27. LTTEයේ පින්කම් හා JVPයේ පින්කම්

මගේ පරම්පරාවෙහිම, මගේම වයසෙහි බටහිර සංවර්ධිත රටවල බොහෝ මිනිසුන් හා ගැහැණුන් මට වඩා වාසනාවන්තය සිතමි. ඔවුන්ගේ ජීවිත කාලයන් තුළදී ඔවුහු තමන්ගේ රට තුළ දීර්ඝ කාලීන යුද්ධයන්ට, ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට මුහුණ නොදුන්නෝය. අනෙක් අතට ලංකාවේ මගේ පරම්පරාවේ දිය සලකුණ එවන් ගැටුම්ය. අපේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් අපට එබඳු නොවිසඳුණු ගැටුම් මැද ජීවත් වන්නට සිදු විය.

දසක සතරහමාරක මගේ ජීවිත කාලය තුළ මම කඩින් කඩ සිදුවූ ජේ. වී. පී. ගැටුම් දෙකකටද (1971 හා 1988/9) , දීර්ඝ කාලීන එල්. ටී. ටී. ඊ. ගැටුමකටද (1979 සිට 2009 තෙක්) මුහුණ දුන්නෙමි. මින් පළමු ජේ. වී. පී. ගැටුම එවකට සතර හැවිරිදි වූ මගේ දිවියට කළ බලපෑම නොගිණිය හැකිය. නමුත් ඉතිරි ගැටුම් දෙකම නිසා මට වැඩිහිටියකු හැටියට බොහෝ දේ අහිමි විය. ඉන් පළමුවැන්න මිනිසුන්ය. අපට අහිමි වූ ඉතිරි සියල්ල අමතක කළත් මිනිසුන් අමතක නොකළ හැක්කේය. එසේම ජේ. වී. පිය හා එල් ටී. ටිය විසින් තුච්ඡ හා කෲර ලෙස අපෙන් උදුරා ගන්නා ලද අහිංසක මිනිසුන්ගේ ගැහැණුන්ගේ කතන්දරය නොකියා මගේ, අපේ පරම්පරාවේ කතාව නොකිව හැක්කේය.

එල්. ටී. ටිය හෝ ජේ. වී.පිය විසින් ලේ නොසොල්වන ලද පවුලක් ලංකාවේ සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සෙවීමට සමාන වේය සිතමි.

මගේ පවුලේ කිසිවකු ඉහත කී නරුමයන් විසින් මරා නොදමන ලද්දේ වී නමුදු මහ බැංකු බෝම්බය දින තාත්තා සුළු තුවාල ලැබුවේය. ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔහු හරියට එදිනම මහ බැංකු ගොඩනැඟිල්ලට ගොස් තිබුණේ විශ්‍රාම වැටුප පිළිබඳ කටයුත්තකටය. එය නිමා වී පැරැණි මිතුරකු සමඟ සල්ලාපයේ යෙදී සිටියදීය බෝම්බය පත්තු වුණේ. සුළු තුවාල ලබා ගැලැවීම ඔහුගේ වාසනාවකිය කිව හැක්කේ, බැංකුවේ “මෙසනයින්” මහලෙහි ඔහු සමඟ කතා කරමින් සිටි මිතුරා බරපතළ තුවාල ලැබූ හෙයිනි.

මීට අමතරව රාජගිරිය හන්දියේදී එල්. ටී. ටිය මහ ජරමරයක් කළ දින මාද, සොනාලිද, නංගීද රැකියාවන් නිමා කොට නිවෙස බලා යන ගමනේදී අදාළ ස්ථානය පසුකොට ගොස් තිබුණේ දළ වශයෙන් ඊට විනාඩි හතළිස්පහත් පහළොවත් අතර කාල පරාසයක් තුළය. කාලයේ සුළු එහා මෙහා වීමක් තුළ අප තිදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතයට හෝ අනතුරක් වීමේ සම්භාවිතාවක් තිබුණේය.

එහෙත් මේ සියල්ලෙන් අදහස් වන්නේ අපේ මිතුරන්, ළබැඳියන් එල්. ටී. ටිය හා ජේ. වී. පිය විසින් සොරා නොගන්නා ලද බව නොවේ. මේ එසේ සොරකම් කර ගන්නා ලද මා දන්නා මිනිසුන් තිදෙනකු පිළිබඳ කතාවය.

මට වඩා වසරෙකින් හෝ දෙකකින් වැඩිමහල් සුදීප පූර්ණජිත් මට සමගාමීව දිවයින කර්තෘ මණ්ඩලයෙහි නිදහස් සාමාජිකයෙක් විය. දිවයිනට “බන්ටි ටිකී” නම් පොකට් කාටූනය අඳිමින් සිටි ඔහු ඉඩ ලැබෙන අවස්ථාවන්හීදී ඊට වඩා ලොකු වැඩද කළේය. සුදීප චිත්‍ර ශිල්පියකුද විය. ඔහු විසින් නිර්මාණය කොට ඇති ලංකාවේ මුද්දර ගණනද විශාලය. ඒ මේවාය කියන්නට මා නොදත් මුත්, ලංකාවේ ප්‍රදීපාගාර දැක්වෙන මුද්දර සෙට් එක නම් ඔහුගේ නිර්මාණයක් බව දනිමි.

“පුතා මැරිල දවසකට පස්සෙ පුතාගෙ නමට ලියුමක් ආව. ඒකෙ අලවල තිබ්බෙ පුතාම ඇන්ද ප්‍රදීපාගාර මුද්දරයක්”

අවමඟුල් දිනයේදී හැඬූ කඳුලින් කීවේ ඔහුගේ සෝබර මෑණියන්ය.

සුදීප එල්. ටී. ටි මිනීමරුවන් විසින් අපෙන් උදුරා ගන්නා ලද්දේ 1996 ජූලි මාසයේදී දෙහිවලදී පානදුර කෝච්චියේ ඇටැවූ බෝම්බයකිනි.

ප්‍රේමකීර්ති ද අල්විස් මගේ කිට්ටුවන්තයෙකැයි නොකියමි. ඔහු මා දැන සිටියාද සැක සහිතය. නමුත් මා කෙටි කලෙකට සහභාගි වූ ගුවන් විදිලියෙහි “සරස්වතී මණ්ඩපය” නිෂ්පාදනය කළේ ඔහුය. ප්‍රේමකීර්තිගේ මරණයට සතියකට පමණ ඉහත මවිසින් පිටපත සපයන ලද වැඩ සටහනක් විය. මා දිලීප අබේසේකර හා සමන්ත හේරත් සමඟ ගුවන් විදිලියෙහි ලොබියෙහි කතා බහ කරමින් සිටි අතර ප්‍රේමකීර්ති ඒ අසළට විත් දිලීප සමඟ කතා කළා මතකයි.

ජ. වි. පෙ. මිනීමරුවන් විසින් මේ අහිංසක මිනිසා මරා දමන ලද්දේ තම සිඟිති පුතා වෙනුවෙන් අභයදානය දෙන ලෙසට ඔහු ඝාතකයින් ඉදිරියේ දණින් වැටී කන්නලව් කරමින් සිටියදීය අසා ඇත්තෙමි.

ජේ. වී. පී. මිනීමරුවන් විසින් අපට අහිමි කරන ලද තෙවැන්නා මගේ කිට්ටු ඥාතියෙකි. තාත්තාගේ පුංචි අම්මාගේ පුතකු වූ ඔහු අප විසින් හඳුන්වන ලද්දේ “සුදු බාප්පා” ලෙසිනි. මේ ඉතාම හොඳ අහිංසක මිනිසෙකි. ජේ. වී. පී. මරුවන්ට ඔහු මරා දැමීමට තරම් කළ වරද ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ ලේකම් ධුරය දැරීමය.

සුදු බාප්පා තම මඟුල් දිනයෙහි අයියාද මාද (දකුණු කෙළවරෙහි ) සමඟ - 1972

පූගොඩ පෙහෙකම්හළෙහි සේවය කළ සුදු බාප්පා කැළණිවැලි මාර්ගයේ අංගම්පිටිය දුම්රිය ස්ථානය අසල පදිංචිව සිටියෙකි. ඔහු දිනපතා බයිසිකලයකින් මීපේ හන්දියට පැමිණ බස් රථය ගැනීමේ සිරිතක් විය. ජ.වි.පෙ. විසින් ඔහුට හිසට වෙඩි තබා මරා දමන ලද්දේ මෙසේ බයිසිකලයෙන් ගමන් ගනිද්දී මීපේ මුස්ලිම් පල්ලියට ආසන්න ස්ථානයකදීය.

එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. ගැටුම් ගැනද කෙනකුට තමන් සිටින තැන සිට විවිධ නිර්වචන දිය හැකිය. නමුත් පහත සත්‍ය කාරණා ප්‍රතික්ෂේප කළ නොහැකිය.

1. එල්. ටී. ටී. ඊය සේම ජේ.වී. පී.යද සන්නද්ධව සටන් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කොට ගැනුණු ආණ්ඩු වලට එරෙහිවය. එසේ හෙයින් ඔවුන් අවි ගෙන විරුද්ධත්වය පෑයේ අන් කිසිවකට නොව මෙරට මහාජන කැමැත්තටයි. (මහජනයා හරිද වැරදිද යන කාරණය මෙතැනදී අදාළ නොවේ. )

2. මේ අවස්ථා දෙකේදීම රාජ්‍ය මර්ධනය සිදු වූ මුත් එය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. ඔසාමා බින් ලාඩන් හා සදාම් හුසේන් ඇමෙරිකාවට එරෙහිව සටන් වදිද්දී කිසිම ඇමෙරිකානු ජනාධිපතිවරයකු බකන් නිලාගෙන සිටියේ නැත. අපේ රටේ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේද ත්‍රස්තවාදය මැඬැලීමේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි.

කොයිතරම් වැරදි, දුර්වලතා තිබුණද ඒ සියල්ල අමතක කොට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මා ගරු කරන්නේ එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. මිනීමරුවන්ගේද හොම්බ බිම අතුල්ලන්නට සමත් වූ එකම නායකයා ඔහු බැවිනි. එල්. ටී. ටියට සේම ජේ. වී. පී.යටද තමන් සිටිය යුතු තැන කවරේද ඔහු විසින් පෙන්නා දී තිබේ. එය පක්ෂ භේදයෙන් තොරව රටේ අභිවෘද්ධිය පතන්නන්ගේ ඇගැයීමට ලක් විය යුත්තකි.

Advertisements

32 responses to “27. LTTEයේ පින්කම් හා JVPයේ පින්කම්

  1. තමුන්ගේ සුව පිණිස බල්ලන් සමඟ උව නිදාගැනීමට පසුබට නොවන එඩිතර නායකයෙකි මහින්ද///
    උදා සරත් ෆොන්සේකා කැපීම

  2. මගෙ ජීවිත කාලෙ තුල ජ්.වි.පෙ ගැන ලොකු මතකයක් නැති උනත්, එල්. ටී. ටී. ඊ. එක ගැන ඕන තරම් මතක තියෙනව. මහරගම බෝ ගහ ලඟ බෝම්බය පුපුරනකොට මන් හිටියෙ පෙනෙන නොපෙනෙන දුරින්. අපේ ගේ ලඟම එකම ගෙදර අයිය, මල්ලි නැති උනේ ඒකෙන්. නුගේගොඩ බෝම්බෙ පුපුරනකොට එතන පහු වුනා විතරයි..

    මහින්ද රාජපක්ෂ මහතාට මා ගරු කලත් ඔහු වටා රොක් වෙලා ඉන්න පිරිස පිළිබඳවනම් එතරම් සතුටක් නැ.. උදාහරණයක් හැටියට උපාලි කොඩිකාර කියන්නෙ මහරගම කාපු කෙනෙක්, ඔහුගෙ බිරිඳ කාන්ති කොඩිකාර මේපාරත් දින්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. ඔය වටේ ඉන්න පිරිසත් සුදදකලානම් ඔහුට තව හොඳ ගමනක් යන්න පුලුවන් වෙයි කියන එකයි මගේ හැඟීම.

  3. කරුමක්කාරයාගේ කතාවනම් හරි ……නරක අය ලන් කර ගත්තාම හොදවෑඩක් කරන්න හරිම අමාරුයි….කරත් ඒකේ උපරිමය ලබාගන්න බෑරි වෙනවා..

  4. Sirima, JR, DB, CBK, MR ත්‍රස්තවාදයට ප්‍රතික්‍රියා දැක්වුවා කිව හැකි උනත්, ප්‍රේමදාස ඉන් එහාටත් ගියේය. 87-89 රාජ්‍ය භීෂණය නිසාත් බොහෝ ඝාතන (ජවිපෙ ත්‍රස්තවාදයට සම්බන්ධ නැති අයත්) සිදුවිය. ඝාතක ලැයිස්තුව වඩාත් සම්පූර්ණ හා සාධාරණ වීමට ප්‍රේමදාස-යුඇන්පී කොටසත් ඇතුල් විය යුතු නොවේද ?

  5. ජවිපෙ සහ ඇල්ටීටීඊය ත්‍රස්ත සංවිධාන ළෙස නීති විරෝධී ක්‍රියා, මිනී මැරීම් කලහ.

    නීතිය රකින්නට සිටින ආංඩුද ඒ ආකාරයයේම නීතිවිරෝධි වැඩ කිරීම තුලින් සාර්ථකව සිදු කෙරුවේ ජවිපෙ සහ ඇල්ටීටීඊ ත්‍රස්ත කම් සාධාරණීකරණය කිරීමක් ද?

    • @kathandhara,

      උදය ගම්මන්පිළගේ ජාතිවාදී අදහස් හා එකඟ නොවූවත් ඔහු මේ කාරණාව සම්බන්ධයෙන් පළ කළ අදහසක් හා එකඟ වෙමි. එය මෙසේය.

      [q] රටක ආණ්ඩුවක් යනු නීත්‍යානුකූලව මිනී මැරීම සඳහා අවසරයක් ඇති එකම කණ්ඩායමය. එය සාමාන්‍යයෙන් කෙරෙන්නේ නඩුවක් අසා එල්ලුම් ගහට යැවීම තුළින් වුව රටේ ආරක්ෂාව සඳහා ඊට වෙනස් ක්‍රමයකින් වුව මිනී මැරීමේ අයිතිය ආණ්ඩුවකට තිබේ. [uq]

      මගේ මතට අනුව morality පිළිබඳ කාරණා සියල්ල අයින් කළත්, ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දීම අකාර්යක්ෂ්ම වැඩකි. නමුත් මේ හැර ප්‍රායෝගිකව කළ හැකි වෙන විසඳුමක් මම නම් නොදනිමි.

      • ඔව්, උදය ගේ කතාව ඇත්ත. නමුත් නීත්‍යානුකූල මිනීමැරීම යනු නඩු අසා, යුක්තිය පසඳා, නඩු තීන්දුව මත, නියමිත ක්‍රමයට පෝරකයට යැවීමයි. එයද, අපේ රටේ දිගු කාලයකින් කර නැත.
        නීත්‍යානුකූල මිනීමැරීම යනු ජේවීපී කොල්ලන් උස්සා බෙලි කපා අල්විස් පොකුනේ වටේ තැබීම හෝ සුදු වෑන් වලින් ඉස්සීම හෝ අනිත් අපි වැඩිය නොදන්න නිසා කිව නොහැකි ක්‍රම මගින් මිනිසුන් අතුරුදහන් කිරීම නොවේ. මේවා නීතී විරෝධී වේ. ජෙවීපීයද, ඇල්ටීටීඊයද කලේ ඒවායි.
        ඔසාමා මැරීමට ඔබාමා දුන් අණ ද, නීති විරෝධීය.
        මොකා වුනත් මරා දැමූ පසු යාන්තම් ඇති කියා හෝ සිතිය හැක්කේ මනුශ්‍යත්වය බිඳුවක් හෝ අඩුකරගත් අයෙකුට පමණි.
        ස්තුතියි.

      • @kathandara,

        මේවා කීම ඉතා පහසුය. අමාරු වන්නේ ප්‍රායෝගිකව කිරීමයි. අප සියළු දෙනාම අද සුරක්ෂිත ජීවිත ගත කරන්නේ නම් ඒ යම් යම් වකවානු වලදී ආණ්ඩු විසින් ගන්නා ලද “නීති විරෝධී” ක්‍රියා වලට පින් සිදුවන්නටය. මෙයින් සියළු ආණ්ඩු විසින් කරන ලද සියළු ක්‍රියාවන් සාධාරණීකරණය නොකෙරේ. විශේෂයෙන් ප්‍රේමදාස වැනි දුර්දාන්ත පාලකයින් ත්‍රස්තවාදය මැඬැලීම මුවාවෙන් ඇති කරන ලද භීෂණයක් ගැන මම කථා කොට ඇත්තෙමි. නමුත් වැඩි දෙනාගේ ආරක්ෂාව උදෙසා නීති විරෝධී ක්‍රියාවන්හි නියැලෙතැයි ආණ්ඩුව සැක කරන සුළුතරයක් පෙළීම දේශපාලනිකව හෝ අදේශපාලනිකව හැම කල්හිම හැම පාලකයකු යටතේම විය. ඒ යථාර්ථයට මුහුණ නොදී එක්ටැම් ගෙවල ජීවත් විය නොහැකිය.

      • රාජපක්ෂ කොටින්ව මර්ධනය කිරීමත් ප්‍රේමදාස ජෙප්පන් මැරීමත් එකම නොවේද
        ජෙප්පන්ගේ ක්‍රියා නිසා අවුරුදු අටක ළමයෙකු ලෙස මගේ දෙමව්පියන් තුල පවතී භීතිය ,රටේම පවතී අරාජිකත්වය මට අද වගේ මතකය එම නිසා ඉතා දරුණු ලෙස වුවද ජෙප්පන්ගේ කැරැල්ල මද පැවැත්වීම රටට සේවයකි
        ත්‍රස්තවාදය මැඩලීමේ මුවාවෙන් භීෂණය දියත් කල එකම පාලකයා ප්‍රේමදාස නොවේ
        එම නිසා ප්‍රේමදාස පමණක් විශේෂව දුර්දාන්ත පාලකයෙක් යන යෙදුම යෙදිය නොහැක

  6. this is a excellent article. I am 27 years only, 25 years of my life wasted for these crimes. i feel terrible over what happened to this nation. is it the people of this country turned this in to a “blood island”?

  7. i agree with most part of the article. but not sure j.v.p killed premakirthi. book wrote by his wife tell another story. according to it hudsan samarathung is the suspect

  8. චානුක;

    මිනිත්තු හැටකට අඩු කාලවලින් මට මිස් වූ බෝම්බ 3-4 ක් විතර තිබ්බා මතකයි [අපරාදේ කියයිද කට්ටිය?]. උපතින් බෞද්ධ නිසා මිනි මැරීම බයි ඩිෆෝල්ට් වරදක් සේ දුටු මට ප්‍රායෝගික සත්‍ය කියා දුන්නේ කොටියන්. අමතර මෛත්‍රියකින් අපි පිස්සු කෙලින බව පසක් වුනේ එයින් තමයි.

    හැමවිටම මිනි මැරීම පවකි කියන උන්ගෙන් මට අහන්න තිබ්බේ එකම ප්‍රශ්නයයි. ආයුධ සන්නද්ධ කොටියෙක් හන්දියේ තුවක්කුවක් අරගෙන වෙඩි තියන්න සුදානමින්. ඔබයි ඔහු ලගම ඉන්නේ, ඔබ අතේ ප්‍රමාණික යකඩ පොල්ලක් තියෙනවා ඔහුට කලින් ඔබට ගැසිය හැකියි. ගහනවද නැද්ද? නැත්නම් දෙමලාට වූ අසාධාරණයයි, දේශපාලන විසඳුමක අවශ්‍යතාවයයි, 83 හිඟ වන්දියයි, මාක්ස්වාදයයි, බුදු දහමයි, මයිත්රියයි, ප්රානඝාතයයි, මේ නොමග ගිය කොලුවා යහමගට ගන්න හැටියි, ඔහුට කිවයුතු බන පදයයි, ඔක්කොම මෙනෙහි කරමින් ඒ මිල කල නොහැකි තත්පරය කා දමනවාද? මේ ප්‍රශ්නෙදි කොටි නොවන දෙමළුන් [උගත්] බෞද්ධයන්ට වඩා පහසුවෙන් ඌ ට ගැහැව්වා. මයිත්‍රීය තේරුම නොගැනීමෙන් අපේ මොලේ අවුල් වෙලා කියලා මට හිතුනා ඒකෙන්.

    ජෙප්පන් නිසා මට පුද්ගලිකව වුනු මහා බලපෑමක් නැතත් [මෙහෙ කැම්පස් නොගිය නිසා] ජෙප්පන් උපරිමයෙන් ක්‍රියා කල සන්දියේ අපි සෑහෙන්න සිල්ලර දුක් වින්දා දකුණේ.

    ඔය ඔක්කොම මතවාදයක් දිනවන්න නේද කියලා හිතුවම කනගාටුයි.

  9. මහින්ද රාජපක්ෂ පාලනය පිලිබඳවත් පාලනය ගෙන යෑමට පතුරවන මතවාදය පිලිබඳවත් බොහෝ ‍විවේචන තිබුනද විනාශකාරී යුද්ධය යුද්ධයෙන් හෝ නිම කර දැමීම ප්‍රශංසාවට ලක්විය යුතු කරුණක්. අනෙක් අතට ජෙප්පන් හා කොටින් අතර තිබුන එකම වෙනස ජාතිය පමණයි.

    • උඹ හරි මචන්.. එකම වෙනස ජාතිය විතරයි.. අත්විදීම් අතින් මූලික අවස්තා මගහැරුනත් කැම්පස් කොමඩි ඕන තරම් මේ අවුරුදු හතරට අපි දැක්කනෙ.. අන්තිමට වුනෙ තිබිච්ච ටිකත් නැති වෙච්ච එක. මතකනෙ පේර කේස් එක අන්තිමට උන්ට ඇති සෙතකුත් නැ.. අපිට වැඩකුත් නැ…

    • [[අනෙක් අතට ජෙප්පන් හා කොටින් අතර තිබුන එකම වෙනස ජාතිය පමණයි.]]

      සහතික ඇත්ත. අයිඩියෝලොජිස්ට්ස් ල ඔක්කොම එකයි හැසිරීමෙන්.

  10. මමත් මේ ගැන දරන්නේ මීට සමාන අදහසක්…. ජේවීපීය කරුණා අම්මාන්, කේපී වැන්නවුන් නිදහසේ සිටීම ගැන කෑ ගැසුවත් ඔවුන්ට එසේ කෑ ගැසීමට අයිතියක් තිබේද යන්න ගැටළුවක්… ප්‍රභාකරනුත් සාම ප්‍රවාහයකට ආවානම් LTTE එකත් JVP එකත් අතර කිසිදු වෙනසක් මම නොදකිමි…

    කේපී සහ කරුණා නිදහසේ සිටීම මම සාධාරණීකරණය නොකෙලෙමි.. පැවසුවේ ඒ පිළිබඳව මුර ගැසීමට JVPට හැකිද යන ප්‍රශ්ණය නැඟීම පමණකි.. (නැත්නම් ඒක අල්ලගෙන කට්ටිය බෙරිහන් දෙයි….)

  11. jvp eka kala lokuma aparade ethakota 2005 janadhipathiwarenedhi ranilta dinnanna ida nodee MRta saport karala chanda 185,000kin dinawapu ekada?

    • @Thushara,

      No. Certainly not. In retrospective I see that was the only thing JVP ever did for the good of the country.

      • Chanuka

        true in retrospect if MR didn’t come to power we would still be having LTTE issue.
        BTW by not allowing Tamil voters cast the vote Prabhakaran dug his own grave

  12. දේශපාලන ගැන මගේ අදහස් කාලෙකින් නවත්තලා තිබ්බේ.

    මහින්ද ගැන මට පහදිමකුත් අපහදිමකුත් ඇති වුනෙත් යුද්දෙන් පස්සේ කාලෙමයි, යුද්ද කාලේදී මා විරුද්ද වුනේ එයින් පසු ද්‍රවිඩ ජනයාගේ ප්‍රශ්න සහා ජාත්යතර වලින් එල්ල විය හැකි දේවලුත් අපේ මිනිස්සුගේ ජාතිවාදී මානය වැඩි වෙයි කියයි. දැනුත් ඒ ගැන මගේ තියෙන්නේ කිච්චාවක්‌…

  13. ජේවීපී එකේ පින්කම් නම් බලාගන්න අපිට බැරි උනා, ඒත් ලංකාවෙ වැඩිම ජේ.වී.පී ක්‍රියාකාරකම් තිබුන පලාතක් තමයි පාදුක්ක පැත්ත. ඔය අංගම්පිටිය ඉස්ටේසමට පිටිපස්සෙ තියෙන කන්දෙ අර අතේ ඇඟිලි නැති ජේවීපී ලොක්කාත් හිටිය කියනව. (අතේ ඇගිලි නැත්තෙ බෝම්බ හදන්න ගිහින්) දැන් එයාලත් ඔය නායකයො වෙලා ඉන්නෙ අපූරුවට.

  14. දු‍ටුගැමුණු උන්නැහේ ගැන එහෙම මුකුත් ලියවෙන එකක් නෑ නේද මින් ඉදිරියට එන පෝස්ට් එකකවත්?

  15. PREMAKEERTHI GE GATHNAYA jvp WADAK NOWE KIYALA PREKAMKEERTHI GE BIRINDA LAGADI ELIDAKWAPU POTHAKA KIYALA THIYENAWA.

    • බන්ඩලාගේ හාවා

      if not JVP then who????

      • @බන්ඩලාගේ හාවා,

        The previous comment had a name but I have to remove it as I cannot publish unverified accusations against anyone, from an unknown source. Sorry. I think you have to read the book.

  16. චානුක ඔයාගෙ බ්ලොග් සටහන් කියවන කෙනෙක් විදිහට මගේ අදහස මේකොළම එතරම් සාධාරණ විශ්ලේෂණයක් නොවෙන වග.
    අපේ මිනිස්සු මැරුණ තුවාල වුන ආකාරයට සහ පලියට දේශපාලන කාරණා විග්‍රය එතරම් සාර්ථක වෙන්නෑ. ඒ මගේ අදහස.
    මහින්දට ‍සුදු හුණු ගාන්න ඉස්සෙල්ලා කල්පනා කළ යුතුයි ඔහුගෙ කෙරුවාව.
    හොදම උදාහරණය ‍ෆොන්සේකාට දුන්න දඩුවම.
    ඉස්සර අපි හැමෝම බයේ පාරෙ ගියා. අද අපි ඔලුව කෙලින් තියාගෙන පාරෙ යනවා (මහින්දට පින් දිදී) අපේ බය නැති කරන්න අති විශාල දායකත්වයක් දුන්න රණවිරුවා සිර කූඩුවෙ කූරු ගණන් කරද්දි. අපේ බය නැති කරල අපට පාරෙ සැහැල්ලුවෙන් යන්න සලස්සපු ජෙනරාල්ට වෙච්ච දේ සාධාරණ ද?

  17. මාරයි නේද බන්..ප්‍රේමදාසයි,රන්ජන්යි,ප්‍රා එකයි,කලු බල්ලලුයි,සොත්ති උපාලි ලයි,කලු අජිත් ලයි ඒ කාලේ සිල් අරගෙන නේ..පව් අහ්ංසකයෝ ටික..ජෙප්පන් ලේ නොසෙල්වපු පවුලක් ලංකාවේ නැත..මරු..ප්‍රේමදාස සහ නඩය සනසපු අම්මලා තාත්තලා ලංකාවේ ඔනේ තරම් ය…
    ප්‍රේමදාස මැරුනු වෙලාවේ මිනිස්සු දුක් උනේ ඒකනේ..කොච්ච්චර සිත් සනසපු මින්හෙක්ද..
    ඔය ජෙප්පො ප්‍රේමකීරිතිව මරන්න යද්දි හඩ්ඩයි කලු අජිත් ල එහෙම බේරගන්න ගිහින් තිබුණනෙ..ප්‍රේම කීර්තිව.ජෙප්පො උන් කියන එක අහලත් නැහැනේ..

  18. //මහින්ද රාජපක්ෂ මහතාට මා ගරු කරන්නේ එල්. ටී. ටී. ඊ. සේම ජේ. වී. පී. මිනීමරුවන්ගේද හොම්බ බිම අතුල්ලන්නට සමත් වූ එකම නායකයා ඔහු බැවිනි.

    ජේවීපී කාරයෝ ආයුද අතඇරල ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ල ඉන්නකොටත් උන්ගේ හොම්බවල් බිම අතුල්ලන එක හරිද? උන්ව ආපහු ආයුද අතටගන්න තත්වෙට යවන එකද දැන් කරන්න ඕන? ප්‍රේමදාස ලොක්කනම් උන්ගේ හොඹු බිම ඇතිල්ලුවෙ ඒ වෙලාවෙ උන් ආයුද අරන් යකා නටපු හින්ද.

    එතකොට එල්ටීටී කාරයන්ට හොම්බවල් බිම උලන්න ප්‍රදාන උනු ෆොන්සේක ගොය්යට කොරපු කෙලියත් හරී කියලද තමුන්නැහැ කියන්නෙ?

  19. j.v.p & l.t.t.e are not just a creation of stressed srilankan youth also a
    cross section of the society which suffered by former political parties.
    Accordingly your hatred to both rebels is just bunch of words nothing more
    while you shows a rapport to president who thinks HE IS THE KING NOW.

  20. Manoj Dandeniya

    Thank you Chanuka for sharing these stories with us.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s