11. අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!

1974 මාර්තු

තාත්තාට තිබුණේද මේ ජාතියේම ෆෝර්ඩ් එස්කොට් එකකි. උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් විතරය. තාත්තා එළෙව්වේ පැයට කිලෝමීටර් 30-40ක වේගයකිනි.

තාත්තා 2 ශ්‍රී 6536 පරණ ෆෝර්ඩ් එස්කොට් රථය පාර අයිනට කර නතර කරයි. පොලිස් භටයින් දෙදෙනෙක් විත් එය පරීක්ෂා කරති. මේ හොයන්නේ තුවක්කු, බෝම්බ හෝ හොරබඩු නොව හාල්ය.

“මහත්තයල වන්දනාවෙ යනව වගේ, බත් මාලුත් උයාගෙන…” එකෙක් බත් හැළිය අරී.

“ඔව් අපි මේ කොළඹ ඉඳන් උදේ පාන්දරින් නැඟිටගෙන එන ගමන්…” ඒ ආතම්මාය. ප්‍රශ්නයක් ඇසූ විට නිදාන කතාවේ පටන් කියාදීම ඇගේ සිරිතයි.

මම අමාරුවෙන් හිනාව තද කරගෙන සිටිමි. දවස් දෙක තුනකට බත් උයා ගන්නට තරම් සෑහෙන සහල් ප්‍රමාණයක් අම්මා කොතැන හෝ සඟවා ඇති බව මම දනිමි. මොවුන් එය සොයා ගනු ඇතැයි මට සිතේ. හොයා ගන්නට බැරි වුණොත් අපේ බත් හැළිය අත්පත් කර ගනු ඇත. බත් උයන්නේ හාල් වලින් නිසාය.

අසාර්ථක මෙහෙයුම අවසානයේ ඔවුහු තාත්තාට ඩිකිය වහන්නට කියති.

“නීතිය හින්ද මහත්තයො මේ බැලුවෙ. නැතුව අපි නොදන්නව නෙවි කොළඹ ඉඳළ කතරගමට හාල් ගෙනියන්න තරම් මිනිස්සු මෝඩ නැති බව.” පොලිස් භටයෙක් කසට දත් පා සිනාසෙයි.

කොළඹ සිට කතරගමට ගාළු මාතර හම්බන්තොට පාර ඔස්සේ හාල් පොලු තුනක්ද මිරිස් පොලු දෙකක්ද මම ගණන් කරමි.

චානුක - 1973

අපේ පරම්පරාව නිදහස් ලංකාවේ උපත ලද අවාසනාවන්තම පරම්පාරාවයැයි මට සිතෙයි. සොඳුරු ළමා කාලයක් ලබා ගැනීමේ නිදහස් පවා සිරිමා බණ්ඩාරනායකගේ “සමාජවාදී ආණ්ඩුව” විසින් අපෙන් පැහැරගෙන ඇත්තේය. වෙන මොනවා කළත් නිදහස් ලංකාවේ අන් කිසිම ආණ්ඩුවක් ඒ තරම් අමානුෂික ලෙස පොඩි එකාගේ කිරි පිටි පැකැට්ටුවට වැට බැඳ නැත. බූමිතෙල් ගඳ නොගසන කමිසයක් අළුත් අවුරුද්දට ලබා ගැනීමේ සතුට පොඩි එවුන්ගෙන් උදුරාගෙන නැත. පාලකයින් සුර සැප විඳින ගමන් රටේ පොදු ජනතාවට බත් නැතිව බතල, මඤ්ඤොක්කා කෑමට බල කොට නැත. මේ සියල්ල කරන ගමන් “අප සමාජවාදය කරා යන්නෙමු” යි බයිලා කියා නැත.

ඉන්දියාවට ගොස් බොහෝ කාලයක් යන තුරුම මගේ මිතුරන්ට තිබූ ගැටළුවක් වූයේ මා ඇපල් කෑමට මෙපමණ රුචි මන්ද යන්නය. මම දවසට ඇපල් ගෙඩි පහ හයක් කමි. (කර්ණාටකයේ ඇපල් විකුණුවේ කිලෝ වලටය. ඕස්ට්‍රේලියන් ඇපල් තරම් රහ නැතද, නරකම නැත.) එක හේතුවක් මා දක්ෂිණ භාරතීය ආහාරවලට හැඩ ගැසෙන්නට කල් ගත වීමය. චපාති හා ඉට්ලි නොකන්නේ නම් බඩ පිරෙන්නට මොකක් හෝ බඩට දමා ගත යුතු වෙයි. දෙවැනි හේතුව මා කොහොමටත් ඇපල් කෑමට කෑදර වීමය.

කුඩා කාලයේ ඇපල් යනු අපට දිව්‍ය භෝජනයකි. ගෙදරකට ඇපල් ගෙඩියක් ලැබෙන්නේ හාවා හඳ දැක්කා සේ කලාතුරෙකිනි. (සමහර විට මේ කොළඹ වරායේ නැව් වලින් පැන්නූ ඒවා විය හැකිය.) ඇපල් ගෙඩියක් ලද විට එය කෑමට වෙනම චාරිත්‍ර වාරිත්‍ර සමුදායයක් ඇත. බෙදා හදා ගැනීම හොඳ සිරිතක් නිසා (අපේ දැඩි විරෝධය මධ්‍යයේ) අහළ පහළ සියළු කුඩාවුන්ට ආරාධනා කෙරේ. කෑදර නෙත් විසි තිස් ගණනෙකින් එදෙස බලා සිටියදී ඇපල් ගෙඩිය කැබලි අටකට, දොළහකට හෝ දහසයකට කපනු ලැබේ. එකෙකුට මේ එක පංගුවකි. ක්‍රියාදාමය එතෙකින් අවසන් නොවේ. ඉන්පසු දෙමාපියන්ට සිදු වන්නේ “අයියගෙ කෑල්ල ලොකුයි, මගේ කෑල්ල පුංචියි” ගැටළු විසඳීමටය.

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව අපට තහනම් කළේ ඇපල් පමණක් නොවේ. මිදි, චීස්, සැමන් පමණක් නොව නයිස් හා මාරි හැරුණු විට වෙනත් සියළු බිස්කට් වර්ගද, අලියා බීම හැරුණු විට වෙනස් සියළු කාබනීකෘත බීම වර්ගද, ලක්ස්ප්‍රේ හැරුණු විට අනෙක් සියළු කිරිපිටි වර්ගද අපට තහනම්ය. අසූ ගණන් වනතුරුම මා හිතා හිටියේ ලෝකයේ ඇත්තේ Peacock පාට පැන්සල් හා හොම්රන් පැස් හුණු කූරු පමණක්ය කියාය. චීස් කියා දෙයක් නම් තියෙන බව වත් දැන ගත්තේ විවෘත ආර්ථික යුගයෙන් පසුවය.

අපට ලියන්නට ඇති පැන්සල් වල දෙවර්ගයක කූරු ඇත. එක්කෝ ඒවා දවසට දෙතුන් වර කැඩේ. නැත්නම් කටර් එකකින් හෝ බ්ලේඩ් තලයකින් උල් කරන්නට බැරි තරම් දැඩිය. ලියන විට මිනිරන් වලින් නොව ලී වලින් සාදා ඇත්තාක් සේ සිතේ. ආණ්ඩුවේ සේවකයෝ ‘ලඬ්කාණ්ඩුව’ සේ තඹ අකුරින් කොටන ලද කහ පාට පැන්සල් වලින් ලියති. මේ පැන්සල් නම් අපූරුයි. ප්‍රශ්නය ඒවා බත්තරමුල්ලට තිබුණු එකම පොත්හළ වූ සාලින්දි පොත්හළේ විකිණීමට නැති එකයි. තාත්තා නම් වැරදිලා වත් එවැන්නක් ගෙදර ගෙන නො එයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ බාප්පා සමහර විට පැන්සල් දුසිමක් අයියාටත් මටත් අළුත් අවුරුද්දට තෑගි දෙයි. අපි ‘ලඬ්කාණ්ඩුව’ බ්ලේඩ් තලයකින් සූරා ඒවා පාවිච්චි කරමු. ඊළඟ ගැටළුව මේවා දැකපු ගමන් ටීචර්ලාත් ඒවා ඉල්ලන්නට පටන් ගැනීමයි. ටීචර්ලා නිසා නොදීත් බැරිය. අපටත් තියෙන්නේ සීමිත ප්‍රමාණයක් නිසා දීලාත් බැරිය. ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය අප පත් කරන්නේ සුළු පටු අපහසුතාවයන්ට නොවේ.

එතුමිය ඒ මදිවාට 1972දී අප පිහිටවූයේය කියන ජනරජය වෙනුවෙන් කවි, ගීත, කෙටිකතා, නිර්මාණ තරග වසරක් පාසා පවත්වයි. එකේ පන්තියේදී මටත් මේ තරගයට සහභාගි වන්නට ලැබුණේය. මගේ මිතුරන් දෙමාපියන්ගේ සාහාය ලැබ ලස්සන කවි ලියාගෙන ඇවිත් තිබුණේය. නිර්මාණ කටයුත්තකට කවදාවත් වෙන කෙනෙකුගෙන් සහායක් ලබන්නට අකැමැති මම තනිව ජනරජ-ගීතයක් ලිවීමි. ඒ මෙසේය.

ජනරජයයි
ජනරජයයි
මැයි විසි දෙක
ජනරජයයි

සත් හැවිරිදි මගේ ජනරජ-ගීතය බොල් වුවත්, බණ්ඩාරනායක නෝනාගේ ජනතාවාදී, සමාජවාදී, චීනවාදී ආණ්ඩුවේ හෙන්චයියන් ලියන “දේශාභිමානී” ගීත වලට වඩා නම් හොඳය. මේ පසුව කියූ ගීත හැමදාම උදෑසන 6.15ට “හුළං විදුලි සේවයේ” (මා නොව ඒ කාලයේ විපක්ෂය දැමූ නමකි.) සිංහල පළමුවැනි සේවයේ “අරුණ කිරණ” තුළින් අපට අසන්නට සලස්වනු ලැබේ.

අරුණ කිරණ සැලී සැලී
හෙළ දෙරණම පණ පෙවී
නැඟෙන දැයට දිරි දිදී
පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවනේ
නැඟිටිව් නැඟිටිව් හෙළ දරුවනේ

දෙමව්පියන් තමන් මුහුණ දුන් ඇබැද්දි අපෙන් සැඟවූ හෙයින් සංවෘත ආර්ථික ක්‍රමයක් යටතේ රටේ පොදු ජනතාව මුහුණ දෙන ගැටළු මා බොහෝ විට දැන ගත්තේ අත් දැකීමෙන් නොව පුවත්පත් වල කාටූන් මඟිනි.

සතුට පත්තරයේ කැමිලස්ගේ ‘ගජමෑන්’ අවුරුදු උත්සවයක පිහිණුම් තරගයට සහභාගි වන්නේ අමුඩයක් ඇඳගෙනය. ටික වේලාවකින් තරගයේ ඉදිරියෙන්ම පීනන්නේ ඔහුය. එහෙත් හදිසියේම ගජමෑන් අනෙක් පැත්ත හැරී යටි ගං පිහිනන්නට පටන් ගනී. ඒ ඇයි දැයි අසන නිවේදකයාට ඔහු මෙසේ පිළිතුරු දෙයි. “පීනුම් තරගෙ දින්නා වගේ නෙවෙයි. අමුඩෙ වතුරෙ ගහගෙන ගියොත් සලාකෙට ඊළඟට රෙදි දෙනකල් මට ඉන්න වෙන්නෙ වතුරෙ!”

දොං සේතං බයිසිකලයට ටයරයක් මිළට ගන්නට යයි. එහිදී ඇතිවන දෙබස මෙසේය.

දොං සේතං: මුදලාලි මට සයිකලේට ටයර් එකක් ඕනැ.
මුදලාලි: කෝ මහත්තය පාවිච්චි කරපු ටයර් එක ගෙනාවද?
දොං සේතං: අනේ නෑනෙ
මුදලාලි: එහෙනං මට අළුතින් එකක් දෙන්න බෑ
දොං සේතං: මුදලාලි මම ජනතා කොමිටියෙ
මුදලාලි: හි හි විහිළුවක්වත් තේරෙන්නේ නෑනෙ මහත්තයට. එකක්ද දෙකක්ද ඕනැ?

අම්මා මට බොරැල්ලේ J. S. Fernando එක ඉස්සරහ පදික වේදිකාවෙන් ටී-ෂර්ට් මිළට ගන්නේ (මතක හැටියට) රුපියල් 3.50ටය. මේවා ස්වභාවයෙන්ම බූමිතෙල් ගඳය. බැනියමක් නැතිව ඇන්දොත් ගෙදර යන විට කමිසයේ පාට ඇඟේය.

සිරිමා බණ්ඩාරනායක රජ සමයේ පොදු ජනතාව විඳි දුක් ගැහැට ඉතා සාර්ථක ලෙස චිත්‍රණය කරන නිර්මාණයක් නම් මනුකා විජේසිංහගේ Monsoons & Potholes ය. (ඇය මා හා සම වයස්ය සිතමි.) අඩ-චරිතාපදානයක් වන මෙහි කතා නායිකාව පාසලට ගෙන යන්නේ චීස්, බටර් හෝ ජෑම් තැවරූ සැන්ඩ්විචස් නොව (ඇගේම වචනයෙන් කිව්වොත්) ‘මුකුණුවැන්න සැන්ඩ්විචස්’ය. මීට සමාන අත්දැකීම් මටද වේ. වෙනස මුකුණුවැන්න වෙනුවට ‘පොල් සම්බෝල’ ආදේශ වීමයි.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියකු වූ තාත්තා සමහර දින වලට මා ඉස්කෝලේ එක්ක නොයන්නේ “දවල්ට එක්කගෙන එන්න බැහැ” කියමිනි. මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තාත්තලා කොහෝදෝ හිස් ඉඩමක බෝතල් කටු ඇහිඳ එකතු කර පිරිසිදු කරන්නට යවලාය. ඉඳහිටවත් වෙනදා කම්කරුවන් කරන මෙවැනි කාර්යයන් කිරීම නිලධරයන්ගේ මාන්නය බස්සන්නට හොඳ බව එතුමා කල්පනා කරයි.

වයස ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට මාසයකට පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය රාත්තලක් බව ‘ලඬ්කාණ්ඩුව’ නිගමනය කොට ඇත. සත හැත්තෑදෙකට මේ රාත්තල ලබා දෙන්නේ සමූපාකාරයෙනි. දිළින්දෝ හකුරු සමඟ තේ බොමින් තම සීනි රාත්තල රුපියල් දොළහයි පණහට කළු කඩේට විකුණති. හකුරු සමඟ තේ බොන්නට බැරිය කියමින් අඬන මා වෙනුවෙන් අම්මා ගේන්නේ මේ දොළහයි පනහේ සීනිය.

1970-77 සමාජවාදයේ බිහිසුණුම ප්‍රතිඵල මේ කිසිවක් නොව රටේ දැවැන්ත රැකියා හිඟයක් ඇති වීමය. පෞද්ගලික අංශයේ කිසිම ප්‍රවර්ධනයක් නොවන නිසා එහි රැකියා ජනනය වීමක් නොවේ. ඉතිරිවන රාජ්‍ය අංශයේ රැකියා අතළොස්සට දහස් දසදහස් ගණන් තරග වදිති. උපාධිධරයෝ රැකියා නැතිව තැපැල් කන්තෝරු වලට ගැසට් පත්‍ර බැලීමට රොක්වෙති. තරුණ අසහනය එහි කූටප්‍රාප්තියට ළඟාවී තිබේ. (වසන්ත ඔබේසේකරගේ ‘වල්මත් වූවෝ’ හා ධර්මසේන පතිරාජයේ ‘අහස් ගව්ව’ මේ තරුණ අසහනයේ සිනමාත්මක ප්‍රතිනිර්මාණය.) රැකියා හිඟය අන් කවරකුටත් වඩා හොඳින් දේශපාලකයින්ට හා නිලධරයන්ට සුරතුරක් මවා දී තිබේ. මා දන්නා තරමින් මහා පරිමාණයෙන් රකියාවක් ලබා ගැනීම හා රැකියාවේ උසස් වීම් පිණිස ලිංගිකානුග්‍රහ හුවමාරු වන්නේ මේ කාලයේදීය. ශිල්ප සඳහා ලැබූ සහතික – හදේ ගින්නෙන් දවමි තොප ළඟ – මුදල අගයන තොපේ ලොවකට – උගත්කම් ගුණ දහම් කුමටද?

සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කරදරකාරී පමණක් නොව මෝඩ ආණ්ඩුවක්ද වේ. මේ ඒ කාලයේ අතිශයින් ජනප්‍රිය ගීතයකි. ගායකයා අමතකයි.

කාගෙද ගොං වස්සා – මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා – පවරා දෙමි වස්සා

දවසක් බලන කොට මේ ගීතය තහනම් කරලාය! හේතුව අග්‍රාමාත්‍යතුමියගේ පුත් රුවනට යූ. ඇන්. පී. කාරයින් “ගොං වස්සා” කීමට පටන් ගෙන තිබීමය!

සත් වසක් තිස්සේ අප පෙලූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවසානයද මම දෑහින් දැක ඇත්තෙමි. 1977 ඓතිහාසික යූ. ඇන්.පී. මැයි පළපාලිය මා දකින්නේ යුනියන් පෙදෙසේ එවක එම්පයර් සිනමා ශාලාවට විරුද්ධ පැත්තේ පාරේ නවතා ඇති ෆෝර්ඩ් එස්කොට් එකේ වහලයට නැඟ ගෙනය. කෙළවරක් නැතිව මූද ගොඩ ගලන්නාක් මෙන් ඇදුණු මේ පෙළපාලියේ හයියෙන්ම ඇසුණු සටන් පාඨයක් මෙසේය.

“අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!”

ජේ. ආර්. බොහෝ වැරදි කළ බව ඇත්තය. එහෙත් ආර්ථික ලිබරලීකරණය තුළින් අප “සමාජවාදයේ” සාපයෙන් මුදා ගැනීම ගැන නම් අපේ පරම්පරාවේ සියල්ලන් ඔහුගේ පින්තූරයක් බිත්තියේ එල්ලාගෙන උදේ හවා මල් පහන් පත්තු කළත් වැරදි නැති බව මගේ හැඟීමය.

About these ads

56 responses to “11. අනුර පුතේ උඹෙ අම්මා – අපේ කටේ පස් දැම්මා!

  1. මුල ඉඳන් අගටම එක හුස්මට කියවගෙන ගියා..හරබර විස්තරයක් සරල විදිහටඉදිරිපත් කරලා තියෙන විදිහ අපූරුයි..මේ යුගයේ මම ඉපදිලාවත් නැති වුනත් මගේ දෙමව්පියන් මේ කාලය ගැන කියලා තියෙන කතා මතක් වුනා මේ සටහනෙන්..

  2. මේ කතා කියන එක හොදය. අද බොහෝ දෙනෙක් මේවා නොදන්නා නිසාද දැනගෙන නොදන්නවා වගේ ඉන්නා නිසාද එසේ කියමි.

  3. But we were taught at schools at the beginning and at the university later at that time that was the best economic policy for SL, because it cherished self reliance and self sufficiency. We were told that countries like USA and UK were waiting with bared teeth to gobble us because we were so important as a nation and a country. I still remember I too sincerely believed it when our lecturers at the university taught us how we would lose our independence to them.
    It appears to me that the same record is being played by rulers today to scare the people and lead them toward the promised land, despite the free communication that we have today. Anything that is coated with patriotism or Sinhala – Buddhist culture can be sold easily to a willing population. What I find is that people are same, whether they lived in 1970s or in 2010s.
    History repeats itself, first as a comedy then as a tragedy. In my old age, I am waiting to see this happening with indifference and equanimity.

  4. ඔය යුගයේ ලිවීමට පොත් අභ්‍යාස පොත් නැතිව අපි වින්ද දුක තවමත් මතකයි. පාසලට ලැබෙන පොත් කීපය සලාක ක්‍රමයකට අපිට ලබාගැනීමට සිදුවුනා මතකයි. කලිසම් මහන්න තිබ්බේ එකම එම “වෙල්කා” රෙද්ද පමණයි. එකත් ලබාගැනීම ඉතා දුශ්කර දෙයක් වුනා. අම්මලා ඇන්දේ දුහුල් “ඩියුරො”් සාරි. අපිට ලියන්න තිබුනේ “වාසිටි” බෝල්පොයින්ටි පෑන විතරයි එක නිතරම තීන්ත උතුරලා යන ජාතියේ එකක් . සතියේ දවස් දෙකක් හොටල්වල කෑමට බත් දීම තහනම්. මම ශිෂ්‍යත්වය සමත්වී දුරපාසලක නේවාසිකාගාරයට ගියා .නේවාසිකගාස්තුවට අමතරව වාරයකට හාල්සේරු දහයක් ගෙනත් බාරදිය යුතුයි.
    එක හොඳ දෙයක්මට තාම මතකයි ඒක තමයි ලංගම බස්සේවය . ඒඅතින්නම් අපි පස්සට ගිහිල්ලාද කියල හිතෙනවා.
    මේකතාවල් මම මගේ පොඩිඑවුන්ට නිතරම කියනවා . අපිවින්ද දුක් දැන් මතක්කරන කොටනම් රසවත්බව කුත් දැනෙනවා

  5. TheOldCentralBanker

    චානුක, ඔබ නොදන්නා දෙයක් කීමට අවසර. දවසක් මම චැතෑම් වීදියේ පරණ අලෙවිකිරීමේ දෙපාර්තමේන්තිවේ පාන් පෝලිමේ සිටගෙන ඉන්න ‍කොට මට ඉස්සරහින් හිටියෙ ඔයාගෙ තාත්ත. එතකෙට එයා මහ බැංකුවේ ජේෂ්ඨ නිලධාරියෙක්. මම කණිෂ්ටයෙක්. වෙලාව හවස තුනට විතර ඇති. අපි දෙන්නම පැය දෙකක් විතර පෝලිමේ ඉඳල පාන් ගෙඩිය ගානෙ අරගෙන මොකවත් නොදන්නවුන් වාගෙ ආපහු බැංකුවට ගියා. ඒ වෙනකොට බැංකුව වහල. ඒත් අපිට ආපහු යනඑක අත්සන්කරන්න තිබුන. අපි ආපහු ගියේ පාන් ගෙඩි හංගගෙන.
    මම නම් ඒ පාන්ගෙඩිය රෑ කෑමට ගත්ත. සමහරවිට ඔයාගෙ අම්ම ටිකක් ඉතුරු කරල උදේ ඉස්කෝලෙ යනකොට සැන්ඩ්විච් හදල දෙන්න ඇති.

  6. Ansh Lucky Sri Jay

    එක හුස්මට කියෙව්වා. මමත් මේ කතා මේ විදියටම අහලා තිබුණා මගේ අම්මාගෙන්.

  7. For those of us who were born during 70-77 or after, this is very educational. I have heard what our parents said about the hardships of that time but this is the first time I heard child’s perspective of that time.

    It’s sad and ironic in a sense. My generation has seen only the cunning JR and the savage Premadasa in our childhood/youth, hence we were bit sympathetic towards Sirima I guess. (until her daughter showed us otherwise)

    Sad part is, generation after generation, we always had to content with choosing the lesser evil. Never had a real good period of peaceful growth, instead falling from one bad to a bad of another kind. 1970-2004 whole period was a overall disaster in my mind. We made very little progress comparing to rest of the world.

    There were few brief good periods though which produced some results :
    Early 80s : Mahawali Scheme and restoration of economic growth
    Mid 90s : Restoration of a limited democracy
    Mid 2006-2010 : End of terrorism, some development activity, some economic growth

    Problem is after every good 3-4 years, our politicians seem to put personal agendas forward and let the gates open for corruption etc.. and loosing the momentum, paving way for a decade of chaos.

  8. වාසනාවකට මට විදින්න නොවුනත් මම හොඳට අහල තියෙනවා මගේ සහෝදරයා ඔය නීති නිසා විඳවපු හැටි. ඒ වගේම මගේ දෙමව්පියො විඳවපු හැටි.

    මන් කවදත් කැමති චානුක වත්තේගමගෙ අපූරු ලිවීමේ රටාව මේ කතාවට අපූරු හැඩයක් එකතු කරලා තියෙනවා.

  9. ඉතාව මැනවින් පැහැදිලිකොට තිබෙනවා. පුංචි කාලේ අම්මා තාත්ත කියපු දේවල් ආයෙත් මතක් වුණා.
    ඇත්තටම ඒ කාලෙ පොඩි මිනිහා කොයිතරම් දුකක් විඳින් ඇත්ද කියා සිතෙද්දි පාලන තන්ත්‍රයේ විසුලු තීරණ ගැන ඇතිවන්නේ කනගාටුවක්. අදටත් සමහර තීරණ වල වැඩි වෙනසක් නැහැ නේද?

  10. Thousand apologies if I’m saying anything wrong. Because I speak based on the ideas I got from my Elders, But you were the one who really experienced it.
    As I think & know, I believe if the people in that era could have tolerated that hard time, our Economy would have been better than prevailing situ. Everything should have a beginning. Beginner are the people who suffer. Next Generations will get the benefits of their sacrifice.
    Economical policy is planned for decades. Not for next 5-6 years. So it’s not fair to expect marvelous outcomes in first few years.
    Again i’d like to say that the feelings of the people who underwent this hard period can be totally different to mine.

  11. පොඩි කාලෙ අපිටත් ඉගැන්නුවෙ පරාක්‍රමබාහු යුගයෙ ස්වයංපෝෂිත බව වටිනව කියලයි. ඒකම ගිලපු අය දැනුත් ඒ මන්තරේම මතුරන හැටි බ්ලොග් වලින් බලන්න පුලුවන්. මේක පරාක්‍රමබාහු යුගය නෙමෙයි වාෂ්ප එන්ජිම හොයාගෙන හුඟක් කල් බව ඒ අය අමතක කරනව.

    චීනයේ විප්ලවය ගැන මම කීප තැනකින් කියවල තියෙනව. සිරිමා පාලනය ගැන සම්පූර්ණ සටහනක් මේ කියෙව්වමයි. Funny Boy පොතේ එක තැනක 77 පෙරලිය ගැන තිබුනත් එතන හැරවීම් ලක්ෂයක් විදියට විතරයි තියෙන්නෙ. ප්‍රශ්නය තියෙන්නෙ සමාජවාදයෙද සමාජවාදයට යන පාරෙද කියන එකයි ගැටලුව. පොල්පොට් ඉන්නෙත් ඔය පාර දිගේම කොනක.

    • @පිටස්තරයා ,

      මේක අපට උගන්වන ලද තවත් මිථ්‍යාවක්. පරාක්‍රමබාහු මොන විදියකින්වත් ස්වයංපෝෂිතවීමක් ගැන කතා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ යුගයට සාපේක්ෂව අන්තර්ජාතික වෙළඳාමේ නියමුවෙක්. රටේ ඉන්නා තරමක් අලි ඇතුන් අල්ලා පිටරටට විකුණූ මිනිසෙක්. ඔහු ගොවිතැන වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළේ ඒ එදා තිබුණු සීමිත වෙළඳ භාණ්ඩ අතර ප්‍රමුඛ එකක් නිසා මිස රට කෘෂි ආර්ථිකයකට නතු කළ යුතුය සිතූ නිසා නෙවෙයි. වසර දාහකට විතර පස්සෙ අද අප මේ බව තේරුම් නොගෙන පරාක්‍රමබාහු අන්ධානුකරණය කරනවා නම් ඒ තමා ඔහුට කළ හැකි විශාලතම නින්දාව.

  12. සුදම්

    හොඳ ලිපියක්. ඔය කියන කාලේ මමත් ඉපදිලා නැහැ. ඒත් මම හිතන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය ඔය තරමට අන්තවාදී උනේ නැත්නම්, එහෙමත් නැත්නම් සංවෘත / විවෘත හොඳ මිශ්‍රණයක් උනා නම් ඉදිරියට යන්න තිබුණා කියල (හැබැයි මගේ ආර්ථික විද්‍යා දැනුම එච්චර හොඳ නෑ). ඔය කියන ජනතා කොමිටි හා බිම් මට්ටමේ “ශ්‍රී ලංකා කාරයෝ” පුදුම විදියට මිනිස්සුන්ව පීඩනයට ලක් කළා කියලත් මම කියවල තියෙනව.

    ඒ වගේ අත්දැකීම්වලට අයියලටගෙ පරම්පරාවට මුහුණ දෙන්න සිදුවුණ එක ගැන ඇත්තටම කණගාටුයි.

  13. සිරා ලිපියක්..

  14. චනුක, බ්ලොග් එකත් ඔයාගෙ, අත්දැකීමත් ඔයාගෙ, ඒ නිසා ඔයාට කැමති දෙයක් ලිවීමෙ අයිතියට මම ගරු කරනවා, ඒත් ඔයා සිරිමා පාලනය ගැනත් ප්‍රේමදාස පාලනය ගැනත් ලියපු විදිය ගැන මට ඒ තරම් සතුටු වෙන්න බැහැ. ඔයා වගේ කෙනෙක් ඒ වගේ දේවල් ලියන කොට තමන්ගෙ අත්දැකීම් නොවන විග්‍රහ වලදි තරමක් විවේචනාත්මකව බලනවා නම් තමයි හොඳ. සිරිමා පාලනයෙදි නම් මම ගොඩක් පොඩි ලමයෙක්. ඒත් ජයවර්ධන, ප්‍රේමදාස, කාලය මට හොදට මතකයි. එදා නම් මමත් දැක්කෙ කලු විතරයි. ඒත් සාපේක්ෂව මම අද ඒවායෙ සුදු පාටත් දකිනව.

    • @Lucky,

      සිරිමා බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස පමණක් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සම තුළද යහපත් දේ මම දකිමි. ලෝකයේ කිසිම රටක 100%ක් හොඳ ආණ්ඩු හෝ 100% නරක ආණ්ඩු නැත.

      නමුත් මතක සටහන් තුළ මේ සියල්ලම කතා කිරීමට මට ලැබෙන ඉඩ අල්පය.

      • Luckey from UAE

        මා ඔබගේ බ්ලොග් කියවන්නේ ඔබගේ බ්ලොග් එක මගේ බ්ලොග් එකක් කර ගෙන ඔබ සමග වාද කිරීමට නම් නොවේ. ඔබ ලියන දේ කියවිමෙන් මා එකතු කරගත් දැනුමට තවත් යමක් එක් කර ගන්නා බලාපොරොත්තුවෙන්. ඔබගේ ලිපි කියවන බොහෝ දෙනා ඔබ හා සසඳන විට අන්ධයින් ගානයි. එහෙත් අලියාගේ කකුල අත ගා අලියා වන්ගෙඩියක් වාගෙයි කියු අන්ධයින් ගානට නොදමන්න ඔබ ගේ අල්ප වු ඉඩ තුල කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. තවත් ලියන්නට ඔබට දිරිය ලැබේවා

  15. Donald Gaminitillake

    You missed
    While MR introducing 5000 notes Dr NM cancelled the 50 & 100 rupee notes!
    I had to go with my parents to queue for 2 yards of shirt materials
    Rice Ration Book
    Taking over the properties and estates of Sri Lankans
    No Butter – Globe butter-
    Banning songs – Baby elephant walk, Latha’s “Rajinamamai “

  16. මට මේ අත්දැකීම් විදින්නට නොහැකි උනත් මේ දේවල් සමහරක් ලිපි මගින් හා මව්පියන්ගේ කතා මගින් අසාතිබේ.ඔබ එය විස්තර කල අයුරු අපූරුයි.
    ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත වැනි ඉතා අසාධාරන පනත් මගින් ඉඩම් රජයට පවරාගෙන ඇත.පනත ගෙනෙන්නට පෙර බණ්ඩාරනායක පවුලේ හා හිතවතුන්ගේ ඉඩම් ඒ පනතට අයත් නොවන ලෙස අන්අයට පවරා කිරීම එහි ඇති අසාධාරනත්වයයි.එය හුදෙක්ම සිදුකරන ලද්දේ රටේ අනාගතය වෙනුවෙන් නොව විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට මුදල් වියදම් කල පුද්ගලයන් මූල්‍යමය ලෙස වට්ටා පක්ෂයේ නැගීසිටීමට එරෙහිවයි. ඇත්තෙන්ම ‍ඒ පනත නිසා අනුර පුතාගේ අම්මා අපේ කටෙත් පස් දැම්මා

  17. “ගොංවස්සා” කියන්නේ ඇනස්ලි මාලේවන.

    “නූඹට රිදෙයි නම් .. හිමිහිට වැටියන්.. දුන්හිඳ මනමාලී ” කියන පද පේලිය නිසාත් සිංදුවක් වාරණය උනාලු ඒකාලේ. ඇනස්ලි වැඩසටහනකට ඇවිදින් කිව්වා.


  18. අත්තටම මේ වගේ කාලයක් ගැන මම දැනගන හිටියේ නැ..
    මැතිනිගෙ ආන්ඩුවක් ගැන ආච්චි,සීයා කතා වෙනව අහල තියනවා
    ඒත් මේ තරම් විස්තරයක් නම් දන්නෙ නැ.බොහොම ස්තූතියි,
    ජය වේවා..

  19. ඔය අතීතය ගැන මගේ තාත්තත් මට පොඩි කාලේදී කියූ දේවල් මතක් උනා . චානුක අයියා ලියන්නම උපන් කෙනෙක් . සාමාන්‍යයෙන් . කවුරුහරි මේක කියද්දී අහං ඉන්නත් එපා වෙනවා . ඒත් මේ ලියලා තියන විදිහට නම් කියවන්න ආසයි . එක අකුරක්වත් පන්නන්නේ නැතුව . ඔක්කොම කියෙවුවේ ඒකයි ..1989 ඉපදිච්ච මටනම් ඔය අද්දැකීම් නිකං පරන චිත්‍රපටියක රූප රාමු වගේ .. සත ගනන් වලට බඩු ගත්ත. සමූප කාරවල පෝලිම් තියන ඒ කාලේ මම ඉපදුනේ නැත්තේ පෙර කල පිනකටද කොහෙද …

  20. ඔබේ ලේඛන විලාශය අනර්ඝයි. හොඳ ලිපියක්!

  21. මේ මධ්‍යම පංතික දෘෂ්ටියක් උඩ ඉදල තමන්ට මුහුන දෙන්න සිදුවුන පරිභෝජන ගැටලු ගැන ලියල තියෙන ලිපියකි.මනුකා විජේසිංහට අවුල තිබුනේ චීස් එක්ක සැන්ඩ්විච් කෑමට නොහැකි වීම ගැනය.නමුත් විවෘත ආර්ථිකය ඇවිත් අවුරුදදු 30 පැනල අහවර වුන අද දවසේදීත් ජනගහනයෙන් 41% ක් පමන දෛනික ආදායම ඩොලර 2ට අඩු අය වෙති.උන්ට එදත් අදත් කවදත් චීස් යනු සිහිනයක් පමනි.වික්ටර් අයිවන්ගේ “ලංකාවේ තරුණ කැරලිකරුවන්ගේ සමාජ පසුබිම” පොතේ මුල් පරිච්චේධයේ ආර්ථික ලිබරල්කරණය සමග සිදුවූ ආර්ථික දෙදරා යාම ගැන විශිෂ්ට විස්තරයක් තිබේ. ආර්ථික ප්‍රතිපත්තිය හොදද නැද්ද යන්න මනින එකම නිර්නායකය විය යුත්තේ මධ්‍යම පංතිකයාගේ පරිබෝජන නිර්ණායකය නොවේ. ආර්ථික ලිබරල්කරණය සමග ග්‍රාමීයව පවත්වාගෙන ගිය හස්ත කර්මානත් සියල්ල පාහේ අභාවයට ගිය අතර ග්‍රාමීය නිෂ්පාදනය ඇන හිටුනි. අසීමිත ලෙස ආනයන වලට ඉඩදීම මත යාපනය ඇතුලු බොහෝ ප්‍රදේශ වල කෘෂි නිෂ්පාදන වෙලදදපොල දෙදරා ගිය අතර එසේ විරක්ෂාවට ලක්වන පිරිස අන්තතර්ග්‍රහනය කරගැනීමට තරම් සවිමත් අලුත් කර්මාන්ත පදනමක් පිහිටුවීමටත් විවෘත ආර්ථිකය අසමත් විය.කැලනිය ටයර් වැනි තිබූ කාර්මික ආයතනයද කාබාසීනියා කොට විකුණා දමන ලදී. නිෂ්පාදනමය බහුවිධිත්වයක් වෙනුවට හුදෙක් ඇගලුම් හා සංචාරක ව්‍යාපාරය මත යැපෙන අස්ථික තත්වයකට ලංකාවේ ආර්ථිකය පත්විය ඔබ ආනයනය කල සපත්තු පැලදීමට කැමති විය හැක නමුත් දේශීය පාවහන් කර්මාන්තයට ඉන් පාඩු වන්නේ නම් හා ඉන් ඔබේ පියා විරක්ෂිතයෙක් වී ඉවතට වැටේ නම් – සපත්තුව පැලදීමේ තාවකාලික ආතල් එක තේරුමක් නැති එකක් වනු ඇත. මේ කියන්නේ 70-77 මාරයි කියා නොවේ නිෂ්පාදනය මත පදනම් වුන ආර්ථිකයක් වෙනුවට බඩු විකුනන හුදෙක් පරිභෝජනය ආගමක් කරගත්ත ආර්ථිකයක් වෙත විතැන් වීම නිසා අප මහත් අර්බුදයකට අදවනවිට පත්ව ඇති බවය.
    (අඩුම තරමින් සාර්ථක විදිහට බයිසිකල් හදන කම්හලක් දෙකක් වත් නැති නය මත යැපෙන ගොබ්බ රටක් විදිහට අපිට පවතින්න සිද්ද වෙල තියෙන්නේ ඔය කියන ලිබරල්කරනය නිසාය )

    • @Solamale,

      මේ පෝස්ටය කරද්දී මෙවැනි ප්‍රතිචාරද මම බලාපොරොත්තු වූයෙමි. සමාජයේ යම් කොටසක් කොයිතරම් සාක්ෂ්‍ය ඇස් පනාපිට පේන්නට තිබුණත් ‘අයිඩියොලොජිය’ වෙනුවෙන් ඒ සියල්ල නොසලකා හරිති.

      මගේ 1970-77 අත්දැකීම් ඇත්තේ මධ්‍යම පාංතිකයකු වශයෙනි. නමුත් මේ සමය දරුණුම වූයේ දිළින්දන්ටයි. 1977දී ආසන 120ක් ගන්නෙමිය වහසි බස් දෙඩූ ජේ. ආර්. ජයවර්ධනට ආසන 140 ගෙන දුන්නෝ මධ්‍යම පාංතිකයෝ නොවෙති. එක්සත් ජාතික පක්ෂ නායකත්වය අබල දුබල වනතුරුම ලංකාවේ පීඩිත පන්තිය එය හා රැඳී සිටියේ තමන්ගේ පැවැත්ම සහතික කරන්නේ වෙළඳපළ ආර්ථික ක්‍රමය පමණක් බව වටහා ගත් නිසාය. ඔවුන් චන්ද්‍රිකා නෝනාට තෝන් ලනුව දුන්නේද ඇය නැවත 1970-77 සත් අවුරුදු සාපයට ගමන් නොකරන බවට සහතික වූ පසුය.

      ජනගහණයෙන් 41% ක් දිනෙකට ඩොලර් දෙකකට අඩුව උපයන්නෝය යන්න 2001 දී (මාද කලෙක සේවය කළ) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මඟින් දුන් විවාදාපන්න දත්තයකි. මේ දත්තය ඉන් පසු යාවත්කාලීන වී නැත. අවශ්‍ය නම් දකුණු ආසියාවේ අනෙක් රටවලට සංසන්දනාත්මකව අළුත්ම දරිද්‍රතා දර්ශක මත කතා කරමු. (අනෙක් අතට ‘සමාජවාදී’ සංවෘත ආර්ථික ක්‍රමයක් වී නම් ලංකාවේ 90% ක් ඩොලර් දෙකක් වත් නො-උපයනු ඇත.)

      ආර්ථිකය විවෘත කිරීම තුළ ජයවර්ධන බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටු නොවූ බව ඇත්තය. එසේම ආර්ථික වර්ධනය ඉලක්ක කොට ගත් වර්තමාන ආර්ථික ක්‍රියාදාමය තුළ මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වන බොහෝ දේද සිදු නොවනු ඇත. නමුත් මේවාට විසඳුම ‘බතල මයියොක්කා’ යුගයකට යාම නොවේ.

      1970-77 යුගයේදී ‘ජනසතුකරණය’ මුවාවෙන් රාජ්‍ය සම්පත් අමු අමුවේ විනාශ කළ හැටි මා උගත්තේ ඒ ක්‍රියා දාමයන් ගැන තමන්ටම අත්දැකීම් ඇති වෘත්තිකයන්ගෙනි. අවාසනාවකට මේ යුගයේ නිර්මාණය කරන ලද රෝමෑන්තික කතන්දර අදත් විශ්වාස කරන්නෝ වෙති. මෙය සාමාන්‍යයෙන් හැම “සමාජවාදී” රටටම පොදුය. පේසාලේ තෙල් ඇතැයි කීවොත් තවමත් ලාංකිකයන් කොටසක් ගොනාට ඇන්දවිය හැකිය.

      අවසාන ලෙස වික්ටර් අයිවන් පමණක් නොව මමද එක් යුගයක සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයට වඩා යහපත්ය සිතීමි. අපි දෙදෙනාම අත්දැකීම් අනුව වෙනස් වීමු.

  22. Chanuka
    Excellent Post
    While I wasn’t even born back then, I heard similar stories from my father who had to spend his youth during that unfortunate period, and that experience made him a staunch right winger to this day .
    It has now become fashionable to romanticize our failed experiment with socialism. Therefore articles like this are needed to educate the present generation.

  23. පලමුව 70-77 තිබුනේ සමාජවාදයයි යන්න වැරදි අදහසකි.සිරිමා-නේරු-අබ්දුල් ගමල් නසාර් යනාදී පාලනයන් විසින් ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දිය යුතු නියම වචනය රාජ්‍ය ධනවාදයයි(State capitalism).බලය හොබවන ප්‍රභූ පංතිය ආර්ථිකය පවත්වාගෙන යාමේදී නොදියුනු රටවල ප්‍රාග්ධන හිමියන්ගේ තිබෙන සාපේක්ෂ අඩු දියුනුව නිසා ව්‍යවසායකයෙක් විදිහට මැදිහත්වෙන එක මෙහි ලක්ෂනයයි. මේ සිස්ටම් එක කේන්සියානු ධනවාදයේ ලක්ෂන අඩු වැඩි වශයෙන් අන්තර්ගත කරගෙන හැදුන එකක්.

    මෙතන විවාදය හැදෙන්නේ ධනවාදයේම මොඩල්ස් දෙකක් අතර විවාදයක්.නව ලිබරල් මොඩලය සහ සුබසාධකවාදී මොඩලය.77ට පස්සෙ වුනේ සුබසාධක මොඩලය පැත්තකට දාල නව ලිබරල් මොඩලය දින්න එක.මේකෙ සමාජ ආර්ථික ප්‍රතිවිපාක ගැන කතාකරන එක අයිඩියොලොජියක් ගැන කතන්දරයක් නෙමෙයි. මේ වෙලාවෙ මා ගාව සංඛ්‍යා ලේඛන නැහැ.නමුත් ආදායම් ව්‍යාප්ති විෂමතාවය සම්බන්ධව පූර්ව 77 කාලය 77ට පසු කාලයට වඩා සාපේක්ෂව ඉදිරියේන සිටියා.ජිනි සංගුනකය අඩුම අගය වාර්තා වුනේ 70 දශකය තුල.77 ට පස්සෙ මේක සම්පූර්ණයෙන් කනපිට ගැහුවා.අද ධනය සමාජයේ ආන්තික කොටස් කිහිපයක් අත සංකේන්ද්‍රනය වෙන සිස්ටම් එකක් බිහිවෙලා තියෙනවා.ඊලගට දිලින්දන් වෙනුවෙන් තිබුණු සුබසාධන වියදම් විශාල පංගුවක් අද වෙනකොට කපලා දාලයි තියෙන්නෙ.අනිවාර්ය සලාක ක්‍රම වගේ ඒවා අද වෙනකොට දකින්න නැහැ.ඒ වගේ ක්‍රමවේද දිලිදු ජනකොටස් කෙරෙහි යම් ආරක්ෂනයක් විදිහට තිබුනා.නමුත් අද මධ්‍යම පංතිය චීස් කද්දි ඒක දිහා බලාගෙන පරිභෝජනවාදී ආතල් එකක් ගන්න එකයි දිලිදු පංතියට ඉතිරි වෙලා තියෙන්නෙ.

    කොහොමහරි සංක්ෂිපත්ව කියනවා නම්

    1. දේශීය වශයෙන් කාර්මික/නිශ්පාදන පදනමක් බිහිකරගත්තා නම් ඒක දිලිදුකම නැති කරන ස්ථිර ආදායම් ප්‍රවාහයක් විදිහට වර්ධනය කරගන්න තිබුනා.ග්‍රාමීයව එසේ හැදෙමින් ආව ඉඩ නැති කලේ 77 ප්‍රතිපත්තිය
    2. ධනය කොච්චර නිර්මානය වුනත් ඒක සමාජයේ සාධාරන විදිහට ව්‍යාපත් වෙන්නෙ නැතිනම් වැඩක් නැහැ.සාධාරන ආදායම් ව්‍යාප්තිය අතින් 77ට පෙර යුගය තුල දැනට වඩා ඉතාම සාධනීය නැඹුරුවක් තිබුනා (මේව හුදෙක් අයිඩියොලොජිකල් මනස්ගාත නෙමෙයි.දත්ත මගින් පෙන්වා දිය හැකි කරුණු)
    3.නවලිබරල් ධනවාදය කියන්නෙ අංශබාග සංවර්ධනයක්.ඒ කියන්නෙ සමාජයේ එක් කොටසක් පමනක් සමෘද්ධිමත් කරන ක්‍රමයක්.පෞද්ගලික අංශය සමග තරග කරමින් එය නියාමනය කල හැකි ශක්තිමත් රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් නැති වීම – එය 77ට පසු යුගයේ විනාස කර දැමීමේ ප්‍රතිවිපාක අද අපි අත්විදිනවා. ( වී ගොවියාගේ පැත්තෙන් වී අලෙව් මණ්ඩලය වගේ ඒව නැති කර දැමීම ගැන හිතන්න.)

    සරල පරිභෝජන මිණුම් දණ්ඩකින් හැමදෙයක්ම තීරණය කරන එක වැරදියි.මඥ්ඥොක්කා යුගයක් ගැන කිව්ව නිසා එක නිදසුනක් දෙන්නම්.මඥ්ඥොක්කා වගාව වෙත ආයෝජන යොමු කරන්න මැදිහත්වෙලා ප්‍රාතමික කෘෂිනිෂ්පාදනය වැඩි දියුනු වුන කර්මාන්තයක තත්වයට ගේන්න අපේ පාලකයො කටයුතු කරල පොටේටෝ චිප්ස් හදන තැනකට ගියා නම් රටේ මිනිස්සුන්ට රස්සාත් තියෙනවා.උන්ගේ ආදායමත් වැඩි වෙනව.දිලිදුකමත් අඩුවෙනාව.ග්‍රාමීය – නාගරික විෂමතාවයත් තුනී වෙනවා.ඒ කිසිම දෙයක් නොකර මධ්‍යම පංතියේ පරිභෝජනකාමය වෙනුවෙන් පිටරටින් පොටේටෝ චිප්ස් ගෙන්වීමේ ප්‍රතිවිපාකය තමයි – අපේ ජනගහනයෙන් භාගෙකට ආසන්න ප්‍රමානයක් තවමත් ඉතාම දිලිදු ජීවිත ගත කිරීම ( 41% ප්‍රශ්නකාරීද නැද්ද මම දන්නෙ නැහැ.මේ අධිකාරීන්ම අපිට දෙන සංඛ්‍යා ලේඛණ.ඒවට අනුවම ගත්තත් වැඩේ අබිලික්.දැන් මම ඉන්න තැන අනුව සංඛ්‍යාලෙඛන හොයන්න අමාරුයි.නමුත් සමාජ ආර්ථික වශයෙන් විෂමතාවය අතිශය දරුණු වෙමින් තිබෙන බව මධ්‍යම පංතික බරවයෙන් නොපෙලෙන – පොදු සමාජය තුල පයගහල ඉන්න ඕනෙ කෙනෙක්ට වැටෙහෙන කරුණක් )

    • @Solamale,

      1970-77 පැවතියේ “සමාජවාදයකැයි” කීවේ මා නොව සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවමය. මෙය ඒ කාලයේ පාසැල් වල ඉගැන්වූ සමාජ අධ්‍යයනය පොතේ අඩංගු වූ කාරණාවකි. මම එය එසේම භාවිතා කළෙමි. ඒ ගැන ඔබේ අයිඩියොලොජි ඔබට තබා ගත හැකිය. මම ඊට මැදිහත් නොවෙමි.

      මම දත්ත මත කතා කරමි. ලංකාවේ දරිද්‍රතා හා මානව සංවර්ධන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා http://www.mdg.lk වෙබ් අඩවි මඟින් ලෙහෙසියෙන් ලබා ගත හැකිය. 1977න් පසු පසුගිය දශක කිහිපය තුළ රටක් ලෙස ලංකාවේ මානව සංවර්ධනය මෙමඟින් පැහැදිළිව පෙන්නුම් කෙරේ. ඔබට දත්ත නැත්නම් හුදෙක් අයිඩියොලොජි මත “හිතෙන විදියට” කතා කිරීම අප දෙදෙනාගේම කාලය නාස්ති කිරීමකි.

      • ඔබතුමාට තරහ ගොස් ඇති බව පෙනේ. 70 දශකයේ ගිනි සංගුණකය 0‍.35කි. 2006/7 වනවිට එය 0.49 කි.

        http://books.google.lk/books?id=QQ6pzEgX8wEC&pg=PA182&lpg=PA182&dq=sri+lanka+gini+index+1970&source=bl&ots=5zlBbYyWWi&sig=fsJFThq-uWgTUdi_-ZXe1fTg0n8&hl=en&ei=fFGoTaeuFMfWrQfxxPWnCA&sa=X&oi=book_result&ct=result&resnum=8&ved=0CEQQ6AEwBw#v=onepage&q&f=false

        “නිල” සංඛ්‍යාවලටම අනුව ආදායම් විෂමතාවය වැඩි වී තිබේ.සිදුවි තිබෙනවාය කියන වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ විදිහකට බෙදී ගිහින් නැත.

        මා කරුණු සහිතව පෙන්වා දුන්නේ නව ලිබරල් මොඩල් එකට මාරු වීමෙන් සිදුවූ අවාසි ප්‍රමානයකි.ලදරුකර්මාන්ත පරිණතභාවයට පත්කරගැන්මට තිබූ ඉඩ විනාශ කරගැනීම,මූර්ත නිෂ්පාදනය මූලික කරගත් සංවර්ධනයකට තිබූ ඉඩ නැතිකරගැනීම හා සුබසාධන වියදම් කැපී යාම ඒවා අතරින් කරුණු කීපයක්.මින් ලදරු කර්මාන්ත වර්ධනය කරගැන්මට තිබූ ඉඩ නැතිවීම වැන්නක් සංකල්පීය තලයට අයත් වන බවත් ඒවා නිශ්චිත දත්ත විදිහටම ඉදිරිපත් කිරීම අසීරු බවත් ඔබතුමාට වැටහෙනවා ඇතැයි හිතනවා.උදාහරණයක් විදිහට ඒ කාලෙ තිබුණු පේෂකර්මාන්තය වගේ හස්තකර්මාන්ත 77ට පස‍්සෙ අභාවයට ගියා කියන එක කරුණක් විදිහට ඇත්ත.ඒත් ඒකෙන් කීදෙනෙක්ට හරියටම රස්සා නැති උනාද?ඒකෙන් අහිමි වුන ආදායම කීයද?වගේ ඒව මහබැංකුව ලියල තියාගෙන හිටිය කියල මම හිතන්නෙ නැහැ.කෘෂි භාණ්ඩ අසීමිතව ආනයනය කරන්න ගත්ත එකෙන් යාපනයේ ගොවියට අමාරුකම් වලට මුහුණ දෙන්න වුනා කියන එක ඇත්තක්.ඒ අමාරුවේ “තරම” කොයිතරම් ද කියල මහ බැංකුව ලියල තියාගෙන හිටිය කියල මම හිතන්නෙ නැහැ.මහබැංකුවෙ නැති වුනාට සමාජ විද්‍යා ගවේෂන හරහා ඒ වගේ කරුණු ගැන උපන්‍යාස ඉදිරිපත් වෙනවා.අයිවන්ගේ පොත ගැන මම කීවෙ ඒ නිසා.ශාස්ත්‍රවන්තයාගේ ලක්ෂණය එවැන්නක් තියෙනවා නම් ඒ ගැන සොයා බැලීම නෙමෙයිද?

        කෙසේ වුවද 77 ට පෙර හා පසු ගැන තියෙන ජනප්‍රිය මධ්‍යම පංතික විලාප කතාවලට වඩා වෙනස් පැත්තක්ද තියෙන බව කමෙන්ට් කිරීමෙන් පෙන්වා දීමට වැයම් කලෙමි.ඔ‍බේ එලඹීමෙන් පෙනෙන්නෙ එවැනි සංවාදයකට ඔබ සූදානම් නැති බවකි.ඒ ගැන කණගාටුව පලකරමින් මම සමුගනිමි.අයිඩියොලොජි එකක් ගැන මට චෝදනා කරන ඔබතුමාත් ඉන්නේ අයිඩියොලොජි එකකය.ඒක පහුවෙලා හරි වැටහේවායි ප්‍රාර්ථනා කරමි.

      • පලි -

        “සමාජවාදය” කියන නම ගැන

        ලංකාවේ නම විදිහට ව්‍යවස්ථාවේම ලියල තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී “සමාජවාදී” ජනරජය කියාය.මේක සමාජවාදී ජනරජයක් බව නායකයෝම අපිට කියති.ඔබතුමාගේ තියරිය අනුව විමසීමක් නැතිව අප එය භාරගත යුතුය.මන්ද එයාල කියනවනං අයිඩියොලොජි වලින් ඇති වැඩක් නැහැ නෙව :)

    • මෝඩයා

      සුබසාධක ආර්ථිකයක් කියන්නේ මිනිස්සු කම්මැලි කරවන ආර්ථිකයක් නෙමෙයි ද? මම මේ කතා කරන්නෙ තමන්ට චාන්ස් එකක් තියෙනවයි කියල විශ්වාස කරන්න පුලුවන් ධනවාදයෙ free market එකට සාපේක්ෂව. තාමත් අපේ මිනිස්සුන්ට හැම දෙයකටම මිලක් තියෙනව කියන එක විශ්වාස කරන්න බැහැ. මේක සුබසාධක ආර්ථිකයක අයහපත් ප්‍රථිපල නෙමෙයි ද? ඒ විදියට බලනකොට සමස්ත මානව සංවර්ධනය අතින් සුබසාධක ආර්ථික ක්‍රමයක් කියන්නෙ පසුගාමී ක්‍රමයක් නේද?

    • මෝඩයා

      අනිත් දේ ඔබ කියන විදියට 77දී නව ලිබරල් ආර්ථික ක්‍රමයකට සහය දැක්වුනේ මධ්‍යම පාන්තික සිහිනය මුල් අවුරුදු හතේදී කඩා වැටුනු නිසානම් මුල් අවුරුදු හතට පෙර මධ්‍යම පන්තිය සතුටුදායක ලෙස වර්ධනය වී තිබිය හැක. නැතිනම් සුබසාධක ආර්ථික ක්‍රමය මේ සම්පත් ඌන දිවයිනේ පරිධියේ ජන කොටස් වලට (බහුතරයට) සාධාරණය ඉටු කර නැත. දශක පහක හයක ආර්ථක සංවර්ධනයක් තුල හෝ තමන් අඩිය අඩිය පහලට වැටෙන බවක් දැනේනම් එය ක්‍රමය මත තව දුරටත් විශ්වාසය තැබීමට ඔබ ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවාද? අඩුම තරමේ 2000 දශක‍ය මෙන් විනාශකාරී යුද්ධයක්වත් නොතිබුන අවධියක?

  24. හප්පා… මේ කතා සිද්ධවෙනකොටනං මම ඉපදිලා නැහැ. ම්… මීට වඩා ටිකක් අතීතයත්, මීට පස්සෙ ටිකක් අතීතයත් ගැන තවත් ලියැවෙනවානං ඉස්සරහට. මරු!

  25. @ Solamale ,

    ගිනි සංගුණකය යනු දරිද්‍රතාවයේ ඍජු මිණුමක් නොවේ. දරිද්‍රතාවය යනු ඊට වඩා සංකීර්ණ සංකල්පයකි. ආදායම් විෂමතාවට වැදගත් වන්නේ රටක ඒක පුද්ගල ආදායම අඩු නම්ය. නැතිනම් ගිනි සංගුණකය වැඩිවීම දරිද්‍රතාවය පිළිබඳ මිණුමක් නොවේ. එවන් අවස්ථාවක එයින් රටේ දිළින්දන් ගැන කිසිවක් නොකියැවේ.

    උදාහරණයක් හැටියට ඇමෙරිකාවේද ගිණි සංගුණකය ඉහළය. http://en.wikipedia.org/wiki/File:Gini_Coefficient_World_CIA_Report_2009.png එහෙත් ඉන් ඇමෙරිකාවේ සැලකිය යුතු ප්‍රතිශතයක් දිළින්දන්ය නොකියැවේ. අනෙක් අතට ලෝකයේ ඉතාම නොදියුණු මොන්ගෝලියාව, පැරණි සෝවියට් රාජ්‍ය හා උතුරු කොරියාවේද ගිනි සංගුණකය අඩුය. හේතුව පහැදිළිය. 1970-77 කාලයේ ලංකාවේ මෙන් මේ රටවලද යම් යම් කාල වකවාණුවල පැවැති “සමාජවාදී” ආණ්ඩු කිසිවකු පොහොසත් වීම වළකා ඇත. රටේ සියල්ලන්ම එක සේ දිළිඳු නම් රටක ගිණි සංගුණකය අනිවාර්යයෙන්ම අඩු වේ. එනිසා මේ ගැන මම පුදුම නොවෙමි.

    ඔබට යම කියාදීමට දුන් අවස්ථාව ගැන ස්තූතියි. එහෙත් ඔබේ අයිඩියොලොජිය මෙයින් වෙනස් නොවන බව දනිමි. තව දුරටත් ඔබ මයියොක්කා වවා චිප්ස් හදා රට සුඛිත මුදිත කිරීම ගැන සිහින මවනු ඇත. මම ඒ සිහිනයට බාධා නොකළෙමි. නොකරමි. ඔබට අවශ්‍ය නම් 1970-77 කාලය ලංකාවේ සොඳුරුම සමය සේ තවදුරටත් සිතා ගත හැකිය. මෙසේ සිතන්නෝ ඔබ පමණක් නොවෙති. (එක් කාලයක මමද එසේ සිතූ බව පිළි ගනිමි.)

    මා කලින් කී ලෙසට අයිඩියොලොජි ගැන මම කතා නොකරමි. ඔබේ අයිඩියොලොජි එක ඔබට තබා ගත හැකිය.

  26. @Solamale,

    ගිනි සංගුණකය ගැන ඔබ පෙන්නු දත්තයේ වරද පෙන්වන්නටද ඉඩ දෙන්න. (මා මෙසේ කරන්නේ යම් අයිඩියොලොජියක් ඇත්තන් විසින් තම අයිඩියොලොජිය සාධාරණීකරණය පිණිස කිසිම ලජ්ජාවකින් තොරව සංඛ්‍යාක manipulate කරන අයුරු පහදා දීමටයි.)

    ලංකාවේ ගිනි සංගුණකය ගණනය කරනු ලබන්නේ යම් නිශ්චිත කාල සීමාවන් වල පවත්වනු ලබන පාරිභෝගික මූල්‍ය සංගණන මඟිනි. (මේවා හැම වසරෙහිම නොපැවැත්වේ.) ලංකාවේ මේවා ගණනය කරනු ලැබූ අවුරුදු හා ඒ ඒ අවුරුදු වලට අදාළ ගිනි සංගුණක පහත පරිදිය.

    1953 – 0.46
    1963 – 0.45
    1973 – 0.35
    1978/79 – 0.43
    1981/82 – 0.45
    1986/87 – 0.46
    1996/97 – 0.43
    2003/04 – 0.46

    මෙයින් කාරණා කිහිපයක් පැහැදිළි වේ.

    1. ලංකාවේ ඓතිහාසිකව ගිනි සංගුණකය වැඩිය. (0.43-0.46 අතර ) මෙය වෙනස් වී ඇත්තේ 1973 දී පමණෙකි. (මෙය ගණනය කිරීම වරදක් නොවේයැයි උපකල්පනය කරමු.)

    2. 1973දී Income Shares by Deciles of Income Receivers දත්ත බැලීමෙන් මේ අගය 0.35ට අඩුවී ඇත්තේ ඇයිදැයි පැහැදිළි වේ. 1973දී මේ අඩුවට හේතුව මුල් decile කීපයේ ලොකු වෙනසක් නොව අවසාන decile කිහිපය අඩුවී මැද decile වැඩිවීමයි. එනම් දිළින්දන් එසේම සිටියදී ධනවතුන් පිරිසක් මැද පංතියට වැටීමයි.

    3 ජේ. ආර්. ජයවර්ධන රජය පත්වූයේ 1977දී වුවත් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලද්දේ 1978දීය. එබැවින් 1978 දත්ත නව ආර්ථික ප්‍රතිපත්ති වලින් ඇති වූ වෙනස පිළිබිඹු කරතැයි සැලකිය නොහැකිය. මෙය පිළිබිඹු කරන්නේ ඊට පෙර වර්ෂයන්හි ආර්ථික ප්‍රතිපත්තීන් විසින් කරනු ලැබූ වෙනසය.

    4. මේ නිසා විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් නිසා ගිනි සංගුණකය ඉහළ ගියේය යන මිථ්‍යාව සම්පූර්ණයෙන් බිඳ වැටේ. එය ඉහළ යන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම දැනෙන්නටත් කලිනි.

    දත්ත සඳහා බලන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ 2010 වාර්ෂික වාර්තාව Special Statistical Appendixහි Table 9.

    මේ බොරුව මෙසේ පෙන්නා දුන්නත් තවදුරටත් අයිඩියොලොජියක් ඔප්පු කරනු පිණිස මේ දත්ත manipulate කිරීම සිදුවනු ඇත. (ඇත්තටම අර පොත ලියූ පුද්ගලයා කරන්නේද ඒ වරදයි.)

    • ගිනි සංගුනකයෙන් මනින්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයයි ( සාපේක්ෂ දරිද්‍රතාවයයි)

      1. ආදායම් ප්‍රතිව්‍යාප්තිය 1973 – පහලම ආදායම් ලබන 40% ජාතික ආදායමේ පංගුව 12% සිට 15% ට ඉහල ගොස් ඇත

      2. පහලම ආදායම් ලබන 10% මූර්ත ආදායම 105% න් ඉහල ගොස් ඇත

      3. ඉහලම ආදායම් ලබන 10% ජාතික නිෂ්පාදිතයේ පංගුව 39% සිට 30 % දක්වා පහල ගොස් ඇත

      (1981/82 පාරිභෝගික මුදල් හා සමාජ ආර්ථික සමීක්ෂන වාර්තාව ( ශ්‍රී ලංකා මහ බැංකුව 1985) 179 පිටෙනි)

      නිෂ්පාදනය සම්බන්ධ දත්ත –
      1978 – 86 දක්වා රතුලූනු වගාකරන වපසරිය 29%න් හා නිෂ්පාදනය 27%න් පහල ගොස් ඇත
      කවුපි නිෂ්පාදන වපසරිය 20% න්ද එම නිෂ්පාදනය 27%න්ද පහල ගොස් ඇත
      හම්බන්තොට නැගෙනහිර අර්ධ භාගයේ වගා කල කපු ඉඩම් ප්‍රමාණය අක්කර 5625 වූ අතර සී අයිලන්ඩ් යනුවෙන් වගා කල කපු වර්ගයේ ලෝකයේ දෙවනියට ඉස්තරම් කපු වර්ගය ලෙස සැලකුනි.එම වගාව 77 පසු සම්පූර්නයෙන් අභාවයට ගොස් ති‍බේ
      අසීමිත ලෙස ආනයන කිරීම මත පැණි හකුරු,බඩ ඉරිගු මුං කුරක්කන් වැනි ග්‍රාමීය නිෂ්පාදන භෝග වල ප්‍රමාණය පහල වැටී තිබේ.
      අත් යන්ත්‍ර රෙදිපිලි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අභාවයට ගිය අතර හේමා ගුණතිලකට අනුව පසුව ඇගලුම් කම්හල් මගින් ඇතිකල රැකියා හා සසදන විට කාන්තා රැකියා මුල්කොට ගත් ආකල්පයකින් බලන විට අලුතින් ඇතිවූ රැකියා වලට වඩා අහිමි වූ රැකියා ප්‍රමාණය විහාලය

      ( අයිවන් ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 14 – 16 පිට )

      - අයිවන් මෙහිදී උපුටා ගන්නා මූලාශ්‍ර වෙන වෙනම දක්වා තිබෙන නමුත් ඒවා අමුතුවෙන් දැක්වීමට වෙහෙස නොවෙමි-

      1977 වැලිගල්ගොඩ නම් ගාලු දිස්ත්‍රික්කයේ ගම ආශ්‍රිතව කල සමික්ෂනයකින් හෙලිව තිබුනේ එම ගමේ සේවා නියුක්තියෙන් 23% අත් යන්ත්‍ර රෙදි පිලි කර්මාන්තය ආශ්‍රිතව බිහිව තිබූ බවත් කාන්තාවන්ට විවාත වී තිබූ වෙනත් රැකියා අවස්ථා වන දලු නෙලීම,කුරුදු ඉඩම්වල වල් නෙලිම යනාදිය හා සැසදු විට එහි ආදායම ඉහල බවත්ය.
      ( The disintegrating village Marie M Morrison ) අයිවන් – 15 පිට

      1977 වර්තන වියදමින් 14.1 % වූ අධ්‍යාපන වියදම 1986 වනවිට 9.7 දක්වාද
      1977 ව වියදමින් 23% වූ ආහාර සහනාධාර වියදම 1986 4.9 දක්වාද පහල ගොස් තිබේ.උද්ධමන බලපෑමෙන් තොර මූර්ත සහනාධාර වෙනුවට ඇති කල මූල්‍ය සහනාධාර ක්‍රමය උද්ධමන පීඩනයට ඔරොත්තු නොදීම මත දිලින්දන් වෙත ඇති කල සහනය සීමිතය.

      පොටේටෝ චිප්ස් හදන එකට හිනා යන බව සිතමු.අඩුම තරමින් වර්ධනය කරගත හැකිව තිබූ කපු,හකුරු,බඩ ඉරිගු,අත් යන්ත්‍ර යනාදී අවස්ථාවන් වර්ධනය කරගත්තා නම් රට තුලම රැදෙන යාවත්කාලීන වන ආදායම් ප්‍රවාහයක් බිහිකරගැනීමට ඉඩ තිබුණි.මේවා ලිබරල්කරණය සමග විනාශ වන්නට හැරියේය.ඉන්දියාව කීවේ Micro chips yes potato chips No කියාය.Buy Indian Be indian කියාය.ඔවුන් විවෘත කරන ලද්දේ ශක්තිමත් පදනමක් බිහිකරගෙන එම පදනම මත දෙපා රදවා ගනිමිනි.අදටත් උන් බොහෝවිට යන්නෙ ජපන් කාර් වල නොව මරුතිවලය.ජපන් කාර් වල යන්න ලෝභකමේ මරුති අත් හැරියා නම් මරුති අද මේ වනවිට ලබා තිබෙන දියුනුවවත් නොලබනු ඇත.වර්ධනය කරගත හැකිව තිබූ නිෂ්පාදන ශක්‍යතා අත් හැර දමා පරිභෝජනයේ ආස්වාදයට ලොල්වීම මත කෙටිකාලීන ආතල් එකක් පැවතියත් දිගුකාලීනව හුදෙක් ණය මත යැපෙන්නට වී තිබෙන අස්ථිර ආර්ථිකයක් වීම හරහා අප විශාල අර්බුදයක ගොදුරක්ව ඇත්තෙමු

      ( මේ තත්වය පැහැදිලි වෙන්නෙ ලංකාවෙ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහල ගොස් තිබෙන අන්දමත් සලකා බැලුවහොත්.70-77 ස්වර්ණමය යුගය කියල නම් අපි කියන්නෙ නැහැ.මේ රටේ ගොවියට,කම්කරුවට,වතුවල වැඩකරන අයට,ධීවරයට,කුලී වැඩකරන්නාට/කරන්නියට – නිර්ධන පංතියට – ආර්ථිකය ලිබරල් කරා කියල උදාවුනු ස්වර්ණමය යුගයකුත් නැහැ.මේ විලාපය පරිභෝජනය ආගමක් කරගෙන ඉන්න මධ්‍යම පාංතික විලාපයක් කීවෙ ඒ නිසා :) )

  27. Thank God, I was born in 1988!

  28. හිතවත් චානුක. ඔබ ගැන මා දන්නේ 1988 පමණ විදුසර පත්තරේ බොහොම වැදගත් ලිපි ලියන්නෙකු ලෙසිනි. එදා මෙන්ම අදටත් මා ඔබ දකින්නේ අප මව්බිමේ සිටින බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු ලෙසිනි. මා ගරු කරන මගේ කාලයේ බහුස්‍රැතයන් අතර ඔබ දෙවැනි වන්නේ මහාචාර්්‍යය නන්දසේන කෝදාගොඩ ට පමණි.
    1970-1977 කාලය ගැන බොහෝ දෙනා එලෙස පැවසුවත් (මාත් ඇතුළුව) මා දන්නා ඇතමුන්(උදා: මගේ මාමණ්ඩිය වැනි) පවසන්නේ එකල දේශීය ගොවියාට එකල ඉතාමත් යහපත් කලක් බවටයි. එමෙන්ම ඇය යම් විදියකින් තව වසර කිහිපයක් එම පාලනය ගෙන ගියා නම් ලංකාව ස්ව්යංපෝශිත ආර්ථිකයකට හිමි කම් කිවීමට පවා ඉඩ තිබූ බැව් ඔවුන් ගේ විශ්වාසයයි. එකල යාපනෙ ලූණු ගොවියන් ලූණු වලින් තැනූ මල් මාලා දමා ඇයව පිලිගත් බව මාත් අසා දැන්ගත්තෙමි. ඔවුනට ඉතාමත් යහපත් කලයක් ඒ නිසා උදා වු බව ඔවුන් පවසයි. ඇතම් විට ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවීමට පවා එම ආර්ථික ක්‍රමය බලවත් බවය් ඔවුනගේ විශ්වාසය. මේ ගැන ඔබගෙ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

    • අවුරුදු 7ක් තිස්සේ හරියට පැන්සලක් නිපදවා ගැනීමේ තාක්‍ෂණයවත් ලබාගැනීමට බැරිවු පාලන ක්‍රමයක් අවුරුදු 100 තිබුනත් වැඩක් නෑ !. ඔබ ඒ කාලේ සිටියානම් මේක තේරෙයි. ගොවිතැන් සරුසාර වීම අදත් එදාවගේම තියෙනවා . එයින් පමණක් ආර්තිකයක් දියුනු කලනොහැකියි.

  29. @Solamale,

    1. ඔබේ ගිනි සංගුණකට පිළිබඳ මිථ්‍යාව හෙළි කොට ඇති හෙයින් තව දුරටත් ඒ ගැන කතා කිරීම අර්ථ විරහිතය. එසේම පහළ ආදායම් ලබන පිරිසට ආදායම බෙදීයාම වැඩි වූ පමණින් ඔවුන් වඩා වැඩි ආදායමක් ලැබූ බව කියවෙන්නේ නැත. රට සමස්තයක් සේ දිළිඳු වෙද්දී මෙය ඉබේම සිදුවේ. (උදාහරණ සේ සමාජවාදී පරීක්ෂණ වලින් බැට කෑ මොන්ගොලියාව හා උතුරු කොරියාව දැක්විය හැකිය.)

    2. ලංකාව නිදහස ලබද්දී කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි බරක් තිබුණි. රට දියුණු වන්නට නම් මෙය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු විය. ඒ නිසා කෘෂි ආර්ථිකයක සිට රට සේවා ආර්ථිකයකට මාරු වීම හොඳය. කෘෂි ආර්ථිකය වැටීම අනිවාර්යයෙන්ම හොඳය. එය මට සතුට ගෙනදෙයි. ඔබේ අයිඩියොලොජියට එය ගැටළුවක් නම් ඊට කරන්නට දෙයක් නැත. සොරි තමයි.

    3. 1977 පරිවර්තනයෙන් දිළින්දන් ප්‍රතිලාභ ලැබූ බවට 1977 සිටම නොකඩවා විවෘත ආර්ථිකය තම ප්‍රතිපත්තිය කොට ගත් ආණ්ඩු බලයට පත් කිරීමෙන් ඔවුන් ඔප්පු කොට ඇත. ඊට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ.

  30. සීනි නැතුව තේ බොන්නම්!
    මිරිස් නැතුව හොදි කන්නම්!
    මැතිණි අපට කියනව නම් !
    (……මට මතන නැහැ)උනත් අපි කන්නම් !

    මේ එකාලේ පෙලපාලියක කිව් කවියක් . මෙක උපහාසයට ලක්කරන වෙනස් කල අවසාන පේලිය මට තාම මතකයි .

    “මැතිණි අපට කියනව නම්, රෙද්ද නැතුව අපි යන්නම් !”

  31. Anyone interested in learning about where the world is going today can be learned from the following article by Dr Rajiv Kumar, SG of FICCI which I reproduce below:

    Chinese Capitalism : Some Lessons For Us
    Rajiv Kumar
    I recently read a report that a world-wide survey on the popular support for capitalism has revealed that 67% of the Chinese strongly supported their variety of capitalism. Delicious irony that China has emerged as capitalism’s saviour! Surprisingly, in the US, the holy land of free market capitalism only 43% (if my memory serves me right) were positive about capitalism and this had declined perceptibly in the last five years. Expectedly, in France, the support was the lowest with a mere 37% in support of Adam Smith’s construct. I think it will be a good idea to conduct such a survey in India, twenty years after the 1991 reforms. Being an ardent supporter of reforms and one who thinks that we are doing ourselves a great disservice by not pushing the reform agenda forward more vigorously, I am sure that such a poll will show a strong support for a more open and decontrolle economic system. Bets are open and if enough interest is visible, FICCI could well take up the survey!

    The reasons for the delicious irony of Chinese topping the list of capitalism supporters, were on display in abundant measure during the BRICS summit that concluded in Sanya on Thursday. Sanya is a coastal town at the southern tip of Hainan, a part of China which until 1990 was a backward and under developed and in Chinese folklore, the end of the world. There is some substance to the folklore because I am told that even until after 1949, Hainan was used as a place for exiling undesirable social elements just like the Andamans were used for kala paani by the Indian colonial government prior to 1947. Hainan though has been transformed in the last twenty years. Sanya is a bustling sea-side resort with broad perfectly surfaced boulevards, a shore line that compares favourably to Mumbai’s, gleaming silver beaches with manicured greens lining them, and perhaps more hotel rooms in all categories of hotels than both Mumbai and Delhi or even the two put together. The piece de resistance is the 308 km Hainan East Ring high speed railway that opened on December 30th 2010 and covers the 210 km between Sanya and Boao in 45 minutes. The train ride is smoother, quieter and overall more comfortable the comparable TGV in France or the Shinkansen in Japan, which until last evening I would have refused to believe could be bettered. The Chinese Railway proudly tell us that up to 2105 the country will have 16000 km of high speed railways, having started only in 2007. Since then in about four years these high speed trains have already carried more than 600 million passengers! And the Shanghai to Beijing line has not even started operating. When it commences operations in June 2011, this 1318 km railway, will have the capacity to carry 80 million passengers one way at 350 km per hour!! Chinese people support their form of capitalism simply because it has delivered and promises to delive in the foreseeable future as well. The greatest achievement being to lift more than 400 million people out of abject poverty in three decades through economic growth at breakneck speed.

    The most remarkable feature about Chinese capitalism for me is the complete blurring of the distinction between the public and private sector. The two work completely seamlessly under the overall regulatory gaze of the Chinese Communist Party. This can be seen in the case of companies like Huawei and ZTE, who despite their public sector ownership operate truly like commercial, profit maximizing enterprises. But the best micro-example is the Hainan COSCO Boao Co. Ltd, founded in 2006 as a subsidiary of China Ocean Shipping Company (COSCO) which is an undiluted state owned enterprise. COSCO Boao is very private sector in all aspects. It owns the Soffitel Hotel and the International Convention Center where the Boao Forum is held and three other properties including a golf course. Its owner/executive greeted all participants with more enthusiasm than any proud hotel owner himself and yet at the same t me showed due deference to the Party and government functionaries present. In the case of COSCO Boao, which wants to “… turn itself in to a leading comprehensive tourist enterprise group that is famous in the world and first-rate in China.” there is no telling where private sector ethos and practices end and public sector control and accountability begins. Chinese capitalism which delivers!

    In contrast, even in the case of a few designated PPP projects, Indian capitalism operates with strongly entrenched divisions between the public and private sector. There is still a relative lack of trust between them and the belief that only one side is acting in national interest. This must change much faster than is happening at present if we have to fulfil our actual potential. Both sides are perhaps at fault. The government continues to believe that it is the sole repository of wisdom and protector of national interest and thus has the blanket authority to ignore private sector views, chastise it occasionally and generally subject it to overt authority. Private business in turn oscillates between either being a meek supplicant or wrongly believing and proclaiming that the government simply does not matter and the growth will happen despite it. It is time that a more mature, trust ased and mutually accountable and respectful relationship is engendered between the two sides. We must do so in quick time because failure to do so will result in retrogression that will be disastrous.

  32. Donald Gaminitillake

    Because of Land reforms
    negative results
    Today segmentation of land in Colombo and in cities
    Sinahala majority lost their land
    Estates were subdivided – Now a coconut is rs 60
    There is less land for commercial development
    Hotel Galadari land was a nice play ground
    We need empty spaces in the city.
    Now Govt is trying to sell or lease the Galle Face green actually they have to bulldoze the pettah area from malwatte road to bogaha handiya. Make this land available for commercial development not the Galle Face Green.

  33. Samantha Dassanayaka

    Machang,u took me to the era which I really wanted to roam & share that extra ordinary experience. Dear pal I personally believe your writing skill beats all of your other talents.I think u can remember ur first book, written on a old diary about your childhood mischief.

  34. චානුක හා Solamale යන සහෝදරවරුන්ගේ සංවාදයට මටත් එකතු කිරීමට යමක් තිබේ.

    ගිනි සංගුණකය මත දරිද්‍රතාව රදා නොපවතින බව ඇත්තකි. එහෙත් ආදායම් බෙදී යෑමේ විෂමතාව සමාජයේ ආර්ථික මට්ටම ගැන මිම්මක් ලබා ගත හැක්කකි. එහෙත් එය ද දරිද්‍රතාව පිළිබද හැගවුමක් ලබා නොදේ.

    70-77 යුගයට වඩා 77න් පසු යුගය ආදායම් බෙදී යෑම සම්බන්ධයෙන් කණගා‍ටුදායක පිංතූරයක් පෙන්වද්දීත් වඩා සතු‍ටුදායක ආර්ථික තත්ත්වයක් වාර්තා වන්නේ 77න් පසු යුගය තුළ දී ය. ඊට හේතුව වන්නේ 77න් පසු යුගයේ දී වඩා දරුණු විෂමතාවක් ආදායම් බෙදී යෑමේ දී පෙන්වුවත් 77ට කලින්ට වඩා, වඩා වැඩි ප්‍රාග්ධනයක් අදාළ යුගය තුළ දී රටට ගලා ආ බැවින් සාපේක්ෂව පහළ ජන කොටස් අතර වැඩි මුදලක් ගැවසුණි. එය මෙසේ පැහැදිලි කරමි.

    පහළ ආදායම් ලබන මුළු ජනගහනයෙන් 10%, 77ට කලින් ආර්ථිකයේ දී ලැබූ පංගුව 15%ක් ලෙස ද 77ට පසු යුගයේ දී ලැබූ පංගුව 5% ලෙස ද උපකල්පනය කරන්න. 77ට කලින්ට වඩා 77ට පසුව අති විශාල ප්‍රාග්ධනයක් මෙරටට ගලා ආ අතර ඒවා විවිධ ක්‍රම මගින් පහළ ජන කොටස් අතරට ගලා ගියේ ය. ඒ නිසා 77ට කලින් ආර්ථිකයේ සමස්ත වටිනාකම ඇ.එ.ජ. ඩොලර් 100ක් ලෙස ද 77ට පසු යුගයේ දී ආර්ථිකයේ සමස්ත වටිනාකම ඇ.එ.ජ. ඩොලර් 500ක් ලෙස ද උපකල්පනය කරන්න.

    එවිට පහළ ආදායම් ලබන 10%, 77ට කලින් යුගයේ දී ලැබුවේ ඇ.එ.ජ.ඩොලර් 15කි. 77ට පසු යුගයේ දී ඇ.එ.ජ.ඩොලර් 25කි………………….

    කුමන ක්‍රමයකින් හෝ රටේ ආර්ථිකය ප්‍රසාරණය වූ විට ආදායම් බෙදී යෑමේ විෂමතාව තුළින් පෙන්වන ච්ත්‍රය සම්ප්‍රදායි අර්ථයෙන් වැදගත් නොවේ. එහෙත් ඒ තුළ යම් සැගවුණ කතාවක් පවතී. ප්‍රාග්ධනය ගලා ඒමත් සමග ඉහළ ආදායම් ලබන තීරුවත් පහළ අදායම් ලබන තීරුවත් එකසේ වර්ධනයක් ලබන බව ඇත්තකි. එහෙත් පහළ ආදායම් ලබන තීරුවේ වර්ධනයට සාපේක්ෂව ඉහළ ආදායම් ලබන තීරුව වඩා වැඩි කැපී පෙනෙන සුළු හා විස්මිත වර්ධනයක් ලබයි නම් එමගින් ඇති කරන ප්‍රථිපල භයානකය. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ එවැනි ගැටළුවකි.

    77ට කළින් යුගයේ පරිදි බඩ ගෙඩි එල්ලා ගත් කුඩා දරුවන්ට වෙන් වූ වාට්‍ටු දැන් ශ්‍රී ලංකාවේ නොමැත. එහෙත් අල්ලපු ගෙදර දරුවා හැම් බේකන් වළදා පියාගේ නවීන මෝටර් රථයෙන් අන්තර් ජාතික පාසැලට යද්දී තමන්ගේ දරුවා සම්බෝලයි බතුයි කා ඊලග අවුරුද්දේ වැසී යෑමට නියමිත රජයේ පාසැලට පයින් යෑම යමෙක් සැමදා ඉවසන්නේ නැත. ඒ නිසා ලබන්නා වූ ආර්ථික වර්ධනය සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතුය.

    සමාජයක ආර්ථික වර්ධනයේ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී බව තවදුරටත් සංඛ්‍යාලේඛන මගින් ඇති කරන සම්ප්‍රදායි ච්ත්‍රය මත රදා පවතින්නේ නැත. 77ට පසුව බිහිවූයේ සාපේක්ෂව ඇති හැකි යුගයකි. එහෙත් ඒ ඇති හැකිකම වෙනුවෙන් රටක් ලෙස වගකියන්නට වූයේ අති විශාල ණය කන්දකටය. එසේම අති විශාල අනන්‍යතා පාවාදීමකටය.

    මෙම සංවාදයේ දී දෙදෙනාම අයිඩියොලොජියක් ගැන කතා කරයි. එහෙත් කවුරුත් දැන හෝ නොදැන කතා කරන්නේ අයිඩියෝලොජියක් වෙනුවෙනි. මෙම සංවාදයේ දී චානුකගේ කතාවකින් ඔහුගේ අයිඩියොලොජිය එළියට පනින්නේ බළලා මල්ලෙන් එළියට පනින්නාක් මෙනි.. ඔහු මෙසේ කියයි.

    “…………ඒ නිසා කෘෂි ආර්ථිකයක සිට රට සේවා ආර්ථිකයකට මාරු වීම හොඳය. කෘෂි ආර්ථිකය වැටීම අනිවාර්යයෙන්ම හොඳය. එය මට සතුට ගෙනදෙයි…………..”

    මෙය අලුත් අයිඩියෝලොජියක් නොවේ. 1977 සිටම පට්ටා ගැසූ ආර්ථික උපක්‍රමයකි. ඒ යුගයේ දී බොහොදෙනෙක් මහත් ථල මහානිසංස බලාපොරුත්තු වූයේ මේ උපක්‍රමය මගිනි. එහෙත් යූඑන්පී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වූ වෙළද පළ ආර්ථිකයක් හා ගෝලීය ප්‍රාග්ධනය මෙරටට ගෙන්වා ගැනීමේ ලා උපාය මාර්ගික විශිෂ්ඨයකු වූ ලලිත් ඇතුලත්මුදලි පවා මේ උපක්‍රමයට ඒ හැටි එකග වූයේ නැත. ලෝක බැංකුව ගිවිසුම් පිට ගිවිසුම් අත්සන් කරමින් උත්සාහ ගත්තේ ලංකාවේ කෘෂි ආර්ථිකය බිද දමා ඒ තැනට සේවා ආර්ථිකය ගෙන ඒමටය. එහෙත් ලෝක ආර්ථික අර්බූදයක් තුළ සේවා ආර්ථිකයක පදනම් වීම අනතුරුදායක බව ඒ යුගයේ දී ම බොහෝදෙනෙකුගේ මතය වුණි.

    ඒ ලවණ අධිකතාව නිසා වී වගාවට නුසුදුසු කළුතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට ද සහන පිට සහන ලබාදෙමින් වී වගාවටම පෙළබවීමේ අදහසින් නම් නොවේ. අපේ මුතුන් මිත්තන් වී වගා කරමින් කාලය කා දැමූ අතීත උරුමය අනාගතයට ද ගෙන යෑමට ද නොවේ. කෘෂි ආර්ථිකයකට වැඩි බරක් තැබිය යුත්තේ ආහාර නිෂ්පාදනය රටක ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාවට අවශ්‍ය බැවිනි. ලෝක ආර්ථික අර්බූදයක් ඇති වී ඇති මෙවැනි සමයක මා කියන්නා වූ අයිඩියෝලොජියට වඩා වැඩි වලංගුතාවක් ලැබේ.

    ප්‍රශ්නය වන්නේ වෙළද පොළ ආර්ථිකය ද සංවෘත ආර්ථිකය ද යන්න නොවේ. අතර මැදි පන්තීන්ගේ සිහිනයන් සැබෑවීම ගැනද නොවේ. ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කළ යුතුය. වෙළද පළ විවෘත කර ප්‍රාග්ධනයේ නිදහස් චලනයට ඉඩ දිය යුතුය. එහෙත් එය නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කර ගනිමින් සිදුකළ යුතු අතර ඒ තුළ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමානතාවක් ද ඇති කළ යුතුය.

    ශාන් – බුමුතුරුණු

    • @ශාන්,

      අප නිෂ්පාදන, සේවා, කෘෂි කියා වර්ගීකරණය කරන්නේ අපේ පහසුවට. අවසානයේ හැම එකක්ම සේවාවක්. මුදල් ඉපයිය හැකිනම් නම් මේ සියල්ලම එකයි. එකක් නරක හෝ තව එකක් හොඳ වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය ලෙස හඳුන්වන “එදාවේල කෘෂිකර්මයේ” (subservient agriculture) ඇති ප්‍රශ්නය එහි ඵලදායීතාවය අවම වීම හා ඊට ශ්‍රම බලකායක් ඇති කිරීම ගැටළුවක් වීම. එසේ නැතිව මා කිසිම දවසක කෘෂිකර්මාන්තයට විරුද්ධ විය යුතුය කියා ‘අයිඩියොලොජි’ එකක් ඇති කරගෙන නැහැ.

      එසේම දියුණු රටක අප වගා කරන්නේ ආර්ථික බෝග විය යුතුයි. එදා වේල බෝග නොවිය යුතුයි. සුද්දා වැව්වේ තේ, කෝපි මිසෙක වී වත් බතල මයියොක්කාවත් නෙවෙයි. ගොවියන්ට සැලකිය යුතු මිළක් නොලැබෙන බෝග වගාකර ඵලක් නැහැ. ඊට හැකියාවක් නැතිනම් කෘෂිකර්මාන්තයේ නියුතු යම් පිරිසක් අනෙක් අංශ වලට උද්ග්‍රහණය කර ගත යුතුයි. (මා මේ කිසිවක් අන්ධව කරන්නට උපදෙස් දෙන්නේ නැහැ. මේ සියල්ල කළ යුත්තේ සැලසුමකට අනුව.) අන් කිසිවක් නැතත් රටේ ආදායම් විෂමතාවය අඩු වීම වුවද සිදුවන්නේ ඒ ක්‍රියාවලිය තුළ පමණයි. නැතිනම් “එදාවේල ගොවියා” සදාකාලික දුප්පතෙක්.

      මා කලින් කී ලෙසට අයිඩියොලොජි වලට වඩා දත්ත මඟින් පෙන්නුම් කරන දේ ගැන මම විශ්වාසය තියමි. මගේ ඉදිරි සටහන් වලින් මේ ගැන වැඩිදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

  35. @ශාන්,

    තව කියන්නට අමතක වූ දෙයක්. නිෂ්පාදන ඇති කිරීමට 1977 සිට කාටවත් බාධාවක් නැහැ. බයිසිකල් හදන්න ඕනෑ නම් ඕනෑ කෙනකුට ඒ අවස්ථාව විවෘතයි. එසේ වීමෙන් පසුත් අපේ රටේ බයිසිකල් නොහැදෙන්නේ නම් ඊට රජයට කළ හැකි දෙයක් නෑ. කාගෙවත් ඔළුවට පිස්තෝලයක් එල්ල කර “බයිසිකල් හදපන්” කියන්න රජයකට බැහැ.

  36. චානුක,

    ඔබේ තර්කන විධික්‍රමය අනුව ඔබ තවමත් ඉන්නෙ 2008 ආ ගෝලීය ආර්ථික අර්බූදයට පෙර සමයේ බව කිය යුතුයි. එසේම ඊට පෙර සිටි ධනේශ්වර ආර්ථික බුද්ධිමතුන් වගකීමක් නැතිව ප්‍රකාශ කළ මතවාදී ආස්ථානයන් හි ඉදිමින්මයි ඔබත් කතා කරන්නේ.

    දැන් ලෝකය වෙනස්. ඒ නිසා දත්ත මගින් පෙන්නුම් කරන දේ මත ගොඩනංවන ඔබේ විශ්වාසයන් ද ප්‍රශ්න කෙරෙමින් පවතින සමාජයක් මේක. මොකද දත්තයන්ට ලෝකය දැකීමට ඇස් නැහැ. දත්තයන් අන්ධයි. දත්තයන්ට ඇස් ලැබෙන්නේ ඒ දත්ත යම් මතවාදයක ඉදිමින් විශ්ලේෂ්ණය කරන්නේ නම් පමණයි. ඔබ ඒ දේ දැනුත් කරමින් ඉන්නවා. නමුත් ඔබ එය පිළිගන්නේ නැහැ.එය ඔබේ ප්‍රශ්නයකුත් නොවන බවයි මගේ මතය. ඔබ නැතැයි කීවත් ඔබ හිස දරා සිටින්නා වූ අයිඩියෝලොජියේ ස්වරූපය තමා ඔය.

    චානුක ඔබ මගේ අදහස් දැක්වීමේ නිශ්චිතය අමතක කරනවා. මා ප්‍රකාශ කළේ,

    “………….ප්‍රශ්නය වන්නේ වෙළද පොළ ආර්ථිකය ද සංවෘත ආර්ථිකය ද යන්න නොවේ. අතර මැදි පන්තීන්ගේ සිහිනයන් සැබෑවීම ගැනද නොවේ. ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කළ යුතුය. වෙළද පළ විවෘත කර ප්‍රාග්ධනයේ නිදහස් චලනයට ඉඩ දිය යුතුය. එහෙත් එය නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කර ගනිමින් සිදුකළ යුතු අතර ඒ තුළ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමානතාවක් ද ඇති කළ යුතුය…………….” යන්නයි.

    නමුත් ඔබ ඒ ගැන නිහඩයි.

    කෘෂි ආර්ථිකයක සිට සේවා ආර්ථිකයකට මාරු වියයුතු බව කීවේ ඔබයි. නමුත් දැන් ඔබ කියන්නේ වෙනත් කතාවක්.

    “………අප නිෂ්පාදන, සේවා, කෘෂි කියා වර්ගීකරණය කරන්නේ අපේ පහසුවට. අවසානයේ හැම එකක්ම සේවාවක්. මුදල් ඉපයිය හැකිනම් නම් මේ සියල්ලම එකයි. එකක් නරක හෝ තව එකක් හොඳ වෙන්නේ නෑ. ………”

    ඔබේ මේ සංවාදය පුරාම මෙවැනි ප්‍රතිවිරෝධී තැන් තියෙනවා. එය ප්‍රශ්නයක්.

    අවසන් වශයෙන් මෙයත් කිව යුතුයි.

    ඔබ කියනව නිෂ්පාදන ඇති කිරීමට 1977 සිට කාගෙන්වත් බාධාවක් නැති බව. නමුත් චානුක එය කියන තරම් සරල නැහැ. ගෝලීය ප්‍රාග්ධනය ඉන්දියාව පිළිගත් අන්දමින් නෙවෙයි ශ්‍රී ලංකාව පිළි ගත්තෙ. දේශීයව නිෂ්පාදන ගොඩ නැංවීමට ඉන්දියාවට අවශ්‍ය උනත් ලංකාවට එහෙම ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. ලංකාව කට අරන් බලන් හිටියෙ ඔබ කියන්නා පරිදි සේවා ආර්ථිකයකින් මහත් ථල මහානිසංස ලැබීමට. ඒ නිසා ලංකාව තුළ නිෂ්පාදනයන් ශක්තිමත් කිරීම ඔබ පවසන පරිදි සරල නැහැ. 80 දශකයේ දී ලලිත් ඇතුලත්මුදලි හදුන්වා දුන් අපනයන ගම්මාන සංකල්පයට උන දේ ඔබට මතක නැද්ද.

    ඒ නිසා ලංකාවේ ආර්ථික මත නිෂ්පාදනය කරන්නන් හා ක්‍රමෝපාය සම්පාදකයන් තේරුම් ගත යුතුම දේ තමා ලංකාව කියන්නෙ ඉන්දියන් සාගරයේ ඉතා කුඩා වූ එමෙන්ම පරිධියේ රටක් බව.

    http://bumuthurunu.wordpress.com/

    ශාන් – බුමුතුරුණු

    • @ශාන්,

      ඔබට මගේ කියමන් තේරුම් ගන්න අමාරු මා අයිඩියොලොජි එකක නැති නිසා. එසේම ඔබේ අයිඩියොලොජියේ යම් යම් දේවල් ප්‍රතික්ෂේප කරන්නට ඔබ අකැමැතියි. උදාහරණයක් හැටියට 2008 ගෝලීය ආර්ථික අර්බූදය ආර්ථික විද්‍යාත්මක තියරි පවා වෙනස් කිරීමට තරම් බලගතු දෙයක් වූ බව ඔබ සිතනවා. එහෙම දෙයක් නැහැ. භූමි කම්පාවක් වූ පමණින් හෞතික විද්‍යාවේ තියරි වෙනස් නොවන්නා සේම මූල්‍ය අර්බූදයක් වූ පමණින් ආර්ථික විද්‍යාවේ න්‍යාය වෙනස් වන්නෙ නැහැ.

      මා අයිඩියොලොජියක සිටියා නම් ඔබට මගේ තර්කයන් තේරුම් ගැනීම පහසුයි. මා අයිඩියොලොජියක නැති නිසායි ඔබට මගේ ප්‍රතිවිරෝධතාවයන් පේන්නේ. ඒකට මට කරන්න්ට දෙයක් නැහැ. සමහරවිට එකම විසඳුම එක රටකට හොඳව හා වෙනත් රටක නරකව මා දකිනවා. ඒ දත්ත මත ගන්නා නිගමන. මේ බ්ලොග් එකක් මිසෙක ආර්ථික විද්‍යා පන්තියක් නෙවෙයි. එබැවින් මේ පැහැදිළි කිරීම් වලට මට යෙදවිය හැකි කාලය සීමිතයි.

      මා කලින් කී ලෙසට මා කතා කරන්නේ දත්ත මත පමණයි. එනිසා මා අයිඩියොලොජි වලට කොටු කරන්නට උත්සාහ ගන්නට එපා

      අවසාන වශයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ලංකාවේ ඇති කිරීම අසීරු බව දත්ත මඟින් ඔප්පු වී ඇති නිසයි මා සේවා ආර්ථිකයකට වැඩි බරක් තබන්නේ. ඔබට දත්ත තියෙනවා නම් පෙන්නන්න ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් සාර්ථක වන බව අපි ඒ ගැන කතා කරමු. අයිඩියොලොජි උඩ කතා කිරීම කාලය නාස්ති කිරීමක්.

  37. @ශාන්,

    තව එකක්. අයිඩියොලොජියක් නැති කෙනෙකු හඳුනා ගැනීමට ඇති එක ලක්ෂණයක් තමයි “ප්‍රති විරෝධතා” සේ පෙනෙන තැන් මතු වීම. මොකද විසඳුම් යෝජනා කරන්නේ ඒ ඒ තැන් වලට ගැලපෙන ආකාරයෙන් මිස අයිඩියොලොජි එකකට නොවෙන නිසා. උදාහරණයක් හැටියට ඔබ අද ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත දුටුවොත් වටහා ගනීවි මා චීනයට හොඳයි කියන දේශීය මුදල් අවප්‍රමාණය කිරීම ලංකාවට නුසුදුසුය කියන්නේ මන්ද කියා. http://www.sundaytimes.lk/110417/BusinessTimes/bt09.html

  38. මා යෝජනා කළේ අයිඩියෝලොජියක් නෙවෙයි. දත්ත මත පදනම් වීමකුත් නෙවෙයි. දත්ත සමගින් අයිඩියෝලොජියක් ගැනයි මා කතා කළේ.

    2008 ගෝලීය අර්බූදය හමුවේ ආර්ථික විද්‍යාත්මක න්‍යායන් වෙනස් නොකළ බව මම ද පිළි ගනිමි. එහෙත් ස්ථිර ලෙසම උපාය උපක්‍රමයන් නම් වෙනස් කළේය. මා කතා කළේ ඒ ගැනයි. වෙනත් වචනයන්ගෙන් කියනවා නම් ඉලක්කය වෙනස් නොකර ඒ ඉලක්කයට යන පාර වෙනස් කළේය.

    ඔබ කියන්නේ ඔබ අයිඩියෝලොජියක නැති බවයි. මා කියන්නේ එසේ කීමම අයිඩියොලොජියක් බවයි. මේ යුගයේ හැටි එහෙමයි. ඔබේ අදහස් දේශපාලනිකයි. දේශපාලනික අදහස් අයිඩියෝලොජියකින් තොරව ජනනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඇස් නැති දත්තයන්ගෙන් පමණක් දේශපාලනය විග්‍රහ කිරීමට යෑම අර්ථ විරහිත ක්‍රියාවක්. ඒ නිසා නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් සාර්ථක වන බව ඔබේ අභියෝගය භාර ගනිමින් ඔප්පු කළත් එය ඔබ පිළි ගන්නේ නැහැ. මන්ද ඔබ පදනම් වන්නේ අන්ධ දත්ත මත පමණක් නිසාවෙනි.

    අනෙක මගේ නිශ්චිතය ගැන විග්‍රහයක නොයෙදී ඇස් නොමැති දත්ත මත පදනම් වීමම අදේශපාලනිකයි.

    සමාවෙන්න, මා මේ අදේශපාලනික සංවාදයෙන් ඉවතට යමි. මා වෙනුවෙන් ඔබේ කාලය කැප කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.

    ශාන් – බුමුතුරුණු

    • @ශාන්,

      මෙතැන දේශපාලනයක් ගැන කතා කළාය කියන උපකල්පනයම ඔබ වරද්දා ගත් තැනක්. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව සමඟ මට ඇති ගැටළුව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මිසෙක දේශපාලන ප්‍රතිපත්තිය ගැන නොවේ. ආර්ථික විද්‍යාව හා දේශපාලනය යනු එකක් නොව දෙකක්. ඔව්, ඔබ හරි මගේ ප්‍රවේශය අදේශපාලනිකයි.

      ලංකාව නිෂ්පාදන ආර්ථිකයට වැඩි බරක් දිය යුතු බව ඔබේ මතවාදය හෙවත් අයිඩියොලොජිය පමණයි. එය සාර්ථක වන බව මේ දක්වා කිසිම කෙනෙක් ඔප්පු කර නැහැ. ඇත්තටම සියළුම දත්ත තියෙන්නේ එහි පරස්පරය ඔප්පු කිරීමට. උදාහරණයක් හැටියට ඔබම කියන පරිදි අප “කුඩා රටක්” නම් කොහෙත්ම නිෂ්පාදන ආර්ථිකයකට යායුතු නැහැ. මන්ද නිෂ්පාදන සඳහා වන වෙළඳපළ කුඩා නිසා.

      අවසාන වශයෙන් දත්ත අන්ධයි කීමේ යටි අරුත නම් මට වැටහෙන්නේ නැහැ. නමුත් බොහෝ විට මෙවන් දේවල් කියන්නේ දත්ත තමන්ගේ මතයට එරෙහිව යන බව දන්නා පිරිස.

  39. There is an interesting debate going on between Shan and Solamale on one side and Sihisatahan on the other side. This is a good sign because it helps one to test one’s own ideas and opinions which one has acquired from the rest of the world. I say, from the rest of the world, because they all form a part of the knowledge which we have acquired from others and blended to suit our opinions. This is called is extrasomatic knowledge and not something which is inherent in one’s own genes. Hence, to test to our acquired knowledge with our genetic knowledge, these types of debates should be encouraged.

    However, both groups I feel have not lived actually during 1970-77 period and undergone the type of the hardships which one was forced to suffer by deliberate government policy and ad hoc actions. I will give some of my experiences:
    1. I constructed my house 1976-77 and was subject to all the restrictions that had been imposed on private house builders. We had to go through a series of licencing systems to buy basic building materials except bricks. The steps one by one are as follows:-
    First, I had to get the building plan approved by Assistant Govt Agent, because there was restriction on the maximum area of a house at 2000 sq ft. Hence, many people whom I know had prepared the plan to limit the size to this restriction though they had in fact intended to build bigger houses. Building materials were released only for that extent.
    Second, I had to register with the Ceramic Corporation for tiles and bath room fittings like commode and squatting pans. There were no floor tiles or wall tiles at that time. Ceramics will inform me when these items are available.
    Third, I had to register with Timber Corporation for timber. The Yard closest to me was at Orugodawatta and I had to keep an employee there paid by me for giving me a tip when this timber would arrive at the Yard.
    Fourth, I had to register with Cement Corp for cement and again they would inform me when it is available at Puttalam factory.
    Fifth, I had to register with Steel Corp for steel and again they would inform me when it would be available.
    Sixth, I had to register with Building Materials Corp for electrical items and other fixtures like hinges, locks etc.
    Remember registering itself was a hazardous task because unless you have cultivate d a friend there, that will take months and months for registration and finally collection of goods. Since there were no hand phones or land phones at that time, informing me by the respective corporation was by letter.
    So, when you start building a house, you don’t know when you will complete it because the materials are not available as a flow. Today, of course, you go to the hardware stores and ask them to deliver the materials to your building site.
    There was a lot of bribery also I had to pay. When I went to Bangadeniya Tile Factory with a lorry, grade one tiles were not available. But after paying some Rs 500, (about 60 dollars at that time) the missing grade I tiles just appeared. Also at Puttalam cement, the lorry driver had to wait for 7 days till cement in the required quantity was available.

    2. Today, to go abroad, all we have to do is to go to the airport with a valid passport and an air ticket. However, I went to the UK for my studies at that time and there was a long check list which I had to pre-complete for Immigration purposes. They included a certificate from AGA that I had surrendered my rice ration book and the ration card, a Police report that I was not involved in the insurgency of 1971 and a certificate from Grama Sevaka attested by AGA that I had a good character. All these involved time, bribery and money.

    3. My wife got a teaching appointment as a graduate trainee and the SLFP organiser of the place did not approve of the release of the appointment letter until she participated in a public rally he had organised at Attanagalla hailing Mrs B.

    4.I got a job at a state bank in 1972, but the letter of appointment was not released until it was approved by the SLFP organiser and a Police report was brought that I was not a suspect of JVP insurrection in 1971.

    All these restrictions, we were told, had been introduced to cleanse the society of wrong doers and introduce a socialist society where people lived happily.
    Shan and Solamale might put themselves in my position and go through these hazards one by one personally before they post the next comment.

  40. අනර්ඝ ලියමනක්. ඒහෙන් මෙහෙන් අහල තිබ්බ දේවල් ගැන හොඳ වැටහීමක් ලබාලන්න පුලුවන් උනා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s