22. ලලිත් වීරතුංග මහත්තයා සමඟ මහවිලච්චියේදීය

මම, වන්නි හා වීරතුංග මහත්තයා

අග්‍රාමාත්‍ය ලේකම් කාලය ලලිත් වීරතුංග මහත්තයාට මීට වඩා බෙහෙවින් වැඩ අඩු කාල පරිච්ඡේදයක් විය. එදවස පද්මිනීට කතා කොට ඇපොයින්ට්මන්ට් එකක් ඉල්ලා ගෙන ගොස් ඔහු මුණ ගැසීම අසීරු කාර්යයක් වූයේ නොවේ.

හැම රජයේ ඔපීසියක් සේම අග්‍රාමාත්‍ය කාර්යාලයද හතරහමාරෙන් පසු හිස්ය. මේ දෙමහල් ගොඩනැඟිල්ලේ ඉහත මාලයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාමරයේ හිඳ අපි බොහෝ දේ කතා කළෙමු. සමහරක් ආගිය කතාය. මාතර රාහුලයේ සිට ශිෂ්‍යත්වය පාස් වී රෝයල් එකට ඇතුළුවන්නට රෝයල් එකේ ප්‍රින්සිපල් තම පියාට ලියමන එවූයේ Your obedient servant  කියා අත්සන් කර බව ඔහු කීවේය. 1919 සේවය පිළිබඳ සංකල්ප පත්‍රිකාව මුලින්ම කියැවූ කෙනකු වූයේද මායි. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය ගමට ගෙන යෑමෙන් කළ හැකි සාමාජීය වෙනස්කම් ගැනද සාකච්ඡා කළෙමු. අප දෙදෙනාටම එකල ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගැනීමට උණක් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා බැඳි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් DBA එකක් කර ගන්නා හැටි අපි සැලසුම් කළෙමු.

ජනාධිපතිවරණයෙන් පසුව මේ සියල්ල වෙනස් විය. විධායක ජනාධිපතිවරයකුගේ ලේකම් නාමික අග්‍රාමාත්‍යවරයකුගේ ලේකම්ට වඩා කාර්ය බහුල විය යුතුය සිතමි. මෙනිසා මම වීරතුංග මහත්තයාට කරදර කරන්නට නොගියෙමි. බොහොමයක් ඊ-මේල් වලට ඔහු උත්තර එව්වේද නැත.

ජනාධිපති ලේකම් වීමෙන් පසුව මට පළමුවරට වීරතුංග මහත්තයාව අල්ලා ගන්නට ලැබුණේ මහවිලච්චියේදීය. ඒ 2006 නොවැම්බරයේදීය. අපේ Mesh Network එක විවෘත කරන්නට ආ ගමනේදීය. (පුරුද්දට Mesh Network කීවාට ඇත්තටම එය Point to multipoint Network එකකි. Linux boxes යොදා හරියටම Mesh Network එකක් කරන්නට තරම් අපේ ආර්ථික තත්ත්වය හොඳ මදි විය. මේ විශේෂයෙන්ම ලියන්නේ පසු අවස්ථාවෙක අප මහවිලච්චියට කැටුව ගිය පරිගණක ඉංජිනේරු විශාරදයකු වූ මහාචාර්ය අශෝක් ජුන්ජුන්වලාහ් මොහොතක පමාවකින් තොරව මේ වෙනස් වටහා ගත් හෙයිනි. තව දුරටත් මා Mesh Network කියන වචනයම භාවිතා කරන්නේ කිසිවකු අන්දන්නට නම් නොවේ.)

සියල්ලට කලින් මේ ‘Mesh Network එක’ ගැන වචනයක් කිව යුතුය. මා ඊට ‘අපේ Mesh Network එක’ කියන්නේ මන්දැයි ඔබට ඉන් පැහැදිළි වනු ඇත්තේය.

මේ විරැහැන් පරිගණක ජාලය පිළිබඳ සංකල්පය මගේ එවකට බොස් වූ කිත්සිරි ගුණසේකරගේය. කිත්සිරිගේ සිහිනය වූයේ ඊතර්නෙට් කේබල් අදින්නට බැරි ග්‍රාමීය පරිසරයක එකිනෙක හා දැලක් සේ බැඳුණු විරැහැන් ලිනක්ස් පරිගණක පද්ධතියක් පිහිටුවීමය. එවිට මේ දැලට එක තැනෙකින් පමණක් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් දීම ප්‍රමාණවත්ය. සමහර පරිගණක ක්‍රියා විරහිත වුවද සන්නිවේදන මාර්ග එකක් හෝ නොබිඳී පවතින්නේ නම් පරිගණකයකට ඉන්ටර්නෙට් හා බැඳෙනු හැකිවෙයි. ගම් වලට පරිගණක පහසුකම් සැලසිය හැකි සාර්ථකම ක්‍රමය මේය කිත්සිරි සිතුවේය. (දැන් නම් බොහෝ ගම් වලද ඩොන්ගල් එකක් ගහ ගත්තාම ඉන්ටර්නෙට් හා සම්බන්ධ විය හැකි හෙයින් Mesh Network එකක ලොකු වැදගත්කමක් නැත.)

මේ සංකල්පය යථාර්ථයක් කිරීම භාර වූයේ මටත් රෙහානාටත්ය. (ඉහත වීඩියෝ ක්ලිප් එකේ ඉන්නා ලස්සන ගෑනු ළමයා රෙහානාය. කිත්සිරිද දැනට වඩා තරුණ සේ පෙනේ. ) අපි තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) හරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) මඟින් ඊට අරමුදල් සොයා ගතිමු. මහවිලච්චිය එය පිහිටුවීමට හොඳම ස්ථානය සේ තෝරා ගැනුණේ වන්නිගේ (නන්දසිරි වන්නිනායක) හා මගේ වූ සම්බන්ධතා මතය. මේ අතරවාරයේ මටද UNDP එකේම රස්සාවක් ලැබුණේය. එබැවින් මම වැටෙන් එහා පැත්තට පැණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කළෙමි.

කාර්යය සිතූ තරම් පහසු නැති බව අපට අවබෝධ වූයේ වැඩ පටන් ගත පසුය. විදිලි සංදේශ නියාමන කොමිසම අපට හිතුමතයේ උපකරණ ආනයනය කරන්නට නොදුන්නේය. මහ වන මැද සංඛ්‍යාත භාවිතය වෙනුවෙනුත් ‘දඩයක්’ ඉල්ලා සිටියේය. අපට භාවිතා කරන්නට ලැබුණේද සැලසුම් කළාට වඩා වෙනස් සංඛ්‍යාත පරාසයක උපකරණය. මහවිලච්චියේ සම්බන්ධ කළ යුතු ගෙවල් තිබුණේ එකිනෙකට යාබදව නොව කිලෝමීටර් දෙක තුනක් ඈතිනි. (මහවිලච්චිය කොලනියකි. ගැමියෝ පනස් ගණන් වලදී අක්කර පහක් බැගින් ලබා එහි පැමිණියෝය. උදාහරණයක් හැටියට වන්නිගේ පියා යාබද නොච්චියාගම සිට පැමිණියෙකි.) මේ නිසා ඇන්ටෙනාද කුළුණුද අවශ්‍ය විය. සමහරු තම ඉඩම් වල කුළුණු ඉදි කිරීමට විරුද්ධ වූහ.

දිග කතාවක් කෙටිකර කියන්නේ නම්, අපි මේ සියළු බාධක මැද Mesh Network එක ස්ථාපනය කළෙමු. කිත්සිරිට ‘අතින්-කයිට්’ වැඩක් වුවද ‘මාකටිං-ඔපචුනිටි’ එකක් කියා ඔහු හිත හදා ගත්තේය. මේ ව්‍යාපෘතිය සාර්ථක වීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය කිත්සිරිටත් රෙහානාටත්, ව්‍යාපෘති කළමනාකාර ජනේෂ්ටත්, ICTAහි චිත්‍රාංගණී මුබාරක් හා රැඩ්ලිටත් හිමි විය යුතුය. අවසාන කාලයේ මා කළේ බලා සිටීම පමණෙකි.

මහවිලච්චියේ අපේ Mesh Network එක ලංකාවේ කොළඹින් පිටත පිහිටවූ පළමු එළිමහන් විරැහැන් ජාලයය (first outdoor wireless network outside Colombo) සිතමු. මේ සිරස නිව්ස් ෆස්ට් ඒ ගැන වාර්තා කළ සැටිය.

වීරතුංග මහත්තයා සමඟ වන්නිටත් හොඳ සම්බන්ධයක් විය. ගමේ සුළු සුළු ප්‍රශ්න ඔහු නිතර ලියන බවත් වීරතුංග මහත්තයා පිළිතුරු නොදුන්නත් වැඩේ කෙරෙන බවත් වන්නි මට කීවේය. දවස මුළුල්ලේ එක තැනෙකට වී මහවිලච්චිය මුර කරන ග්‍රාමාරක්ෂක භටයින්ට කියවන්නට පත්තර ලැබුණේ එසේය. වීරතුංග මහත්තයාටද මහවිලච්චියට ගොස් වන්නිගේ වැඩ ගැන බැලීමට ආසාවක් විය. ඔහු Mesh Network එක විවෘත කිරීමට මහවිලච්චියට පැමිණීම මේ සියළු කාරණා ඉටු වීමක් වූයේය.

කිත්සිරි වීරතුංග මහත්තයා පිළි ගනිමින්

කෙටි උත්සවයකින් පසු වීරතුංග මහත්තයාට ගමේ ගෙවල් කිහිපයකට ගොස් බලන්නට අවශ්‍ය විය. (ඔහු කළ කතාවේ කොටසක් මෙතැන ඇත.) වන්නි ඔහු සමඟ කාර් එකේ පසුපස ආසනයට නැඟුණේය. “චානුක ඉස්සරින් ගොඩ වෙන්න” ඔහු කීවේ තම පුද්ගලික ආරක්ෂකයාට වෙනත් රියක එන්නට සන් කරමිනි. මෙය පොලීසියේද ආරක්ෂක අංශයේද නොරිස්සුමට හේතු වූ බව කිවමනා නොවේ. මහවිලච්චිය ඒ වන විට මායිම් ගම්මානයකි. විල්පත්තුවේ සැඟව සිටි කොටි වරින් වර ගමට පැණ බත් හැළි ඔසවා ගෙන යාමේ ප්‍රවණතාවයක් තිබුණේය. ලංකාණ්ඩුවේ පාලනය යටතේ සිලාවතුර මාර්ගයේ පැවැති අවසාන පොලිස් මුරපොළ වූයේ මන්නාරම් හන්දියේය. එතැනින් එපිට noman’s land ය. රටේ ජනාධිපතිගේ ලේකම් මේ ගම පුරා ගියේ රථයේ මුර භටයකු වත් නැතිවය. රැකවලුන්ගේ නොරිස්සුම් ඇස නිතර මා වෙත යොමු වෙනු දිටිමි. මම නොදැක්කා සේ සිටියෙමි.

මේ වන විට වන්නිද මාද යම් සැලසුමක් පිළියෙළ කොට තිබිණි. අපට අවශ්‍ය වූයේ ඒ සැලසුම වීරතුංග මහත්තයාගේ ඔළුවට දමන්නටය. එක්තරා මට්ටමකට මෙය සාර්ථක උත්සාහයක් විය. පසුකලෙක එමඟින් වන්නිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව ඊ-ගම්මාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබුණේය. එතුළින් ඔහු ලෝකය නොපෙරළුවත් බොහෝ දේ සාර්ථකව ඉටු කළේය. අද මා ඒකනායක හමුවන්නට බිබිලට යන්නේද, අරුණ හමුවන්නට නෙළුවට යන්නේද මේ ව්‍යාපෘතියන්හි ඵල දකින්නටය.

මගේ මතකය නිවැරදි නම් මේ මාවිල් ආරු වලට පෙර යුගයයි. Tamilnet වෙබ් අඩවිය හරහා කොටි සංවිධානය විසින් කෙරෙන ජාත්‍යන්තර අසත්‍ය ප්‍රචාර වලට සඵලදායීව ප්‍රතිඋත්තර දීමේ යාන්ත්‍රණයක් නැති වීම ගැන මම වීරතුංග මහත්තයාට කීවෙමි. “Gota has thought about it already, and he will soon start a site”  ඔහු පිළිතුරු දුන්නේය. ඒ වන විට මේ වෙබ් අඩවියට නමක් තිබුණේ නැත. පසුව defence.lk වූයේ එයයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ යුනික්ස් පරිපාලකයකුව සිටි බව මා දැන ගත්තේද එදිනය.

කිත්සිරි හා මම වීරතුංග මහත්තයා සමඟ

වීරතුංග මහත්තයා සමඟ යන ගමන් පාළුවක් නැත්තේ ඔහු ආගිය කතා කියන හෙයිනි. පරිණත පරිපාලන නිලධරයකු හැටියට ඔහුගේ අත්දැකීම් සම්භාරය විශාලය. උඩින් දිය ගලා යන සිමෙන්ති වැව් බැම්මක් උඩින් යද්දී “මේ වගේම තැනකදි දවසක් මගේ කාර් එක වතුරට ගහගෙන අනෙක් පැත්තට ගියානෙ” කියයි. නැතිනම් “වතුර ගලල තිබුණු හින්ද මිනිස්සු ආව පුටුවක් අරගෙන උප දිසාපති තුමන් ගෙනියන්න. මම සපත්තු ගලවගෙන කලිසම් නවාගෙන පයින් ගියා” කියයි. මේ ඔහු මහවිලච්චියට ආ පළමු වතාව නොවේ. 1977 මැතිවරණයේදී කණිෂ්ඨ පරිපාලන නිලධරයකු වශයෙන් ඔහු සේවය කළේ මහවිලච්චියේය.

මහවිලච්චියේ මේ හමුව නිසා නොවුණු දෙයක් ගැන නම් මට ඇත්තේ කණගාටුවකි. අපේ ඉල්ලීමට සවන්දීමක් වශයෙන් වීරතුංග මහත්තයාගේ බලපෑම යටතේ එවර අයවැයෙන් ඊ-ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන සියයක් වෙන්කොට තිබුණේය. මේ මුදල කිසිදිනෙක අදාළ කාර්යය සඳහා වැය නොකරන ලද්දේය.

මම ඊට වග උත්තරකරුවන් සොයන්නට නොයමි.

Advertisements

11 responses to “22. ලලිත් වීරතුංග මහත්තයා සමඟ මහවිලච්චියේදීය

  1. ලංකාවේ තොරතුරු තාක්ෂණය තව නොබෝ කාලෙකින් 75% සීමාවට ගෙන යන්නට තනනා සැලසුම් පසුගිය දිනෙක ඇසුවෙමි. මේමාට සර්ලා වගේ අය ජනාධිපති ලේකම් තුමා සමග අත්වැල් බැද ඉදිරියට යනවා නම් සාර්ථක දේ රටට ලැබෙයි. අපි වැඩ කිරීමට සූදානමින් සිටිමු. නමුත් ඒ සදහා රාමුව පිලියෙල කර ඉදිරිපත් කිරීමට බුද්ධිමත් පිරිසක් අවශ්‍යය. ඒ අඩුව ඔබලාගෙන් පිරවෙන්නේ නම් රටට එය භාග්‍යයක් වනු ඇත.

  2. behind the scene ඔබ කර ඇති කාර්යයන් බොහොමයි කියලා මට හිතෙනවා.

    ඇත්තෙන් ම අපේ රටේ දැනට ඇති තාක්ෂණය ප්‍රයොජනයට ගන්නා ආකාරය තවමත් පොදු මහ ජනතාවට අවබෝධය මදි කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම දුරකතන පහසුකම වත් උපරිම වශයෙන් යොදා ගන්නෙ නැහැ නේද ? ඉතා පහසුවෙන් දුරකතනයකින් ලබා ගත හැකි තොරතුරක් ලබගන්න පැය ගානක් කාර්යාල වල රස්තියාදු වෙන ජනතාව තවමත් අපේ රටේ සුලභයි. 1919 ,online revenue license ,internet banking වැනි සේවයක්, උපරිම වශයෙන් ප්‍රයොජනයට ගන්නෙ කීයෙන් කී දෙනාද ?

    පුද්ගලිකව මම ද ,තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා නොගෙන නාස්ති කර ඇති කාලය අපමණයි.

  3. You guys are awesome! Defense.lk was a turning point for the battle against LTTE. Thank you for your contribution for the nation! Keep writing more posts…

  4. චානුක;

    නියම වැඩ සටහනක්. ඒත් මේවායේ පලදායීතාවය නංවන්න වැඩපිළිවෙලක් සිදු විය යුතුයි නේද? මං කිව්වේ මේ මිනිසුන් ව ඒ පැත්තට යොමු කරන්න සහ ඒ තුලින් ආදායමක් ලබා ගන්න. අඩු ගානේ වෙබ් ඩිසයින් වගේ දේවල් වත කරනවා නම්.

    වෙබ් ඩිසයින් ම සැලකුවොත්: මේවා නාගරික පරිසරයේ කරන්න අමාරු අදායම් සීමිත නිසා. ඒත් ලංකාවේ ගම හා නගරය අතර ජිවන වියදම් වෙනස විශාලයි. නගරයේ මුලික වියදම් පියවා ගත නොහැකි ව්‍යාපාර ගමක දී සාර්ථක ලෙසට කරන්න පුළුවන්.

    ඉස්සර ඉඳලා මට ආසාවක් තිබා මේ වගේ දෙයක යම් කොටසක් කරන්න. මං ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි වුනෙත් යුද්ධේ වෙලාවේ ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට යම් කිසි දෙයක් කල හැකිද කියලා. මේවාට අපට දායක වන්න හැකියාවක් ඇත්නම් හරි වටිනවා.

  5. මේ ලිපියේ හැම තැනම තියෙන මහත්තයා කියන වචනය දැකලා මට මතක් වුනේ මහත්තයා කියන හිටපු ඇල්ටීටීඊ පොර ව යි.

  6. ඔය කියන ලලිත් වීරතුංග මහත්තයා මටත් දවසක් අහම්බෙන් වගේ හම්බ වුනා. ඒ පදනම් ආයතනයේ වෙබ් අඩවිය එලිදක්වන දවසෙ. වැඩිය කතාකරන්න්න නොලැබුනත් එතුමාගේ දැනුම් මට්ටම සහ රටක සේවා ගෙන යා යුතු තැන ගැන එතුමා දක්වපු අදහස් කීපය සැහෙන ඉහල මට්ටමක තිබුන. ඒ කියපු දේවල් ඒ දවස්වල හිටපු පදනමේ චෙයාමන්ට නොතෙරුනත් ඔහු ඔලුව වැනුවෙ තේරුනා වගේ. අන්තිමට අපි කියල පෙන්නල දීපු කිසිම දෙයක් ඒ චෙයාමන්ට තේරුම් ගන්න පුලුවන් උනේ නැ. නමුත් වීරතුංග මහත්තය ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කතා කලා.

    අවසන් ප්‍රතිඵලය පදනම් ආයතනය රජයේ මුදල් වැය කරල සතේක වැඩක් නොගත්ත එකයි. අඩුගානෙ ඔය ඉහල පුටු රත් කරන පිරිසට ඔය වගේ දේවල් ගැන පොඩි හරි අවබෝධයක් දීල තියන්න පුලුවන්නම් මේ රටේ නිකරුණේ නාස්තිවෙන කීයක් හරි ඉතුරු කරගන්න පුලුවන් වේවි. ඒ අතින් ලලිත් වීරතුංග අනගි සම්පතක්…!

  7. මගේ දැනුමේ හැටියට අලුතින් බෙදාගෙන යන OLPC ව්‍යාපෘතිය අනුගමනය කරන්නෙත් Mesh network එකක් පාසැල තුල සන්නිවේදනයට. ඒ ඇසුරින් ලමයි ප්‍රයෝජන ගන්න හැටි අපිට first hand experience එකක් ගන්න පුලුවන් වුනා.

    මහවිලච්චිය ගැන මම මුලින්ම කියෙව්වෙත් විජය පරිගණක සඟරාවෙන්. පස්සෙ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ තිබුන ප්‍රදර්ශනයකින් හුඟක් ලමයි මුහුණට මුහුණ හමුවෙන්න පුලුවන් වුනා.

  8. මහවිලච්චිය ඊ ගම්මානයක් කරන්න හොරයිසන් පාසල හරහා වන්නි සර් මීට කලින් කිසිම පුද්ගලයෙක් කරන්න නොහිතපු වැඩ කොටසක් කලා. අපි ජාතියක් වශයෙන් වන්නිට (නන්දසිරි වන්නිනායක මහතාව ඒ නමින් හැන්දින්වුවාට ඔහුගේ අකමැත්තක් නැතැයි මා සිතමි) හිසනමා ආචාර කලයුතුයි කියලයි මම හිතන්නෙ එතුමා සිදුකල කාර්යභාරයට.
    මට හොරයිසන් එකේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙක්ම සිටිය අන්තර්ජාලය හරහා හැඳිනගත්ත . . . ඒත් කාලයත් සමගම ඔවුන්ව මගහැරීගියා.

  9. @කකා
    කෙනෙකුට “මහත්තයා” කියන්නෙ, ගෞරව කරන්නයි. ඒක උපයා ගන්න ඕනෙ දෙයක්. තට්ටෙන් සොමිය වැනි ගොන් කතා ලියලා, පස් තාච්චි, ජාතිය වෙනුවෙන් සිවුරු දැරීම වැනි නයි ඇරලා, අනුන්ට ඊරිසියා කරන ඔහේ වගේ කෙනෙකුට ලැබෙන නම්බුනාමයක් නොවේ.

  10. ගොට්ටා

    මේ නාකියා අස්වෙන්නේ කවදද බන්?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s