභිරහසකි. ඔහු වාතලයට අතුරුදන් වූවාක් සේ විය.

මේ සම්බන්ධ කට කතා බොහෝය. එක කතාවකට අනුව වසර කිහිපයකට පසුව ලලිත් ඇතුලත්මුදලි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන්ට කතා කොට යම් රහස් කිහිපයක් කියා තිබේ. මෙහි ඇත්ත නැත්ත මම රෝහණධීරයන්ගෙන් හෝ අඩු තරමින් ගුප්තගෙන් වත් විමසා නැත්තෙමි. මේ ඔවුනට අතිශය සංවේදී වේදනාකාරී මතකයක් බැව් මම දනිමි. එසේම ඒ කාලය වන විට ලලිත් ඇතුලත්මුදලි දැඩි ප්‍රේමදාස විරෝධියකුවී සිටි බවද අප අමතක කළ යුතු නොවේ.

නිතර සිනා මුසු මුහුණින් සිටි රෝහණධීර ටීචර්ගේ මුහුණේ සිනාවක් එතැන් පටන් මම කිසි දෙනෙක දැක නැත්තෙමි. මීට බොහෝ පසු කාලයක මහාචාර්ය රෝහණධීරයන් සමඟ කතාකරද්දී මම වරුණ ගැන මොකද්දෝ සඳහනක් කළෙමි. ඔහු එය නෑසුණා සේ කතාව වෙනතකට හැරවීය.

රෝහණධීරයන්ට පුතකු නැති වීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උගත් සංවිධායකයකුද නැති විය. මේ රෝහණධීරයන්ගේ ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයේ අවසානයයි. දාරක ප්‍රේමය විසින් ඔහුගේ දේශපාලනය පිළිබඳ වූ උනන්දුව ගිලගෙන තිබුණේය.

“ස්වාමීනි, පුතු ප්‍රේමය සිවිය සිඳී, සිවිය සිඳ හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තුළට වැද නවතී.”

(මහා වග්ග පාළීයෙන් සුද්ධෝදන රජතුමාගේ වචන)

යම් අවස්ථාවෙක මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගෙන් ඔහුට නැවත ආසන සංවිධායක කමක් භාර ගන්නා ලෙස පුද්ගලික ඇරැයුමක් වූ බැව් මම දනිමි. ඔහු එය කාරුණිකව පිළිකෙව් කොට ඒ අවස්ථාව තම පුතුට ලබා දුන්නේය.

“ගුප්තගේ හා වරුණගේ තාත්තා” ලෙස පමණක් මා දැන සිටි මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් හා පුද්ගලික සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමට මට හැකිවුයේ මෑතකදීය. 2004දී පමණ මා එවක සේවය කළ සමාගමේ මගේ ලොක්කා වූ කිත්සිරිට අළුත් ව්‍යාපෘතියකට අදහසක් පහළව තිබුණේය. ඒ දිවයිනේ ඕනෑම සිද්ධස්ථානයකට ගොඩ වදින සංචාරකයකුට යම් අංකයක් තම ජංගම දුරකථනයට ඇතුළු කොට ඒ සිද්ධස්ථානය ගැන විස්තරයක් ලබා ගැනීමේ මෙවලමක් නිර්මාණය කිරීමය. මීට ප්‍රධාන සම්පත් දායකයා ලෙස මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් සම්බන්ධ කර ගැනීමට අපි කල්පනා කළෙමු. කිහිප වතාවක් මේ සම්බන්ධයෙන් මහාචාර්යතුමා හමුවීමට ගිය බව මට මතකය. (යම් යම් හේතූන් නිසා මේ ව්‍යාපෘතිය සාර්ථක වූයේ නොවේ. කිත්සිරිගේ අදහස පසුව වෙනත් පාර්ශවයන්ට දැන ගැනීමට ලැබුණු අතර දැන් මොබිටෙල් විසින් මීට සමාන මෙවලමක් හඳුනා දී තිබේ.)

ව්‍යාපෘතිය අසාර්ථක වුවත්, මේ නිසා මහාචාර්යතුමන්ට තමන්ගේ පරිගණකය ලෙඩ දෙන විට හදා ගන්නට කෙනකු ගෙදර කිට්ටුවෙන්ම සොයා ගන්නට ලැබුණේය. ඒ මායි. එසේම මට මගේ ඉතිහාස දැනුම වර්ධනය කර ගැනීමට අපූර්ව උල්පතක් ලැබුණේය. පරිගණකයේ ප්‍රශ්නයක් ඇති වූ විටෙක ඔහු මෝටර් රථයෙන්ම පැමිණ මාව දාගෙන යයි. ඉන්පසු මා එය පිළිසකර කරන තුරු මගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. පරංගියා 1505දී කෝට්ටේ නොගිය බවත් 1506දී මුල්වරට පෘතුගීසි නෞකාවක් මෙරටට පමිණියේ ගාළු වරායෙන් බවත් ඔහු මට දිනෙක දීර්ඝ විස්තරයක් කළේය. කොම්පියුටර් හැදීම නතර කළ පසු මම මේ කටයුත්ත ගෝලයකුට පැවරීමි. ඔහුද කිහිප වතාවක් රෝහණධීරයන්ට උදව් කළ බැව් දනිමි.

ඉතිහාසඥයකු හා උගතකු ලෙස මහැදුරු මැන්දිස් රෝහණධීරයන් පළ කළ අදහස් සමඟ මා එකඟ නොවන තැන් ගණනාවකි. අපේ බොහෝ ඉතිහාසඥයින්ට මෙන්ම ඔහුටද මහාවංශයෙන් බැහැර ඉතිහාසයක් සිතිය නොහැකි විය. මහාවංශය (එහි කතුවරයාම වක්‍රම පිළිගන්නා පරිදි) ප්‍රබන්ධයක් මිස අපක්ෂපාතී සම්පූර්ණ ඉතිහාසය නොවේය ඔහු කිසි දිනෙක නොපිළිගත්තේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙස මහාවංශය කියැවීමේදී ගෛගර් පරිවර්තනය නොකියවා මුල් පාළි පොත කියවන ලෙස වැලිවිටියේ සෝරත මහතෙරුන්ගෙන් කමටහන් ලැබීම ඔහු විශාල ගෞරවයක් ලෙස සැලැකීය. නමුත් මෙයින් කියන්නේ මහාචාර්ය රෝහණධීරයන්ගේ පර්යේෂණ ශාස්ත්‍රීය නොවූ බව නොවේ. පොළොන්නරු යුගයෙන් පසු ලංකා ඉතිහාසය ගැන ඔහු ලියා ඇති සමහර දේ විශිෂ්ඨය. රයිගම හා කෝට්ටේ යුගය ගැන ඔහු තරම් ගැඹුරින් අන් කවරකු හෝ පර්යෂණ කර ඇත්ද මම නොදනිමි. මම මේ දැනුමින් ආලෝකය ලද දුහුනෙක්මි.

මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ගේ ඉංගිරිසි හා විද්‍යා අධ්‍යාපනය ගැන වූ අදහස්ද මම නොපිළිගනිමි. ඔහුට අනුව අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසියෙන් සිංහලට මාරු කිරීම මෙරට “පොඩිමිනිහා” ලද අති විශාල ජයග්‍රහණයකි. මේ නිසා රටෙහි ඇති වූයේ අධ්‍යාපනික ප්‍රබෝධයක් බව කියන ඔහු අද අප මුහුණ දෙන ගැටළු වලට එක් හේතුවක් ඉංගිරිසි අධ්‍යාපනය පරම්පරා ගණනකට අහිමි කිරීම බව නොපිළිගනියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ වුවද 1974 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා වූයේ හානියක් බව ඔහුගේ මතයයි. 1971 කැරැල්ලෙන් පසු අධ්‍යාපනයේ ඇති කළ යුතු වෙනස්කම් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩි හඬක් නැඟීමට ලැබුණේ ඔස්මන්ඩ් ජයරත්න නම් භෞතික විද්‍යා මහාචාර්යවරයාට බව කියමින් ඔහු විස්සෝප වෙයි. ඔහුට අනුව අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පොදු එකක් ලෙස තිබීම වැරදිය. එය විද්‍යා, කලා ලෙස වෙන් කළ යුතුය. ඉතිහාසය වැනි විෂයයන් ඉගෙනීමට සිසුන් ඇදී යන්නේ එවිටය. විද්‍යා විෂයයන් ඉගැන්වීමට වැඩි ඉඩක් වෙන් කිරීම නිසා ඉතිහාසය විෂය වෙනුවට “සමාජ අධ්‍යයනය” හඳුන්වා දීමෙන් සිරිමා බණ්ඩාරනායක රජය කර ඇත්තේ වරදකි. එහෙත් මේ ක්‍රමය නිසා කලකදී කලා විෂයයන් පමණක් හැදෑරීමට ගම්බද සිසුන්ට වූ අවස්ථාව විද්‍යා විෂයයන් උගෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීම දක්වා පුළුල් වූ බවත් රෝහණධීරයෝ පිළි ගනිති.

මා මහාචාර්ය රෝහණධීරයන් අවසාන වරට හමුවූයේ මාස කිහිපයකට මත්තෙන් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපිරි වෙළඳ හල ඉදිරිපසදීය. ඔහු තම බිරිය මිළදී ගැනීම් කටයුතු කර එනතුරු එතැන කල් මරමින් සිටියේය. මේ කවර හෝ හේතුවක් නිසා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායකගේ නම ප්‍රවෘත්ති වල නිතර කියැවුණු කාලයකි. මම ඔහු අසළට ගොස් “සර්, විද්‍යෝදයෙදි එස්. බී. දිසානායකට හෙම උගන්නල ඇති නේද?” ඇසුවෙමි. මේ මා උත්තරය දැන සිටි ප්‍රශ්නයකි. මට අවශ්‍ය වූයේ ඔහු අවුස්සා පැරණි රසාංග කීපයක් අසා ගැනීමටයි. “අපොයි, නැතුව!” කීවාක් මිස ඔහු ඒ ගැන ඊට වඩා යමක් නොකීවේය. සමහර විට මතකය හාරා ඇවිස්සීම ඔහුට වදයක් වන්නට ඇත.

මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ අභාවයෙන් රටට හොඳ මිනිසකු නැති විය. මේ සටහන කියවන්නන් ඔහු පිළිබඳ තම මතකය අවදි කරනු ඇතැයි සිතමි.

28. ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා
ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා

මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා

මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන පොඩ්ඩෙක් ගැන බව මතකය.

2007දී සුපුන් සුදාරක මා හැඳින ගන්නේ මලින්ත සමරකෝන් මාර්ගයෙනි. එවක දහසය හැවිරිදි සුදාරක රාජකීය විද්‍යාලයෙහි දහවන වසරෙහි ශිෂ්‍යයෙකි. මා සේවය කළ ආයතනයට මලින්ත විසින් යම් මෘදුකාංග මෙවලමක් නිර්මාණය කළේය. ඊට අවශ්‍ය වෙබ් ඉඩද ඩොමේන් නාමයන්ද ලබා ගැනීම කරන ලද්දේ සුදාරක හරහාය. එතැන පටන් මම කිහිප වතාවක් සුදාරක කඩේ යැවීමි. වෘත්තීය කටයුතු වලදී, විශේෂයෙන්ම මා LIRNEasia අයතනයේදී නායකත්වය දුන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය මැනීම පිළිබඳ වූ ව්‍යාපෘතියේදී මලින්තට හා කාලිංගට අමතරව සුදාරකගේද සහාය ලබාගන්නට මම තීරණය කළෙමි.

කොළඹ නගරය තුළ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන්හි ගුණාත්මක භාවය දක්වන පහත සිතියම සකස් කරන්නට කොළඹ සිට මීගමුවට, නිට්ටඹුවට, අවිස්සාවේල්ලට හා කළුතරට මා යැවූයේ සුදාරකවයි. ඔහු බසයක ගමන් කරමින් මෙහි දක්වා ඇති සියළු ස්ථාන වලදී මොබයිල් දුරකථන දෙකක් භාවිතා කරමින් ලංකාවේ ප්‍රමුඛ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නන් දෙදෙනකුගේ වේගයන් තෙවරක් බැගින් මැන්නේය. (ඔහු බස් රථයක යැවීමට අවශ්‍ය වූයේ සාමාන්‍ය තත්ත්වයන් හැකි තරමින් simulate කිරීමට අපට අවශ්‍ය වූ නිසාය.) මේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් තත්ත්ව සිතියම් ගොඩ නැඟීමේ මගේ පළමු පියවර වූ අතර මගේ අරමුණ වූයේ මෙවන් සිතියම් බ්ලොග්කරුවන් යොදා ගනිමින් ලංකාවේ අනෙකුත් නගර සඳහාද සකස් කිරීමය. මා 2010 අගෝස්තුවේ LIRNEasia ආයතනයෙන් ඉවත්වීම කරණ කොට ගෙන ඒ අරමුණ ඉටුකොට ගැනීමට නොහැකි වුවද, සුදාරකගේ දායකත්වය කෘතඥතාපූර්වකව සඳහන් කරමි. (මෙහිදී අදාළ සමාගම් දෙක හිතාමතාම නම් නොකරන ලද්දේ පරීක්ෂණය කරන ලද්දේ එක දිනෙයකදී පමණක් නිසාය. මෙවැනි පරීක්ෂණයකදී දත්ත එකතු කිරීම වැඩි වන තරමට අවසාන ප්‍රතිඵලයේ නිරවද්‍යතාවද වැඩිවේ. එක් දිනෙක දත්ත පමණක් ප්‍රකාශ කිරීම එක් සමාගමකට අසාධාරණ විය හැක්කේය.)

මලින්ත සමරකෝන්ගේ ග්‍රැෆික් නිර්මාණයකි. දත්ත හා සිතියමෙහි අයිතිය LIRNEasia ආයතනය සතුය.

මේ සටහන සුපුන් සුදාරක නැමැති පොඩ්ඩා කරන ලොකු වැඩ ගැනම නොවේ. සිංහල බ්ලොගවකාශයේ ඔහුගේ භුමිකාව බ්ලොගවකාශයට රහසක් නොවේය සිතමි. මට සුදාරක වැදගත් වෙනත් හේතුවක් නිසාය.

මම ලෝකයේ අනෙකුන්ගෙන් වෙනස් පුද්ගලයෙක්මි. සේකර ඇසූ පරිදි මා වෙනස් මැට්ටෙකින් නිර්මිත කළේ මන්දැයි නිර්මාපකයාගෙන් ඇසිය යුතු තරමට වෙනස් පුද්ගලයෙක්මි. හොඳට හෝ නරකට මගේ ගතිගුණ උරුම කරගත්තෝ අති දුබලය. මා ඉගෙනගත් හෝ සේවය කළ කිසි ආයතනයකදී මගේ හැකියාවන්, පුරුදු, ගතිගුණ, සිතුම් පැතුම් වලට සමාන චරිතයක් මට හමුව නැත. මම එතරමටම අනෙකුන්ගෙන් වෙනස්මි. මට කිට්ටුවෙන් හෝ සමාන විය හැකි කෙනකු මෙලොව ඇතැයි යන අදහස මා තැර ගත්තේ බොහෝ කලෙකට පෙරදීය. එසේ හෙයින් මම මගේම මනසෙහි මැවුණු අපූරු රටෙක එකම පුරවැසියා වීමි.

පුදුමයකට මෙන් සුදාරකගේ බ්ලොග් සටහන් කියවද්දී (ඔහු ලංකාවේ සිංහල බ්ලොග් එකක් පටන් ගත් පළමු දහදෙනා අතර කෙනෙකැයි සිතමි. එසේම එබඳු ළාබාල වයෙසකින් තනිව එවැන්නක් කළ එකම පුද්ගලයාද විය හැකිය.) ඔහුගේ Facebook එකට පිවිසෙද්දී, ඔහු කරන වැඩ (හපන්කම්, චන්ඩිකම්, මෝඩකම්, ගොන්කම්) දෙස බලද්දී, ඔහු හා මංගත සල්ලාපයෙහි නියැලෙද්දී මට මේ අදහස වෙනස් කර ගැනීමට සිදුවිය. one to one match එකක් නැතද, අප දෙදෙනා අතර දසක දෙකහමාරක වයස් පරතරයක් ඇතද, සුදාරක තරම් කිට්ටුවෙන් මා කොපි කළ (හොඳ නරක දෙකම) වෙනත් ක්ලෝනයක් නැත. අප දෙදෙනා අතර සමානකම් බොහෝය. ඒවා අප දෙදෙනාම එකම ගුරුවරයකුගෙන් ව්‍යවහාරික ගණිතය ඉගෙන ගත්තාට එපිට යන්නකි.

දක්ෂ මූර්ති ශිල්පියකු රළු මැටි ගුලියකට ජීවය කවන්නාක් සේ සිංහල භාෂාවෙහි ශබ්ද, රූප, වචන වලට ජීවය කැවීමේ අපූර්ව හැකියාවක් සුදාරකට ඇත. (පහත උදාහරණය බලන්න.) අටවැන්නෙහි පටන් මෙබඳු හැකියාවක් මටද විය. (තවම එය වියැකී නැතැයි සිතමි.) මේ හුදෙක් පන්තිකාමරය තුළදී ලබන්නක් නොවේ. එහි සම්භවය අන් තැනෙකය. මගේ මව සේම සුදාරකගේ මෑණියන්ද සිංහල ගුරුවරියක වීම එය එක්තරා දුරෙකට පැහැදිළි කරනු ඇතැයි සිතමි.

දෙවැන්න සාමාන්‍ය පෙළින් භාෂා ශාස්ත්‍රාදීන් ඉගෙනීම අත්හළද තවමත් අප දෙදෙනා තුළ නොසිඳී පවත්නා සාහිත්‍යකාමයයි. තමන් ගුරු කොට ගන්නා, ආදරය කරන පත පොත අතින් සුදාරක මට වඩා වෙනස්ය. ඔහුගේ වයසේදී මා මක්සිම් ගෝර්කි, ඇන්ටක් චෙකොව් හා කරුණාසේන ජයලත් කියැවීමට දැක්වූ නොතිත් ආසාවම ඔහු තුළින් විද්‍යාමාන වන්නේ ලියනගේ අමරකීර්ති හෝ සුනේත්‍රා රාජකරුණානායක කියැවීමටය. රුචිකත්වයේ මේ වෙනස පරම්පරා බෙදුමට බැර කළ හැක්කේය. එය නොසලකා හරින්නේ නම් පොත් යනු කියැවීම පිණිස සකස් කළ මුද්‍රිත අකුරු වලින් යුතු කඩදාසි පිටු එකතු නොව ජීවත්වීම පිණිස නිර්මිත “පැන්ඩෝරා” බඳු නව ග්‍රහලෝකය මා මෙන්ම සිතා සිටින්නෙකි සුදාරකත්.

සුදාරක උසස් පෙළ කරන්නට පටන් ගන්නේ ගණිත විෂයන්ගෙනි. සති කිහිපයකින් ඔහු කලා පන්තියට මාරුවේ. නැවත ගණිත පන්තියට මාරු වේ. (මම ගණිත විෂයයන් තෝරා ගන්නැයි ඔහුට බල කළ අය අතුරින් එක් අයෙක්මි.) මෙවන් මාර්ගයක ගමන් නොගත්තද, ගණිතයද කලාවද යන සංශය උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී මටත් තිබිණි. මම එකක් ගැඹුරින් හැදෑරුවද, අද වනතුරුම අනෙක අත නොහැර සිටිමි. ඔහුද එමඟ ගනු නැතැයි සිතන්නට කාරණා නොවේ.

සිව්වැනිව දේශපාලනය. ඔහුගේ Facebook පිටුවේ Political Views යටතේ Socialist සේ සඳහන් කර තිබෙණු දුටු දිනයේදීම මට පසක් වූයේ මේ පිස්සාටද ඒ වයසේදී මට වැළැඳී තිබුණු රෝමෑන්තික සමාජවාදී පිස්සුව වැළැඳී ඇති බවය. මෙය සමාජය තුළින් නොව “වානේ පන්නරය” තුළින් බෝ වෙන පිස්සුවකි. මට එය සුවකර ගත හැකි වූයේ සරසවි පළමු වසරේදීය. සුදාරක නම් මට වඩා කලින් එය සුව කර ගැනීමට සමත්ව සිටියි.

පස්වැනිව අප දෙදෙනා තුළම ඇති අපේම ස්වාධීන මනසින් සිතන්නට ඇති නැඹුරුව. මා පළ කරන සිතිවිලි මගේය. ඒවා ස්වාධීන සිතිවිලිය. කාල් මාක්ස් විසින් හෝ, අයින් රෑන්ඩ් විසින් හෝ ගංගොඩවිල සෝම හිමියන් විසින් මගේ සිතට ඇතුළු කරන ලදේ ඒවා නොවේ. වෙන කෙනෙකුට මගේ මනස අරක් ගන්නට, පාලනය කරන්නට මම ඉඩ නොදෙමි. ටික කලක් වෙන කෙනෙකුගේ ධර්මයෙන් පෝෂණය ලැබුවද ඉක්මණින්ම මම එය අත හරිමි. ගිරා පෝතකයකු වනු වෙනුවට මම මගේ දැනුම සොයා යමි. මේ ලක්ෂණය බොහෝ දුරට සුදාරක තුළද මම දකිමි. ඔහුට යමක් කියා දෙන්නට තැත් කළ යමකු වෙතොත් මා මෙන්ම එය තේරුම් ගනු ඇත්තේය.

සයවැනිව අප තුළ සිටින “නිහඬ විප්ලවවාදියා”. (the silent rebel) – මේ භයානක පුද්ගලයෙකි. ලෝකය වෙනස් කරන්නට මේ විප්ලවවාදියාට දැවැන්ත ඕනෑකමක් තිබේ. යන්නේම කළු ගල් වල ඔළුව හප්පා ගන්නට හා ඇතුන් පෙරළන්නටය. කඩු, දුණු, හී තෝමරාදිය නැති හෙයින් අපේ එකම ආයුධය වචනය. කරුමයකට අපේ වචන සැර වැඩිය. සුදාරක තුළ සිටින නිහඬ විප්ලවවාදියාද මා තුළ සිටින්නා සේම ඇතුන් පෙරළා වින්දනයක් ලබන්නාක් සේම පාඩම් ඉගෙන ගනීය මම සිතමි.

සැත්වැනිව, ඔහුගේ වයසේදී මා කළ, ඔහුද දැන් කරමින් සිටින එකම ජාතියේ ගොන්කම් – මේ සියල්ල මෙහි ලියන්නට අදහසක් නැතද, දිග ලැයිස්තුවකි. බුද්ධියට වඩා හැඟීමට ඕනෑවට වඩා තැන දී කටයුතු කිරීම, සංගම් වල වැඩ කරන්නට ගොස් වඩා හොඳ අධ්‍යපන ප්‍රතිඵල ලබා ගැනීමට ඇති හැකියාව අහිමි කර ගැනීම, පරාජිතයකු වීම මාරම වින්දනයක් සේ සිතීම හා ඒ මත අළුත්ම සාහිත්‍යයක් ගොඩ නැඟීම යනාදිය සඳහන් කළ හැකි කාරණා කිහිපයකි.

“ඕක කරන්න එපා, ඕකෙන් වෙන්නෙ මෙන්න මේකයි” බොහෝ විට මම සුදාරකට කියමි.

මේ කියන්නේ ඔහු මට සවන් නොදෙන බැව් නොදැන නොවේ. ඔහුට ඇත්තේ අනුන්ට සවන් දෙන මනසක් නොවන බැව් හොඳින්ම දන්නේ මායි. මටද ඔහුගේ වයසේදී කාටවත් සවන් දෙන්නට උවමනාවක් නොවීය. සුදාරක දැන් මට සවන් දෙතිය මා උපකල්පනය කරන්නේ ඇයි?

එහෙත් හොට බිම ඇණගත් පසුව ඔහු මා සොයා එයි.

“කොහොමද එදා ඒක හරියටම ඒ විදියටම වෙනවය කියල කිව්වෙ?”

“හරියටම කිව්වෙ මාත් ඔය පාරෙම ගිහින් ඔය වලේම වැටිල තියෙන නිසා”

මා අන් කවරක් ඔහුට කියන්නද?

අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත සුදාරක, මාද උසස් පෙළ අවසන් වසරේදී කළ සියල්ල (හපන්කම් වලට වඩා මෝඩකම්) නැවත කරමින්, පාඩම් කිරීම පැත්තෙක තියා චිත්‍රපට රසවිඳිමින්, මගේ ම මනෝ ලෝක ගොඩ නඟාගෙන ඒවා අනෙකුන් මත බලෙන් පටවමින්, අර්ධ-සත්‍ය අර්ධ-කල්පිතනිර්මාණ කරමින් සිටී. (උසස් පෙළ අවසන් වසර මගේ ජීවිතයේද කැළැඹිලි වැඩිම වසරෙකි.) ඒ සියල්ල මධ්‍යයේ මට හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවිය. සුදාරක මා සම කරනු ඇතැයි හෝ මට වඩා හොඳ ප්‍රතිඵලයක් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවය.

27. LTTEයේ පින්කම් හා JVPයේ පින්කම්
මගේ පරම්පරාවෙහිම, මගේම වයසෙහි බටහිර සංවර්ධිත රටවල බොහෝ මිනිසුන් හා ගැහැණුන් මට වඩා වාසනාවන්තය සිතමි. ඔවුන්ගේ ජීවිත කාලයන් තුළදී ඔවුහු තමන්ගේ රට තුළ දීර්ඝ කාලීන යුද්ධයන්ට, ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට මුහුණ නොදුන්නෝය. අනෙක් අතට ලංකාවේ මගේ පරම්පරාවේ දිය සලකුණ එවන් ගැටුම්ය. අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් අපට එබඳු නොවිසඳුණු ගැටුම් මැද ජීවත් වන්නට සිදු විය.

දසක සතරහමාරක මගේ ජීවිත කාලය තුළ මම කඩින් කඩ සිදුවූ ජේ. වී. පී. ගැටුම් දෙකකටද (1971 හා 1988/9) , දීර්ඝ කාලීන එල්. ටී. ටී. ඊ. ගැටුමකටද (1979 සිට 2009 තෙක්) මුහුණ දුන්නෙමි. මින් පළමු ජේ. වී. පී. ගැටුම එවකට සතර හැවිරිදි වූ මගේ දිවියට කළ බලපෑම නොගිණිය හැකිය. නමුත් ඉතිරි ගැටුම් දෙකම නිසා මට වැඩිහිටියකු හැටියට බොහෝ දේ අහිමි විය. ඉන් පළමුවැන්න මිනිසුන්ය. අපට අහිමි වූ ඉතිරි සියල්ල අමතක කළත් මිනිසුන් අමතක නොකළ හැක්කේය. එසේම ජේ. වී. පිය හා එල් ටී. ටිය විසින් තුච්ඡ හා කෲර ලෙස අපෙන් උදුරා ගන්නා ලද අහිංසක මිනිසුන්ගේ ගැහැණුන්ගේ කතන්දරය නොකියා මගේ, අපේ පරම්පරාවේ කතාව නොකිව හැක්කේය.

එල්. ටී. ටිය හෝ ජේ. වී.පිය විසින් ලේ නොසොල්වන ලද පවුලක් ලංකාවේ සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සෙවීමට සමාන වේය සිතමි.

මගේ පවුලේ කිසිවකු ඉහත කී නරුමයන් විසින් මරා නොදමන ලද්දේ වී නමුදු මහ බැංකු බෝම්බය දින තාත්තා සුළු තුවාල ලැබුවේය. ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔහු හරියට එදිනම මහ බැංකු ගොඩනැඟිල්ලට ගොස් තිබුණේ විශ්‍රාම වැටුප පිළිබඳ කටයුත්තකටය. එය නිමා වී පැරැණි මිතුරකු සමඟ සල්ලාපයේ යෙදී සිටියදීය බෝම්බය පත්තු වුණේ. සුළු තුවාල ලබා ගැලැවීම ඔහුගේ වාසනාවකිය කිව හැක්කේ, බැංකුවේ “මෙසනයින්” මහලෙහි ඔහු සමඟ කතා කරමින් සිටි මිතුරා බරපතළ තුවාල ලැබූ හෙයිනි.

මීට අමතරව රාජගිරිය හන්දියේදී එල්. ටී. ටිය මහ ජරමරයක් කළ දින මාද, සොනාලිද, නංගීද රැකියාවන් නිමා කොට නිවෙස බලා යන ගමනේදී අදාළ ස්ථානය පසුකොට ගොස් තිබුණේ දළ වශයෙන් ඊට විනාඩි හතළිස්පහත් පහළොවත් අතර කාල පරාසයක් තුළය. කාලයේ සුළු එහා මෙහා වීමක් තුළ අප තිදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතයට හෝ අනතුරක් වීමේ සම්භාවිතාවක් තිබුණේය.

එහෙත් මේ සියල්ලෙන් අදහස් වන්නේ අපේ මිතුරන්, ළබැඳියන් එල්. ටී. ටිය හා ජේ. වී. පිය විසින් සොරා නොගන්නා ලද බව නොවේ. මේ එසේ සොරකම් කර ගන්නා ලද මා දන්නා මිනිසුන් තිදෙනකු පිළිබඳ කතාවය.

මට වඩා වසරෙකින් හෝ දෙකකින් වැඩිමහල් සුදීප පූර්ණජිත් මට සමගාමීව දිවයින කර්තෘ මණ්ඩලයෙහි නිදහස් සාමාජිකයෙක් විය. දිවයිනට “බන්ටි ටිකී” නම් පොකට් කාටූනය අඳිමින් සිටි ඔහු ඉඩ ලැබෙන අවස්ථාවන්හීදී ඊට වඩා ලොකු වැඩද කළේය. සුදීප චිත්‍ර ශිල්පියකුද විය. ඔහු විසින් නිර්මාණය කොට ඇති ලංකාවේ මුද්දර ගණනද විශාලය. ඒ මේවාය කියන්නට මා නොදත් මුත්, ලංකාවේ ප්‍රදීපාගාර දැක්වෙන මුද්දර සෙට් එක නම් ඔහුගේ නිර්මාණයක් බව දනිමි.

“පුතා මැරිල දවසකට පස්සෙ පුතාගෙ නමට ලියුමක් ආව. ඒකෙ අලවල තිබ්බෙ පුතාම ඇන්ද ප්‍රදීපාගාර මුද්දරයක්”

අවමඟුල් දිනයේදී හැඬූ කඳුලින් කීවේ ඔහුගේ සෝබර මෑණියන්ය.

සුදීප එල්. ටී. ටි මිනීමරුවන් විසින් අපෙන් උදුරා ගන්නා ලද්දේ 1996 ජූලි මාසයේදී දෙහිවලදී පානදුර කෝච්චියේ ඇටැවූ බෝම්බයකිනි.

ප්‍රේමකීර්ති ද අල්විස් මගේ කිට්ටුවන්තයෙකැයි නොකියමි. ඔහු මා දැන සිටියාද සැක සහිතය. නමුත් මා කෙටි කලෙකට සහභාගි වූ ගුවන් විදිලියෙහි “සරස්වතී මණ්ඩපය” නිෂ්පාදනය කළේ ඔහුය. ප්‍රේමකීර්තිගේ මරණයට සතියකට පමණ ඉහත මවිසින් පිටපත සපයන ලද වැඩ සටහනක් විය. මා දිලීප අබේසේකර හා සමන්ත හේරත් සමඟ ගුවන් විදිලියෙහි ලොබියෙහි කතා බහ කරමින් සිටි අතර ප්‍රේමකීර්ති ඒ අසළට විත් දිලීප සමඟ කතා කළා මතකයි.

ජ. වි. පෙ. මිනීමරුවන් විසින් මේ අහිංසක මිනිසා මරා දමන ලද්දේ තම සිඟිති පුතා වෙනුවෙන් අභයදානය දෙන ලෙසට ඔහු ඝාතකයින් ඉදිරියේ දණින් වැටී කන්නලව් කරමින් සිටියදීය අසා ඇත්තෙමි.

ජේ. වී. පී. මිනීමරුවන් විසින් අපට අහිමි කරන ලද තෙවැන්නා මගේ කිට්ටු ඥාතියෙකි. තාත්තාගේ පුංචි අම්මාගේ පුතකු වූ ඔහු අප විසින් හඳුන්වන ලද්දේ “සුදු බාප්පා” ලෙසිනි. මේ ඉතාම හොඳ අහිංසක මිනිසෙකි. ජේ. වී. පී. මරුවන්ට ඔහු මරා දැමීමට තරම් කළ වරද ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ ලේකම් ධුරය දැරීමය.

සුදු බාප්පා තම මඟුල් දිනයෙහි අයියාද මාද (දකුණු කෙළවරෙහි ) සමඟ - 1972

පූගොඩ පෙහෙකම්හළෙහි සේවය කළ සුදු බාප්පා කැළණිවැලි මාර්ගයේ අංගම්පිටිය දුම්රිය ස්ථානය අසල පදිංචිව සිටියෙකි. ඔහු දිනපතා බයිසිකලයකින් මීපේ හන්දියට පැමිණ බස් රථය ගැනීමේ සිරිතක් විය. ජ.වි.පෙ. විසින් ඔහුට හිසට වෙඩි තබා මරා දමන ලද්දේ මෙසේ බයිසිකලයෙන් ගමන් ගනිද්දී මීපේ මුස්ලිම් පල්ලියට ආසන්න ස්ථානයකදීය.

එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. ගැටුම් ගැනද කෙනකුට තමන් සිටින තැන සිට විවිධ නිර්වචන දිය හැකිය. නමුත් පහත සත්‍ය කාරණා ප්‍රතික්ෂේප කළ නොහැකිය.

1. එල්. ටී. ටී. ඊය සේම ජේ.වී. පී.යද සන්නද්ධව සටන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කොට ගැනුණු ආණ්ඩු වලට එරෙහිවය. එසේ හෙයින් ඔවුන් අවි ගෙන විරුද්ධත්වය පෑයේ අන් කිසිවකට නොව මෙරට මහාජන කැමැත්තටයි. (මහජනයා හරිද වැරදිද යන කාරණය මෙතැනදී අදාළ නොවේ. )

2. මේ අවස්ථා දෙකේදීම රාජ්‍ය මර්ධනය සිදු වූ මුත් එය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. ඔසාමා බින් ලාඩන් හා සදාම් හුසේන් ඇමෙරිකාවට එරෙහිව සටන් වදිද්දී කිසිම ඇමෙරිකානු ජනාධිපතිවරයකු බකන් නිලාගෙන සිටියේ නැත. අපේ රටේ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේද ත්‍රස්තවාදය මැඬැලීමේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

කොයිතරම් වැරදි, දුර්වලතා තිබුණද ඒ සියල්ල අමතක කොට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා ගරු කරන්නේ එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. මිනීමරුවන්ගේද හොම්බ බිම අතුල්ලන්නට සමත් වූ එකම නායකයා ඔහු බැවිනි. එල්. ටී. ටියට සේම ජේ. වී. පී.යටද තමන් සිටිය යුතු තැන කවරේද ඔහු විසින් පෙන්නා දී තිබේ. එය පක්ෂ භේදයෙන් තොරව රටේ අභිවෘද්ධිය පතන්නන්ගේ ඇගැයීමට ලක් විය යුත්තකි.