19. ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නම් වූ කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා

“Have you read Ayn Rand?”

විජේවර්ධන මහත්තයා ඇසුවේය.

මේ ප්‍රශ්නය ගැන එක අතකට මම පුදුම වීමි. මන්ද ඒ වනතෙක් මට උපදෙස් ලැබී තිබුණේ Ayn Rand (ඒන් රෑන්ඩ්) නොකියවන ලෙසය.

NIT-K හි දෙවන වසරේ හෝ තෙවන වසරේ මගේ “රූමී” ළඟ කහ ගැහුණු පිටු සහිත Ayn Rand ගේ නවකතා කිහිපයක් තිබුණු බව මතකයි. ඔහු එක කතාවක් මාස ගණනක් කියවයි. එක පොතක පිටු හයසීයක් හෝ හත්සීයක් ඇත. කූඹි අකුරුය. මට නම් දිනපතා උදේ හවස කියැවුවත් අවුරුද්දකින් මෙහා පැත්තේ කියවා ඉවර කරන්නට බැරි පොත්ය. ඒත් මගේ “රූමී” මේවා බැතිබර කිතුණුවකු බයිබලය කියවනවාටත් වඩා ආදරයෙන්, හෝ (වඩා හොඳ උපමාවකින් කියන්නේ නම්) උසස් පෙළ ශිෂ්‍යයකු “ප්ලේ බෝයි” සඟරාවකට දක්වන අවධානයෙන් යුතුව කියැවූයේය.

ඉඳහිට මම මේ පොතක පිටු පෙරළා බලනු දුටුවොත් ඔහු බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන මෙසේ කියයි.

“Chanuka, you should never read these. You will go insane if you do”

මේ ඇත්තක් බව මම දැන සිටියෙමි. මන්ද ඔහු ඒ වන විටත් පිස්සු වැටී සිටි බව මා දැන සිටි නිසාය. හැම දිනෙකම ඔහු මට Howard Roark ගේ අළුත් අත්දැකීමක් කියයි. Ayn Rand නොකියවාම මම Howard Roark ගේ ෆෑන් කෙනෙකු වීමි.

Howard Roark ගෘහ නිර්මාණ ශිල්පියෙකි. නමුත් ශිල්පීය වශයෙන් ඔහු පැහදිළිව සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් වෙනස් වෙයි. ඔහු සැලසුම් කරන ගොඩනැඟිල්ලක හරය එහි උපයෝගීතාවයයි; සෞන්දර්යය නොවේ. සගයෝ ඔහුගේ නිර්මාණ ශක්තිය ගැන සැක කරති. ඔහු ලෝකයා කියන්නක් තඹයකට නොතකා තම මතය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටී.

මේ ඇය විසින් 1943දී පළ කරන ලද Fountainhead ය. විජේවර්ධන මහත්තයා අදහස් කළේ එය නොව ඇගේ 1957 නවකථාව Atlas Shrugged හා ඇය විසින් ධනවාදය ගැන ලියන ලද ලිපිය.

මේ පොත් කිසිවක් මම සම්පූර්ණයෙක් නොකියැවූයෙමි. නමුත් පොතක් නොකියවා එහි හරය උකහා ගැනීමේ කපටිකම ඒ වන විට ‘මාස්ටර් කර’ තිබුණු හෙයින් විජයවර්ධන මහත්තයාට මට උගන්වන්නට අවශ්‍ය වූ දේ වටහා ගතිමි.

මම Ayn Rand ගේ අනුගාමිකයකු වනු වෙනුවට ඩබ්ලිව්. ඒ. විජේවර්ධනගේ අනුගාමිකයෙක් වීමි.

මේ කිතු වසින් 2000දී පමණය සිතමි.

විජේවර්ධන මහත්තයා තමන් Objectivist කෙනකු බව Facebook එකේ ලියා තිබුණු බව මතකය. මේ තනි වචනය කෙනකු ගැන බොහෝ දේ හෙළි කරයි. Ayn Rand නැතිව ඔහු ගැන විස්තර කිරීම උගහට එහෙයිනි. Objectivism ගැනද Any Rand ගැනද දීර්ඝ හැඳින්වීම් විකිපීඩියාවෙහි වෙයි. එබැවින් මම Ayn Rand ගැන විස්තරය මෙතැනින් නිමා කොට ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නැමැති මගේ ගුරුවරයා ගැන ලියමි.

පසුගිය වසර දහයක පමණ කාලය තුළ a friend, philosopher and guide ලෙස හඳුන්වන්නට කෙනකු මට සිටියේ නම් ඒ විජේවර්ධන මහත්තයාය. මා නිවැරදිව කියැවූ එකම පුද්ගලයා සේ මට ඔහු ගැන සිතෙන්නේ එබැවිනි. එසේම මා ජීවිතයේ මුහුණ දුන් ඕනෑම ගැටළුවකදී, මනා ඉවසිල්ලකින් යුතුව සවන් යොමුකොට, ඉදිරිපත් කරන්නට සමබර විසඳුමක් ඔහුට විය. මේ කාලයෙන් වැඩි හරියක් ඔහු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විය. දැන් ඔහු ස්වාධීන ලේඛකයකු, දේශකයකු හා උපදේශකයකු සේ කටයුතු කරයි.

ආර්ථික විද්‍යාව ගැන මට කුඩා කළ පටන්ම කුතුහලයක් තිබුණේය. එහෙත් මගේ මුල් ආසාව වූ ස්වාභාවික විද්‍යාවන් ඉගෙනීමට යෑම මා ආර්ථික විද්‍යාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ ඈත්කළේය. නැවත මේ කුතුහලය දළු ලා වැඩෙන්නට පටන් ගත්තේ 1997දී ශ්‍රී ලංකා මහ බැංකුවට ඇතුළු වූවායින් පසුය. මගේ සගයෝ මා නොදන්නා බසෙකින් චතුර ලෙස කතා කරති. මේ බස ඉගෙනීමේ නොතිත් ආසවක් මට ඇතිවිය. යම් විෂයයක් ඉගෙන ගන්නේ නම් ඒ එකේ සිට ඉගෙනීමක් විය යුතුය. අවාසනාවකට මහ බැංකුව තුළ එවැනි ඉගෙනීමකට වාතාවරණයක් නොවීය. මට ආර්ථික විද්‍යාවේ අකුරු කරවන ලද්දේ ව්‍යාපාර කළමනාකාර ශාස්ත්‍රපති උපාධිය ඉගෙනීමට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පසුව දේශක ආචාර්ය ප්‍රියාල් ද සිල්වා විසිනි. දැනට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටින ප්‍රියාල් මට ජීවිතයේ හමු වූ දක්ෂතම ගුරුවරයෙකි. මගේ බයිබලය වූයේ Lipsey and Chrystal ගේ An Introduction to Positive Economics ය. ඒ තරම් භක්තියකින් හා උනන්දුවකින් මා ඇසුරු කළ වෙනත් පාඨ ග්‍රන්ථයක් වී නම් ඒ සරසවි සමය තුළ හදාළ Millman and Halkiasගේ Integrated Electronics පමණෙකි. පාඨ ග්‍රන්ථ සියල්ලක්ම සුරැකිව තබා ගැනීම මගේ සාමාන්‍ය සිරිත නොවේ. ඒත් මේ පොත් දෙකම තවමත් මා සතුව ඇත.

ප්‍රියාල් විසින් පැළ කරන ලද කුඩා පැලයට නිති දිය වත් කොට ආදරයෙන් එය වැඩෙනු බලා සිටියේ විජේවර්ධන මහත්තයාය. මම ඔහුගේ දහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කෙනකු පමණක් වීමි. එහෙත් මගේ සුළු පැනයෙකට පවා ඔහු වෙහෙස ගෙන දීර්ඝ, විස්තරාත්මක උත්තර දුන්නේය. ඒ ගුරුවරයකු සේ කටයුතු කිරීමෙන් ඔහු ලද වින්දනය නිසාය සිතමි. තමන් ලබන සොච්චම් දීමනාව ගැන කම්පා නොවී ඔහු දශක ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙහි ගුරු මුෂ්ටි නොතියා උගත් ශිල්පය දුහුනන්ට බෙදා දුන්නේය.

විජේවර්ධන මහත්තයාගේ ආර්ථික දර්ශනය වචන තුනෙකින් විස්තර කළ හැකිය. ලිබරල්, ලිබරල් හා ලිබරල්. ඔහු වෙළඳපළ ගැන දක්වන අපරිමේය භක්තිය මට ප්‍රකට කියමනක් සිහි කරයි.

Q: How many free market economists does it take to change a light bulb?
A: None. the market will take care of it.

මේ මාද අයිඩියොලොජියක් ලෙස නිදහස් වෙළඳපල විශ්වාස කරන්නේය යන වැරදි පාඨක මතයට පෝර දැමීමක් විය හැකිය. නැත. මම වෙළඳපළ විශ්වාස කරමි. නමුත් අයිඩියොලොජියක් ලෙස නොවේ. අයිඩියොලොජියක් සේ වෙළඳපළ විශ්වාස කළ යුගයක්ද විය. වයස විස්සේදී සමාජවාදය යමකුට කොයිතරම් ආස්වාදජනක වන්නේද, වයස තිහේදී තිස්පහේදී බුද්ධියේ වර්ධනයක් සමඟම නිදහස් වෙළඳපළ හා ධනවාදයද එසේම ආස්වාදජනක වෙයි. අනෙක් අතර මිල්ටන් ෆ්‍රීඩ්මාන් මාක්ස්ට හා එංගලස්ට වඩා අති දක්ෂ සන්නිවේදකයෙකි. You Tube හි ඇති ඔහුගේ සමහර දේශන ලෝකයේ අන් සියල්ල අමතක කොට සවන් දිය හැකි තරමට ප්‍රබලය. නමුත් යම් අවස්ථාවක නිදහස් වෙළඳපළ තියරියේ සීමා අපි හඳුනා ගනිමු. අයිඩියොලොජියක් ලෙස ධනවාදයද සමාජවාදය තරමටම භයානක බව අපි ඉගෙන ගනිමු. මා එය හඳුනා ගත්තේ ජෝශප් ස්ටිග්ලිස් කියැවීමෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයාව සිටි ස්ටිග්ලිස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම දියුණු වෙමින් පවතින රාජ්‍යයන්ට කරනු ලබන සමහර යෝජනා කොයිතරම් ඵල විරහිතද යන්න තම Making Globalisation work හි විස්තර කරයි. (සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇත්තේ “කෝකටත් තෛල” ලෙස නිර්දේශ කරන යෝජනා මාලාවෙකි. මේවයින් ලෝකයේ ආර්ථික ප්‍රශ්න සියල්ල බලා සිටියදී මෙන් නිවාරණය වන බව මූල්‍ය අරමුදලේ ලොක්කෝත් සමහර ආර්ථික විද්‍යාඥයෝත් කල්පනා කරති. මේවායින් සමහරක් වැරදි බවත්, සමහරක් නිවැරදි වුව හැම පරිසරයකම එක ලෙස ඵලදායකව ක්‍රියාත්මක නොකළැකි බවත් දන්නේ ඒවා සීරියස් ලෙස අධ්‍යයනය කළෝ පමණෙකි.)

විජේවර්ධන මහත්තයා ගැන කතා කරන්නට ඇවිත් මිල්ටන් ෆ්‍රීඩ්මාන් හා ජෝෂප් ස්ටිග්ලිස් ගැන කතා කිරීම පීලි පැනීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය. මේ සියල්ලන්ගේ ලෝකය මට විවර කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටය. ඔහු නොවූයේ නම් අදාළ විෂය පිළිබඳ කිසිම අධ්‍යාපනික සුදුසුකමක් නැතිව (අඩු ගණනේ උසස් පෙළ වත්!) රටේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් සමඟ වාද කිරීමේ හැකියාව මට නොලැබෙන්නේය.

විජේවර්ධන මහත්තයා අපූරු පුද්ගලයෙකි. ඕනෑම අවැදගත් විෂයයක් වැදගත්, අර්ථවත් සංවාදයකට පෙරළා ගත හැකි ආකාරය ඔහු දනියි. වසර දෙදහසේදී පමණ මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතුරින් ඩිජිටල් ඔරලෝසුවක් පැළැඳුවේ ඔහු පමණෙකි. මේ කාරණාව මම වරෙක ඔහුට සිහි කළෙමි. ඔහු මට දුන් (පහත පළ වන) උත්තරය ඔරලෝසු වලටත් වඩා 1970 පටන් ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම ගැන කෙරන අපූරු විවරණයෙකි.

The first wrist watch I bought in 1970 when the country was at the height of import restrictions. At that time I was a clerk at University of Colombo. A fellow clerk was into smuggling business on a big scale and could supply anything that you wanted within days. I bought for Rs 150, slightly less than my monthly salary of Rs 165 at that time, a Swiss make, branded Mondia. It served me well for more than two decades.

But my interest in digital watches was ignited when I one day visited Wimaladharma Brothers to buy a time piece clock in 1980. There in the showcase they were displaying the newest addition to the family of watches, Casio digital, just imported from Japan under JRJ’s open economy policy. I immediately got a liking to the black colour plastic type available with multi functions, day, date, month, stop watch, 24 hour feature, night light feature etc, and bought one for Rs 690, again slightly less than my salary at that time amounting to Rs 750. This watch I used in Canada from 1983 to 1987 and for about two years after I returned from Canada. The one you would have seen on me in 1990s was my second digital watch which was an improved version of Casio with a battery life of about 8 years and chromium plated. I bought it for 1000 yen (about $ 3 at that time) from Tokyo when I attended a seminar in bond markets there.

I still use a Casio chromium plated long life digital watch because it serves me perfectly well. That is my third digital.

Again about watches, When I was in the UK from 1976 to 1977, I bought a Russian made automatic watch branded Seconda, but it served me only for three years. That was such an inferior product that it went out of order beyond repair. But the Mondia I bought in 1970 was with me till early 2000s and I gave it as a gift to one of my nephews still in good working condition with perfect timing. I don’t know whether he still has it or not because the current vogue is for digital and not the old winding type like Mondia.

This will tell you the whole evolution of SL’s society from early 1970s to today.

මේ ඡේද කිහිපය සිංහලට පරිවර්තනය කිරීමට මගේ ඇති කම්මැලිකමින් අසාධාරණයක් වෙතැයි සිතන සිංහල පමණක් පාඨකයින් මම විමසුම වෙත යොමු කරමි. ඉංගිරිසියෙන් පමණක් ලියන බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙන් විජේවර්ධන මහත්තයා ඒක භාෂික නොවේ. ඔහු නිතර සිංහලෙන්ද ලියයි. ඔහු ලියන විමසුමේ “බැලුම් ගල” දැනුම් පිපාසාවෙන් යුතු සිංහල පාඨකයින්ට ක්ෂේම භූමියක් වෙතැයි මගේ අදහසයි. ඔහුගේ ලිපියකින් කොටසක් ඉදිරිපත් කරන්නේ භාෂාවේ ප්‍රාණවත් බව පිණිස සාක්ෂ්‍ය සඳහාය.

මාලදිවයිනේ අගනුවර වන මාලේහිදී පැවැත්වුණු මේ සාදයේදී සියලුදෙනාම සිසිල් පැන් තොලගාමින් උන්හ. මෙහි මත්පැන් තහනම් නමුත් දුම්පානයට වැට බැඳ නොමැත. එබැවින් බොහෝ දෙන තරගයට මෙන් දුම් වළලු හිස් අවකාශයට විද්දේ නැතිවුණු එක් ලෝලීත්වයකට තවත් ලෝලීත්වයකින් වන්දි ගෙවීමට මෙනි.

මාලදිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස හැඳින්වූ තලැත්තානි මහත්මයෙකුට මා හඳුන්වා දෙන ලදී. ඔහුට දූපත් කිහිපයක් සහ සංචාරක නිකේතන විශාල සංඛ්‍යාවක් අයිති යැයි කීමෙන් පසුව මා ඔහු දෙස බැලුවේ විශ්මයානුකූල දෙනෙතිනි. අන් අය මෙන් ඔහු “කොකා කෝලා” තොලගෑමෙහි හෝ දුම් පානයෙහි හෝ නිරතව සිටියේ නැත.

ඒ වෙනුවට ඔහු වතුර වීදුරුවක් තොල ගාමින් සිටියේය. ඔහුව කතාවට ඇද ගැනීමට මා උත්සාහ කළ නමුත්, ඔහු මා දෙස යොමු කළේ සැක මුසු බැල්මකි. එය හදිසියේ මුණගැසෙන්නන් සැක කිරීමේ පිලිවෙතක ඔහු එල්බ ගෙන සිටියාක් මෙනි.

එහෙත් පසුව, අප වෙන්කර තිබූ තිරය ක්‍රමයෙන් දියවී යාමත් සමගම ඔහු නිදහසේ තම අදහස් කියා පෑමට පටන් ගති.

“මේ දවස්වල බිස්නස් කොහොමද ?” මම ඇසුවෙමි.

ඉතිරිය පිණිස මෙතැන කොටන්න.

විජේවර්ධන මහත්තයා ගැන තවත් බොහෝ දේ ලිවිය හැකිය. නමුත් මේ සටහන දැනටමත් සාමාන්‍ය වචන සීමාව බිඳ ඇත. එසේ හෙයින් තවත් එක පරිච්ඡේදයකින් මම එය අවසාන කරමි. නැතොත් මට පොතක් ලියන්නට සිදුවනු ඇත්තේය.

විජේවර්ධන මහත්තයා හුදෙක් ආර්ථික විද්‍යාඥයෙක් නොවේ. පෙර අපර දෙදිග ශාස්ත්‍ර රාශියක් ගැඹුරින් හදාරා ඇති ඔහු තුළ දාර්ශනිකයෙක්ද, ඉතිහාසඥයෙක්ද, සමාජ විද්‍යාඥයෙක්ද, නිර්මාණකරුවෙක්ද දැක ගත හැකිය. අවාසනාවකට අපේ සමාජය තවමත් ඔහුගෙන් වැඩක් අරගෙන ඇත්තේ ආර්ථික විද්‍යාඥයෙක් සේ පමණෙකි. ඒද පාර්ශවීයවය. සමහර විට එය කර්ම විපාකයට බැර කළ හැකිය. ඔහු වැනි ප්‍රාඥයකු දියුණු රටක උපන්නේ නම් ෆ්‍රීඩ්මාන් හෝ ස්ටිග්ලිස්ට සමාන කීර්තියක් අත්කොට ගැනීමට තිබුණේය. අපි මේ කොදෙව්වෙහි අපට කලාතුරෙකින් හමුවන එබඳු වියතුන්ද පිටරටට සේවය කිරීමට යවා දත නියවාගෙන සිටිමු.

Advertisements

20 responses to “19. ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නම් වූ කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා

  1. Wije, a dear friend of mine is a unique person who has served the country well. He is an Economist of repute and have no doubt that any country will be proud of such persons.If mertiocracy existed in our beautiful country, ruined by politicians of all hues, he would have been the Governor of the Central Bank and in the process would have elevated the instituition to the lofty standards that the first Governor Mr John Exter set. However like all other state instituitions the Central Bank also had to fall in line with the disastrous patterns that took root with politicisation.Wije is today a prolific writer and he gets his message well known to all and has left it to the policy makers to accept if suitable.I wish him many more years of good health and more strength to his elbow.

  2. D S WIJESINGHE

    I enjoyed reading this very much. However , I wonder what your guru W ijewardana would think of your recent article on the exchange rate. It is rather unlikely that a student of W would have such views.

    • Dear Dr. Wijesinghe,

      Many thanks for commenting on my blog. I am flattered.

      Yes, as you have correctly guessed Mr. Wijewardena’s views on currency devaluation are different from mine (and Luxman’s)

      I would have been doing a great injustice to Mr. Wijewardena, if I agree to all his views. That is certainly not a good teacher expects from his students.

      Anyway, if would be interesting to note when I raised the issue at yesterday’s public seminar your former colleagues at CBSL agreed with me!!!

      This is roughly what Mr. Ranasinghe said:

      “If there are any losses from the 3% appreciation of LKR (their figure, not mine) it would be dealt with the increase in productivity than depreciation. The industry already enjoys from the low interest rates and low taxes. There is no need for devaluation at this point.”

  3. ලීග් එකෙන් බොහෝ දුර විශය පථයක්. ඒත් දැනුම ගන්න ‍ඉඩක් ඉතුරු වුනා. ස්තුතියි.

  4. Chanuka, the last link you have provided (about the party at Male) is not working.

    “ඔහු වැනි ප්‍රාඥයකු දියුණු රටක උපන්නේ නම් ෆ්‍රීඩ්මාන් හෝ ස්ටිග්ලිස්ට සමාන කීර්තියක් අත්කොට ගැනීමට තිබුණේය. අපි මේ කොදෙව්වෙහි අපට කලාතුරෙකින් හමුවන එබඳු වියතුන්ද පිටරටට සේවය කිරීමට යවා දත නියවාගෙන සිටිමු.”

    This is the tragedy. I’m trying to discuss this topic (brain drain) on my blog as well.

    Hope you will one day write an equally interesting post on reasons for brain drain and what we can do to control it. 🙂

    Tx.

  5. “ඔහු වැනි ප්‍රාඥයකු දියුණු රටක උපන්නේ නම් ෆ්‍රීඩ්මාන් හෝ ස්ටිග්ලිස්ට සමාන කීර්තියක් අත්කොට ගැනීමට තිබුණේය. අපි මේ කොදෙව්වෙහි අපට කලාතුරෙකින් හමුවන එබඳු වියතුන්ද පිටරටට සේවය කිරීමට යවා දත නියවාගෙන සිටිමු.”

    මේක දැන් ලංකාවෙ ගොඩක් ඇසෙන කියමනක්… වැරද්ද දේශපාලනයට මුල් තැන දීම යැයි සිතමි. 😦

  6. @සියල්ලන්ටම,

    මා මේ ලිපිය ලියන අවස්ථාවේ විජේවර්ධන මහත්තයාගේ ලිපි කිහිපයක් “විමසුම” අඩවියේ තිබුණේය. කවර හෝ හේතුවක් නිසා දැන් ඒවා ඉවත් කර ඇත. (සමහර විට තාවකාලික යාවත්කලීන කිරීමක් විය හැකිය.) සිදුවූ අපහසුව ගැන කණගාටු වෙමි.

  7. චානක,
    බොහොමත්ම ස්තුතියි!
    ඉතා ආසාවෙන් කියෙව්වෙමි; හේතූන් දෙකක් නිසා. එක, ඔබගේ ලිපි කියවීමට ප්‍රිය කරමි.
    දෙක, ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. (W.A.W.) කියවීමට ප්‍රිය කරමි.
    මා එතුමාව පළමුවම කියවූයේ රූපවාහිනියෙනි. දින වකවානු හරියටම මතක නැත. එහෙත් ඒ එතුමා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ව සිටි යුගයේය.
    ඒ සම්මුඛ සාකච්ඡාවට සවන් දීමෙන් ම එතුමා හඳුනා ගැනීමට මට හැකි වී ඇති බව මට පසක් වූයේ ඔබගේ සටහන කියවාගෙන යන විටය.
    එදා සිට ඔතුමාගේ ලිපියක් ඇස ගැටුනහොත් එය කියවීම මාගේ පුරුද්දක් වීය. නැවත එතුමා (ළඟින්) කියවීමට මට අවස්ථාව ලැබුණේ ජ‘පුර, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේදීය.
    ‘විජේවර්ධන මහත්තයා හුදෙක් ආර්ථික විද්‍යාඥයෙක් නොවේ.
    …… ඔහු තුළ දාර්ශනිකයෙක්ද, ඉතිහාසඥයෙක්ද, සමාජ විද්‍යාඥයෙක්ද, නිර්මාණකරුවෙක්ද දැක ගත හැකිය.‘
    චානුක, මා ඔබ සමග එකඟ වෙමි. එතුමා සුන්දර මිනිසෙකි!.

  8. 80 දශකයේ අන්ත ලිබරල් වාදය කාලින අවශ්‍යතාවයක් වුවත්, අද ලංකාවේ සිදුවිය යුත්තේ ඉන්දියානු චීන වැනි කස්ටමයිස්ඩ් ලිබරල් ක්‍රමයක් නොවේද?

    අවාසනාවකට එහි මායිම් හොයාගන්නට කාටවත් නොහැකි වී ඇති හැඩයි.

    අනික අතට මොන සැලසුම ගැහැව්වත් ප්‍රමාණික පුද්ගලික [ධනපති කියමු] ව්‍යවසායකත්වය නොමැතිව ලංකාවට ආර්ථිකය ගොඩ නැගිය හැකිද? ඔය විදේශ ආයෝජන කියන්නේ අතුරුපසක් පමණයි නේ.

    ලංකාවේ අනාගතය ගැන කියද්දී නැගෙනහිර ආසියානු ටයිගර් ආර්ථිකයන් ගැනත් ඉන්දියාවේ හා චීනයේ නැගිටීම ගැනත් පෙන්වන අයට මේ කස්ටමයිසින් හා ප්‍රාග්ධන හිඟය නොපෙනෙනවා කියා මට හිතේ.

    ලාංකිකයින් ගේ කුහකකමත් කපටි කමත් නිසා ළඟ තියෙන පොඩි වාසි පමණක් හඹා යමින් ඉන්න නිසා නේද මේ ප්‍රාමාණික “ධනපති” පන්තිය බිහි නොවන්නේ.

    • ආර්ථික විද්‍යාව චානුකටත් වඩා මට දුරස් නේ. මගේ ඉහත සටහන මේ ගැන උගත් කමක් නැති ව ලියු සටහනක්. මෙය බාහිර මට්ටමින් ක්ෂේත්‍රය අතගාමක් කියා ඔබට සිතෙන්නට පුළුවන්.

  9. බොහොමත්ම ස්තුතියි!
    ඉතා ආසාවෙන් කියෙව්වෙමි.
    ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. (W.A.W.) කියවීමට ප්‍රිය කරමි.

    ‘විජේවර්ධන මහත්තයා හුදෙක් ආර්ථික විද්‍යාඥයෙක් නොවේ.
    …… ඔහු තුළ දාර්ශනිකයෙක්ද, ඉතිහාසඥයෙක්ද, සමාජ විද්‍යාඥයෙක්ද, නිර්මාණකරුවෙක්ද දැක ගත හැකිය.‘
    චානුක, මා ඔබ සමග එකඟ වෙමි. එතුමා සුන්දර මිනිසෙකි!.

  10. මං නං අදයි නම ඇහුවේත්. ඔහු වි.වි. ලිපිකරුවෙකු ලෙස සිට ආර්ථික විශේෂඥයෙකු වුනු හැටි දැනගත්තා නම් සාමාන්‍ය පාඨකයින්ට වැදගත් වෙන්න ඉඩ තිබුණා.

    හැබැයි මාසේ පඩියම ඔරලෝසුවකට වියදම් කරන්නා නං හොඳ ආර්ථික කළමනාකරුවෙක් නං නෙමේ. ලියා ඇති පරිදිම ලිබරල්, ලිබරල්, ලිබරල් වියදම්කරුවෙක් වෙන්න ඕනෑ. පවුල් පන් වූ, දරුවන් සිටින අපට නම් කළ හැකි දෙයක් නෙමේ, නැත්තං මාත් කාටියර් එකක් ගන්නවා නේ!

    The following translation is incorrect for MBA.
    “ව්‍යාපාර කළමනාකාර ශාස්ත්‍රපති උපාධිය”.

    ශාස්ත්‍රපති means Master of Arts
    ශ්‍රාස්ත්‍රවේදී means Bachelor of Arts.

    I guess MBA should be called – ව්‍යාපාර කළමනාකරණපති.

  11. මම ආසාවෙන් කියවන සුපිරිම බ්ලොග් එකක්.. ලිපියෙන් ලිපිය අපේ දැනුම පුළුල් කිරීම වෙනුවෙන් මගේ ස්තූතිය…

  12. It is strange that kathandara has not heard of this eminent economist in Sri Lanka. Is it because he is not alive or simply aversive to everything economics?
    I am a student of Mr Wijewardena at USJ. There are in fact thousands of his students at many places in Sri Lanka as well as abroad. He has been a regular lecturer in economics at USJ from 1990, and at IBSL and PIM from even an earlier date. All his students consider him in high regard as a teacher, an intellectual and a free thinker. You speak to him, he will always give you an opinion on any subject which you had never thought of. This is the impression which all his students have got of him.
    For anyone who is interested in knowing him, just make a Google and Yahoo search under W.A. Wijewardena and W.A. Wijewardene. It will open one to a rich library of many of his publications, articles and other professional work both in Sri Lanka and abroad.
    Or just open Daily FT on Mondays and turn to his regular column there under the tag My View-Economics matters or Daily Mirror during the first week of any month for his other main work these days, Sri Lanka’s Prominent economists.
    In his first My View, he has even critiqued Stitlitz about whom Chanuka has mentioned in his article.
    Since there are some doubts about his credentials, I have laboriously compiled the links to his recent writings under the two series mentioned above:
    My View Series:
    http://www.ft.lk/2011/01/03/spend-spend-spend-for-prosperity/
    http://www.ft.lk/2011/01/10/asia%E2%80%99s-return-to-world-leadership-not-a-cakewalk-at-all/
    http://www.ft.lk/2011/01/17/if-%E2%80%98chindia%E2%80%99-cannot-oust-the-west-why-not-use-bric-plus/
    http://www.ft.lk/2011/01/24/from-accursed-dollar-to-blessed-yuan-a-long-way-to-go/
    http://www.ft.lk/2011/01/31/obama%E2%80%99s-state-of-the-union-address-why-sri-lanka-should-take-note-of-%E2%80%98obama-chinthana%E2%80%99/
    http://www.ft.lk/2011/02/07/the-scary-monster-again-a-global-food-crisis-in-the-offing/
    http://www.ft.lk/2011/02/14/coconut-industry-crisis-are-we-seeing-only-the-tip-of-the-iceberg/
    http://www.ft.lk/2011/02/21/reviving-cepa-%E2%80%93-act-swiftly-and-decisively/
    http://www.ft.lk/2011/02/28/rising-food-prices-or-foodflation-not-too-small-a-monster-to-be-ignored/
    http://www.ft.lk/2011/03/07/now-that-gsp-plus-is-closed-it%E2%80%99s-time-to-open-trade-everywhere/
    http://www.ft.lk/2011/03/14/want-to-uplift-the-economy-follow-the-7-wisdaoms-of-koshy-mathai/
    http://www.ft.lk/2011/03/21/don%E2%80%99t-cry-for-japan-like-the-phoenix-it-will-rise-from-ashes/
    http://www.ft.lk/2011/03/28/exports%E2%80%99-dillemma-complacence-is-the-worst-enemy/
    http://www.ft.lk/2011/04/04/a-tale-of-four-airports-and-three-airlines/
    http://www.ft.lk/2011/04/18/now-that-brics-formalised-the-third-world-will-re-emerge/
    http://www.ft.lk/2011/04/25/the-gold-rush-are-we-seeing-the-end-of-paper-money/

    Prominent Economists series:
    http://print.dailymirror.lk/business/127-local/37568.html
    http://print.dailymirror.lk/business/127-local/40255.html

    Or else, anyone can log into http://www.lbo.lk and read his regular column under Watch Tower.

    I know that he had even written regularly to Deshatiya in 1980s and 1990s in Sinhala which articles were made available to students at USJ as additional readings.
    The Sinhala translation of his short story book, My Little Princess by Anil Perera won the state literary award for the best translation in 2010.

    I as a student of his, endorse everything which Chanuka has said of him.

  13. මාරයාගේ හෝරාව...

    මමත් අත අරින්නේම නැතිව කියවන බ්ලොග් එකක්…
    සමහර තැන් වලදී යම් යම් දේවල් පැහැදිලි මදි උනත්..(සමාවෙන්න එය ඔබගේ වරදක් නොව මාගේ දැනුමේ අඩු පාඩුවකි) කොහොම හරි කියවිය යුතු සටහන් පෙළක්…

  14. Thank you for writing about a man who is Guru to many of us. For a brief period while doing MBA I had the opportunity to be his student..Then while working at CBSL I had the privilege and honor of being a disciple of him. I like the free liberal thinking – (I do not always agree with his views ) treasure the way he gets us to think about issues and opens up the debate. His orientation to others and ability to conceive how much better things could be—accounted for the passion he brought to his research, writing, and everyday conversation.WAW is one of the great economists of our times but he is even greater a human being…

  15. My knowledge in economics is so limited that I have no capacity to say that he is a great economist. However, all of my economist friends share the view that WAW is a great economist. Having colsely associted with WAW for a considerable period, I am confident that he is free from many limitations present in many of his followers. He is not a ‘raw’ economist.

    Being a great thinker, he would come up with an unconventional solution to any problem landed on his table.

    He is more likely to known as a great human being for his purpose driven sharp vision- purpose being, making one’s life better.

  16. WAW is an inspirational personality. Lot to learn from him and there’s no second thought on that.
    Lipsey and Chrystal is still the most sought after text on Economics 🙂

  17. Dear Wije,

    As a friend from your Colombo University days, I am proud to see all these positive comments of your colleagues and students. You seem to have been an institution within the CBSL.

    Good Luck and Good wishes for many more productive years!!!

    Ravi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s