36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ

යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය.

“දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.)  නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක අළුත් කළෙමි.

යාපනයට පා තබන උග්‍ර ආණ්ඩු විරෝධියකුගේ සිතෙහි වුව වර්තමාන ආණ්ඩුව පිළිබඳ අමිල ගෞරවයක් මෝදුවීම නැවතිය නොහැකිය. දෙමළාගෙන් උදුරාගත් ඔවුන්ගේ යාපනය නැවත දෙමළාට උරුම කොට දී ඇත්තේ වත්මන් රජයයි. යාපනයට නොගොස් එය තේරුම් ගත නොහැකිය. උතුරට අවශ්‍ය ඊනියා “දේශපාලන විසඳුමක්” නොව ශිෂ්ට ලෙස, මිනිසුන් ලෙස ජීවත් වීම උදෙසා අවශ්‍ය සමාජය ගොඩ නැඟීමකි.

නාගදීපයේදී බෝටුටුව එනතුරු නාවික භටයකු හා සංවාදයට එළඹීමි. “නිවුස් අහන්නවත් ලැබෙන්නෙ නෑ” කියූ ඔහු භාරත ලක්ෂ්මන් සිද්ධිය ගැන අපෙන් ඇසුවේය. අප දන්නා තරමට විස්තර කළෙමු.

“රැයක් පුරා අමාරුවෙන් කිරි දොවල, අපේ නායකයො ඒකට ගොම දා ගන්න හැටි “ ඔහු සංවේගයෙන් කීවේය. අපට ඊට දෙන්නට උත්තරයක් තිබුණේ නැත.

Advertisements

17 responses to “36. දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ

  1. විසිතුරු | visituru

    “රැයක් පුරා අමාරුවෙන් කිරි දොවල, අපේ නායකයො ඒකට ගොම දා ගන්න හැටි “

    සහතික ඇත්ත…..

  2. “යාපනයට පා තබන උග්‍ර ආණ්ඩු විරෝධියකුගේ සිතෙහි වුව වර්තමාන ආණ්ඩුව පිළිබඳ අමිල ගෞරවයක් මෝදුවීම නැවතිය නොහැකිය. දෙමළාගෙන් උදුරාගත් ඔවුන්ගේ යාපනය නැවත දෙමළාට උරුම කොට දී ඇත්තේ වත්මන් රජයයි. යාපනයට නොගොස් එය තේරුම් ගත නොහැකිය”
    OMG !!! Now I see the contaminated chemical must have fully run out of stock ! 🙂
    උතුරට අවශ්‍ය ඊනියා “දේශපාලන විසඳුමක්” නොව ශිෂ්ට ලෙස, මිනිසුන් ලෙස ජීවත් වීම උදෙසා අවශ්‍ය සමාජය ගොඩ නැඟීමකි.
    Fully Agreed.
    for I hesitate call what you written above as effects of sycophancy,sucking up to the lord and master etc.. Always positive minded I accept what you written in the LBR as a pragmatic approach. But…and the big But is Tamils should be treated as equal without occupation mentality. Also government should curtail activities of strong men of the EPDP running amok the same way TNA was during hey day of LTTE. We have long way to go in terms of reconciliation

  3. තව තව ගොම වැටුනොත් නම් මුට්ටියේ ඉතිරිවේවි ගොම විතරක් . කිරි දොවාපු බවත්. හැමෝටම අමතක වෙලා යාවි . කිරිවල රසත් අමතක වේවි ..

    වෙන රටවල් ඉඳන් අප්පිරියාවෙන් අපේ ගොම කඳ දිහා බලාවි ! අපේ ගොම දාන නායකයෝ දිහා බලාවි ..

    අන්තිමේදී අපිටත් ගොන්නු කියාවි ..

  4. එතකොට ඔය උතුරේ හමුදා පාලනයක් තියෙනව සිවිල් නිදහස නැහැ කියල කියන කතා බොරුද චානුක?මේ ‍උතුරෙ දෙමල උන්දැලා තරම් ගුනමකු සෙට් එකක් ලොවෙත් නැහැ.මෙච්චර උතුරට ඉර පායවල දීලත් මුං ආන්ඩුව දිගින් දිගටම චන්ද වලින් පරාද කරනව නෙව.වෙරි නෝටි පීපල්

    • @ravi,

      හමුදා පාලනය හා සිවිල් නිදහස ගැන ලියන්නට දින දෙකක අත්දැකීම් ප්‍රමාණවත් නැතැයි සිතමි. නමුත් ඔබේ දෙවන ප්‍රකාශයට පිළිතුරු දෙමි.

      පුන්ගුඩුතිව්හීදී මගේ දෙමළ සගයා කීවේ මේ “දේවානන්දගේ ඒරියා” එක බවය. උතුරේ යම් පිරිසක් ආණ්ඩුවට එරෙහි වෙද්දී තවත් පිරිසක් ආණ්ඩුවට සහාය පළ කරන්නේ මන්ද මම ඇසීමි. ඔහු සිනාසී පිළිතුරු දුන්නේ ඒ ප්‍රදේශයෙන් දේවානන්ද දින්නේ ආණ්ඩුව හෝ වෙන යම් කාරණාවක් නිසා නොව ඒ ඔහුගේ උපන් ගම නිසා බවය.

      ලංකාවේ ඡන්ද සිදුවන්නේ මෙසේය. මිනිස්සු “තමන්ගේ එකාට” ඡන්දය දෙති. බැහැරින් බලන්නෝ ඒ තුළ මහා ලොජික් එකක් ඇතැයි දකිති. එහෙම එකක් නැත.

      කොළඹ නගර සභාව ආණ්ඩුව පැරදුනේ ආණ්ඩුව කොළඹට යමක් නොකළ නිසා නොවේ.

  5. දශක තුනකට පස්සෙ නිදහසේ, (2001 රනිල්ගෙ කාලෙදි වගේ කොටින්ට කප්පම් ගෙවන්නෙ නැතුව ) උතුරු නැගෙනහිර අපේම රටේ කොටසක් විදිහට යන්න එන්න අවස්තාව ලබල දීපු මහින්ද රාජපක්ශ මහතා, ගෝඨාබය මහතා, සරත් ෆොන්සේකා මහතා ඇතුලු ත්‍රිවිධ හමුදාවලට සියලුම දෙනාට අපි කෘතඥ වෙන්න ඕන.

    නමුත් යුද්ධය දිනුවට පස්සෙ ඒ මහත්වරු තුන් දෙනාම කරපු කියපු දේවල් නම් ඒ තරම් හොඳයි කියන්න අමාරුයි. කුඩු විකුනන, මැරකම් කරන පාහරයින් බව මුලු රටම දන්න පුද්ගලයෝ එක්ක මේ වගේ ගෞරවනීය, අපි ආදරය කරන නායකයෝ මේ විදිහට ඇඟෑලුම් කම් දක්වන එක අපිට හරිම කණගාටුවට හේතුවක්

  6. “කොළඹ නගර සභාව ආණ්ඩුව පැරදුනේ ආණ්ඩුව කොළඹට යමක් නොකළ නිසා නොවේ”.
    මම ඔබ වෙනුවෙන් මෙම වකිය සම්පූර්න කරන්නම්.
    කොලඹ මිනිසුන් මෙම බය්යන් “තමන් ගෙ එවුන්” ලෙස පිලිගනීමට සූදානම් නොවන නිසා වෙනි.

  7. “කොලඹ මිනිසුන් මෙම බය්යන් “තමන් ගෙ එවුන්” ලෙස පිලිගනීමට සූදානම් නොවන නිසා වෙනි.”

    ආණ්ඩුව යෝජනා කරේ ඇත්තේ කොළොඹ සංවර්ධනයකට වඩා කොළොඹ සම්පුර්ණ වෙනසකි. මෙයින් කොළොඹ ජීවත් වන්නන්ගේ (විශේෂයෙන් අඩු අදායම් ලබන වතු වාසීන්ගේ) ජිවිත වලට සැලකියයුතු බලපෑමක් ඇති වේ. හොද වුවත් නරක වුවත් මේ වෙනස ඔවුන්ට ලෙහෙසි වන්නේ නැත. මීට අමතර තවත් හේතු ගණනාවක් තිබේ.
    කොළොඹ වතු වල සිටිනා මහත්වරුන් ද මේ වෙනසට අකමැති බව පෙනේ.

  8. මේ සටහන සම්පූර්ණ කරලීමට මෙන්, අද සැන්දෑවේ යාපන වී. වී. ශිෂ්‍ය ක්‍රියාකාරී තවපාලන් නමැත්තාට පහරදී බරපතල තුවාල සිදුකර ඇත. වගකිවයුතු අය ගැන මෙතෙක් කිසිම හෝඩුවාවක් ලැබී නැත.

  9. බාලේන්ද්‍රන්

    “උතුරට අවශ්‍ය ඊනියා “දේශපාලන විසඳුමක්” නොව ශිෂ්ට ලෙස, මිනිසුන් ලෙස ජීවත් වීම උදෙසා අවශ්‍ය සමාජය ගොඩ නැඟීමකි.”
    ඉහත වචන පේලිය දුටු විට මට මතක් වුයේ මීට වසරකට වසරකට තැබූ සහ සුජීව අතර ඇතිවූ විවාදයය්.
    සුජීව කෙතරම සාධාරණව පැහැදිලි කලත් ටබුට ඕන වුයේ දෙමල ජනතාවට බලය බෙදීමටය
    මට නම් එවකට සිතුනේ තැබූ මෙලෙස බලය බෙදීමට මෙතරම් පක්ෂ සුජීව මතවාදීමය පරාජය කිරීමට මිස අවංක අදහසකින් නොවන බවය්
    තැබූ ප්‍රකට කලේ ලිබරල්වාදීන් තුල අඩු වැඩි වශයෙන් ඇති වංක බවය්
    දැන් මෙලෙස බලය බෙදීම ගැන කතාකරන දයාන් ජයතිලකයන්ද නා ගැනීමට ලැහැස්ති බව පෙනෙය්
    මන්ද රජයේම ප්‍රභල අයෙක් ඔහුට විරුද්ධ බැවිනි
    ඉතින් ඉහත කරුණු සලකා බලු විට චානුකගේ මෙම ස්ථාවරය අවංක බව මම විශ්වාස කරමි
    එය බොරු ලිබරලවදීන්ට වඩා ඉදිරියෙන් සිටින ස්ථාවරයකි

    • @බාලේන්ද්‍රන්,

      බලය බෙදිය යුතුය කියන පුද්ගලයන්ගෙන් මා හැමදාමත් ප්‍රශ්න කළේ බලය බෙදන්නේ කාටද? යන කාරණාවයි. බලය දිය යුත්තේ මේරූ, ප්‍රජාතන්ත්‍රවාදී, ජනතාව විසින් ගරු කරනු ලබන නායකත්වයකටය. දෙමළ ජනතාවට එබඳු නායකත්වයක් 1977දී චෙල්වනායගම්ගේ මරණයන් පසු නොතිබිණි. මේ නිසා බලය බෙදීම යනු කතා කිරීමට පවා අනවශ්‍ය “විසඳුමකි.”

    • ස්තුතියි මාව මතක් වුනාට.

      තනි ජාතියකට බලයක් බෙදනවා කියන්නේ මහා විකාර වැඩක්. කළු ජාතික නිදහස ගැන ගිය ඇමරිකන් චිත්‍රපටියක, කළු ජාතිකයකු පෙනී හිටි මහාචාර්ය චරිතයක් අන්තවාදී කළු සිසු පිර්සකට මෙහෙම කියනවා.

      “ඔබට සිදුවන සියලු අසාධාරණ ගැන මා පෙනී හිටිනවා. එහෙත් මතක තියා ගන්න ඔබට අසාධාරණ වූ පමණින් ඔබ සුවිශේෂී වන්නේ නැහැ. ඔබට අමුතු තැනක් හෝ වැඩි බලතල ලබා දීමක් වන්නේත් නැහැ. ඔබට ලැබෙන උපරිමය සම අයිතිය පමණයි”

      ලිබරල් කියන ශ්‍රී ලාංකීය චින්තකයින් බොහො විට පරණ වම්මු. වමේ වැලේ වැල් නැති වුනාම ලිබරල් වෙනවා. නිර්ධන පන්තිය වෙනුවෙන් ධනපති පන්තිය “භංග කරන්න” හිතන මේ වගේ අයත් එක්ක මොන සමානාත්මතාවයද?

      චානුක මේ වගේ අන්තවාද වලට විවිධ අවස්ථා වල පහර දෙනවා දැක තිබේ. මේ වගේ බ්ලොග් කාරයින් ඉන්න ඒක හරි වටිනවා.

  10. ප්‍රශ්න කරන්නෙක්

    චානුක මහත්තයෝ, මේ ක මේ ලිපියට අදාල නෑ , මේක අදාල වෙන්නේ ඔබතුමා ගෝඨාභයට රෙදි නැතිව කඩේ ගිය ලිපියටයි.කුඩු දුමින්ද භාරතව මැරුව කියද්දිත් හුලුගල්ල කියනවා දුමින්ද සැක කරුවෙක් නෙවෙයි කියලා.ගෝඪාභය මුලින්ම බලන්න ගියෙත් කුඩු දුමින්දයාව. තවත් ඔබතුමා හිතන හැටියට ගොඨාභය විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියාද?

    • @ප්‍රශ්න කරන්නෙක්,

      කෙටි උත්තරය ඔව්. දීර්ඝ ලෙස පසුව පිළිතුරු දෙමි.

  11. “කෙටි උත්තරය ඔව්.”.
    ඔබ නිවර්දි යයි ඉතසිතින් පතනවා.කෙසේ නමුත් මේ සිල්ව ලා දෙපොල රාජපක්සලා ගෙ පිගන් වලට මහා පරිමානයෙන් ගොම බෙදනවාද යන සෑකය මට ඈති වේගෙන එනවා.
    “දීර්ඝ ලෙස පසුව පිළිතුරු දෙමි”
    දිග පිලිතුරු ලියන විට මේවටත් උත්තර දෙන මෙන් ඉල්ලමි.
    http://www.thesundayleader.lk/2011/10/16/the-law-is-an-ass/

  12. “රැයක් පුරා අමාරුවෙන් කිරි දොවල, අපේ නායකයො ඒකට ගොම දා ගන්න හැටි “
    කිරි කලයට ගොම එකතු වෙනවා කියන එක කිරි කලය දොවන අය දන්නෙ නැති වෙන්න බෑ.. හරකට කන්න බොන්න දීලා හදා වඩා ගත්ත බහුතරය සංවේග වෙනවා නොදකින්න තරම් සංවේදී නොවන පිරිසකුත් නෙවෙයි ඒ අය .
    ඒත් ඇයි ????

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s