37. ගුණරත්න අයියා

2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්‍රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී.

මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා මට එහි කිසිදු අමුත්තක් නොපෙණුනේය.

සතියකට පමණ පසු ආනන්දයේ හිටපු උපවිදුහල්පතිවරයකු වූ කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා (හෙවත් “ගෂියා” – ජයතිලක සර්ගේ ප්‍රියතම පාඩම ‘දෛශික’ය. ඔහු එය ශබ්ද කළේ අපූරු ආකාරයකටය. මේ විකට නාමය ඒ නිසාය. අගෞරවයකට නොවේ.) යම් පුවත්පතකට  එල්.ටී.ටි.ඊය සමඟ අවසන් සටන මෙහෙයවූ ආදි ආනන්දීය හමුදා නිලධරයන් කීප දෙනෙක් ගැන කතා කොට තිබුණා මතකය.

“කමල් ගුණරත්න ගැන මට මතක ඔහුගෙ උස නිසා. නැතුව පන්තියක හෙම හිටපු ළමයෙක් නෙවෙයි. ඉගෙනීමට වඩා උනන්දුව තිබුනේ බාලදක්ෂ කටයුතු වලට!”

මගේ උරග මනසට විදිලි කෙටුවාක් මෙන් දැනිනි.

ගුණරත්න අයියා!

1979දී සයවන ශ්‍රේණියේ සිසුවකු ලෙස බාලදක්ෂ පුහුණු වීම් වලට සහභාගි වෙද්දී අපේ කණ්ඩායම භාර වූයේ ගුණරත්න අයියාටය. ඔහු වසරකට මඳක් අඩු කාලයක් අප පුහුණු කළේය. එවන් තත්ත්වයක් යටතේ වුව මට ඔහු හඳුනා ගැන්මට නොහැකි වීමට හේතු කිහිපයක් විය. එකක් ප්‍රසන්න අයියා මෙන් නොව ගුණරත්න අයියා යුද හමුදාවට එක්වූ බව මම නොදැන සිටියෙමි. අනෙක මා ඔහු අවසාන වතාවට දුටුවේ 1979දීය. දශක තුනක කාලයක් තුළ ඔහු බෙහෙවින් වෙනස්ව සිටියේය. ප්‍රතාපවත් උඩු රැවුලක් ඔහු වතට එක් වී තිබිණි.

ගුණරත්න අයියා ගැන කියන කොට ප්‍රසන්න අයියා ගැනත් අනිවාර්යයෙන්ම කිව යුතු වෙයි. (එවක) බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා යුද හමුදාවේ 55වන සේනාංකයට නායකත්වය දෙමින් පුදුකුඩුඉරිප්පු තීරණාත්මක සටනට එක්විය. නමුත් විද්‍යාලය තුළ මේ දෙදෙනා එකිනෙකාට ඉඳුරා ප්‍රති විරුද්ධ චරිත දෙකක් වූහ. ප්‍රසන්න අයියා අතිශයින් සමාජශීලී වූ අතර සමහරවිට ඔහුගේ යුගයේදී විද්‍යාලයේ ජනප්‍රියතම ශිෂ්‍යයා විය. නිහඬ චරිතයක් වූ ගුණරත්න අයියා ගැන දැන සිටියේ ටික දෙනෙකි. බාලදක්ෂ පුහුණුවීම් වලට සහභාගි නොවන්නට මටද ඔහු මුළුමනින්ම ආගන්තුක චරිතයක් වීමට තිබුණේය.

1979දී ආනන්දයේ බාලදක්ෂ කණ්ඩායම් නායක ජනාධිපති බාලදක්ෂ අජිත් කෝදාගොඩය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දෙටු පුත් “කෝදාගොඩ අයියා” පසුව මගේ ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් අතර ඉහළින්ම සිටින ධර්මරත්න සර්ගේ දියණිය සමඟ විවාපත් විය. මේ පසු සිද්ධීන්ය. 1979දී ඔහු උසස් පෙළ සිසුවෙකි. මුල් දිනයේ අප පිළිගැනීමෙන් පසුව ගුණරත්න අයියාට අප පැවැරුවේ ඔහුය.

“ඔය ගොල්ල හිතන්න එපා බාලදක්ෂයෙක් වෙන එක ලේසි වැඩක් කියලා. ඒක අසීරු දෙයක්. නමුත් එයින් පසුව ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටයි…වැඩි දේවල් ගුණරත්න අයියා ඉස්සරහට කියලා දේවි.”

බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ නීතිය ආදී මූලික කාරණා කියා දීමෙන් පසුව ගුණරත්න අයියා වඩා ප්‍රායෝගික දේවල් වලට බසී.

“කවුරු හරි දන්නවද භාජනයක් නැතුව අර්තාපල් ගෙඩියක් තම්බ ගන්න කොහොමද කියලා…”

“භාජනයක් නැතිවෙන්න නෑනෙ අයියෙ…” කවුරුන් හෝ කියයි. “ගෙදර ඕනැ තරම් හැළි වළං තියෙනවනෙ”

“මෝඩ කතා කියන්න එපා. බාලදක්ෂයින් හැටියට අපට ඝණ වනාන්තරේ මැද්දෙ ගවේෂණ චාරිකා වලට යන්න වෙනවා. ඒවට හැළි වළං උස්සගෙන යන සිරිතක් නෑ. උස්සගෙන යන්නත් බෑ. එහෙම වෙලාවක අපි කොහොමද අර්තාපල් ගෙඩියක් තම්බ ගන්නෙ?”

අපි එකිනෙකාගේ මුහුණු බලමු. ගුණරත්න අයියා අල ගෙඩියක් කොළ අතු වලින් වසා බැඳ ගිණි අඟුරු මැද තබා තම්බා ගන්නා ආකාරය අපට කියාදෙයි. ඉන්පසු ඔහු භාජනයක් නැතිව බිත්තරයක් තම්බා ගන්නා හැටි කියා දෙයි. මේවා මෙසේ විස්තර කළාට ප්‍රායෝගිකව කරන්නට හැකියාව ඇත්තේ මනා පුහුණුවකින් පසුව විය යුතු බව මට අදත් සිතෙයි. මන්ද මා ඒ කාලයේ මේ පරීක්ෂණ වලට ගොස් අලගෙඩි, බිත්තර රාශියක් විනාස කර අත්දැකීම් ඇති නිසාය.

ඊළඟට ප්‍රථමාධාර!

“දැන් ඔය ගොල්ල පාරෙ යන කොට දකිනව අනතුරක්. කාර් එකකුයි බස් එකකුයි හැප්පිලා කියමුකෝ. මොනවද මුලින්ම කරන්න ඕනැ? කාට හරි කියන්න පුළුවන්ද?”

අපට සිතා ගත නොහැකිය. අපි එකිනෙකාගේ මුහුණු බලමු.

“පුළුවන් තරම් ඉක්මණට තුවාල කාරයො රෝහලකට ගෙනියනවා” එකෙක් කියයි. එකකු හෝ උත්තරය දැන සිටීම ගැන අපට හරි ජොලිය. අපි ඔළුව වනමු.

“දැන් මෙයා කියනව තුවාල කාරයො ටික රෝහලකට ගෙනියන්න ඕනැ කියල. ඒකද අපි මුලින්ම කරන්න ඕනැ”

“ඔව්..ඔව්…” අපි එක හඬින් කියමු.

“මෝඩයො. මුලින්ම කරන්න ඕනැ ඒක නෙවෙයි කවුද මැරිල තියෙන්නෙ කවුද නැත්තෙ කියල තේරුම් ගන්න එක. මොකද මැරිච්චි මිනිහෙකුට කොයි තරම් වෛද්‍යාධාර දුන්නත් වැඩක් නෑ. කවුද මැරිල තියෙන්නෙ කියල හරියටම දන්නව නම් අපට් ඒ අය ඉතුරු කරල අපේ අවධානය අනෙක් අයට දෙන්න පුළුවන්…”

සිහින් සිනවක් සමඟ ගුණරත්න අයියා මේ ටිකද එක් කරයි.

“තුවාලකාරයන්ව හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනියනව කියන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ මොකද ඒ අය අතර ඉන්න පුළුවන් අස්ථි බිඳිච්චි කට්ටිය. පිටින් නොපෙනුණාට අභ්‍යන්තර තුවාල වෙච්චි කට්ටිය. නොදන්න කෙනෙක් මේ අයව එහාට මෙහාට කරල ඒ තුවාල දරුණු වෙන්න පුළුවන්…”

ඉන්පසු ගුණරත්න අයියා “ප්‍රථමාධාර” බැජ් එක ගන්නට මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ යම් පැය ගණනක් එහි කටයුතු නිරීක්ෂණය කරමින් සිටීමට සිදුවීම ගැන කියයි. “සංසාරෙ එපා වෙනව අයිසෙ එතැන ඉන්න ගියාම. ඔන්න ගේනව පිහියා ඇනුමකට ලක් වෙච්චි කෙනෙක්. එයාට බඩේ එක පැත්තකට පිහියෙන් ඇනල අනික් පැත්තට කැපෙන කල් පිහිය ඇදලා. බඩවැල් ඔක්කොම එළියෙ. තව කෙනෙක් බඩ වැල් උස්සගෙන තමයි එන්නෙ…”

යුද බිමේදී ගුණරත්න අයියාට මීට වඩා බොහෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වුනාට සැක නැත. ඒ යුද්ධයේ හැටිය.

ගුණරත්න අයියා ගැන තවත් මතකයක් නම් ඔහු තමන් නිර්භීත වූවාක් පමණක් නොව අනුන්ගේද බිය නැති කිරීමට ආයාසයක් ගත් බවයි. ඒ සඳහා ඔහු ගත් අවදානම සමහර අවස්ථාවලදී පුදුම සහගතය.

ආනන්දයට වරක් හෝ පය තැබූවෝ ආනන්දයේ පස් මහල් ගොඩනැඟිලි දෙක ගැන දනිති. මින් එකක් විද්‍යාගාර ගොඩනැඟිල්ලය. (දැන් නම් එහි සාමාන්‍ය පන්ති පැවැත්වේය සිතමි.) අනෙක එවකට බහු කාර්ය පස්මහලය. තට්ටු පහක් අද නම් එතරම් උසක් සේ නොසිතෙතත් ඒ කාලයේ නම් බය හිතෙන උසකි. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ අප කඹයකින් මේ පස් මහලේ පස් වැනි තට්ටුව දක්වා නංවන්නටය. අත්ළ රතු වී රිදෙන්නට පටන් ගත් හෙයින් මම දෙවන මහළේදී නතර වීමි. වඩා හිත දැඩි වූවෝ සිව් වන මහල දක්වා නැංගහ. අපි නඟින්නට බැරි වූ දුකට පස් මහලේ සිට කඹයෙන් බිමට බැස්සෙමු. මෙයද අවදානම් කටයුත්තකි. යන්තමින් හෝ අත ලිස්සුවොත් අප අල්ලා ගන්නට සැරහී සිටියේ ආරක්ෂිත දැළක් නොව ඝණ තාර පොළොවය.

තව විටෙක එක් බාලදක්ෂ අභ්‍යාසයකදී තිරස් කඹයක දෙපසින් බඩ ගාමින් එන බාලදක්ෂයින් දෙදෙනෙක් එකට හමුවී එකකු යටින් අනෙකා මාරු වීමෙන් පසු දෙපසට ගමන් කරති. ගුණරත්න අයියාට අවශ්‍ය වූයේ මේ අභ්‍යාසය කඹය පස් මහලේ එකිනෙකට තරමක් දුරින්, ගොඩ නැඟිල්ලට පිටතින් වූ පිය ගැට පෙළ දෙකෙහි බැඳි කඹයක කරන්නටය. ඊට නම් ඔහුට අවසර ලැබුණේ නැත.

මා බාලදක්ෂයකුව ගත කළේ ආනන්දයේ ගෙවූ පළමු වසර පමණෙකි. ඉන්පසු මට අවබෝධ වූයේ එය මට නොව මට වඩා කැපැවීමකින් කටයුතු කළ හැකි පිරිසකට ඇති දෙයක් බවයි. හතේ පන්තියේ මැද හරිය වන විට මම බාලදක්ෂ ජීවිතයෙන් මිදී චෙස් අදින්නට පටන් ගෙන සිටියෙමි. මේ මා පාසල් සමය තුළදී සහභාගි වූ එකම ක්‍රීඩාවය. 1981දී මම ආනන්ද කණිෂ්ඨ චෙස් කණ්ඩායම නියෝජනය කළෙමි.

බාලදක්ෂයකු වූ ගුණරත්න අයියාට යුද හමුදාවට බැඳෙන්නට සිත් දුන්නේ මන්ද යනු මා නොදන්නා කතාවකි.

Advertisements

20 responses to “37. ගුණරත්න අයියා

  1. මගේ ආගම හා රට වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කිරීම, සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට, බාලදක්ෂ නීතියට අවනත වීම, කියන බාලදක්ෂ පොරොන්දුවේ කොටස් තුන නිසා

  2. ගුණරත්න අයියාට යුද හමුදාවට බැඳෙන්න සිත් දුන්නේ ප්‍රභාකරන්ට බැස්ටිය දෙන්නට 53 සේනාංකයට නායකත්වය දීමට වෙන්න ඇති 🙂

  3. කාලෙකට පස්සෙ චානුක ආයි ඇවිත්… ස්තූතියි අලුතෙන් යමක් එකතු කලාට. ආනන්දෙට ගොඩවෙච්ච කෙනෙක් කවදාවත් රටට වැඩක් නොකරල නැ… ඒකයි ආනන්දෙ වැදගත්කම.

    කාලෙකට පස්සෙ චානුක ආයි ඇවිත්… ස්තූතියි අලුතෙන් යමක් එකතු කලාට. ආනන්දෙට ගොඩවෙච්ච කෙනෙක් කවදාවත් රටට වැඩක් නොකරල නැ… ඒකයි ආනන්දෙ වැදගත්කම. ආනන්දයි ආනන්දයි ආනන්දේ අද ආනන්දයි… තාම ඇහෙනව මටනම්…

  4. kathandarakaraya

    මාත් ඔතන අවුරුදු හතරයි මාස හතරක් හිටියා අයියලා හිටියෙත් නැ, මල්ලිලා හිටියෙත් නෑ මං දන්න තරමට.

    අපේ ගෙදර නං අයියලා දෙන්නෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි (සේරම තුන් දෙනයි) හිටියා!

    • වයස මට්ටම කැපී පෙනෙන තරමට තියේ නම් “අයියා”, “මල්ලී” කියා අමතන සිරිතක් ආනන්දයේ මා දන්නා කාලයේ පටන් තිබුණා.

  5. kathandarakaraya

    මේ ලිපියේ මට පේන විදියට එක වරදක් තියෙනවා. කමල් ගුණරත්න බාලදක්‍ෂයෙක් විය හැකියි.

    හැබැයි චානුක නං බාලදක්‍ෂයෙක් වෙලා ඉඳලා නෑ. මට පේන්නේ බාලදක්‍ෂ පෝතකයෙක් (SCOUT CUB) විතරයි.

    • “හැබැයි චානුක නං බාලදක්‍ෂයෙක් වෙලා ඉඳලා නෑ. මට පේන්නේ බාලදක්‍ෂ පෝතකයෙක් (SCOUT CUB) විතරයි.”

      PALAYAN BANG YANNA, ANNUNGE SEENI KIRRANNE NETHUWA.

  6. @ kathandarakaraya

    පෝතක බාලදක්ෂයෙක්ට තමන්ගේ කණිෂ්ඨ බාලදක්ෂ ජීවිතය [ Junior Scout] පාසලේ 6 වසරේ ඉදන් අරඹන්න පුලුවන්.

    චානුකත් අවුරුද්දක් බාලදක්ෂ කටයුතුවලට සම්බන්ධ වුනා කියනවානේ. ඒත් ඒ අවුරුද්ද තුල හරි එයා බාලදක්ෂ සාමාජික පදක්කම හිමිකර ගත්තා නම් තමා එයාට බාලදක්ෂයෙක් කියන්න පුලුවන්.

    ඒ නැත්නම් එයා “නවකයෙක්” මිසක් බාලදක්ෂයෙක් නෙමෙයි. චානුක කියයිනේ එයා බාලදක්ෂ සාමාජික පදක්කම දිනාගත්තාද නැද්ද කියලා

    • මා බාලදක්ෂයකු හැටියට පළමු පෙළ සමත් වුණා මතකයි. (මීට භාවිත කරන නම වෙනස්ද මතක නැත.) මීරිගම කඳවුරකටද සහභාගි වීමි. ජොබ් වීක් දෙකක්ද කළෙමි. බාලදක්ෂ පුහුණුවීම් නතර කරන්නට ප්‍රධාන හේතුවක් වූයේ චෙස් පුහුණුවීම්ද එකම දවසේ වැටීමයි.

  7. sorry I dont have sinhala ponts, bt I would like to reply ,
    As soon as they were recruted , should obey high rankers order,doesn’t matter wether its a war, riots Even NIDAN HERILLA,
    Cheers,

  8. Nice Post!

    BTW
    // වයස මට්ටම කැපී පෙනෙන තරමට තියේ නම් “අයියා”, “මල්ලී” කියා අමතන සිරිතක් ආනන්දයේ මා දන්නා කාලයේ පටන් තිබුණා. //
    That’s true and I liked it. 🙂

  9. බාලදක්‍ෂ කන්ඩායමක් මම ඉගෙනගත් පාසලෙත් තිබුනා මට මතකයි . ඒත් ඒ වෙනකොට බොහෝ දෙමවුපියන් බාලදක්‍ෂ කණ්ඩායමට එක් වෙච්ච ළමයින්ට තහංචි දමලා කණ්ඩායමෙන් ඉවත් කරගෙන තිබුණා . ඒක නිසා අපිටත් බාලදක්‍ෂ වැඩමුලු මග ඇරිලා ගියා . මම උන්නු පාසලේ ජයටම නැගලා ගියේ කැඩෙට් කණ්ඩායම විතරයි .පුහුනු කරන්නා දෙන කොහුමිටි පාරවල් පස්සට පිටට නිතර වැදුනත් මම දිගින් දිගටම කැඩෙට් කණ්ඩායමේ හිටියා .

    අද වෙනකොට වත්තේ පොල් ගහකට බඩගාන්න පුලුවන් කමත් පාරෙ තොටේදී හමුවෙන චණ්ඩියෙක් “ඇඩෝව්” කීවාම “මොකෝ ඇඩෝව්” කියන්න තරම් මොරාල් එකත් කැඩෙට් වලින් ලද දායාද කියලා කීව හැකි .

    ඉස්කෝලේ ගමනෙන් අඩු පොතේ පතේ දනුමක් සහ ලොකු ප්‍රායෝගික දැනුමකුත් මම ලබාගත්තේ ඔය වගේ බාහිර ක්‍රියාකාරකම් වලට එක් වීමෙන් බව නොකීවොත් ඒක බොරුවක්

  10. චානුක අය්යා,
    හෘදයංගම පෝස්ට් එකක්.
    හෂිත මල්ලි

  11. රසික ඔය අමාරුවෙන් කියන්නේ ඌ තමයි පොර චානුක කටවහගනින් කියලනේ.
    හරි බන් උඔ කටවහගනින්. කකා ගොනාට දිනුම දීලා.
    කකා උඔ වගේ හීනමානෙන් පෙලෙන එකෙක් නම් මම ජීවිතේට දැකල නැහැ.
    දුකයි බන්.

  12. අයියන්ඩි!

    ඒ දවස් වල ප්‍රසන්න අයියා, කමල් ගුණරත්න අයියා ගැන අහල තිබුනට කවුරුහරි ලියපු දෙයක්, ඒ අය ගැන කාගේ හරි අද්දැකීමක් කියවන්න ලැබුනේ පලවෙනි වතාවට!
    මාරම සන්තෝසයි ඔයාගේ Blog එක ගැන!
    ඇත්තම කිව්වොත් මටත් එකක් පට්’ටාන්ගන්න හිතුනා 😛

    සිංහල බ්ලොග්කරනයට මම සෑහෙන දුරට අලුත් වුණත් අභීත අයියගේ “ටිකක් හිනා වෙන්න…” [http://tikakhinawenna.blogspot.com] (පොර ඔහොම හිටියට මලියදේවයෙන් බිහිවුණු ජනාධිපති බලදක්ෂයෙක්), සදරුගේ “හිස් අහස” [http://hisahasa.blogspot.com] වගේ බ්ලොග් වලට නම් ඉදලා හිටලා ගොඩ වදිනවා! 😀

    මම අයියගේ profile එක කියෙව්වා! අයියලා 1998 දී ලංකාදීප පත්තරේ එක්ක නොමිලේ “විජය පරිගණක” සඟරාව නිකුත් කරපු මුල දවස් වල ඉදලම මම ඒක කියවපු කෙනෙක්! ඒ දවස් වල මම ආනන්දයේ 5 වසරේ හිටපු පොඩි එකෙක්!
    දැනට ජ’පුරේ විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු කලත්, ඉදිරියට ලංකාවේ ආයෝජන අංශයට යොමු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ! ඒ නිසා අදටත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම LBR සඟරාව (online or printed) කියවන්නේ එදිනෙදා ව්‍යාපාරික ලෝකයේ වෙන්නේ මොනවාද කියල අවදියෙන් ඉන්න ඕනේ නිසයි!

    සුබ දඩයම් අයියා…!

    සචිත් මල්ලි
    (ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමුහය – 1996-2006)

  13. kathandarakaraya

    He has studied @ Pannipitiya Dharmapala before coming to Ananda.
    http://www.lankaenews.com/Sinhala/news.php?id=20216

  14. විශ්ලේෂකයා

    You has had a colorful life Chanuka , perhaps you should publish your autobiography along the lines of Martin Wickremasinghe’s compelling “Upandaa Sita” ,desribing the events people that you encountered during past four decades. I’m sure it would be a bestseller ( and not to mention the finacial dividend) . There’s one other guy that I know in the nationalist camp, a writer ,poet, journalist himself who can accomplish as much

  15. “නන්දිකඩාල් නෙමෙයි, ගෙවල්කඩාල් හන්දිකඩාල්”
    – මංගල සමරවීර (15 March 2017)

  16. යමු ඉදිරියට මග දිගටම හන්දිකඩාල්
    හන්දිය අවට ඇති සියළුම ගෙවල්කඩාල්
    ගෙවල්වල ඉන්න උං ගේ කකුල්කඩාල්
    අවසානයේ ජය ගත්තෙමු නන්දිකඩාල්
    (Thanks Mangala)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s