a. අපි නොදන්න ‘නේම් ඩ්‍රොපිං’!

මේ සටහන මුලින් ලියන්නට හිතා හිටි එකක් නෙවෙයි. ඒ වගේම සිහි සටහන් වල කොටසකුත් නෙවෙයි. අපේ මිත්‍රයා කතන්දරකාරයා අද දාපු පොඩි කිණ්ඩියක් හින්දයි මේක ලියන්න හිතුනෙ. කතන්දරකාරයා හිතාගෙන ඉන්නෙ අපි ඔය ඉඳල හිටල දෙකයි දෙකේ පොරකගෙ නමක් සඳහන් කරන්නෙ ‘නේම් ඩ්‍රොපිං’ වලට කියලා…

නේම් ඩ්‍රොප් කරනවා නම් අපට හම්බවෙලා තියෙන්නෙ ඔය වගේ අයයැ? මෙන්න බලන්නකො උදාහරණ…

මේ බරක් ඔබාමා හම්බවෙච්චි දවස.

හම්බ වුණා විතරක් නෙවෙයි ඔබාමාගෙ පුටුවෙ වාඩි වෙලා පින්තූරයක් ගන්නත් ලැබුණා.

මේ නම් කවුද කියලා කියන්න ඕනැ නැහැනෙ.

මේ කාල යන්ත්‍රයකින් ප්‍රාග් ඓතිහාසික යුගයකට ගිහින් ට්‍රයිසෙරාටොපයෙක් හමුවූ අවස්ථාව.

ඒ ඔක්කොම නැතත්, සුළු පටු පිරිසක්ද හමු වෙලා තියෙන්නෙ සිංහල බ්ලොග් හමු වලදි!

අපි නොදන්න ‘නේම් ඩ්‍රොපිං’!

Advertisements

16 responses to “a. අපි නොදන්න ‘නේම් ඩ්‍රොපිං’!

  1. //ඒ ඔක්කොම නැතත්, සුළු පටු පිරිසක්ද හමු වෙලා තියෙන්නෙ සිංහල බ්ලොග් හමු වලදි!//

    මම හිතුවෙ නැහැ නේ සිංහල බ්ලොග්කරුවනුත් පොරවල් කියල

  2. අපේ ක.සූ ට පුංචි උපහාසයක්……. අනේ මන්දා… හික්ස්

  3. මගෙ පෝස්ට් එකේ ප/ප/ප/ප/ලි මෙන්න මෙහෙමයි.
    /* මටත් හිතෙනව ගායකයො, නළුවො, අරුං, මුං ගැන පොඩි කතන්දර ටිකක් ලියල දාන්න. */

    කොහොම හරි සීරියස් සිහි සටහන් වලින් චානුක ව නිකං කතන්දර ගොඩට මොහොතකට හරි ඇදල දාන්න හැකිවීමත් ලේසි “පොර”කට කරන්න පුළුවන් වැඩක්ද?

  4. @සොඳුරු සිත
    මං නං පොරක්. මං වෙන කෙනෙක්ව පොරක් කියල හිතාගෙන ඉඳලා පස්සේ ඉල්ලා අස්කර ගත්තා.
    මේ බලන්න.
    http://kathandara.blogspot.com/2009/12/blog-post_03.html

  5. හිතවත් චානුක, කතන්දර ලියන රසික සුරිආරච්චිට පොඩි ඔලුවෙ අමාරුවක් තියෙනවා. මිනිහා කාට වුනත් පොඩි මඩක් ගහලා පොපියුලර් වෙන්න ට්‍රයි කරන්නෙ. හිතාගෙන ඉන්නෙ මහා කවියෙක් කතා කරුවෙක් කියලා. ඔයා මිනිහගෙ ගැට වලට අහු වෙන්න එපා. ඔයා ගේ බ්ලොග් එකේ කොලිටි එක බස්සන්න කරන වැඩක් ඔය. දැක්ක නේද පාතින් දාලා තියෙන කොමෙන්ට් එක? මිනිහා වගේ තට්ටෙන් සොමිය දීම, තව තැනකින් වෙන මොනවා හරි කිරිම වගෙ ගොං කතා ලියනවා නම් මිනිහා හරි කැමතියි. බුඩ්ඩ පබ්බජිතයින්ට උපසම්පදා උන තරුණ හාමුදුරුවරු දැක්කාම ඔයවගේ නරුම කතා කියන්න හිතට එන බව ඔයාත් දන්නවා ඇති. ආයෙමත් ඔයවගේ ගොං කතා වලට උත්තර දීලා ඔයාගේ බ්ලොග් එක බාල කර ගන්න එපා.

    • බණ්ඩා

      ඇත්ත !

    • චානුක,
      කතන්දර විහිලුවට කියපු දෙයක් මහා ලොකු කරගෙන මිනිස්සු කොටවන්න හදන කට්ටිය ඉන්නවා. උන්ට ඕනේ කට්ටිය අවුස්සලා, වලියක් සෙට් කරලා බලාගෙන ඉන්න.
      ඕවාට අහුවෙන්න එපා.

  6. එල එල… නියමට වැඩේ යනව වගේ… කෝ කට්ටිය නැද්ද? පොඩි පපර පාරක් දාමු…හික්ස්..

  7. ඔය තරු එක්ක පින්තූර ගනිද්දි ෆෑලෂර් එක නොගහ තමා ගන්න ඕනෙ.. නැත්නම් ‍ෆ්ලෑෂර් එක වැදුනම ඔය තරුවල ඇගවල් දිලිසෙනව … හෙහෙ

  8. Luckey from UAE

    මම කතන්දරගෙ බ්ලොග් එකත් කියවනවා. කතන්දර නියම නමින් ලියන ඒවාත් කියවලා තියනවා. ඒත් මේක චානුකගෙ සිහි සටහනක් ව්දියට ම ලියවුනා නම් තමයි හොඳ. ( මේ ඉටි රූප බලන්න ගිය සංචාරෙ පිටිපස්සෙ අතුරු කතා එහෙම නැද්ද ?)

  9. පොඩි වෙනසකටත් එක්ක කමක් නෑ.. 🙂

  10. තමන්ගෙ අත්දැකීම්, හමුඋන අය අය ගැන කියන එක පංපෝරියක් නෙවේ.

  11. ෂා අයියා මාරයිනේ… ඔය කෞතුකාගාරේ තියෙන්නේ කොහේද අයියේ..?

  12. හිනා වෙලා පන ගියා .. සත්තයි මම හිතුවේ මේ ඇත්ත ඈයෝ කියලා . ඇන්ජිව දැක්කම තමයි මට තේරුම් ගියේ ඔයා කොහේද මේ ඉන්නේ කියලා . ඇත්තටම මේ පින්තූර ගත්ත අවස්ථා සේරම විස්තරාත්මකව ඔයා ලියන ස්ටයිල් එකෙන්ම ආපහු ලියන්න පුලුවන්නම් ලොකු දෙයක් .. අර කීවත් වගේ අතුරු කතාවක් දෙකන් නැතිවෙන්නමත් බෑ…

    • මේ ඉටි රූප අතර ඇවිදිනකොට ඇත්තටම අපිත් රැවටෙනවා තමා.

      ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වල තියන කෞතුකාගාරෙට යන්න මටත් හම්බ උනා..
      ඉටි රූප දිහා බලාගෙන ඇවිදින කොට එක පාරටම ෆ්ලෑශර් එකක් පත්තු උනා.. ඒ තෙරේසා මව්තුමියගේ රූපය ලඟින් යනකොට ..මට එක පාරටම හිතුනේ ඇය චායාරූපයට නගමින් හිටපු සංචාරකයෙක්ට මම බාධාවක් උනා කියලයි.. සොරි කියලා මම ඉක්මනටම එතනින් අයින් උනා.. ඒ මනුස්සයා වචනයක් වත් කිව්වෙත් නෑ.. මට හිතුනා තරහා ගිහිං වත්ද කියලා.ටිකක් ඈතට ගිහිං හෙමින් සැරේම හැරිලා බැලුවා ඒ කවුද කියලා.
      ඔහ් ඒ ඉටි රූපයක් … අතේ තියන කැමරාවකුයි ක්‍රියාත්මක වෙලා තියන්නේ .. 😀

  13. මට හිතෙනවා කතන්දර ගෙ සොමිය දෙන තට්ටෙට “බර්ඩ් ඩ්‍රොපින්” පාරක් දාන්න. අනුන්ට කතන්දර හදලා, තමන්ව පුම්බ ගන්න හදන ඊරිසියා කාරයා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s