b. ආ විලස නික්ම යමි දෙපයින්

කාලයක් තිස්සෙ, ලියන්නට තිබුණු, නමුත් නොලියූ බ්ලොග් එකක් හිටි හැටියෙ පටන් ගත්තෙ ඇයි කියල දන්නා අය හිටියෙ ටික දෙනයි.

පහුගිය කාලෙ මට බ්ලොග් එකක් ලියන්න, පත්තරේකට ලිපියක් ලියන්න තරම් කාලයක්, නිදහසක් ලැබිල තිබුණ. මන්ද මා නිශ්චිත රැකියාවක නොයෙදී සිටි නිසා. jobless කියලම කියන්න අමරුයි පොඩි පොඩි අතුරු වැඩ ටිකක් කළ නිසා. පසුගිය මාස කිහිපය මගේ “රැකියා අතර” අවස්ථාවක් ලෙස හඳුන්වා දීම වඩා නිවැරදියි. මා ඒක ප්‍රයෝජනයට ගැනීමයි කළේ.

ඒත් දැන් ඒක වෙනස් වෙන්නටයි යන්නේ, ලබන සඳුදා (මැයි 9වැනිදා) සිට. ආරංචිය ලැබුණෙ ඊයෙ හවස. එක අතකට සතුටක්. එක අතකට දුකක්.

රැකියාවක් කරන ගමන් බ්ලොග් එකක් කරන්න අමාරුයි. එකක් කාලය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නය. රස්සාවකුත් කරන අතරේ, පෞද්ගලික වැඩ කටයුතු වලටත් වෙන් කළ යුතු කාලය වෙන් කරලා බ්ලොග් එකක් ලිවීමේ අපහසුව ගැන මා අමුතුවෙන් කිව යුතු නැහැ. අළුත් රස්සාවක් නම් ඊට වැය කළ යුතු කාලය කොහොමටත් වැඩියි. අනෙක ආයතනයක සේවය කරද්දි අපට ඒ ආයතනයේ නීතින් සම්ප්‍රදායයන් වලට ගරු කරන්න වෙනවා. ඒ සීමාවන් තුළ හිතට එන හැම දෙයක්ම ලියන්න අමාරුයි. නියත රැකියාවක් කරද්දි හැමදාම මා පොදු ජන මාධ්‍යයෙන් වෙන් වී සිටියේ එනිසා.

බාගෙට ලියූ බ්ලොග් පෝස්ට් තව තුනක් විතර ඉතිරි වී තියෙනවා. ඒ කිහිපය ඉදිරි සති අන්තයට පෙර පළවේවි. ඉන්පසු බ්ලොග් එක ලියනවාද නොලියනවාද අවිනිශ්චිතයි. “දිගටම ලියන්න” කියන එක පහසුයි. නමුත් ඒක විශාල අභියෝගයක්. යමක් බාගෙට කරන්න මගේ කැමැත්තක් නැහැ.

මේ තරමින් හරි මගේ “සිහි සටහන්” ඔබ සමඟ බෙදා ගැනීමට ඉඩ ලැබීම ගැන සතුටුයි. නැත්නම් මේ කතා හැමදාමත් මගේ ඔළුව අස්සෙ හැංගිලා, මා මළ දවසක මාත් එක්කම සොහොනට යන්න තිබුණා. දැන් ඒක එහෙම වෙන්නෙ නෑ කියලා ඇතිවන සිතිවිල්ල සහනයක්.

_____________________________________________________
පලි. මා ඉන්දියාවේ ඉන්නා කාලයේදී ඉන්දියාව ගැන ලියූ වෙනත් ජනමාධ්‍යයන්හි පළවූ ලිපි එකතුවක් වගේම විදුසරට ලියූ කෙටිකතා එකතුවක්ද මා සතුව තියෙනවා. මේවා යළි ටයිප් කර බ්ලොග් අවකාශයට එකතු කිරීමට කැමැති පින්වතකු පින්වතියක සිටීනම් ඒවායේ පිටපත් ලබා දිය හැකියි. මහන්සියට ගෙවීමක් වුණත් කරන්න පුළුවන්. ඊට කාලය ඇති, කැමැති කෙනකු ඉන්නවා නම් ඔය පසෙකින් තියෙන ඊ-මේල් ලිපිනයට ලියන්න.

Advertisements

24 responses to “b. ආ විලස නික්ම යමි දෙපයින්

  1. Sad news!

    Anyway, hope you will still get time to write an odd post here and there. Also, hope the new job will provide few even more exciting stories you can post one day. 🙂

    It doesn’t have to be an end is it…? frequency of posts may go down but the blog could still stay alive, I hope.

    All the best with your new endeavor!

  2. sathiyakata post eka gane liyuwe naththan Maranawa honde

  3. මාරයාගේ හෝරාව...

    කියන්න තියෙන්නේ ඉතාමත් කණගාටුයි කියන දේ තමා…
    මට දැන් සෑහෙන දවසක ඉඳලා උවමනා වෙලා තිබුනා මම නිතර කියවන බ්ලොග් කීපය ගැන ලිපියක් දාන්න..ඇත්තටම එතනදී අළුතින් පටන් ගත්තා උනත් ඔබගේ මේ ලිපි ටික ගැන මම වෙනමම සඳහනක් කරන්න පුදුම කැමැත්තකින් හිටියේ…
    විශේෂයෙන්ම මං දකින සුවීශෞෂී තත්වයක් තමා මේ සිංහල බ්ලොග් අවකාහයේ වරින් වර කාල වලදී ඉහළටම එන බ්ලොග් තියෙනවා…කාලයක් කතන්දර..ටැබූ වගේම දැන් මගේ ලෝකය බ්ලොග් එක වගේ…මම දැක්ක දේ තමා එතන ඊ ළග අයිතිකාරයා වෙන්න හිටියේ ඔබ කියන එක..ඒත් දැන් ඉතිං මට නෙවෙයි ඒක හරියටම ඒහෙම වෙයිද කියලා කියන්න වෙන්නේ ඔබටම තමා…

    රැකියාවට දෙන වැදගත් ස්ථානය ගැනනම් මම බොහෝම සතුටුයි.ඇත්තටම එහෙම කැපවීමක් තියෙන කෙනෙකුට තමා බ්ලොග් එකක් උනත් හරියට කරන්න පුළුවන්.ඔබත් ටික දවසක් ඇතුලත ඒ කල කැපවීම හරහා අපිට ඉතාමත් උසස් ලිපි ටිකක් කියවන්න අවස්ථාව ලැබුනා..ඒකට බොහෝම ස්තූතියි…

  4. Vishaka Nanayakkara

    I am not sure whether to be happy or sad. I really enjoyed reading all your posts. BTW my kids (UoM undergrads) think that you can not be as old as I am :-), they were surprised to realise that you and I were batchmates! I am sad to miss your writings. But happy that you will be contributing to the society in a more meaningful way. Yesterday Nalaka and I planned getting you involved in another project! I will talk to you on that. Congratulations Chan on your new job. All the best

  5. W.A. Wijewardena

    Writing challenges a person to learn new subjects and according to Carl Sagan, the late MIT Astrophysicist, continuous learning causes the brain to increase its neurons and electricity carrying synapses in the neocortex, reversing the naturally shrinking process of the brain due to ageing (The Dragons of Eden).
    Hence my advice is to continue to write; besides knowing who you are, Chanuka, you cannot keep yourself away from writing. So, don’t make laws for the future which you cannot follow.

  6. අනේ… ඉඩ තියෙන හැම වෙලාවකම ලියන්න……….!!! 😦

  7. No. we cant allow you to leave this website you need to continue. Now it has become as an habit to open and see what you have written in your website in every morning.

  8. ඉඩ තියෙන හැම වෙලාවකම ලියන්න.

  9. Asanga Chandrawansa

    Chanuka,
    Well understand your reason. But I’m sure you have so many things yet unwritten and it is not impossible to find some time slot to write once in a while at least.
    -Asanga Chandrawansa

  10. I would like to type your notes and publish them. You do Not need do pay for that.Your writing style is very interesting and I Would Like to read them as well. Since I am a programmer I have just limited time for that. But I wish to do my best.Best Regards.

  11. පසුගිය කාලය පුරා පලවුනු සටහන් කිහිපය මම කියවපු හොඳම බ්ලොග් සටහන් විදියට හිතේ තැන්පත් වුනා. ඒ ආකාරයෙන් ලියන්න ඔබට තිබෙන නිර්මාණාත්මක හැකියාව පරමාදර්ශයක් නවක ලියන්නන්ට.

    කිව්වත් වගේ “දිගටම ලියන්න” කියන එක ලේසියි, කරන එක අමාරුයි. නමුත් මේ රසවත් ලියවිලි ඉදිරියටත් පැමිණෙයි කියල බලාපොරොත්තුවෙන් සිටිනවා.

    සුබ පැතුම්!

  12. As an individual you have every right to stop writing. But, the social animal that lives in you doesn’t have that right. So, it must write.

  13. මම මීට කලින් කමෙන්ට් කරල නම් නැහැ. ඒත් සියලුම ලිපි ලද සැණින් කියවල යනව. චානුක අයිය විදුසරට ලියපු ලිපිවලට උසස් පෙළට කලා විෂයයන් හදාරමින් සතියක් නෑර විදුසර පත්තරය කියවපු මම ඒ කාලෙත් ගොඩක් ඇල්ම් කළා. අයියගෙ ලිපි ටයිප් කරල දෙන්න එකතු වෙන්න මටත් පුලුවන් වෙයි… ඒක මම ඉතාම කැමැත්තෙන් කරන්නම්. ගෙවීමක් අවශ්‍ය නෑ.

  14. ලියමු. පටන් ගත් දේ නවත්තනෙ නැතුව දිගටම කරන්න අපිට දිය හැකි සහයෝගය මොකක්ද කියන එකත් බලමු.

    කොමෙන්ටු නොදැම්මාට මම හැමදාම බලන බ්ලොග් සටහනක් තමයි මේක.

  15. Its all about priorities, mate…!!!

    Good luck with the new job. I wish you nomore “between the jobs” periods but hey, there is always the weekends, Poya and all such luxuries in life.

    Ref: Maarayage Hoaraawa’s comment – yes, my haydays were perhaps behind me. That’s mostly becasue, while you can fool all the people some of the time, and some of the people all the time, you cannot fool all the people all the time.

    And since I have been on a full time job throughout my blogging career with 12 hours paer day in transit or at work, even to fool some of the people some of the time was a big ask.

    Cheers.

  16. ලියන්න කොහොම හරි අත අරින්න එපා………

  17. මාර සීන් එක. ඉඩක් ලද වෙලාවක් ඇතොත් ලියන්න.

  18. චානුක නම් වෘත්තිකයා චානුක නම් ලේඛකයා ව මරන්නට දරන කුමන්ත්‍රණයක පළමු සාක්ෂිය ද මේ? මිට කලිනු ත් ඔබ මේ දෙයම කරන්න ඇති. විදුසර පරිගණක වගේ තැන්වල ඔබ කල දෙය දිගටම පවත්වා නොගැනීමෙන්.

    මමත් ජොබ් එකයි පස්තාච්චියයි [කොපි රයිට්: කතන්දර] එක්ක දරු පවුලකුත් බලාගෙන ඉන්නේ බ්ලොග් ලියන්න කාලය දෙන්න අමාරුයි. [කොමෙන්ටුවක් නම් ලියන්න පුළුවන්] ඒත් මං බ්ලොග් පවත්වා ගෙන ඉන්නවා මාසෙට එකක් හරි ලියනවා. ඒත් මදැයි.

    ඔබට හැකි දෙයක් කරන්න චානුක. කඩේ වහන්න විතරක් එපා. අලුත් රස්සාවට ජය වේවා.

  19. This is really sad news. But once in a while you may add your experience here . so don’t close the blog and whenever possible please share your knowledge.
    As I feel , your best post yet to come.

    Thanks and all the best.

  20. සරලවම කිව්වොත් හරිම අපරාදයක්… මම මේ පැත්තට ආවෙ අපේ චමිල දාල තිබ්බ බස් එකකින්. එදා ඉදන් මගේ සීමිත බුක්මාක් ටූල්බාර් එකේ ඉඩක් වෙන්කරල තිබ්බෙ අලුතෙන් දාන හැම ලිපියක්ම කියවන්න ආස හන්ද…

    පහුගිය දවස් ටිකේම උදේ නැගිට්ට ගමන්ම කියෙව්වෙ ඔබේ සටහන්. හරය වගේම රස එක්තැන් කරල ලියපු හැම ලිපියක්ම ඉතාම ප්‍රසංශනීයයි. අඩු ගානේ සතියකට වරක්වත් සටහනක් තියන්න අමතක කරන්න එපා.

    ඔබට ජයෙන් ජයම වේවා…! තව තවත් මේ පුංචි රටට අවංක සේවයක් කරන්න ශක්තිය ලැබෙන්න කියල ඉතිසිතින් ප්‍රාර්තනා කරනව,…

  21. sathiyakata dekakata paarakwath liyanna……..

  22. මම මීට කලින් කොමෙන්ටු ලියලා නහැ……. ඒත් ලිපි රස වින්ඳා…..A/L කරන කලෙ විදුසර කියෙව්වෙ ගොඩක් ආසාවෙන්. ඊට කාලෙකට පස්සෙ මේ ලිපි. කොහොම හරි දිගටම ලියන්න කියන්න බැහැ. ඒත් ඉඩ ලද විටක ලියන්න. කියවන්න ආසාවෙන් ඉන්නවා!!!!!!!!!!
    අළුත් රැකියාවට සුභ පැතුම්.

  23. චානුක

    මෙම බ්ලොග් අඩවිය ගැන මම මුලින්ම දන ගත්තේ මුණු පොතේ මිතුරෙකුගේ ලින්ක් එකකින්
    එවකට සිංහල බ්ලොග් කියවීම නතර කොට තිබුනත් පළමු පොස්ටයෙන් පසු දිගටම කියවීමට තරම් රසවත් වුන
    චානුක විදුසරට ලියන කාලේ මම කියවා තිබුනේ නැතත් , ප්‍රේමදාස විරෝධී කදවුරේ සිටි බව ලාවට මතකය්
    ඒ හැරුණු විට ප්‍රවීන ලේඛකයෙකු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු අයෙකු බවද මම දන සිටියා
    තවද ඔබ නමින් සහ නොනමින් කල දේශපාන සහ අනෙකුත් විචාර ගණනක්ද මා කියවා තිබෙනවා ( එය වැටහුනේ මෑතකදීය)
    කෙසේ වුවත් නව රැකියාව ගැන සුභ පතනවා !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s